කිතුනු සභාව තුල විප්ලවාදියෙකු වශයෙන් නම් කල හැකි තිස්ස බාලසූරිය පියතුමා සමාජ සාධාරණත්වය යුක්තිය උදෙසා ක්‍රියා කරනා ලද එඩිතර පුරෝගාමියෙකු වශයෙන් හැඳින්විය හැක. මෙරට සමාජය දැඩි පීඩනයට පත් කල 71 කැරැල්ල, 80 වැඩ වර්ජනය, 83 කළු ජුලිය වැනි අඳුරු යුග වලදී වින්දිතයා වෙනුවෙන් එතුමන් සිදු කරනා ලද මැදිහත් වීම බොහෝ දෙනෙකු නොදන්නා නමුදු අතිශය ප්‍රසංශනීය වේ. එතුමන් විසින් මෙහෙයවන ලද කොළඹ ඩීන්ස් පාරේ සමාජීයිය සහ සාමයික කේන්ද්‍රය පීඩාවට පත් වූවන්ට, සමාජ වෙනසක්, ප්‍රගතියක්, අපේක්ෂා කරන්නවුන්ට කදිම වේදිකාවක් විය.
ගරු තිස්ස බාලසූරිය පියතුමා වසර 1924 අගෝස්තු මස 29 දින විලියම් සහ වික්ටෝරියා යුවලට දාව අනුරාධපුර කහටගස්දිගිලිය ගමේ උපන්නේය. සිය මුලික අධ්‍යාපනය මීගමුව මාරිස්ටෙලා විදුහලෙන්දයාපනය සාන්ත පැට්‍රික් විදුහලෙන්ද ලබා ගත එතුමන් පසුව සිය ද්වීතීක අධ්‍යාපනය ලදුයේ කොළඹ සාන්ත ජෝසප් විදුහලෙනි.
ඉගනීමේ දක්ෂයකු වූ තිස්ස බාලසුරිය තරුණයා අනතුරුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුළු විය. ඒ වනවිට ඔහු දාහත්වන වියේ පසුවිය. වයස විසි එකේදී ඔහු අර්ථ ශාස්ත්‍රඥයකු ලෙසින් ලංකා විශ්ව විද්‍යාලයෙන් පිටවුයේ ඛාන් රන් පදක්කමද දිනා ගනිමිණි. 1945ක් වූ එම වසරේදීම ඔහු පුජකයකු වීම සඳහා පුහුණුවට ඇතුලත් විය.
පුජකවරය සඳහා පුහුණුවන සමයේ රෝමයේ ග්‍රෙගෝරියානු විශ්ව විද්‍යාලයෙන් දර්ශණවාදය සහ දේවධර්මය උගත් අතර අනතුරුව ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුයේ කෘෂි ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය හැදෑරීම සඳහාය.
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය තුල ධනවාදය ප්‍රවර්ධනය කරනා ආකාරය ගැන කලකිරීමට පත්වූ මෙම තරුණ පුජක සිසුවා ඉන් ඉවත්ව ප්‍රංශයේ කතෝලික විද්‍යාථනයේ (Institut Catholic) සහ පැරිස් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලදුයේය.
මෙලෙසින් ලද උසස් අධ්‍යාපනය හේතුවෙන් වසර 1960 පමණ වන විට එතුමන් ඇරිටෝටලියානු දර්ශනවාදය (Aristotelian philosophy) සහ තෝමියානු දේවධර්මවාදය (Thomas theology) සදහටම අත්හල බව පසුකලෙක පවසා ඇත. එතුමන් විසින් සම්පාදිත කෘති සහ ලිපි ප්‍රමාණය දහසකට ආසන්නය.
තිස්ස බාලසුරිය පියතුමාගේ ජීවිතය ප්‍රධාන වශයෙන් ආයතන දෙකක් තුල ගත කළේය. ඉන් පළමුවැන්න වූ ඇක්වයිනස් විද්‍යාලයට 1953 වසරේදී ලේඛකාධිකාරී වශයෙන් බැඳුන එතුමන් වසර 1953 දී එහි ප්‍රධාන පුජක තනතුරට (Rector) පත් විය බාලසුරිය පියතුමන්ගේ පාලන කාලයේදී ඇක්වයිනස් ආයතනය විශාල දියුණුවක් ලදුයේය. ආයතනයේ විෂය ධාරාවට තාක්ෂණය ව්‍යාපාර අධ්‍යනය, නීතිය සහ කෘෂිකර්මාන්තය ඇතුලත් පාඨමාලා එක කෙරිණ. එතුමන්ගේ කාලයේදී ගාමිණි දිසානායක, වාසුදේව නානායක්කාර ලුෂන් රාජකරුණා වැනි පසු කලෙක ප්‍රසිද්ධියට පත් පුද්ගලයන් ඉගෙනුම ලදහ.
