ඉයුජින් බ්‍යුර්නුෆ් පඬිතුමා |
ප්‍රංශ විප්ලවය ප්‍රංශයේ පමණක් නොව සමස්ථ යුරෝපයේම සංස්කෘතිය, කලා ශිල්ප සහ සාහිත්‍යය කෙරෙහි විසල් බලපෑමක් ඇති කළේය. මෑත ඉතිහාසයේ, යුරෝපයේ බෞද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යනයන් ඇරඹුණේ ද ප්‍රංශ විප්ලවයට පසුවය.
ඉන් පෙර ඉතිහාසය පුරාම යුරෝපීය ආක්‍රමණිකයන් සහ අධිරාජ්‍යයන් විසින් ඉන්දියාව ප්‍රමුඛ ආසියානු රටවල් ආක්‍රමණය නිසා බුදු දහම යුරෝපයට ඉතා අවම මට්ටමෙන් කාන්දුවී තිබිණ. ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසේ ශ්‍රේෂ්ඨ බෞද්ධ නරපතියා වූ අශෝක අධිරාජයා විසින් "ධර්ම මහාමාත්‍ර" නමින් ආගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවා ග්‍රීක පෙදෙස් වලට බෞද්ධ ධර්ම දුතයන් පිටත් කර හැරිය බවට ලේඛනගත සාක්ෂි ඇත.
පාලි බෞද්ධ ග්‍රන්ථයක් වන "මිලින්ද පඤ්හයේ" මිලින්ද නම් රජ කෙනෙකු සහ මධර නාගසේන නම් භික්ෂුවක් අතර ධර්ම සාකච්චාවක් අන්තර්ගතය. මෙම රජ ක්‍රිස්තු පුර්ව පළමු සියවසේ වයඹ දිග ඉන්දියාව පාලනය කළ මිනැන්ද්‍රෝස් නම් ග්‍රීක නරපතියා වෙතැයි සලකනු ලැබේ.
ලංකාවේ ඉතිහාස ග්‍රන්ථය වන මහා වංශයේ සඳහන් වන්නේ ක්‍රිස්තු පුර්ව පළමු සියවසේදී ධම්මරක්ඛිත නම් ග්‍රීක මා හිමියන් අනුරාධපුරයේ මහා ස්ථුප උළෙලට ඇලෙක්සැන්ඩ්‍රියා වේ සිට පැමිණි බවය.
මේ වාර්ථා මගින් සනාථ වන්නේ පුරාණ යුරෝපයේ තැනින් තැන බුදු දහම පැවති බවය.
නැවත වරක් බටහිර රටවල බුදු දහම ගැන අසන්නට ලැබෙනුයේ දහසය වන සිය වසේ සිට බටහිරින් පෙරදිගට ගිය ක්‍රිස්තියානි මිෂනාරි වරුන් විසින් සිදු කල වාර්ථා තුලිනි. නමුත් මේ වාර්තා වලින් බොහොමයක් අගති සහිත වූද, නොමග යවන සුලු වූද, වැරදි නිගමනයන්ගෙන් සහ වැරදි වැටහීම් වලින්ද ගහන විය.
නුතන යුරෝපයේ බුදු දහම පිළිබඳව අධ්‍යනය ආරම්භ වනුයේ 19 වන සියවසේ ෂෝපන් හෝවර් (1788 -1860) විසින් තමා බෙහෙවින් ඇලුම් කළ බුදු දහම සම්බන්ධව කල සටහන් වලින් බටහිර බුද්ධිමතුන්ගේ සහ දාර්ශනිකයන්ගේ සැලකිල්ල පුබුදු කිරීමත් සමගය.
නමුත් බුදු දහම පිළිබඳව ක්‍රමවත් සාස්ත්‍රීය අධ්‍යනය සහ පර්යේෂණ වලට මුල පුරනා ලද්දේ 1826දී ලසෙන් නම් ජර්මන් ජාතික පඬිවරයාගේ සහයෝගය ඇතිව පාලි පිලිබඳ නිබන්ධයා නම් කෘතිය පළ කළ ප්‍රංශ ප්‍රාචීන භාෂා සාස්ත්‍රඥයකු වූ ඉයුජින් බ්‍යුර්නුෆ් (1801-1852) (Eugène Burnouf) පඬිවරයාටය. මේ කෘතියේ පාලි භාෂාව ලියැවී ඇති විවිධ හෝඩි වල සටහන් දක්වා ඇති අතර සිංහල හෝඩියද එහි වේ.
