නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ වැඩිම සම්මාන ලාභියා ලෙස ජීවන තුමා සම්භාවනාවට පාත්ර උනෝය. සංගීත අංශයේ හොඳම බ්ලොග් ලිපිය ඇතුළු සම්මාන 7කට පමණ එතුමා වගකීවෝය. ඒ ඉයන් ලින්තොට තුමාට පින්සිදු වන්නටය. සම්මාන උළෙලේ ජීවන තුමාගේ අසල්වැසියා වූ ඉයන්තුමාට සම්මාන සඳහා නම අඬගසන සමහරක් වෙලාවට අමුතු ලෙඩක් සෑදුනෝය. ලෙඩේ උග්ර වූ විට එතුමාණෝ ජීවන තුමාව පුටුවෙන් තල්ලුකර දැමුවෝය. යන්නට තැනක් නැති නිසා ජීවන තුමා ස්ටේජ් එක පැත්තට යනවිට නෙළුන් අජිත්තුමාගේ සේනාංකය එතුමාව බලෙන් අල්ලා සම්මාන රැසක් දුන්නෝය. ඉන් නොනැවතී සහුර්දයාද මොකක්ද කියා පට්ටමකුත් දුන්නෝය.
මෙවන් කුණු කොන්තරාත් ජීවන තුමාට සිම්පල්ය. ජීවන තුමා ඇද ඇති කුණු ගොඩවල් අබාන්ස් එන්වයර්න්මන්ටල් සර්විස් එකෙන්වත් ඇද නැතිය. එතුමාගේ තට්ටය පෑදුනෙත් කුණු ඇදලාය. ලංකාවට සංචාරකයෝ ගෙන්වා ගන්න සංවිධානය කළ හික්කා ෆෙස්ට්, අයිෆා, චෝගම් කර්මාන්ත ප්රදර්ශනය පමණක් නොව ඉතාලියේ කළ එක්ස්පෝ මිලානෝ වැනි කුණු කඳු එක්ක බලනා කල මේවා නතිංග් ය. මොනවාදෝ කප්පරක් කාපු එකාට මොනවාදෝ ගඳත් ගඳක් ද කීවාලු. (හරි වචනය දැම්මොත් ගෘහස්ථ වාරණ මණ්ඩලයට හසුවෙනවාය)
ජීවන තුමා ඇද ඇති කුනු කඳුවලට සම්මාන ලැබුනේනම් බ්ලොක් ගල් වෙනුවට එවා තියලා මහ බැන්කුව වගේ පිට්ටු බම්බුවක් හදන්නට තිබුනේය. කොයි තරම් මැරීගෙන කුනු ඇද්දත් අන්තිමෙට ඉතිරි වෙන්නේ කුනු කතා විතරක්ය. මහපරිමාන ඉවෙන්ට් එකක් නොව බෝතල් පාටියක්වත් හරියට සංවිධානය කරගන්න බැරි උන් කරන්නෙ කඩාකප්පල් කරන්න හදන එකය. බොරු ප්රචාර පතුරුවන එකය. ඒවාටම හරියන අබිලින් මොඩල් චීත්ත අඳින නපුන්සක සෙට් එකක් රාජ්ය සේවය අරක්ගෙන සිටින්නෝය. ජීවන තුමා අපරාධ පරීක්ශන දෙපාර්ථමේන්තුවට බඩගෑවේද, අලුත් කඩේට තවමත් බඩගාන්නේද ඉවෙන්ට් කරන්න ගොසිනි. ඒ විතරක් නොව ජනාධිපතිවරණය කරන්න ගිහින් හිටං තව පොඩ්ඩෙන් සුදු වෑන් සම්මානයද ලබා ගන්නවාය. අට වෙනිදට පසුව එම සම්මානය. දෙනවාය කියා කලින්ම පොරොන්දු වී තිබුනෝය.ජනාධිපතිවරණය ගැස්සුනානම් හිටං මෙලහට සම්මානය ලබා වලපල්ලේය. ජනාධිපතිවරණ සම්මාන උලෙල සංවිධානය කරපු උන් දැන් සලාක ක්රමයට වැලිකඩ කූරු ගනන් කරනවාය.
ඒ අනුන්ට බොරුවට හොරා කී එවුන් අත්තටම හොරකම් කර මාට්ටුවී ඇති නිසාය.
++++++++++++++++++++++++++++++++++++++++
මෙච්චර වෙලා කලේ කොලේ වැහුව එකය. දැන් කරලේ වහන්න සූදානම්ය
නෙලුම් යාය පට්ටෙට ඔගනයිස් කර තිබුනෝය. කාල සටහන නම් අවුල් ය. සම්මාන උළෙලක් ඒ මට්ටමෙන් තිබිය යුතු බව බොහෝ ඉවෙන්ට් කර ඇති ජීවන තුමාගේ අදහසය. රජා උනාට පසුව කෙසෙල් කොලේ බත් කන එකට ජීවනතුමා එකෙන්ම අන්ලයික් ය.