වසර 1971දී එතුමන් ඇක්වයිනස් විද්‍යාලයෙන් ඉවත්ව සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) පිහිටවූහ.
නිර්භය සමාජ ක්‍රියාකාරිකයෙකු වූ එතුමන් 1971 අප්‍රේල් කැරැල්ලේදී තරුණ ඝාතනයට එරෙහිව නැගී සිටි අතර ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගෙන සිටි තරුණයින් වෙනුවෙන් පෙනී සිටියේය. එලෙසින්ම 1980 මහා වැඩවර්ජනයේදි වැඩ අත්හළ සේවකයින් වෙනුවෙන් පෙනී සිටියේය. ජාතික සමගිය උදෙසා සහ ආගමික සමගිය වෙනුවෙන් එතුමන් මැදිහත් විය. 1983 කළු ජූලියේ වින්දිතයන් වූ දමිල ජාතිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද එතුමන් නිර්භයව නැගී සිටියහ.
කතෝලික සභාවේ මුලධර්ම වලට පටහැනි පසු කලෙක ඇදහිල්ලට එකතු වූ රුප වන්දනාව ගැන එතුමා දැඩි ලෙසින් විවේචනය කළේය. සභාවේ පුජක වරයකු ලෙසින් සිටිනා අතරදීම කතෝලික සභාව තුල තිබෙන්නාවූ වැරදි ඉගැන්වීම් ප්‍රශ්ණ කළේය.
මෙම විවේචනයේ කුටප්‍රාප්තිය ලෙසින් එතුමන් විසින් සම්පාදිත "මරියා සහ මානව විමුක්තිය" (Mary And The Human Liberation) කෘතිය නම් කළ හැක. මේ කෘතිය තුල සිදු කරනා ලද ප්‍රශ්ණ කිරීම් වලට කතෝලික සභාව පිළිතුරු දුන්නේ දැඩි ප්‍රචණ්ඩත්වයක් මුදා හරිමින් බාලසුරිය පියතුමන්ව සභාවෙන් නෙරපා හරිමිනි. අතීතයේ මෙන්ම අදත් කතෝලික සභාව විද්‍යාත්මක, තර්කානුකූල ඉදිරිපත් කිරීම් නොඉවසන බව මෙන්ම කතෝලික සභාව වෙනස් වී නැති බව බාලසූරිය පියතුමන්ව කතෝලික සබාවෙන් නෙරපීම තුලින් ලොවට පෙන්නුම් කළේය.
කතෝලික සභාවේ මෙම තීරණය එතුමන් විසින් අභියෝගයට ලක් කළේය. එයට එරෙහිව එතුමන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කළ අතර සභාවේ තීරණය වැරදි බව ලොවට කියා සිටියේය.
තිස්ස බාලසුරිය පියතුමන්ව කතෝලික සභාවෙන් නෙරපා හැරීමට එරෙහිව ලොව ඛෙහෝ දෙනා නැගී සිටියද අවසානයේ සභාවේ දුර්දාන්ත පිරිස් වෙතින් එල්ලවූ බලපෑම් හමුවේ වසර දෙකක් තුල ගෙනගිය සිය අරගලය නිම කළේය.
තමාගේ හැදෑරීම් වලට අනුව නිවැරදි බවට තරයේ විශ්වාස කළ කරුණු වැරදි බවට වතිකානුව ඉදිරියේ සිය හෘද සාක්ෂියට විරුද්ධව එතුමන් පිළිගත්තේය.
කෙසේ වුවද වතිකානුවට පාගා දැමිය නොහැකි පුජක පිරිසක් මෙන්ම ගිහි පිරිසක් ද එතුමන් මෙරට කතෝලික සභාව වෙත දායාද කළේය. සභාව තුල ඉදිරි පෙලේ ක්‍රියාකාරීවන්නේ ඉන් සුළු පිරිසක් වුවද බහුතරයක් ගිහි පිරිස සභාවේ වැරදි ඉගැන්වීම් ඉවත ලමින් නිහඬව කිතු දහමේ මුලිකාංග තුල ජීවත් වෙති.
මුලාශ්‍ර
http://dbsjeyaraj.com/dbsj/archives/14877
https://www.facebook.com/StJosephsChurchKanuwana/posts/524933800872420
http://peoplesforumsl.blogspot.com/2013/01/blog-post_25.html
ප්.ලි.
