තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත, පසුගිය රජය සමයේ මුල් වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දකි. වසර ගනණක් උවමනාවෙන්ම යටපත් කර තිබූ මෙම පනත් කෙටුම්පත පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාගේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් ද වින. නව රජය පිහිටුවීමෙන් අනතුරුව ප්‍රමාදවී හෝ එය පාර්ලිමේන්තුවේ සම්මත වී නීතිමය තත්වයක් ලැබීම මෙරට ජනතා සුභ සිද්ධිය පිණිස වන බව පැහැදිලිය.
නමුත් මෙම බලගතු පනත යටතේ සලස්වා ඇති ප්‍රතිපාදන පිළිබඳව පොදු ජනතාව අතර ඇති දැනුවත් භාවය ඉතා අවම මට්ටමක පවතියි. මෙම පනත පිළිබඳ ව පොදු ජනතාව නිසි ලෙස දැනුවත් කිරීම තුලින් රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින දූෂිත ක්‍රියා සහ අවභාවිතයන් අවම මට්ටමකට පත් කිරීමේ හැකියාවක් ඇත. පනතේ ලබාදී ඇති ප්‍රතිපාදන යටතේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් හැර අනෙකුත් සියලු අවස්ථාවන්හිදී රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන වල (ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි ) තොරතුරු මහජනතාවට ලබා දීමට අදාල ආයතන නීතියෙන් බැඳී සිටිති.
නමුත් කනගාටුවට කරුණ වනුයේ මෙම පනත සහ එහි ප්‍රතිපාදන පිළිබඳව නිසි දැනුවත් කිරීමක් අදාල බලදාරීන් විසින් නොකිරීමය.
රාජ්‍ය අංශයේ දූෂණ, බලය අවභාවිතය, මුල්‍ය වංචා සහ අනෙකුත් සහ සාපරාධී කටයුතු සම්බන්ධව ගවේශණශීලී ජනමාධ්‍යවේදීන් විසින් පුවත් පත් සහ විකල්ප වෙබ් අඩවි තුල පල කරනා ලද ලිපි තුලින් හෙලිදරව් කළ කරුනු තුලින් සමහර අවස්ථාවල රජයන් පෙරලීමට තරම් මහජන මතයන් ගොඩනැගුන බව නොකිව මනාය. හෙලිදරව් වූ දූෂණ සහ වංචා ප්‍රමාණය සමස්ථයක් වශයෙන් ගත් කල මුළු ප්‍රමානයෙන් ඉතාමත් සුළුතරයක් බව පුවත් පත් වල පළවන කොමිසන් සභා වාර්තා කියවන විට පෙනී යයි. එයට හේතුව වී ඇත්තේ අදාල අවක්‍රියා පිලිබඳ තොරතුරු මාධ්‍යය වෙත ගලා ඒමට ඇති ඉඩකඩ හසුරා තිබේම වේ. ආයතන වල ලිපිගොනු රහස්‍ය ලේබලය තුල පවත්වාගෙන යාම දූෂණ සහ වංචාවනට ඉතාමත් යෝග්‍ය පරිසරයක් නිර්මානය කරයි. තොරතුරු පිටතට ගලායාම වලක්වා ඇති තාක්කල් දූෂිතයනට සහ වංචා කරුවනට කිසිදු බිය සැකයකින් තොරව සිය අභිමතය පරිදි සම්පත් අවභාවිතයේ යෙදෙමින් කටයුතු කිරීමට හැකියාව ලැබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය රට තුල නීතිගත කිරීම තුලින් බිඳ දමා ඇත්තේ මෙතෙක් පැවති කරුනු වසන් කිරීමට තිබුනු හැකියාවය. තොරතුරු වසන් කිරීමට තිබූ හැකියාව තුල දූෂිතයනට සැඟවී සිටීමට තිබූ ඉඩකඩ ය.
මෙම පනත තිබුනද නොතිබුනද අවංක නිලධාරීනට තොරතුරු පිටතට ගලා යාම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. නමුත් නීතිමය ප්‍රතිපාදන තුලින්ම තොරතුරු ලබාදීමට නිර්මාණය කර ඇති අවකාශය දූෂිතයනට නම් මරු පහරකි. පනත නීතිගත වුවද ස්වකීය දූෂණ ක්‍රියා හෙලිවීමට ඇති අවකාශය දුෂිතයන් විසින් තවමත් හඳුනාගෙන ඇති බවක් නොපෙනෙයි. නමුත් මෙම නීතිමය ප්‍රතිපාදනය යටතේ හෙළි කරගන්නා කරුනු පදනම් කරගෙන අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා දිනෙක තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පිළිබඳ පනත දුෂිතයන් සසල කර දමනු ඇත.
මෙම පනත යටතේ හඳුන්වා දී ඇති නීතිමය ප්‍රතිපාදන මීළඟ කොටසින් ........
+++++++
ReplyDelete+++++++++
ReplyDeleteපෙරකදෝරු මහත්ත යා ලියන්නකෝ මේ නීති ගැන
ReplyDelete//අවංක නිලධාරීනට තොරතුරු පිටතට ගලා යාම පිළිබඳ ප්‍රශ්නයක් නොමැත. නමුත් නීතිමය ප්‍රතිපාදන තුලින්ම තොරතුරු ලබාදීමට නිර්මාණය කර ඇති අවකාශය දූෂිතයනට නම් මරු පහරකි// ඔය කාලකන්නි නැත්තං අපිට ඕව හොයන්න උවමනාවකුත් නෑනේ.. :))
ReplyDeleteඊස් ඇට් නීතිමය තත්වයන් දැන ගැනීමේ උවමනාවෙන්..
මෙම පණත ගැන සම්පූර්ණ විස්තරයක් ඉදිරියේදී පල කරනවා. මේ ගැන අපි එකතු වෙලා පොදු ජනතාව දැනුවත් කරමු.
Deleteබොහෝම වැදගත් මාතෘකාවක් සාකච්චාවට අරගෙන තියෙන්නේ. බොහෝමත ස්තුතියි.
ReplyDeleteමෙම පනතේ උපරිවම පල ලබන්න නම් රාජ්‍ය ආයතනවල නිසි බලතල සහිත Information Officer වරයෙකු සිටිය යුතුය. තවද Information Retention නැතිනම් තොරතුරු සුරක්ෂිතව තබාගත යුතු කාලය ගැන ද පනතින් බැඳීමක් කර යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ වගකීමෙන් මිදෙන්න අදාල තොරතුරු සන්තකයේ නොමැත කියනවා වගේ පිළිතුරු තොරතුරු වෙනුවට ලැබෙන්න පුළුවන්.
ගල්මල් ගේ යෝජනාව හොඳයි. ඇත්තම කියනවා නම් එවැනි නිලධාරියෙක් සිටිය යුතුයි. වැදගත් ලිපි පෙළක් එයි වගේ.
ReplyDelete