Saturday, April 29, 2017

යාපනය පුස්තකාලය

අප ජීවත් ව යුගයේ ලංකා ඉතිහාසයේ සිදුකරනා ලද දුෂ්ඨතම ක්‍රියාව ලෙසින් මා දකිනුයේ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමය. එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට සම්බන්ධ මැර පිරිසක් විසින් මේ අලජ්ජී විනාශය සිදු කර තිබිණ. එය සිදු කරනා ලද පිරිස මෙහෙයවන ලද්දේ ඉහල අධ්‍යාපන සහතිකධාරීයකු වුවද මා නම් මුග්ධයකු ලෙස සලකන එවකට රජයේ ප්‍රභල ඇමති වරයකු විසින් බව කියවෙයි. රටේ නායකයා වීමට බලා සිටි ඔහුට අකාලයේ   මිය යාමට සිදුවුනේ මේ පාප කර්මය නිසා  ස්වභාව ධර්මයේ දඬුවමක් ලෙසින් විය හැක. එවන් මුග්ධයකු මෙරට නායකයා නොවීම ඉමහත්  වාසනාවක් බවද කිව යුතුය.

කේ. එම්. චෙල්ලප්පා (K.M. Chellaiah) මහතා විසින් 1933 වසරේදී සිය  නිවසේ කුඩා පුස්තකාලයක් ආරම්භ කරනා ලද්දේ හිතවතුන් සමග දැනුම බෙදා හදා ගැනීමේ අරමුණ පෙරදැරි කර ගෙනය. ඔහුගේ මේ ක්‍රියාව අගය කළ පිරිසක් 1934 ජුනි මස 9 එක්රැස්වී පුස්තකාලයක් පිහිටුවා ගැනීම අරමුණින් කමිටුවක් පිහිටවූහ. කමිටුවට එවකට යාපනය මහාධිකරණ විනිසුරු ඉසාක් තම්බයියා( Issac Thambiah) මහතා  සහ චෙල්ලප්පා මහතා පත් කෙරිණ.එම කමිටුවේ උත්සාහය පල දරමින් 1934 අගෝස්තු පළමු දින යාපනය රෝහල්  පාරේ කුලියට ගන්නා ලද කුඩා කාමරයක පුස්තකාලය ඇරඹින. මේ කුඩා ඉඩකඩෙහි විවිධ විෂයනට අයත් පොත් 844ක් ද පුවත්පත් සඟරා 30ක් ද තිබිණ.
පරිත්‍යාග වශයෙන් නිරතුරුව පොත් ලැබීම හේතුවෙන් පොත් එකතුව වර්ධනය වීමත් සමග යාපනය මහා වීදියේ වැඩි ඉඩකඩ සහිත කුලී ගොඩනැගිල්ලකට 1935 ජනවාරි මාසයේදී පුස්තකාලය ගෙනයන ලදී. 1936 වසරේදී යාපනය නගර සභා ගොඩනැගිල්ල සහ නගර ශාලාව ගොඩනැගීමෙන් අනතුරුව පුස්තකාලය ඒ අසල ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරුණි. මේ කාලය වන විට රුපියල් තුනක මුදලක් සාමාජික ගාස්තුව වශයෙන් ය කෙරිණ. 

ටික කලක් ගතවෙද්දී පුස්තකාලය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක අවශ්‍යතාව පැන නැගුනෙන් යාපනය පළමු පුරපති වරයා වූ සෑම් සබාපති (Sam Sabapathy) මහතා විසින් සම්මන්ත්‍රණයක් කැඳවා පුස්තකාල අරමුදලක් පිහිටුවිය. සැණකෙලි පැවැත්වීමෙන්ද , ඉන්දියානු කලාකරුවන් ගෙන්වා පවත්වනු  ලබන සංගීත සහ නැටුම් සංදර්ශනද, ලොතරැයි ටිකට් පත් විකිණීමෙන්ද විශාල මුදලක්  අරමුදල සඳහා එකතු විය.

1953 වසරේදී පුස්තකාලය ගොඩනැගීම සඳහා කමිටුවක් පත් කරනා ලද අතර එවකට යාපනය සාන්ත පැට්‍රික් විදුහලේ ප්‍රධානාචාර්ය ලෝං පියතුමා (Rev. Father Long) විශාල කැපවීමකින් කටයුතු මෙහෙයවීය. පුස්තකාලය අන්තර්ජාතික මට්ටමට ඉදිකිරීමට අදහස් කළ කමිටුව විසින් පුස්තකාල විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයකු වූ. එස්. ආර්. රංගනාදන් (S.R. Ranganathan) මහතාව දිල්ලියේ සිට ගෙන්වා ගෙන උපදෙස් ලබා ගන්නා ලදහ. මදුරාසි ප්‍රාන්ත රජයේ ද්‍රවිඩ ගෘහනිර්මාණ ශිල්පය පිලිබඳ අධිකාරී වරයා වූ කේ. එස්. නරසිම්මාන් (K.S. Narasimhan) මහතාද උපදෙස් සඳහා ගෙන්වා ගැනිණ. 

පුස්තකාලය ගොඩනැගීම අදියර දෙකකින් සිදු කිරීමට තීරණය කර ඉදිරි පස ගොඩනැගිල්ල පළමුව ගොඩනැගීමට කමිටුව තීරණය කළහ. 1953 මාර්තු 29 දින රටේ විවිධ පෙදෙස් වලින් පැමිණි ශ්‍රී ලාංකික විද්වතුන්, ඉන්දියානු විද්වතුන් ඇතුළු සම්භාවනීය පිරිසක් ඉදිරියේ ගොඩනැගිල්ල සඳහා මුල් ගල් තැබිණ. පුස්තකාල  ගොඩනැගිල්ලේ මුල අදියර 1959 ඔක්තෝම්බර් 11 වන දින එවකට යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා (Alfred Duraiappah) මහතා විසින් විවෘත කළේය. 