මගේ අම්මා තිස්ස බාලසුරිය පියතුමන් ඇක්වයිනස් විද්‍යාලයේ ප්‍රධාන පුජක ධුරය දරනා සමයේ එහි උසස් ගණිතය පිලිබඳ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලීය බාහිර උපාධි අපේක්ෂිකාවක වුවාය. අයුක්තිය අසාධාරණය පිළිකෙව් කිරීම මෙන්ම සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම පසුකලෙක ගුරුවරියක වූ ඇය තුලින් විද්‍යාමාන විය. සභාවේ වැරදි ඉගැන්වීම් ප්‍රසිද්දියේ විවේචනය නොකළද ඇයගේ ඇදහිල්ල ක්‍රිස්තියානි ධර්මයේ මුලිකාංග තුල විය. ඒ තිස්ස බාලසුරිය පියතුමන්ගේ මුලිකත්වයෙන් යුතු වූ ඇක්වයිනස් විද්‍යාලයේ ආභාෂය නිසා වන්නට පුළුවන.
ඇදහිල්ල - බිලීෆ් - සංකල්පය එක්ක නිරවුල් චින්තනයක් තියෙන්න බෑ ජීවන!
ReplyDeleteඇදහිල්ලක් සමග නිරවුල් චින්තනයක් තිබෙනවාද නැතිද යන්න සාපේක්ෂයි. එකවරම නැතැයි කිව නොහැකියි.
Deleteරසික, කිතුනු ඇදහිල්ල කුමක්දැයි ඔබට නොතේරීම පුදුමයක් නොවෙයි. එමනිසා ඒ ගැන අනුවණ මත ඉදිරිපත් නොකර සිටිනවා නම් හොඳයි. කිතුනුවා ඇදහිල්ලෙන් පටන් ගෙන අවබෝධය කරා ගමන් කරනවා. තිස්ස බාලසූරිය කියන්නෙ ඒ වගේ ගැඹුරු අවබෝධයක් තිබූ පියතුමෙක්.
Deleteකිතුනු ඇදහිල්ලක් ගැන මා විශේෂයෙන් කියා නැත. ඇදහිල්ල (belief) යනු ජෙනරික් වචනයකි.
Deleteදෙවියන් සිටිනවා යැයි ඇදහීම, ස්වර්ගය, නිර්වානය, පෙර ආත්මය, පසු ආත්මය වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන දේ ඇදහීම හෝ විශ්වාසය වැනි දේ අන්ත පසුගාමී බව මගේ අදහසයි.
ඇදහිල්ලෙන් අවබෝධයට යා හැකි දැයි මම නොදනිමි.
මා සිතන්නේ Antidote to doubt is not faith or belief but enquiry කියායි!
@ රසික,
Deleteතමාට තේරුම් ගත නොහැකි දේ නැතැයි කිව නොහැක.
ඔව්, නමුත්, දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස කිරීමට වඩා නැතැයි කියා සිතීම තර්කානුකූල වේ.
Deleteමේ පිළිබඳව බර්ට්‍රන්ඩ් රසල් ඉදිරිපත් කළ තේ පෝච්චියේ උදාහරණය ගැන දන්නවා නේද?
https://en.wikipedia.org/wiki/Russell%27s_teapot
!
දෙයි සංකල්පය ගැන මගේ අදහස මෙයයි.
Deleteමගෙ දෙයියා සහ උඹේ දෙයියා! - Synthetic God
http://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
!!
තිස්ස බාලසූරිය පියතුමා විමුක්ති දේව ධර්මය (Liberation Theology) ලෙස හැඳින්වෙන 1960-70 දශකවල ලතින් ඇමරිකානු රටවල ජනප්‍රිය වූ ප්‍රවාහයේ ආසියානු නියෝජනයක් කියන්න පුලුවන් -
ReplyDeleteවිමුක්ති දේව ධර්මය කියන්නේ බොහොම පුළුල් සංකල්පයක්. විශාල ජනගහනයක් සහිත, ජනගහනයෙන් බහුතරය දුගීන් වන සහ ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ක්‍රිස්තියානින් වන ලතින් ඇමරිකානු රටවලට උපන් සංකල්පයක්. එය ක්‍රිස්තියානි සුළුතරයක් සහිත ආසියාවට අනුගත කරන්න අපහසුයි.
