සිංහල සිනමාවේ ප්‍රථම කථා නාද චිත්‍රපට ය ලෙසින් වාර්ථාගත වනුයේ 1947 ජනවාරි 21 දින මංගල දර්ශිත කඩවුණු පොරොන්දුව ය. මෙම කථාව චිත්‍රපටයට නැගීමට පෙර දර්ශන වාර 800ක් නාට්‍යයක් වශයෙන් වේදිකා ගත කර තිබූනි. කඩවුණු පොරොන්දුව නාට්‍යය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ නායකත්වයෙන් සුසැදි මීගමුවේ මිනර්වා නාට්‍යය කණ්ඩායමේ නිර්මාණයක් විය.
නමුත් ඊට වසර විසි දෙකකට ප්‍රථම 1925 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වූ "රාජකීය වික්‍රමය" නිපදවා තිබිණ. එවකට රටේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ටී. ඒ. නූර්බායි විසින් නිපදවන ලද මෙම චිත්‍රපටයේ දල සේයා පිටපත ඉන්දියාවට යවා තිබියදී කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදුයෙන් එය ලංකාවේ තිරගත නොවිණ. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවකු වූ, පසුකලෙක ප්‍රවීණ දේශපාලන චරිතයක් වන ආචාර්‍යය ඇන්. ඇම්. පෙරේරා එහි ප්‍රධාන චරිතය රඟපෑවේය. රඟපෑම සඳහා සිදුකළ ගෙවීම රුපියල් සියයක් බව ඇන්. ඇම්. පෙරේරා මහතා පසුකලෙක කියා ඇත. රාජකීය වික්‍රමයහි ප්‍රධාන නිළිය වශයෙන් රඟපා ඇත්තේ සිබිල් ජිම් නම් බර්ගර් ජාතික තරුණියයි. ඉන්දියානු බයිස්කෝප් මෙරට ප්‍රදර්ශනය කල ව්‍යාපාරිකයකු සහ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකුගේ කුමන්ත්‍රණයකින් මෙම නිර්මාණය ගිනිබත් කළබව කියැවේ.
වසර 1933 මැයි 19 දින මුල් වරට තිරගත කරනා ලද ''පලිගැනීම'' මෙරට මුල් වරට නිෂ්පාදනය කර ප්‍රදර්ශනය කළ නිහඬ චිත්‍රපටය ලෙසින් වාර්තාගත වේ. මරදානේ මූවි ක්ලබ් වෙනුවෙන් සංගීතාචාර්ය ඩබ්ලිව්. දොන් ඇඩ්වඩ් විසින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත.
මේ කාල වකවානුව තුල නුපන් චිත්‍රපට රැසකි. විල්මට් පෙරේරා, රෙජී පෙරේරා සහ ඩී. ජී. විලියම් නම් මහතුන් තිදෙනා 1940 දී "ලෝක දෙකක්" නම් කථා නාද චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කලද ජපන් යුද්ධය නිසා අතරමග නවතා දමා ඇත. කොළඹ ඉම්පීරියල් චිත්‍රපට සමාගමේ ප්‍රචාරක නිලධාරී ඇම්. ඇස්. ඇම් සකී විසින් ප්‍රේමවතී නම් චිත්‍රපටයක් ද කොළඹ රසික සමාජයක් විසින් "ද බෑන්ක් මැනේජර්" නම් චිත්‍රපටයක් ද නිපදවීම ආරම්භ කර අතහැර දමන ලද ලැයිස්තුව තුල වේ.
එවක දක්ෂ නළුවකු වූ ඊ. සී. බී. විජේසිංහ ඇතුළු නළු නිලි කැලක් සමග සිලෝන් තියටර්ස් සමාගමේ ප්‍රදර්ශක නිලධාරී ඇන් තුරෙසිංහම් ඉන්දියාව බලා පිටත්ව තිබුනේ "දිව්‍ය ප්‍රේමය" නම් චිත්‍රපටය නිපදවීම අරමුණුකොට ගෙනය.
1945 වසරේදී ව්‍යාපාරිකයකු වූ එස්. එම. නායගම් විසින් චිත්‍රකලා මූවිටෝන් නම් චිත්‍රපට සමාගමක් පිහිටුවා කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා, නාට්‍ය ශිල්පී ශාන්ති කුමාර්, සංගීතාචාර්ය යූ. ඩී. පෙරේරා සමග එක්වී කතා නාද චිත්‍රපටයක් නිපදවීමට උත්සහ ගත්තේය. මුලදී එම සමාගම නිෂ්පාදනයට අදහස් කරගෙන සිටියේ "ශ්‍රී වික්‍රම රාජසිංහ" කථාවය. නමුත් එම අදහස ඇත හැර දමා ඇත්තේ අධික නිෂ්පාදන පිරිවැය මතය. අනතුරුව "Treasure of the Kandian Court" නම් නවකතාව ඇසුරින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටද කටයුතු සුදානම් කල නමුදු එම අදහසද අත්හැර දමා ඇත. දෙවතාවක් අසාර්ථක වීමෙන් පසු චිත්‍රපට කතාවක් සඳහා තරඟයක් පවත්වා ශාන්ති කුමාර් සෙනවිරත්න ලියූ "අශෝකමාලා" තෝරාගෙන ඇති අතර පසුව ශාන්තිකුමාර් සහ චිත්‍රකලා සමාගම අතර විරසකයක් ඇතිවින.
අවසානයේ චිත්‍රකලා මූවිටෝන් සමාගම මදුරාසියේ මදුරෙයි චිත්‍රාගාරයේදී කඩවුණු පොරොන්දුව සිනමාවට නැගීය.
ඔන්න ආසා කරන ටොපික් එකක් ගැන ලියවිලා. නියමයි. තව ලියමු.
ReplyDeleteපිචර් නං ඉතිං ආසම විෂයක් තමා .......
Deleteඒකට ටෙලි
සැඟවුණු චිත්‍රපට මෙතරම් දන්නෙ නැතී
ReplyDeleteකඩවුණු පොරොන්දු ගැන මෙහි ලියා ඇතී
ඇතුවුණු සතුට කියවනවිට නිමක් නැතී
දැනගණු නුඹේ මේ ලියමන වටිනු ඇතී.....
ජයවේවා!!!
පළමු චිත්‍රපට යට උන් තිබ්බ ගිණි
Deleteමේ කතානම් අහන්න වෙන්නේ දම්පාට දෙදුන්නේන්ම තමා ඉතිං
ReplyDeleteකලාව නම් දම්පාට දේදුන්න
Deleteදම්පාට දේදුන්න නම් කලාව
A lovely post Jeevana.
ReplyDeleteHidden history in any field is lovely
Deleteපසු කාලයේ නූපන් චිත්‍රපට ගැනත් ලියන්න හැකි නම් අපූරු කතා ටිකක් එළියට එයි.
ReplyDeleteමේක නම් වැදගත් ලිපියක්. කවදාවත් දැනගෙන හිටිය නැති විස්තර.. තව දන්නා දේවල් තියෙනවනම් ලියන්න
ReplyDeleteනොදනන් තොරතුරු හුඟක් ලියලනේ.
ReplyDelete