චානුක වත්තේගම විසින් රචිත "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත
බොරුවකි" යනුවෙන් ශීර්ෂ ගත ලිපිය මාතලන් විසින් සිය බ්ලොගයේ පළකර තිබුණි.
මෙය පිළිබඳව ගුණ දොස් විවේචනයට මා ජනගහන සංඛ්‍යාලේඛනය පිළිබඳව විශේෂඥයකු
නොවෙමි. නමුත් එම ලිපියේ අන්තර්ගතය පිලිබඳ ගණිතමය දැක්මෙන් සැක සංකා ඇති
කරවන කරුණු කිහිපයක් තිබේ. එලෙසින්ම අදාළ ලිපියට පිළිතුරු ලියන මහා කළු
සිංහලයාගේ ලිපිය සම්බන්ධවද දැඩි විවේචනයක් තිබේ .
පළමුව චානුක වත්තේගමගේ ලිපිය සලකා බලමු.
1.
මෙම ලිපිය පුරාවටම ජනවාර්ගිකමය ජනානුපාතිකය ප්‍රතිශතයක් ලෙස මිස,
සංඛ්‍යාත්මකව දක්වා නොමැත. නමුදු සංඛ්‍යාත්මක සත්‍ය වෙනස දක්වා ඇත(වගුව 1).
එය ප්‍රතිශත ගණනය පිලිබඳ සැක සංකා මතු කරයි.
2. වගුව -2 හි පාඨකයාගේ
පහසුවට බව පවසමින් ජනවාර්ගිකමය වාර්ෂික වර්ධන ප්‍රතිශතය එක දශම ස්ථානයකට
වට කොට පෙන්වා ඇත. සුවිසල් සංඛ්‍යා ගණනයහිදී අවම වශයෙන් දශම ස්ථාන තුනකට
අගයන් නොගත හොත් විශාල අපගමනයක් මතු වේ.
අපගමනය සිදු වන ආකාරය පහත වගුව පෙන්වයි
මේ අනුව එක දශම ස්ථානයකට ලඝු කල විට 0.649 අගය .6
ලෙසින්ද .651 අගය .7 ලෙසින්ද වෙනස් වෙයි එනම් .002 ක විචලනය ගණනයේදී 1000ක
අපගමනයකට හේතු කරවයි (මෙය සිදුවිය හැකි උපරිම අපගමනයයි
3. සංඛ්‍යාලේඛන ඇසුරින් ලබාගත් අගයන්ගේ අනාගත විචලනය ගණිතමය වශයෙන් නිර්ණය කොට නැත.
මේ හේතුන් නිසා චානුක වත්තෙගමගේ ලිපිය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් වශයෙන් භාරගත නොහැක.
මෙවන් අඩුපාඩු රැසක් සහිත ලිපිය පදනම් කොටගෙන මහා කළු සිංහලයා සරල ගණිත විජ්ජාවක් පෙන්වමින් චානුක වත්තෙගමගේ ලිපියට අභියෝග කරයි.
මෙහිදී
මහා කළු සිංහලයා 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක්
එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන
වර්ෂ සඳහා නිර්මානය කරන ලද ජනසංඛ්‍යා පහත ප්‍රස්ථාරය උපයෝගී කොටගෙන විදහා
දක්වයි.
මෙහිදී මහා කළු සිංහලයා විසින් ප්‍රස්තාරය සඳහා පාදක කරගත් පහත කරුණු පෙන්වා දී නොමැත.
1. 2011 සත්‍ය වාර්ගික ජන සංයුතිය
2. 2011 සත්‍ය වාර්ගික ජන සංයුතිය සඳහා වන වාර්ෂික වර්ධන වේගයන්
3. ප්‍රස්තාරය සඳහා දත්ත ප්‍රක්ෂේපනයට යොදාගත් ක්‍රමවේදය හෝ ගණිත සුත්‍රය
මහා
කළු සිංහලයාගේ ලිපියෙහි මෙවන් කිසිදු වැදගත් දත්තයන් ගෙන තොරව ප්‍රස්තාරය
පමණක් ඉදිරිපත් කොට වසර 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන
බව ප්‍රකාශ කරයි.