Deleteසැල්වදෝරය වගේ
Deleteහරියට හරි අජිත්,
Deleteවර්ථමාන මාටින් ලූතර් කෙනෙක්? (before recanting)
ReplyDeleteතිස්ස බාලසුරිය පියතුමාගේ මතහරණය ගැන මම දකින්නේ වෙනත් ඇසකින්. ක්‍රිස්තියානින් ඉතාම සුළුතරයක් සිටිනා රටක ඉඳගෙන අතිශය ප්‍රභල සවිධානයක් වන කතෝලික සභාව සමග මත ගැටුමකින් පසුව සභාවෙන් පිටවීම කිසිවකුට දැනේනේ නැහැ. එවන් රටක සිටින්නේ නම් වැරදි මත වලට පහර දිය හැක්කේ සභාව තුල සිටිමින් පමණයි. බාල සුරිය පියතුමන් තමාගේ ලියවිල්ල වැරදි බව පිළිගත්තේ වයස 73 ක් වූ සිය ජීවිතයේ අවසාන භාගයේදීය. එතුමන් සභාවෙන් වෙන්වූයේ නම් සිදුවන්නේ අනුගාමිකයන් අහිමිවී තනි වීමටයි. නමුත් එතුමන්ගේ ස්වමතහරණය සිදුවන්නේ නමට පමණක් නිසා තව දුරටත් සභාව තුල සිටිමින්ම තමා නිවැරදි බව දන්නා මතය පැතිරවීමට අවකාශ ලැබෙනවා.
Deleteබාලසූරිය පියතුමා ගැන මතක සැමරුම් ගණනාවක් තියෙනවා, ඒ අවුරුදු ගණනාවක්ම මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රෙය් අල්ලපු වැටේ ළක්‍රිවි කාර්යාලයේ සේවය කළ නිසා.
ReplyDeleteපියතුමාගේ පෞද්ගලික නිවසක් වුණු කටුවපිටිය විශාල නිවස සීඑස්ආර් ආයතනට ලබා දීල තිබුණා. ඒ වගේම ආඬිඅම්බලම අක්කර 25 ක පමණ භූමියත් තමන්ගෙ නිකායට දීල තියෙනවා... මේ ආයතන දෙකේම නේවාසික ළක්‍රිවී වැඩසටහන්වලට සහභාගි වුණ අවස්ථාවල පියතුමා හමුවෙලා තියෙනවා. ඒ වෙද්දි ඔහු වයස්ගතයි. හිටි ගමන් ඇවිත් දරුවන්ට කතාවක් කියල දෙනවා. ළමයි එක්ක සින්දුවක් කියනවා..
අවසන් කාලයේ පියතුමා උන්නෙ මරදානෙ. සරල, නිහතමානී මිනිසෙක් මං ඔහු තුළින් දැක්කෙ. බුත්තලදි මරා දැමුණු මයිකල් පියතුමා, තුලන ඇලොයි පියතුමා, බාලසූරිය පියතුමා... මේ වැනි පියතුමන්ලා අපේ කිතුනුකමට අලුත් අර්ථයක් දෙන්න කැපවුණා කියල මට හිතෙනවා. ඒ මෙහෙවර ලංකාවෙ කතෝලික සභාවෙ ඇගයීමකට ලක්නොවුණත්...
මට එතුමන් මුණගැසී තියෙන්නේ සුබෝධියෙදී
Deleteඔබ නමින් කියනා අනෙකුත් පියතුමන් පමණක් නොව උගත් කතෝලික පුජකවරුන්ගෙන් බහුතරයක් සිටින්නේ බාලසුරිය පියතුමා දරන බොහෝ මතවාද වලට සමාන දක්මකය. බොහෝ අය ප්‍රසිද්ධියේ ඒ බව ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් විශාල තරුණ පිරිසක් එතුමන්ලා සමග අත්වැල් බැඳගෙන සිටිනවා
Delete@Tharurasi තරුරසී
Delete@Jeevana Fernando
බුත්තලදි මරා දැමුණු මයිකල් පියතුමා,
ගැන පොඩි විස්තරයක් කියන්න පුලුවන්ද
ඇයි එයාව මැරුවේ
කවුද එයාව මැරුවේ
මොන හේතුවකටද
කොයි කාලේද
මරපු අයට දඩුවම් ලැබුනද
දැන ගන්න දැඩි උවමනාවක් තියනවා ඒක නිසා අහන්නේ
@අටම්පහුර
Deleteමයිකල් රොද්‍රිගු පියතුමා ගැන කරුණු ගොඩක් මා ළඟ තියෙනවා. මේ වගේ සමාජයේ පීඩිත පන්තිය වෙනුවෙන් කැපවූ බහුතරයක් පියතුමන්ලා පීඩිත පන්තියෙන් පැමිණි අය නෙවෙයි. ඉහල සමාජ තත්වයක් සහිත පවුල් පසුබිම් සහිත පුද්ගලයන් වීම විශේෂත්වයක්. තමන්ගේ පවුල්, දේපල සියල්ල අතහැර පීඩිතයන් වෙනුවෙන් කැපවීමට ඔවුන්ට ලැබුණු ප්‍රතිපලය බොහොම කටුකයි. එක පැත්තකින් කතෝලික සභාවේ පීඩනයට ලක් වෙනවා. අනිත් පැත්තෙන් ආගම ප්‍රචාරය කරනවාය කියා බෞද්ධ අන්තවාදීන්ගේ පීඩනයට ලක් වෙනවා. පසුගිය කාලේ පීඩිත දෙමල ජාතිකයන් වෙනුවෙන් කතා කරොත් කුරුස කොටි හංවඩුව ගහනවා. 88-89 භීෂණය කාලේ ත්‍රස්තවාදී ලේබලය ලබනවා. මයිකල් රොද්‍රිගු පියතුමාව මරා දමන්න හේතුව ලෙස 88-89 භීෂණය කාලේ තරුණයන් හමුදාවෙන් ආරක්ෂා කිරීම එක කොටසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ රජය අපකීර්තියට පත් කරන්න ජවිපෙ විසින් මරා දැමුවාය කියල. කවුරු හරිද දන්නේ නැහැ. නමුත් අවසානයේ සිදු වුනේ පුජාව තියන අතරේදී පිටුපසින් හිසට වෙඩි තියල මරල දාපු එක.
