යුරෝපයට පාෂාණ යුගය (Mesolithic) එළඹුණේ ක්‍රිස්තු පුර්ව 2000 ත් 1000 ත් අතර කාල වකවානුවේදීය. එම යුගයට අයත් ආදි මිනිසුන්ගේ විශිෂ්ඨ නිර්මාණයක් බ්‍රිතාන්‍යයේ විල්ෂයර් (Wiltshire) හි සැලිස්බරි තැන්නේ (Salisbury Plain) දක්නට ලැබේ. ගලින් කරනා ලද මේ සුවිසල් නිර්මාණය හඳුන්වනුයේ ස්ටෝන්හෙන්ජ් (Stonehenge) නමිනි.
මෙම නිර්මාණය කුමණ කාර්යයක් අරභයා ගොඩනගන ලද්දක් දැයි නිශ්චිත මතයක් නොමැත. එය පුරාණ දෙවොලක් බවටත්, ස්මාරකයක් බවටත්, පුරාණ ග්‍රහලෝකාගාරයක් බවටත් විවිධ මත පලවෙයි. පුරාවිද්‍යා සාක්ෂි වලට අනුව මේ මහා නිර්මාණය වසර 1600 ක කාලයක් මුළුල්ලේ විවිධ අදියර වලදී නිමවා ඇත. පවතින නටඹුන් වලට අනුව එහි තිබුණි ඇතැයි සැලකෙන සම්පුර්ණ ආකෘතිය රුප සටහනේ දැක්වෙයි.
නිර්මාණයෙහි ප්‍රථම අදියර වශයෙන් ක්‍රිස්තු පුර්ව 3100 අවදියේදී මීටර් 110ක විශ්කම්භයකින් යුත් කවාකාර අගලක් සහ ගොඩැල්ලක් තනා ඇත. එහි ඊසාන දිගට වන්නට විශාල පිවිසුමක්ද දකුණේ කුඩා පිවිසුමක්ද සකසා ඇත.
දෙවන අදියර ලෙස ක්‍රිස්තු පුර්ව 3000 දී සිදුකරනා ලද ගොඩනැගීම් මේ වන විට දක්නට නැත. නමුත් එම කවය තුල පවත්නා කණු ඉන්දවීම සඳහා තැනු වලවල් දක්නට ඇත. මෙයින් නිගමනය කර ඇත්තේ එම යුගයේදී විශාල දැවමය සැකිල්ලක් මෙහි තිබූ බවය.
අනතුරුව වසර 1600 ක කාලවකවානුවක් තුල අදියර ගණනාවකදී මෙම නිර්මානය විශාල ගල් කුළුණු සහ ගල් පතුරු උපයෝගී කරගෙන නිමවා ඇති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි වලින් පෙන්නුම් කරයි. මේ විශාල කවය මැද ඇත්තේ අල්තාර ගලය. එහි යෝධ ගල් කුළුණු 30ක් කෙලින් කරවා ඇත. එය වටා අශ්ව ලාඩමක හැඩයට නිල ගරුඬ (dolerite) ගල් වලින් සැදී ගල්කැට පේලි දෙකකි. මෙය කුමන කරුණක් වෙනුවෙන් තනනා ලද්දක් දැයි කියන්නට සාක්ෂි නැතත් ඉරු දෙවියන් පිදීම සඳහා කරනා ගොඩ නගනා ලද දෙවොලක් බවට මත පළකරනුයේ ගල් කුළුණු හිරුගේ ගමන් මගට අනුව පිහිටුවා ඇති නිසාය. එමෙන්ම තාරකා සාස්ත්‍රයට අනුව මැනීම් සහ ගණනය කිරීම සඳහා පාවිච්චි කළහැකි රටාවකට ගල් කුළුණු ස්ථාන ගත කර අතැයිද කියවෙයි.
ස්ටෝන්හෙන්ජ් නිර්මාණයෙහි විශේෂත්වය වන්නේ මේ විශාල ගල් කුළුනු කිලෝමීටර 40ක පමණ දුර සිට රැගෙනවිත් තිබීමය. එහි ඇති නිල ගරුඬ ගෙනවිත් ඇත්තේ කිලෝමීටර් දෙසිය හතලිහක දුර පිහිටි ප්‍රිසලි හිල්ස් (Presell Hills) ප්‍රදේශයෙන්ය. අදාළ ප්‍රදේශ වල පිහිටි ගල් පර්වත වලින් ගින්දර ආශ්‍රයෙන් ගල් කුළුණු කපාගෙන රෝල් මතින් ඒවා මේ භූමියට ගෙන එන්නට ඇත.
මම දෙපාරක් මේ තැනට ගිහිල්ල තියෙනව. සලිස්බරි ස්ටේෂන් එකේ ඉඳල මෙතනට බස් එකේ පැය බාගයක් විතර යන්න ඕන. ඒ ටික යනකං දකින්න ලැබෙන වටපිටාවත් බොහොම ලස්සනයි.
ReplyDeleteඔය එක ගල් කුට්ටියක් ලඟට ගිහිල්ල බැලුවොත් නම් පිස්සු හැදෙනව මේක ගෙනාවේ කොහොමද කියල.
පිරමීඩ හදන්න ගල් අරන් ගියා වගේ තමයි
👊🏽
හැබැයි ටික්කා මේක ගැන මම මුලාශ්‍ර හොයනකොට කිසි තැනක දැක්කේ නැහැ කැටයම් හෝ වෙනත් කලාත්මක හැඩගැන්වීම් කුළුණු තුල තියෙනවා කියල. මේ යුග වලට අයත් ආසියානු, මැදපෙරදිග සහ ඇමෙරිකානු ශිෂ්ඨාචාර වල බෙහෙවින් කලාත්මක නිර්මාණ ගොඩනැගිලි තුල හමුවනවා.
Deleteමිනිසුන්ගේ ජවය භාවිතා කරත් දියුණු කලාවක් මෙහි තිබුන කියල හිතන්න අමාරුයි.
https://youtu.be/yP2DlTwQuIY
Deleteමම සැලිස්බරි තලාව සහ ස්ටෝන්හෙන්ජ් බලන්න ගියේ බාත් වල ඉඳල. සැලිස්බරි තලාව කෘෂිකර්මයට හරි ප්‍රසිද්ධයි. හතර වටේ බැලුවොත් ක්ෂතිජයට යන තෙක් සාරවත් තිරිඟු වගාවන්. තවත් මේ අවට කුඩා පස් කඳු විදිහට හදපු අතීතයේ හිටපු ප්‍රාදේශීය නායකයන්ගේ හෝ පූජකයන්ගෙ සොහොන් බිම් (Burial mounds) තියනව.
ReplyDeleteකඳුවල පස් ඉවත් කර හදල තියන සුදු පැහැ අශ්ව රූප (White horses) තවත් විශේෂයක්.
අපි ගියපු දවසේ ජූලි මාසයෙ වෙලත් අහස කට්ට කළු කරල වැස්ස. හතර අතට අකුණු ගහනව පේනකොට ඇඟේ මයිල් කෙළින් වෙනව :-D
කණ්ඩා ලියන්නකෝ ඒ සංචාරය ගැන ලිපියක්
Deleteබලමු වෙලාව ලැබෙන විදිහට ලියන්නම් 🙂
Delete+++++
ReplyDeleteස්ටෝන් හෙන්ජ් ගැන තවත් ලිපියක් පළවෙලා තියෙනවා එකත් හරිම සිත්ගන්නා සුළුයි
ReplyDeletehttps://janeelaya.blogspot.com/2017/04/stonehenge.html