අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය සඳහා චීනයේ ආයෝජකයන් ගෙන්වාගැනීමට මූලික වීම විශිෂ්ඨ ක්‍රමෝපායික ප්‍රගමනයකි. ලොව බොහෝ රටවල නිෂ්පාදිතය ඉහල නැවීමට චීන ආයෝජන දරන දායකත්වය සුළුපටු නොවේ. නුතන ලෝකයේ නිෂ්පාදන තාක්ෂනය (Production Technology) අතින් ඉහලින්ම සිටිනුයේ චීන කර්මාන්ත කරුවන්ය. චීන නිෂ්පාදන තාක්ෂනය මගින් නිෂ්පාදන පිරිවැටුම අවම අගයකට පත් කර අඩු මිල භාන්ඩ සැපයීම මගින් චීන කර්මාන්ත කරුවන් ජගත් වෙළෙඳපල ජයගෙන ඇත.
ශ්‍රී ලංකාවේ චීන කර්මාන්ත ඇරඹීම තුලින් ශ්‍රම ඵලදායිතාව ගැන එතරම් හැගීමක් නොමැති දේශීය කර්මාන්ත කරුවනට ආරම්භයේදී තර්ජනයක් ඇති වුවද දීර්ඝ කාලීනව ශ්‍රම ඵලදායිතාව ඉහල නැංවීම රටේ නිෂ්පාදනයට හොඳ අනාගතයක් ඇතිවීමට හේතු වනු ඇත.
අප මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණ වන්නේ අපගේ කර්මාන්ත ප්‍රතිපත්තිය මහා පරිමාන ආයෝජන වලට හිතකර ද යන කරුණය. යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා ආයෝජනය කිරීමට බලා පොරොත්තු වන ආයෝජකයනට ඉතා කෙටි කාලයකදී අදාල අනුමැතීන් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම රජය විසින් ජය ගත යුතු අභියෝගයකි. මින් පෙර මෙරටට පැමිණි ආයෝජකයිනට අනුමැතිය ලබාගැනීමේදී ඇතිවන පමාව ඔවුන්ගේ ආයෝජන වෙනත් රට වලට ඇදී යාමට හේතු වූ බව රහසක් නොවේ. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත.
කර්මාන්ත සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රමවේදයේ ප්‍රධාන සහ වැදගත්ම අංගය පාරසරික ඇගයීම් ක්‍රමවේදය ය. එය රටක් ලෙසින් සලකන කල ඉතාමත් වැදගත් අවශ්‍යතාවකි. නමුත් එය සඳහා දැනට පවතින ක්‍රමවේදය තුල අවම වශයෙන් මාස නවයක කාලයක් ගතවේ. මෙම මාස නවය තුල වැඩිම කාලයක් වනුයේ අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රමාදයි. සමහරවිට යම් ලේඛනයක් භාරදුන් පසුව එයට අදාල රැස්වීම තැබීමට මාසයකට අධික කාලයක් වැයවෙයි. කලයුතු වන්නේ රජයේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමය. පාරිසරික ඇගයීම ක්‍රමවේදය මාස හතරකට අඩු කිරීම ප්‍රායෝගිකව කල හැක. තවද පවතින ක්‍රමවේදයේ මහජන අදහස් විමසීම සඳහා පමණක් දින 45ක කාලයක් ගතකරයි. එය දින 15 ක කාලයකට අඩු කල හැක.
කර්මාන්ත ඇරඹීමේදී පාරිසරික ඇගයීම් ක්‍රමවේදයට අමතරව ලබා ගත යුතු තවත් අනුමැතීන් අවම වශයෙන් 10ක් පමණ වේ. මේ ක්‍රියාදාමය තුල සිදු වනුයේ වසර දෙකක් වැනි කාලයක් අනුමැතිය සඳහා ආයෝජකයිනට බලා සිටීමට සිදුවීමය. අවසානයේ කලකිරීමට පත්වන ආයෝජකයින් සිය ආයෝජන වෙනත් රටවලට ගෙනයති. අනුමැතිය සඳහා ගතවන කාලය මාස හයකට අඩු කරගත හැකිනම් රටට ආයෝජකයන් ලෙහෙසියෙන් ආකර්ශනය කරගත හැකි වනු ඇත.