ඔය ගැන ටෙලිනාට්ටියක් කරන්න ගිහින් අතර මග නැවතුනා ...මට ඒ මතකය තිබුන හන්දයි ඇහුවේ , මම ඒකේ වැඩ කලා .... ඒකේ නම .............බුත්තල නත්තල
Deleteඇයි නැවතුනේ. කවුරු හරි කණ්ඩායමක් විරුද්ධ උනාද?
Deleteහොඳ විස්තරයක් ජීවන. පොඩි ප්‍රශ්නයක් 1989- කාලේ ජවිපෙ මගින් මරන්න ඉයෝග දීල හිටිය කට්ටියව කුරුණෑගල ක්‍රිස්තු ධර්ම මුලස්තනේද මොකේද තියන් හිටිය කියන්නේ මේ පියතුමා නෙමේද? ඔවුන් හමුදාව සමග සම්බන්ධයි කියල (හෝ ඔත්තු දුන්න කියල ) ජවිපෙ ඒ කාලේ චෝදනා කලා නේද? (ජවිපෙ මේ අයව මරන්න තැත් කිරීම ගැන මම එක හෙලාම විරුද්ධයි.)
Delete@ අජිත්, මයිකල් රොද්‍රිගු පියතුමා ජීවත් උනේ කුරුනෑගල නෙවෙයි බුත්තල. එතුමා වසර 20 කට ආසන්න කාලයක් අම්පිටිය සමනේරියේ දේව ධර්මය පිළිබඳව දේශකයෙක් ඒ විතරක් නෙවෙයි ආචාර්ය උපාධි දෙකක හිමිකරුවෙක්. යටත් විජිත වාදීන් වෙළෙඳාම සඳහා කරනා ලද අපරාධ වලට සුදුහුණු ගෑමට ක්‍රිස්තියානිය යොදවා ගත් ආකාරය පිළිබඳව එතුමාට දැඩි විවේචනයක් තිබුණු බව කියවෙනවා.
Deleteඑහෙම නම් තිස්ස බාලසුරිය පියතුමා වෙන්න ඕනේ. දේව ධර්ම සභාව හරි මොකක් හරි නේද
Deleteතිස්ස බාලසුරිය පියතුමා මරදානේ සමාජයික සහ සාමයික කේන්ද්‍රය (Centre for Society and Religion) ආයතනයේ කටයුතු කලේ. ඔය කියන සිද්ධිය මොකක්ද දන්නේ නැහැ.
Deleteඅටම්, ‘‘පන්සලේ බණ කියූ කතෝලික පියතුමා‘‘ කියල ඉන්දු පෙරේරා ලියූ පොතක් තියෙනවා. ගොඩගේ ප්‍රකාශනයක්. මයිකල් පියතුමා ගැන හොඳ විස්තරයක් ඒ පොතේ තියෙනවා.
Deleteමේ ලිපියත් කියවල බලන්න.
http://www.jdslanka.org/s/index.php/2014-12-20-03-13-45/2014-12-20-03-18-29/500-2015-12-10-13-30-03
පියතුමාගේ මරණය ජේවීපී එක පිට දාන්න හැදුවට ඒ මරණය ආරක්ෂක අංශවලින් කළ දෙයක් කියල තමයි සැලකෙන්නෙ. ඒ ගැන පරීක්ෂණයක් සිදුවෙලා නැහැ.
ඇදහිල්ල කියන වචනයම පසුගාමී වචනයක්. යමක් අදහන කෙනාට නිරවුල්ව සිතන්න බෑ. ඇදහිල්ලෙන් මිදිල නිදහස් වීමයි කල යුත්තෙ. මිනිසා අධ්‍යාත්මික පරිනාමයත් එක්ක අනාගතයෙදි සියළු ඇදහිලිවලින් මිදිල මිනිසත්බව සොයාගනීවි.