හොප්සන් විසින් නේපාලයෙන් ගෙනෙනලද බෞද්ධ සංස්කෘත අත්පිටපත් රාශියක් අධ්‍යනය කළ එතුමා ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසයට සංඤාපනයක් නම් කෘතිය 1844 වසරේදී ප්‍රකාශයට පත් කළේය. එතුමන් අකල් මරණයට පත්වූ 1852 වසරේදී ඈත පෙරදිග ඉතාමත් ප්‍රකට වූ සද්ධර්ම පුණ්ඩරික සුත්‍රය පරිවර්ථනය කළේය. මේ අනුව ඉයුජින් බ්‍යුර්නුෆ් (1801-1852) පඬිතුමා බටහිර බෞද්ධ අධ්‍යනයේ පියා වශයෙන් හැඳින්විය හැක.
එතුමන් ගේ කීර්තිමත් ගෝලයන් අතර වන සුප්‍රකට ඉන්දීය භාෂා සාස්ත්‍රඥයකු වූ ජර්මන් ජාතික මැක්ස් මුලර්ද වේ.
ඉයුජින් බ්‍යුර්නුෆ් පඬිතුමා ආරම්භ කරනා ලද මේ සාස්ත්‍රීය සේවාව ඉදිරයට ගෙනයන ලද ශ්‍රේෂ්ඨතමයා ලෙසින් සැලකෙනුයේ ඉන්දීය භාෂා සාස්ත්‍රඥයකුවූ සිල්වන් ලෙව් (1869-1935) මහතාය. එතුමන් විසින් මහායාන ග්‍රන්ථ කිහිපයක්ද සංස්කරණය කල අතර තවත් පොත් රාශියක් සංස්කෘත මුල් පොත් සංස්කරණය කොට ප්‍රංශ පරිවර්ථන සහිතව පළ කළේය.
අවසන් වශයෙන් සිල්වන් ලෙවී විසින් තකුකුසු නමැති ජපන් පඬි වරයා සමග චීන සහ ජපන් ප්‍රභවයනට අනුකුලව බුදු සමය පිලිබඳ සකල විධ තොරතුරු අන්තර්ගත "හොබෝගිරින්" නම් ශබ්දකෝෂය ආරම්භ කළේය.
බ්‍යුර්නුෆ් සහ ලෙවී පඬිවරුන් විසින් ආරම්භ කරනා ලද මේ ප්‍රංශ සම්ප්‍රදාය ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවක් විසින් දැනටද ඉදිරියට ගෙන යනු ලැබේ.
(ප්‍රංශ විප්ලවය පිලිබඳ දෙවන ශත සංවත්සරයේදී කැලණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්‍යය වල්පොල ශ්‍රී රාහුල යතිවරයානාන් වහන්සේ විසින් 1989 වසරේදී කොළඹදී කරනා ලද දේශනයක් ඇසුරිනි)
ස්තූතියි ... මැක්ස් මුලර් කියද්දි මතක් උනේ... ආගමික සම්ප්‍රධායන් තුලනය කල ප්‍රථම බටහිර විද්වතා ලෙස පිලිගැනෙන්නේ මොහුව... මැක්ස් මුලර් භාරතීය ආගමික සම්ප්‍රධායන් ගැන පරීක්ෂණයට ලක් කල කෙනෙක්...
ReplyDeleteමැක්ස් මුලර් ඇත්තෙන්ම කේම්බ්‍රිඡ් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරයෙක්. ඔහු ලොව පුරා මිනිසා පැතිරයාම පිළිබඳව පළකල ආර්‍ය න්‍යාය බෙහෙවින් සම්භාවනාවට පාත්‍ර වූවක්.
Delete+++++++
ReplyDelete+++++++
ReplyDeleteබොහොම වටින ලිපියක් නිදහසේ කියවන්න ඕනේ
ReplyDeleteපස්සේ කියවන්න ඉන්න ලිපිය කොහොමද වටිනා කියල දන්නේ
Delete