මේ සම්බන්ධව ලියුම්කරුගේ යෝජනා දෙකකි එනම්,
1. ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම සඳහා බල තල සහිත විශේෂිත කාර්යාංශයක් අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇතිකිරීම.
2. වීශේෂිත කර්මාන්ත කලාප ඇතිකොට ඒවායේ ආරම්භ කළහැකි කර්මාන්ත හඳුනාගෙන එම කර්මාන්ත සඳහා මුලික පාරිසරික අධ්‍යන රජය මගින් සිදුකිරීමෙන් අනතුරුව ආයෝජකයනට ආරාධනා කිරීම
යන කරුණුය.
Wednesday, August 17, 2016
Sunday, August 14, 2016
සයිටම් (SAITM) විරෝධය සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය
සයිටම් අද දින
දේශපාලන කරලියේ ප්‍රධාන මාතෘකාවක් බවට පත් ව ඇත. ශ්‍රී ලංකාවේ නිදහස්
අධ්‍යාපනය වැනසෙනවා කියමින් මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වසා දමන ලෙස
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ප්‍රමුඛ
පිරිසක් රජයට බල කරති. මෙම සිදුවීම් මාලාවම මෙයට පෙර උතුරු කොළඹ වෛද්‍ය
විද්‍යාල සම්බන්ධයෙන්ද දක්නට ලැබිණ. එහිදීද ඉදිරියට දමාගෙන තිබුනේ නිදහස්
අධ්‍යාපන කප්පාදුව යන ජනප්‍රිය සටන් පාඨයයි. අවසානයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන්
රැසකගේ ජීවිත බිලිගනිමින් උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල රජයට පවරා ගැනින.
දන් ප්‍රශ්නය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරාගැනීමෙන් නිදහස් අධ්‍යාපනය සුරැකුනිද යන්නයි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් නමුත් වෙනත් ක්ෂේත්‍ර වල අධ්‍යාපනය සඳහා පුද්ගලික අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් පිහිටුවින. ඒවාට ගෙවීමට හැකියාව ඇති පවුල්වල දරුවන් විවිධ ක්ෂේත්‍ර වල උපාධිධාරීන් වුහ. තවත් පිරිසක් විදේශ අධ්‍යාපනය ලබා ගත්හ.
නිදහස් අධ්‍යාපනය ගැන කථිකාවේදී බොහෝ දෙනෙකු නොමිලේ අධ්‍යාපනය සහ නිදහස් අධ්‍යාපනය පටලවාගෙන ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාල වල නොමිලේ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය, නුතන තාක්ෂණය සහ රැකියා වෙළෙඳපොල සමග අධ්‍යාපනයේ ඇති සමාන්තර භාවය ගැන කිසිවකු කතා නොකරති. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරවරුන් සහ විද්‍යා උපාධිධාරීන් සුළු ප්‍රමාණයක් සමගින් කලා උපාධිධාරීන් අති විශාල ප්‍රමාණයක් රජයේ විශ්ව විද්‍යාල මගින් සෑම වසරකම සමාජ ගත කරති. මේ අතරින් බහුතරයක් කලා උපාධිධාරීනට රැකියා අවස්ථා නොලැබී රැකියා ඉල්ලා උද්ඝෝෂණ කරති. හේතුව වී ඇත්තේ විෂය ධාරාව රැකියා වෙළඳපොල සමග සමපාත නොවීමය.
