ශ්‍රී ලංකාවේ අලි ඇතුන් වෙළෙඳාම පිලිබඳ වාර්තා හමුවන්නේ යුරෝපීය ආක්‍රමණිකයන්ගේ යුගයේදීය. මෙරට යටත් කරගෙන සිටි පෘතුගීසි සහ ලන්දීසීන්ගේ ප්‍රධාන අපනයන භාන්ඩ අතර අලි ඇතුන්ද විය.මේ නිසා අලි ඇතුන් වෙළෙඳාම පිළිබඳව සටහන් එම යුග වලදී සේවයේ යෙදුන යුරෝපීය නිලධාරීන්ගේ වාර්තාවල නිබඳවම දක්නට ලැබෙයි.
පෘතුගීසි සමයේදී ඇතුන් වෙළඳාමේ යෙදුණ යාපනයේ ප්‍රතිරාජයා විසින් මෙරට පෘතුගීසි ආණ්‌ඩුකාරවරයා වෙත කරනා ලද පැමිණිල්ලක දැක්වෙනුයේ මන්නාරමේ සිටි පෘතුගීසි ඒජන්ත වරුනට ගෙවිය යුතු වාර්ෂික කප්පම, මුදලින් නොව ඇතුන් දොළොස් දෙනෙකුගේ ලබාදෙන ලෙස එම ඒජන්තයන් විසින් ඉල්ලා සිටිනා බවය.
වන්නියාර් නමින් හඳුන්වන ලද, පුත්තලමට ඉහලින් වන වන්නි ප්‍රදේශයේ විසූ ජනතාවගේ නායකයන්ගෙන් ලන්දේසින යුගයේදී බදු අය කර තිබුනේ මුදල් වෙනුවට අලි ඇතුන් ගෙනි. මේ නිසා අලින් හීලැ කිරීම මෙන්ම ඇත් ගාල් පවත්වා අලි ඇතුන් ඇල්ලීමද එම යුගයේ සුලභ දෙයක් විය.
නමුත් මුළු රටම යටත් කරගන්නා ලද ඉංග්‍රීසින් වතු වගාව මිස ඇතුන් වෙළෙඳාම ගැන වැඩිපුර උනන්දු නොවුහ. ඔවුන්ගේ වගාකටයුතු සහ මං මාවත් ඉදිකිරීමේදී වල් අලින්ගෙන් සිදුවූ හානිය නිසා එසමයෙදී විනෝදාංශයක් ඇතුන් දඩයම් කිරීමටද රජයේ අවසරය ලැබිණ. ඔවුහු ඇතුන් වෙළඳාමට වඩා උනන්දුව දැක්වුයේ ඇත් දල වෙළෙඳාම සම්බන්ධවය.
ඇත් ගාලක් පැවැත්වීමට තෝරා ගන්නේ වැවක් අසල බිමකි. ඒ සඳහා අක්කර 10ක පමණ ප්‍රමාණයෙන් යුතු බිමක් යොදා ගනු ලබයි. වැව වටකර අක්කර 10ක පමණ වූ බිමෙහි විශාල ගස් අතර ශක්තිමත් කොටන් සිටුවා ඒවා යාකර හරස් පොලු බැඳ ශක්තිමත් වැටක් බඳිනු ලැබෙයි. මේ බැම්මට වරපට ලෙසින් ගනු ලබන්නේ කළෑ වැල් වර්ගය. ඇතුන්ගේ පහරදීමකින් බිඳ නොවැටෙන තරමට ශක්තිමත් ලෙසින් තනනු ලබන මේ වැටෙහි එක් ස්ථානයක විවරයක් තබනු ලබයි. බොහෝ විට විවරය තබන්නේ අලි මංකඩ තිබෙනා ස්ථානයේය.
දිය බීමට වැවට පැමිණෙන අලින් විවරය තුලින් වැව අසලට පැමිණි විට දැවැන්ත කොටන් යොදා ගනිමින් කලින් සාදාගෙන තිබු ආවරණයකින් මේ විවරය වසා දමනු ලැබෙයි. එය වසා දැමීමට පෙර වල් අලින් හීලෑ කාර ගැනීම සඳහා හීලෑ අලින් කිහිප දෙනෙකු ඇත් ගාල තුලට ඇතුලු කරනු ලැබෙයි.
ඇත් ගාල් සම්බන්දව ලියවී ඇති තවත් වාර්ථා වල දැක්වෙන්නේ අලි රංචුව ඇත් ගාල නම්වන උගුල තුලට ගාල් කිරීමට හීලෑ ඇතින්නක උපයෝගී කර ගන්නා බවය. ඇතින්නිය පිටුපස වැටෙන ඇතුන් සමග මුලු රංචුවම ගාලේ විවරය තුලින් ඇතුලට කැඳවාගෙන ඒම එම ඇතින්නිය ගේ රාජකාරිය වේ.