දියමුල්ලෙ සෙටින් එක නියම පොශ් එකකි. එවන් පොශ් ඉවෙන්ට් එකක් අනුග්රාහකයන්ගෙන් තොරව කල නොහැක. එක එකාගෙන් අනුග්රහය අරගෙන දුන්නු සම්මානය ගත්තාය කියා බ්ලොග් කාරයො කාටවත් කඩේ යන්නේ නැතිබව හෙට උදේට ඉර පායනවා වගේ සුවර් ය. ඉවෙන්ට් එකක් කරගන්න බැරි ගොබිලෝ ඉරිසියාවට කියන කතා අර මොකක්ද එකක් තරනම්වත් ගනන් ගත යුතු නැත. (හරි වචනය දැම්මොත් ගෘහස්ථ වාරණ මණ්ඩලයට හසුවෙනවාය) කොහොම නමුත් වසරේ හොඳම උළෙල සඳහා වු සම්මානය නෙලුම් යාය ඔගනයිසින් සෙට් එකට දෙන්නට ජීවන තුමා නිර්දේශ කරනවාය.
මාගේ කතාව මෙයින් අවසන් අසාසිටි ඔබ සැමට???????? සොරිහ් තව තියෙනවා...............
නෙලුම් යාය සන්විධානය කරන්න ගිහින් හිත් රිදවා ගත්තු කට්ටියද බොහොමයකි. මේ ටික උන් වෙනුවෙන් ය. බොක්කෙන් වැඩ කරන් උන්ට කරන්නට බැරි දෙයක් නැත. කොහොම හරි දත කාගෙන අතින් කයිට් කරගෙන කරනවාය. මහන්සිය ගැන ගානක්වත් නැතිය. හැබැයි පොඩි පොඩි දේවල් වලින් හිත රිදවා ගන්නට ලෝක සූරයෝය. පොඩ්ඩ වචනයක් ටැපලුනොත් බඩු බනිස් ය. ඉවෙන්ට් කරන්න ගිහින් ජීවන තුමාට වෙච්චි දේවල් එක්ක ගත්තොත් මේවා හූනු බිජු සයිස් ය. විසේසයෙන් කලා හිතාටයි අටමාටයි සිදුවුනු දේවල් අමතක කරන්න කියලා ජීවන තුමාගේ ඇඩ්වයිස් එකය. ලැබුනු ගල් මුල් හැටියට අත පය කඩා නොගෙන යහතින් සිටින්නේ පැරා තුමා පමනක් ය. එතුමන්ගේ කබර හමට ජීවන තුමාගේ රෙස්පට් එකය.
සම්මාන දෙන්න දේශපාලුවෝ එන එක කට්ටියකට ප්රශ්නයක් වෙලා තියෙන වග දැන ගන්න ලැබුනෝ ය. ඔවුහු වැඩි වැඩියෙන් එනවාට ජීවන තුමා නම් කැමතිය. උන්ගෙන් සම්මාන ගන්න එක ලැජ්ජාවක් බව සමහරු කීවෝය. අම්මමෝ නැතිව පට්ට පදිරි වෙනකල් බනින එකාලට සම්මාන දෙන්න සිදුවීම දයිවයේ සරදමක් ය. ලැජ්ජා වෙන්න ඕනා මෙහෙව් නසරානි රැලකට සම්මාන දෙන්න එන දේසපාලුවෝය. ලබන පාර වැඩි වැඩියෙන් දේශපාලුවෝ ගෙන්වන්න කියා ජීවන තුමා නෙලුම් යායට රික්වෙස්ට් කරන්නාහ.
මොනතරන් පොශ් ඉවෙන්ට් තිබුනත් ජීවන තුමා වැඩියෙන්ම ලයික් ආෆ්ටර් ඉවෙන්ට් එකට ය. මෙදා ආෆ්ටර් ඉවෙන්ට් එකේ මහාචාර්ය මාතලන් තුමා සහ චෙෆාකි තුමා නැති අඩුව ලොකුවටම දැනුනෝය. ශ්රී ලාංකික බ්ලොග් කරුවන්ගේ නිල සංගීත කණ්ඩායම වන පයියාගල ජීවන ස්ටාර්ස් ඔවුන් දෙදෙනා නැතිව ලෝක අමාරුවක වැටුනෝය. සිංදු වල සුතිය පැන්නාම ට්රැක් කරන්න කෙනෙක් නැතිව සංගීත සාජ්ජය කතරගම කොලඹ සෙමි ලක්ෂරි බස් එකේ සැට් එක වගේ උනෝය. අටමා තුමා නම් නොහිටිය එකමය හොඳ . එතුමා ඉල්ලන සිංදු ගහන්න කේමදාස මාස්ටර්ගේ ඔපෙරා කණ්ඩායමටවත් බැරිය. ඒ තරමට ඇඩ්වාන්ස් සිලෙක්ශන්ය.
ඉවරාරාරාරායි..................................
ප:ලි: පොඩිඑකාගේ ඉස්ටැයිල් එක සින්හල බ්ලොග් කලාවට හඳුන්වා දුන් මාතලන් තුමාට මම තුමාගේ මෙව්වා එක ය.