මේ අනුව අධ්‍යාපනය නිදහස් යනුවෙන් හැදින්වුවද එය නිදහස් අධ්‍යාපනයක් නොවේ. ඕනෑම දරුවකුට තමන් කැමති ක්ෂේත්‍රය වෙත යොමුවීමට ප්‍රවේශ මාර්ගය අහිමි කොට ඇත. පහල මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවනට තමන් කැමති ක්ෂේත්‍රය වෙනුවට උසස් පෙළ සූදුව තුලින් ගාල් කරනු ලබන ක්ෂේත්‍රය තෝරා ගැනීම හැර විකල්පයක් නැත.මේ අනුව රටේ පවතිනුයේ නිදහස් අධ්‍යාපනය නොව නොමිලේ දෙන අධ්‍යාපනයකි.
මෙම විෂම ක්‍රමය යටතේ, රටේ බදු ගෙවන සමස්ථ ජනතාවගේ මුදලින් නොමිලේ අධ්‍යාපනය ලබන වෛද්‍ය, ඉංජිනේරු සහ විද්‍යා උපාධිධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් රට හැරයති. කලා උපාධිධාරීන් රැකියා ඉල්ලා අරගල කරති. නොමිලේ ඉගෙනගෙන රට හැර යන්නවුන් වෙනුවෙන් සහ රටේ මහා මාර්ග අවහිර කරන්නවුන් වෙනුවෙන් සමස්ථ ජනතාවම බදු ගෙවති.
මෙයට විසඳුම වනුයේ උසස් පෙළ සූදුව අත්හැර දැමීමය. උසස් පෙළ අවම මට්ටමින් සමත් වන සියළුම සිසුනට තමන්ට කැමති ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට නිදහස ලබාදීය යුතුය. මේ සඳහා නොමිලේ ලබා දෙන අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්ව රටේ සෑම දරුවකුටම තමන් කැමති ක්ෂේත්‍රයේ උපාධිය, රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල වෙතින් ලබාගැනීමට අධ්‍යාපන ණයක් ලබා දිය යුතුය.
Saturday, August 13, 2016
කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය සහ වෙනස් කලයුතු ජාතික ඉඩම් ප්‍රතිපත්තිය
කොළඹ
වරාය නගර ව්‍යාපෘතිය කොළඹ ජ්‍යාත්‍යන්තර මුල්‍ය නගරය නමින් නැවත
ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගතවීම සතුටට කරුණකි. අක්කර 500කින් යුතු මෙම ව්‍යාපෘතිය
පවත්නා රජය යටතේ තාවකාලිකව අත් හිටුවනු ලදුව නැවත වැඩ අරඹනුයේ නිසි පාරසරික
අධ්‍යනයක් සමගම රටට අහිතකර කොන්දේසියක් වූ පෙරදී ආයෝජකයනට ලබාදුන්
සින්නක්කර භුමි අයිතිය ඉවත් කර අනූ නව අවුරුදු බදු පදනම යටතේවීම සාධනීය
තත්වයකි. වරාය නගර ව්‍යාපෘතිය තුලින් ලැබෙන විදේශ ආයෝජන, තාක්ෂනය,
ප්‍රවර්ධන වටිනාකම, රැකියා උත්පාදන අවස්ථා මෙන්ම අනාගතයේදී ව්‍යාපාර ආරම්භ
කලවිට ලැබෙන විදේශ විනිමය මෙරටට විශාල ප්‍රතිලාභ ගෙනදෙනු ඇත.
ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණය සමග සසඳන කල අක්කර 500ක් යනු ඉතාමත් කුඩා භුමි ප්‍රමාණයකි. නමුදු අක්කර පන්සියයක ව්‍යාපෘතියක් සඳහා මුහුද ගොඩකිරීම වැනි අතිශය පාරිසරික සංවේදී ක්‍රියාවකට යොමුවීමට හේතුව වී ඇත්තේ රටේ ඉඩම් නොතිබීම යැයි පැවසීම මුසාවකි. එය රටේ ඉඩම් ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්නයකි. මහා පරිමාන ව්‍යාපෘති සඳහා සුදුසු භුමි ප්‍රදේශ රට වටා කොතෙකුත් ඇත. නමුත් එම සියලුම ප්‍රදේශයන් පුද්ගලික හිමිකරුවන් අතර ඉතා කුඩා කොටස් ලෙසින් බෙදී ගොසිනි. ආර්ථික වශයෙන් ඉතා සංවේදී ස්ථානවල අනර්ඝ ව්‍යාපාරික වටිනා කමින් යුතු ඉඩම් තුල කොත්තු කඩ, ෆාමසි, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන වැනි විශාල ආර්ථික අගයක් උත්පාදනය නොවන ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කොල්ලුපිටිය ගාළුපාරේ පවත්වාගෙන යනුලබන ව්‍යාපාර පෙන්වාදිය හැක. එම ප්‍රදේශයේ විශාල ඉඩමක පර්චසයක් රුපියල් මිලියන 10ක පමණ ඉහල වෙළෙඳ වටිනා කමකින් යුතු වුවද කුඩා ඉඩම් වලට එවන් වටිනා කමක් ඇත්තේ නැත. දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා විශාල ආදායමක් ලැබෙන බවක්ද දකින්නට නැත. එවන් ආර්ථික වශයෙන් සංවේදී පෙදෙස් රටට විශාල ආදායමක් ලබාගත හැකි ආයෝජන කලාපයන් බවට පත් කළහැකි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීමද නොපමාව සිදුකළ යුතුය.
ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණය සමග සසඳන කල අක්කර 500ක් යනු ඉතාමත් කුඩා භුමි ප්‍රමාණයකි. නමුදු අක්කර පන්සියයක ව්‍යාපෘතියක් සඳහා මුහුද ගොඩකිරීම වැනි අතිශය පාරිසරික සංවේදී ක්‍රියාවකට යොමුවීමට හේතුව වී ඇත්තේ රටේ ඉඩම් නොතිබීම යැයි පැවසීම මුසාවකි. එය රටේ ඉඩම් ප්‍රතිපත්තිය පිලිබඳ ප්‍රශ්නයකි. මහා පරිමාන ව්‍යාපෘති සඳහා සුදුසු භුමි ප්‍රදේශ රට වටා කොතෙකුත් ඇත. නමුත් එම සියලුම ප්‍රදේශයන් පුද්ගලික හිමිකරුවන් අතර ඉතා කුඩා කොටස් ලෙසින් බෙදී ගොසිනි. ආර්ථික වශයෙන් ඉතා සංවේදී ස්ථානවල අනර්ඝ ව්‍යාපාරික වටිනා කමින් යුතු ඉඩම් තුල කොත්තු කඩ, ෆාමසි, විදුලි උපකරණ අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථාන වැනි විශාල ආර්ථික අගයක් උත්පාදනය නොවන ව්‍යාපාර පවත්වාගෙන යනු දක්නට ලැබේ. උදාහරණයක් ලෙස කොල්ලුපිටිය ගාළුපාරේ පවත්වාගෙන යනුලබන ව්‍යාපාර පෙන්වාදිය හැක. එම ප්‍රදේශයේ විශාල ඉඩමක පර්චසයක් රුපියල් මිලියන 10ක පමණ ඉහල වෙළෙඳ වටිනා කමකින් යුතු වුවද කුඩා ඉඩම් වලට එවන් වටිනා කමක් ඇත්තේ නැත. දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සඳහා විශාල ආදායමක් ලැබෙන බවක්ද දකින්නට නැත. එවන් ආර්ථික වශයෙන් සංවේදී පෙදෙස් රටට විශාල ආදායමක් ලබාගත හැකි ආයෝජන කලාපයන් බවට පත් කළහැකි ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීමද නොපමාව සිදුකළ යුතුය.
Subscribe to:
Posts (Atom)