ගාල තුලට ඇතුන් කොටුවූ පසුව හීලෑ ඇතුන් දෙදෙනකු විසින් එම රැලෙන් එක අලියකු තනිකරගෙන පසු පස පන්නා වෙහෙස කිරීමෙන් අනතුරුව දෙපැත්තෙන් තෙරපුමක් දෙති. වෙහෙසට සහ බියට පත්ව තිබෙන අලියා මෙලෙස මෙල්ල කරගත් පසුව පැමිණෙන මදු ගසන්නන් වල් අලියාගේ පසු පාදයකට තොන්ඩුවක් දමා එය තදකර අසල ගසක බැඳ දමයි. අනතුරුව හීලෑ අලින් දෙදෙනකු බැඳ තබා ඇති අලියා තෙරපන අතරදී තවත් අලියකු වල් අලියාගේ නළලට සිය නළල තබා ගස අසලටම තල්ලු කරනු ලබයි. මෙලෙස ගස දෙසට ලංවූ පසුව පසු පස පාද දෙකම ගසට බැඳ දමා දින කිහිපයක් නිරාහාරව තබා හීලෑ කර ගනු ලබයි.
ඇත් ගාල පවත්වා අල්ලා ගනු ලබන අලින් බෙදාගන්නා ක්‍රමයක් ඇත. ගාලට හසුවන සියලුම ඇතුන් අයිති වන්නේ රජුටය. ඉතිරිවන අලින්ගෙන් දශයෙන් භාගයක් අයිති වන්නේ ඇත් ගාල පැවැත්වීමට හීලෑ අලින් ගෙන එන ලද අයටය. ඉතිරි අලින් ප්‍රමාණය ඇත් ගාල සංවිධානය කරනා ලද රදල ප්‍රභූන් වෙත අයිති විය.
වසර සිය ගණනක් මුළුල්ලේ පැවති ඇත්ගාල් පවත්වා ඇතුන් අල්ලා ගැනීම වසර 1950 දී කුප්‍රකට පනාමුරේ ඇත් ගාල පැවැත්වීම සමගින් අවසන් විය
වටිනා ලිපියක්... මම කාලෙකට කලින් ලිව්වා හස්ති වලප කියලා ලිපි මාලාවක්... ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය තමා මූලිකවම ලිව්වේ...
ReplyDelete1 කොටස - https://wasithaya.blogspot.com/2016/09/1_19.html?m=1
2 කොටස - https://wasithaya.blogspot.com/2016/09/2_23.html?m=1
3 කොටස - https://wasithaya.blogspot.com/2016/10/3.html?m=1
4 කොටස - https://wasithaya.blogspot.com/2016/10/4.html?m=1
5 කොටස - https://wasithaya.blogspot.com/2017/02/5.html?m=1
අලි ඇල්ලීමත් එක්තරා කලාවක්... හැමෝටම බෑ...
ReplyDelete.
එල වටිනා පොස්ටුවක්...
.
ජය වේවා...!!!
වර්ගයා වෙනුවෙන් සටන් වැදුණු පනාමුරේ ඇතා ගැනත් ලියමු. අද ඒ ඇත් ගාල නැතත් රටේ මහත්තයාගේ වලව්ව නම් දකින්නට ඇත.
ReplyDeleteඇතෙක් කිව්වට දල (tusks) නැති, සමහරවිට පණු දත් (tushes) තිබුන විශාල අලියෙක්.
Deleteඅලි රංචුවක නායකයා වගේ ඉන්නෙ ගැහැණු සතෙක්. මේටින් කාලෙට පිරිමි සත්තු එනවා. එහෙම ඒ රංචුවට ආපු අලියෙක්. ඒ අලියා මේට් කරන්න හිටිය ගෑණු සතෙකුට මන්ද ගැහීමෙන් පසු ඌ පහර දෙන්න ආවයි කියලයි සඳහන් වෙන්නෙ. දරුණු ලෙස සටන් කල අලියාව මෙල්ල කිරීමට හීලෑ ඇතුන්ටත් බැරිවුනා. කතාව ටිකක් ඩ්‍රැමටික් කලාම තම වර්ගයා බේරා ගැනීම සඳහා දිවි පිදූ ඇත් රජෙක් වුනා .
කොහොමවෙතත් ඌට වෙඩි තැබීමෙන් ඇත්ගාලවල්වලට එරෙහිව මහජන විරෝධය උත්සන්න වුනා
//The herd was made up of 16 elephants with few loners hanging around. Two of the females were in estrus and unfortunately one strong young bull had run into the stockade with the herd.
The event took a violent twist when the matriarch of the herd was noosed and toed to a tree. The bull, who was mating the matriarch inside the stockade reacted to the noosing of his lady love violently, attacking the tame elephant assisting the ‘noosers’. He had twice broken the one inch thick wire rope used for noosing and had scared the daylight out of many tame tuskers, who were sent to control the violent visitor.//
https://damithah.wordpress.com/2012/08/13/the-panamure-elephant-kraal-the-last-kraal-of-sri-lanka/
ඉහත ලිපියේත් එක් තැනක "tusker" කියලා ලියවිලා තියනවා.
කුමන හෝ හේතුවක් නිසා පනාමුරේ අලියා ගැන ලියවුනේ ඇතා කියලා. "ඇත් රාජා" මිසක් "අලි රාජා" කියලා කියවෙන්නේ නැති නිසාද මංදා.
ඔව් ඇතා කියලා කිව්වට හිටියෙ අලියෙක්...
Delete