අද පොස්ට් එක සංගීත තැටි මිලියන ගණනක් බෙදාහැරීමට් සමත්වූ රොක් සංගීත කණ්ඩායමක් ගැනයි. මෙම සංගීත කණ්ඩායමේ විශේෂත්වය නම් කණ්ඩායමේ සියලුම සාමාජිකයන් කාන්තාවන් වීමය. කල්වුට් සංගීත කණ්ඩායම තරුණියන් පස් දෙනෙකු විසින් 1977 වසරේ බිහි කරනුයේ දකුණු අප්‍රිකාවේ දීය. මෙය රොක් සංගීත ශෛලිය තුල තම නිර්මාණ බිහිකළ කණ්ඩායමකි. මෙම කණ්ඩායම බෙහෙවින් ජනප්‍රිය වුයේ Substitute නම් ගීතයෙන්.
මුල් කණ්ඩායම ගිටාර් වාදනයෙන් Cindy Alter විසින්ද, බේස් වාදනයෙන් Lee Tomlinson විසින්ද, ඩ්‍රම්ස් වාදනයෙන් Ingrid Herbst ද රිදම් ගිටාර් වාදනයෙන් Jenni Garson සහ කී බෝඩ් වාදනයෙන් Glenda Hyam ද පෝෂණය කරනු ලැබුවා. මීට අමතරව කණ්ඩායමේ සාමාජිකාවන් සියලු දෙනා දක්ෂ ගායිකාවන් ද වුවා
කලවුට් කණ්ඩායමේ අතිශය ජනප්‍රිය Substitute ගීතය Willie Wilson විසින් Righteous Brothers කණ්ඩායම සඳහා නිර්මාණය කරන ලද්දක්. මෙම ගීතය කලවුට් විසින් 1978 වසරේදී ප්‍රතිනිර්මාණය කොට ගායනා කරනු ලැබුවා. එම නිර්මාණය දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය සහ බෙල්ජියම යන සියලුම රටවල ගීත දර්ශකයන්හි ප්‍රථම ස්ථානයට පැමිණුනා. මෙය එක්සත් රාජධානියේ එකල දර්ශකයේ (UK Singles Chart ) දෙවන ස්ථානයට පැමිණි අතර එම දර්ශකය තුල සති පහළොවක් ගීතය ස්ථානගතව තිබුනා. තවද මෙම ගීතය එක්සත් ජනපදයේ Billboard Hot 100 දර්ශකයේ 67 වන ස්ථානයටද පැමිණුනා.
මෙම කණ්ඩායමේ Save Me, You've Got All of Me, සහ Under Fire වැනි ගීත යුරෝපීය Top 10 singles දර්ශක වල ස්ථානගත වුනා.
Save Me,
1981 වසරේදී ඇමෙරිකානු ගායක දෙපලක් වන Hall and Oates ගේ Portable Radio ගීතයද ක්ලවුට්ස් ප්‍රතිනිර්මාණය කර ගායනා කල අතර ඉන් ටික කලකට පසුව කණ්ඩායම විසිර ගියා.
Portable Radio
චාරිකාව තව දුරයි.
විසි දෙවන කොටසින් හමු වෙමු.