මෙම ප්‍රස්තාරය නිර්මාණය කල ආකාරය ඔහුගේ ලිපියේ දැක්වෙනුයේ මෙසේය.
//නමුත්
එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන්
ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි
සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි.
මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.//
මහා
කළු සිංහලයා සඳහන් කරනා ක්‍රමවේදය භාවිතා කර චානුක වත්තෙගමගේ දත්ත සහ
විකිපීඩියාවෙන් ලබාගත් දත්ත භාවිතා කර මා විසින් ජනගහන වර්ධනය පිලිබඳ කරනු
ලබන ප්‍රක්ෂේපනය පහතින් දැක්වෙයි.
චානුක වත්තේගමට අනුව 2001 වසර සදහා වාර්ෂික වර්ධන වේගය පහත දැක්වේ.
විකි පීඩියාවට අනුව 2011 වසරේ වාර්ගික වශයෙන් ජන සංයුතිය පහතින් දැක්වේ
චානුක වත්තේගමගේ ගණනයන්හි ශ්‍රී
ලාංකික මැලේ, බර්ගර් සහ යුරේසියානු වෙනම පෙන්වා නැත එබැවින් එම ජනගහණයන්
වෙනත් කොලමට ගෙනගොස් පහත වගුව සකසා ඇත
තවද සමස්ථ ජනගහන වර්ධන වේගය කිසිදු ලිපියක දක්වා නොමැත. එබැවින් එම අගයද විකිපීඩියාවෙන් ලබාගෙන ඇත
ඉහත
දත්ත ඇසුරින් මහා කළු සිංහලයා ගණනය කල ආකාරයට වත්මන් ජන වර්ධන වේගය දිගටම
පවතින්නේ යයි උපකල්පනය කොට අනාගත ජනගහන වර්ධනය පහත වගුවේ ආකාරයට
ප්‍රක්ෂේපනය කල හැක
මෙම වර්ධනය වසර 2681 වනතෙක් පැවතියහොත් එවකට ජනගහන දත්තය
ඉහත ගණනයට අනුව වසර 2311 වනවිට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනය සිංහල ජනගහනය ඉක්මවා යනු ඇත.
නමුත් මෙම ගණනයන්හි අතාත්වික බව පහත කරුණු වලින් දක්විය හැක.
1. ගණනයට අනුව වසර 2311 වනවිට සමස්ත ජනගහනය මිලියන 414ක් දක්වා ඉහල යනු ඇත මෙය වසර 300ක් තුල විසිගුනයක වැඩිවීමකි
2.
ජන අනුපාතයෙහි වර්ධන වේගය වෙන වෙනම ගෙන ගණනය කල විට සමස්ථ ජනගහනය මිලියන
414ක් වුවද සමස්ත ජනගහනයේ වර්ධන වේගය වන 0.913 අනුව ගණනය කල විට සමස්ත
ජනගහනය මිලියන 278 කි. එනම් මිලියන 136ක වෙනසකි
3. ප්‍රධාන ජන වර්ග වලට අමතරව දැනට 106,836 ක් වන වෙනත් ජනවර්ග 2311 වන විට 399ක් දක්වා ක්ෂය වනු ඇත. එනම් අතු ගෑවී යනු ඇත.
4.
මෙම වර්ධන වේගය දිගටම පැවතියහොත් වසර 2681 වනවිට සමස්ත ජනගහනය බිලියන 74
ක් බවට පත්වනු ඇත මෙය 2014 වසරේ සමස්ත ලෝක ජනගහනය වන බිලියන් 7.243 මෙන් දස
ගුනයකටද වඩා වැඩි අගයකි. එනම් ශ්‍රී ලංකාවේ වපසරිය වන වර්ග මීටර
65,610,000,000 ( = වර්ග කිලෝමීටර 65,610) තුල සැම වර්ග මීටරයකම එක්
පුද්ගලයකු සිටිනු ඇත
මෙවන් ගණිත විජ්ජා බොහොමයක් වයි පෙරයිල්මාන්ගේ ගණිත විනොදය පොතේ ඇත.