පුස්තකාලයේ ළමා අංශය 1967 නොවැම්බර් තුන්වන දින ආරම්භ කරනා ලද අතර ඒ සඳහා ආසියානු පදනම් විසින් රුපියල් නවදහස් පන්සියයක පොත් පරිත්‍යාග කර තිබිණ. 1971 වසර වනවිට පුස්තකාලය සඳහා සම්මන්ත්‍රණ ශාලාවක්ද එක කරනා ලදී. 

නව පුස්තකාලය ආරම්භ කර වසර විසි දෙකකට පසුව ඒ අවාසනාවන්ත දිනය එළඹින. 1981 ජුනි පළමු දින ලේඛන අනුහත් දහසක් ගිනිබත් කරමින් යාපනය පුස්තකාලයට ගිනි තැබිණ. විනාශ වූ ලේඛන අතර ඉහලම මට්ටමේ දේශීය විද්වතුන් වූ ආනන්ද කුමාරස්වාමි මහතාගේ (Ananda Coomaraswamy) සහ ආචාර්ය ඉසාක් තම්බයියා මහතාගේ අත්පිටපත්  රාශියක්විය.

පුස්තකාලයට ගිනි තැබූ බව දැනගත් ලෝං පියතුමා එවෙලේම හෘදයාබාදයකින් මිය ගියේය.

මේ මහා විනාශයෙන් වසරකට පසුව 1982 දී යාපනයේ ජනතාව පුස්තකාල සතියක් පවත්වමින් නැවතත් පොත් දහස් ගණනක් එකතු කළහ. ගිනි තබනා ලද ගොඩනැගිල්ලේ කොටසක් ප්‍රතිසංස්කරණය කරමින් පවතින අතරදී 1983 වසරේදී වර්ගවාදී යුද්ධය ඇරඹින. යුද්ධයේදී ෂෙල් වෙඩි සහ බෝම්බ ප්‍රහාර වලට ලක් වූ යාපනය පුස්තකාලය මුළුමනින් විනාශ වින.

1998 වසරේදී නැවතත් පුස්තකාලය ගොඩනැගීම ඇරඹින. වසර 2001 වනවිට නව ගොඩනැගිල්ලක් තනා අවසන් විය. 2003 වසරේදී පුස්තකාලය විවෘත කිරීමට සුදානම් වූ අවස්ථාවේ කොටි සංවිධානය එයට විරුද්ධ විය. මේ අවස්ථාවේදී යාපනය නගර සභාවේ විසි එක දෙනෙකු වූ සියළුම සභිකයින් තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළහ. මේ හේතුවෙන්  එල්ටීටීඊ සංවිධානයේ විරෝධය යටපත්ව  නැවතත් යාපනය පුස්තකාලය මහජනයාට විවෘත විය.

මුලාශ්‍ර 
The Rise and Fall of the Jaffna Public Library - Sivaraman Kanagasabai 
https://groups.google.com/forum/#!topic/soc.culture.tamil/THHSsNzK6Z4

Burning of Jaffna Public Library
http://www.wikiwand.com/en/Burning_of_Jaffna_Public_Library

Up From The Ashes, A Public Library In Sri Lanka Welcomes New Readers
http://www.npr.org/sections/parallels/2015/08/19/432779251/up-from-the-ashes-a-public-library-in-sri-lanka-welcomes-new-readers

9 comments:

  1. ඉතා වටිනා ඥානම්භාර නිධානයක විනාශය !

    ReplyDelete
    Replies
    1. ආපසු හැරවිය නොහැකි වරදක්

      Delete
  2. Replies
    1. අතීතයේ පටන් අපි පුස්තකාල ගිනි තැබීම පිලිබඳ ලෝක ශුරයෝ. මහායාන හිතවාදී රජෙක් ආවම හීනයාන පන්සල් ගිනි තියනවා. හීනයාන හිතවාදී රජෙක් ආවම මහායාන පන්සල් ගිනි තියනවා. පන්සල් වල පුස්තකාල ගිනි ගන්නවා.
      අන්තිමේදී උනේ මහා දැනුම සම්භාරයක් විනාශවී යාම.

      Delete
  3. යාපනය පුස්තකාලය ආසියකුම පුස්තකාලය යැයි කියන් කවුද?
    "දෙමළ ජාතිවාදියො"
    එය කිසිම පදනමක් නැති කතාවක්
    දෙමළ ජාතිවාදීන් මේ සිද්ධිය වවාගෙන කන්න උත්සාහ කරනවා. අපි එයට නොසැලී මුහුණදිය යුතුයි.

    ReplyDelete
  4. ජීවිතේ අමාරුවෙන් ගොඩ නගාගත් දකුණූ ආසියාවේ දැවැන්තයෙක්.. Good one Jeev

    ReplyDelete
  5. මිලෙජ්ජ ක්‍රියාවක්

    ReplyDelete
  6. කුරාණය විතරයි එකම දැණුම කියාගෙන ගිණි වපුරන තිරිසනුන්ගෙයි මේ පුස්ථකාලය ගිණි තබපු අවස්ථාවාදීන්ගෙයි කිසිම වෙනසක් නෑ... කෙසේ හෝ නැවත එතැනම පුස්ථකාලයක් ඇරඹීම හොඳයි.
    ජයවේවා..!!

    ReplyDelete