ReplyDeleteඇදහිල්ල සහ නිරවුල් සිතිවිලි කියනා දෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි
Deleteඇදහිල්ල කියපුවාම මම අදහස් කරන්නෙ කිතුනු ඇදහිල්ල විතරක්ම නෙමෙයි. බෞද්ධයොත් බුදුන් ,නිවන වගෙ හැම දෙයක්ම පිලිගන්නෙ අවබෝධ වෙලා නෙමෙයි. ඒ කියන්නෙ ඇදහිල්ල කියන වචනෙ භාවිතා නොකලට ඒ අයත් ඇදහිලිවන්තයො තමයි.
ReplyDeleteනිරාගමිකයන් කියනා පිරිස ඇදහිල්ල මුළුමනින් අත්හල කොට්ටාශයක්. ඔවුන් බොහෝ දෙනෙකුගේ සිතුවිලි අවුල්ද නිරවුල්ද බලන්න දැන්මම ෆේස්බුක් එකට යන්න.
Deleteඇක්වයිනස් විද්‍යාල අදත් පුද්ගලික අධ්‍යාපන ආයතන අතර ඉදිරියෙන් තියෙන ආයතනයක්.තමන් ලද දැනුම පුජකවරය නිසා එක තැනක ලඝු කර නොගැනීම අගය කල යුත්තක්.
ReplyDeleteඑකල විසූ මහා ධනවතුන්ගේ දරුවන් එංගලන්තයට ගොස් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් උපාධිධාරීන් වනවිට සාමාන්‍ය පන්තියේ දරුවනට එම විශ්ව විද්‍යාල වල බාහිර උපාධි පාඨමාලා පවත්වන ලද ආයතනය වුයේ ඇක්වයිනස් විද්‍යාලයයි.
Deleteමේ වගේ පියතුමන්ලා කිහිප දෙනෙක් තවමත් ඉන්නවා... ඒත් ඒ ඔක්කොම වගේ සභාවෙන් ඈත් වෙලා ඉන්නේ... මොකද දෙයක් කරන්න යද්දි හැම එකකටම සභාව හරස් වෙනවා...
ReplyDeleteසභාවේ නායකයන්ගෙන් ඈත් උනාට ආගම් භේදයකින් තොරව උගත් තරුණ පිරිස අතර එම පියතුමන්ලා ඉන්නවා
Deleteඉස්සර ලක්බිම පත්තරේ ඔයගැන ලිපි පලවුනා
ReplyDeleteමොකක්ද හැබෑටම ඔය පොතේ ලියලා තියෙන්නේ.
සභාව තුලට පසුකලෙක පැමිණි මරියතුමිය සම්බන්ධව වන්දනාව (මරිය බැතිය) ප්‍රශ්න කිරීමක්
Deleteමරිය තුමියට වන්දනා කිරීමක් කතෝලිකයින් අතර නැහැ. ඔබේ මතය වැරදියි. තිස්ස බාලසූරිය පියතුමා තමන්ගේ අදහස් වැරදි බව පිළිගත්තේ හෘද සාක්ෂියට විරුද්ධ යැයි ඔබ කියන්නේ කොහොමද?
Deleteඑතුමාගේ පොත මම කියවා ඇත්තෙමි. මගේ මතයද ඒ අදහස් වැරදි බවයි. මෙම පොත නිසා එතුමා වීරයෙකු යැයි සළකන බොහෝ දෙනා එසේ කරන්නේ එතුමාගේ අදහස් අවබෝධ කරගත් නිසා නොව සභාවේ නායකයින් සමග තම තමන්ට ඇති අමනාපකම් නිසාය.
තිස්ස පියතුමාගේ මරිය දහම පිළිබඳ දැක්මට මා එකඟ නොවූවත්, එතුමාගේ අනෙක් අදහස් සමග මම එකඟ වන බව ද කිව යුතුය.
මරියතුමිය වන්දනා කිරීම කතෝලික සභාව තුල නැති බව ඇත්ත... ශාන්තුවරයන්ට වන්දනා කිරීමත් නෑ... තියෙන්නෙ ඒ අයට ගෞරව කිරීමක් විතරයි... ඒත් ප්‍රශ්නය තියෙන්නේ අද කතෝලික සභාව වක්‍රාකාරව කරන්නෙත් ශාන්තුවරයන්ට වන්දනා කිරීමක්නේ... මරිය තුමියත් ඇතුලුව... බයිබලයේ තියෙනවා යාච්ඤා කරන්න, අතරමැදියෙක් අවශ්‍ය නෑ අපිටම ඍජුව සම්බන්ධ වෙන්ට පුලුවන් කියලා... ජේසුස්වහන්සේ කුරුසිපත් වුන දා දේවමාලිගාවේ තිරය දෙකඩ උනා කියන එකෙන් අදහස් කරන්නෙ ඒකයි... ඇයි එහෙනන් සාන්තුවරයන්ට අප වෙනුවෙන් යාච්ව් කල මැනව කියලා කියන්නේ... කතෝලික සභාවෙ ජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ ශාන්තුවරයන්ට වන්දනාවක් තමා... අනිත් එක පිලිම වන්දනාව... මේකත් ක්‍රිස්තියානි ආගමේ සම්පුර්ණයෙන් ප්‍රථික්ෂේප කරපු එකක්... ඇයි එහෙනන් පිලිමෙට අත තියලා ඉඹින්නෙ... පිලිම වන්දනාවත් නැහැ කියලා කිව්වට වක්‍රාකාරව දැනුවත්ව හෝ නොදැනුවත්ව කතෝලික සභාව තුල වෙනවා...
