Sunday, May 5, 2019

සමාජ ජාලා ත්‍රස්ත මර්ධන ඒකකයක් පිහිටුවනු.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සතියක සමාජජාලා තහනම නිසා වහා ක්‍රියාත්මක වූ ජාතිවාදී උන්මත්තකයනට යන එන මං නැති විය. නැවත සමාජ ජාලා ක්‍රියාත්මක කර සතියක් ගතවන තැනදී ජාතිවාදී කුලප්පු කිරීම් කී බෝඩ් නිවටයන් විසින් අරඹා තිබීම මහත් ව්‍යසනයක පෙර නිමිත්තක් බව කිව යුතුය. මහජන කැළඹීම් ඇති කිරීමට මගපාදන මෙම ලිපි සමාජ ජාලා වෙත රිපෝට් කිරීමෙන් ඉවත් කල හැකි වුවද ගැටලුවට පිළිතුර එතන පවතින්නේ නැත. එබැවින් එම පොස්ටු සහ ඒවා ප්‍රවර්ධනය කරනා නීචයින් සහ නරුමයින් ගැන පැමිණිලි කිරීමට සමාජ ජාලා ත්‍රස්ත මර්ධන ඒකකයක් පිහිටුවීම රජයේ වගකීමකි. සමාජ ජාලා ත්‍රස්තවාදීන් මුලුනුපුටා දැමීම අත්‍යවශ්‍යය.