Deleteඔබ මූලධර්මවාදීන්ගේ අදහස් ඕනෑවට වඩා හිතට අරන් වගේ. එක පැත්තකින් කතෝලික සභාව සාන්තුවරයින්ට වන්දනා කරන්නේ නැතැයි කියන අතර අනෙක් පැත්තෙන් එසේ කරන බවක් ඔබ කියනවා. පරස්පරයි නේද?
Deleteසාන්තුවරයින්ගේ මධ්‍යස්ථක පිහිට පැතීමට බයිබලීය පදනමක් තියෙනවා. ඔක්කොම මෙතන පැහැදිලි කරන්න ඉඩක් නැහැ. එළිදරව්ව 6 , 7 පරිච්ඡේද කියවලා බලන්න. සාන්තුවරයින්ගේ හෝ මරිය තුමියගේ පිහිට පැතීමෙන් ජේසුන් වහන්සේ එකම මධ්‍යස්ථකරුවා කියන එක අවලංගු වෙන්නෙ නෑ. මොකද එයාලා යාච්ඤා කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ හරහායි. උන්වහන්සේව .... කරලා නෙමෙයි. ඕක තමයි මූලධර්මවාදීන්ට නොතේරෙන තැන.
අනික, ජීවත්වන අපිට එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න පුළුවන් නම්, ස්වර්ගයේ සිටින අයට අප වෙනුවෙන් යාච්ඤා කරන්න බැරි ඇයි?
පිළිම වලට වන්දනා කිරීමත්, කෙනෙක්ව සිහිවෙන්න පිළිමයක් නෙළන එකත් දෙකක්. ඔබේ මිය ගිය දෙමව්පියන්ගේ රූපයක් තබා ගැනීම, රාමු කිරීම, සිඹ ගැනීම වරදක් ද? එසේ කිරීමෙන් ඔබ් ඔවුන්ට වන්දනා කරන්නෙ නෑ නේද? කතෝලිකයින් සාන්තුවරයින් අරභයා කරන්නෙත් ඒකමයි. වන්දනා කරනවා නෙමෙයි.
මූලධර්මවාදීන් නිතරම අල්ල ගන්නෙ නික්මයාම පොතේ වන්දනා කිරීම සඳහා පිළිම නෙළන්න එපා කියන කතාවයි. ඒත් ඒ අය අමතක කරනවා නික්මයාම පොතේම ඊට පසු තැනක දෙවියන් වහන්සේම දේව දූතයින්ගේ පිළිම නෙළන්නට උපදෙස් දෙන බව. නමුත් ඒ වන්දනාව සඳහා නෙමෙයි.
+++++
ReplyDeleteලස්සනට හිතන , සභාව ගැන විවේචනයක් තියන පියනමක් මාත් දන්නවා .... එයත් එක්ක පැය කිහිපයක් කතා කලා .... හරිම සුන්දරයි
ReplyDeleteකිතු දහම රඳා පවතින්නේ Immaculate Conception of "Virgin" Mary යන විශ්වාසය මතයි.
ReplyDeleteඑය ප්‍රශ්න කිරීමට කතෝලික සභාව හෝ වෙනත් ක්‍රිස්තියානි නිකායකින් ඉඩ දෙයි ද?
කිතු දහම ගැන ඔබේ දැනුම ඉතා අවුල් සහගත බව මේ ප්‍රකාශයෙන් පේනවා. කිතු දහමේ පදනම මේක නෙමෙයි. දේව මාතාවන්ගේ නිර්දෝෂ පිළිසිඳීම කිතු දහමේ එක් ඉගැන්වීමක් (සත්‍යතාවයක් ) පමණයි. මේවා ඕනෑ තරම් ප්‍රශ්න කිරීම් වලට ලක් වෙලා තියෙනවා. ඉදිරියටත් වේවි. යමෙක් ප්‍රශ්න කළ පමණින් කතෝලික සභාවේ ඉගැන්වීම වෙනස් විය යුතු නැහැනෙ. මොකද සුළුතරයක් ප්‍රශ්න කරද්දි අති බහුතරයක් ඒක පිළිගන්නවා.
Deleteඇදහිල්ල කියන්නෙ දුර්වලයින්ගෙ දෙයක් නෙමෙයි. කිතුනුවන් අදහන්නෙ අනෙක් අයගේ සාක්ෂි සහ අත්දැකීම් මත පදනම්ව. ඒ ඇදහිල්ලෙන් ඊළඟට තමනුත් අවබෝධය සහ අත්දැකීම ලබා ගන්නවා. ඒ නිසා කිතුනුවන් කියන්නෙ ඔබ හිතාගෙන ඉන්න විදිහට (ඔබ මෙතන එසේ කියා නැතත් ) අන්ධ විශ්වාසයකින් පෙළෙන පිරිසක් නොවෙයි.
අනෙක් අතට දෙවි කෙනෙක් නැහැයි කියන ඔබ වගේ අයටත් තියෙන්නෙ ඇදහිල්ලක් තමයි. දෙවියන් කෙරෙහි ඇදහීම වගේම දෙවි කෙනෙක් නැතැයි කීමත් ඇදහිල්ලක් මිස ප්‍රත්‍යක්ෂයක් නොවෙයි.
දෙවියන් වැනි දේවල් ඇතැයි කියා විශ්වාස කිරීමට වඩා නැතැයි කියා සිතීම තර්කානුකූල වේ.
Deleteමේ පිළිබඳව බර්ට්‍රන්ඩ් රසල් ඉදිරිපත් කළ තේ පෝච්චියේ උදාහරණය ගැන දන්නවා නේද?
https://en.wikipedia.org/wiki/Russell%27s_teapot
!
මා ඔබ තරම් ක්‍රිස්තියානි ආගම ගැන දන්නේ නෑ.
Deleteමා දන්නා දේ පොඩි කාලේ ජීවනාලෝකය, තැ.පෙ. 66, කොළඹ මගින් තැපෑලෙන් උගත් දේවලට සහ පසු කලෙක කියවූ ලිපි කිහිපයක සීමා වෙනවා.
දෙයි සංකල්පය ගැන මගේ අදහස මෙයයි.
http://rasikalogy.blogspot.com/2016/08/synthetic-god.html
!!
සූරිය@
Deleteදෙවියන් නැතැයි කීමයි වඩා තර්කානුකූල. නිකම් සිතා බලන්න.දෙවියෙක් සිටිනවාය කීම මොනතරම් මෝඩ සිතිවිල්ලක්ද කියා.
ඔබ කුඩා කල ඔබේ යටිසිතට දැමූ අදහසක්. ඔබ යාඥා තුලින් ස්වයන් යෝජනා කරන්නෙ ඔබේම යටිසිත සමගයි. නැතිව යුදෙව්වන් පොතක ලියා ඇති තිබෙන දේව සුරන්ගනා කතාව ගැන නෙමෙයි.
@ සුබෝධ, රසික
Deleteදෙවියෙක් නැතැයි කීමද ඇතැයි කීම මෙන්ම තර්කානුකුල නොවෙයි.
නැතැයි කීමද විස්වාසයක් පමණි.
රසික..ආචාර්ය Aloysius Peiris SJ අපට කීවෙ කිතු දහම පටන් ගත්තෙ Exoduas - නික්මයාම තුලින් කියලා .
DeleteClement Peris(Calgary)
රසික..ඔය තැපැල් මාර්ගික පාඨමාලාව මමත් කලෙම්. එකම උවමනාව වුනෙ මගෙ නමට ලියුම් එනවිට මට ලැබුන සතුට විඳ ගන්න.
DeleteCP
සුබෝධ, ඔයා කොහොමද වෙන කෙනෙක්ගෙ අධ්‍යාත්මික අත්දැකීම ගැන කතා කරන්නෙ? අධ්‍යාත්මික අත්දැකීම කියන්නෙත් යටි සිතේ සිදුවෙන දෙයක් පමණක් බව සිතාගෙන සිටීම මොන මෝඩ කමක්ද?
Deleteදෙවි කෙනෙක් නැතැයි කීම තර්කානුකූලයි වගේ ඔබට පෙනෙන්නෙ දෙවියන් ගැන ඔබ මවා ගෙන සිටින මෝඩ චිත්‍රයට සාපේක්ෂවයි.
රසික, නූතන අදේවවාදීන්ට ඉන්න ලොකුම දෙවියො තමයි රසල් සහ නීෂේ වැනි අය. ඔවුන්ව අදහනවා ඇරෙන්න අදේවවාදීන්ට ඇති පදනම කුමක්ද?