වසර 1582 දී සීතාවක රාජසිංහ රජු උඩ රට ආක්‍රමණය කොට අල්ලා ගත් නිසා උඩරට රාජධානියේ පාලකයා වූ කරලියෑද්දේ බණ්‌ඩාර රජු සිය දියණිය වූ සිඟිති කුසුමාසන දේවිය සහ තවත් පිරිසක් සමග පෘතුගීසීන් ගේ රැකවරනය පතා ත්‍රිකුණාමලයට පලා ගියේය. ත්‍රිකුණාමලයේදී වසුරිය වසංගතයට හසුවූ පිරිස් අතරින් දිවි ගලවා ගත්තේ කරලියෑද්දේ බණ්‌ඩාර රජුගේ දියණිය වූ සිඟිති කුසුමාසන දේවිය සහ රජුගේ බෑණනුවන් වූ යමසිංහ බණ්‌ඩාරට පමණි. පෘතුගීසීන් විසින් කුසුමාසන දේවිය බෞතීස්ම කලේ දෝන කතිරිනා නමිනි. දෝන කතිරිනා වැඩිවිය පැමිණෙන තෙක් උඩරට රාජධානිය තාවකාලිකව යමසිංහ බණ්‌ඩාරට පෘතුගීසීන් පැවරුහ.
පසුව පෘතුගීසින් විසින් ෆ්‍රැන්සිස්‌කානු පූජක පිරිසක් සමග ගෝවට ගෙනගිය ගිය යමසිංහ බණ්ඩාර දොන් පිලිප් (Dom Philip) ලෙස ද, ඔහුගේ පුත්‍රයා දොන් ජෝන් (Dom Joao) ලෙස ද, වීරසුන්දර බණ්‌ඩාරගේ පුත්‍ර කොනප්පු බණ්‌ඩාර ඔස්‌ට්‍රියාවේ දොන් ජෝන් (Dom Joao of Austria) ලෙස ද නම් වෙනස් කර බෞතීස්ම කෙරිණ.
නැවත කොනප්පු බණ්‌ඩාරගේ නායකත්වයෙන් යුතු පෘතුගීසී හමුදා බල ඇණියක් සමග උඩරටට පැමිණි යමසිංහ බණ්‌ඩාර හෙවත් දොන් පිලිප් ගන්නොරුවෙදී උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කළ නමුදු ටික දිනකින් ගිලන්ව මරණයට පත් විය.
යමසිංහ බණ්‌ඩාරගේ මරණයෙන් පසුව රජු ලෙස ඔහුගේ පුත් දොළොස් හැවිරිදි දොන් ජෝන් පත් කිරීමට පෘතුගීසීන් කටයුතු කළහ. අනතුරුව කොනප්පු බණ්‌ඩාරගේ නායකත්වයෙන් ඇතිවූ කැරැල්ලක් නිසා දොන් ජෝන් රජු පෘතුගීසී බල ඇණිය සමග මන්නාරමට පලා ගියේය. කොනප්පු බණ්‌ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් උඩරට කිරුළට පත්වුණි. අනතුරුව කොළඹට පැමිණි දොන් ජෝන් කුමරුට නිකපිටියේ බන්ඩාර මුණගැසිණ. සීතාවක රාජධානියේ පළමුවන රාජසිංහයන්ගෙන් පසු සිහසුනට උරුමක්කාරයාවූයේ නිකපිටියේ බන්ඩාරය.
මේ කුමාර වරු දෙදෙනාට මන්නාරමේ ෆ්‍රැන්සිස්කානු අසපුවේත් කොළඹ ශාන්ත අන්තෝනි විදුහලේත් මුලික අධ්‍යාපනය ලබාදුන් පෘතුගීසීහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔවුන්ව ගෝවේ මාගි නම් උසස් පාසැලට යවන ලදී.
නමුත් ගෝවේදී ඉගෙනීමේ යෙදී සිටියදී දොන් ජුවන් කුමරුන් ලෞකික ආශාවන්ගෙන් මිදී පූජකයෙකු වීමට ඉටා ගත්තේය. ඉන් අනතුරුව ඔවුන් දෙදෙනාව පෘතුගාලයට ගෙනගොස් කොයිම්බ්රා විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන ලදි.වසර 1611 දී නිකපිටියේ බණ්ඩාර තදබල ලෙස රෝගාතුර වී මියගියේය.
1611 නොවැම්බර් 26 වැනි දින දොන් ජෝන් පුජකයෙකු ලෙස දිවුරුම් දුන්නේය. සිය උපන් දේශය සහ එහි රජකම අමතක කළ ඔහු පෘතුගාලයේ ම පදිංචි විය. අනතුරුව වසර 1625 දී තෙල්හීරාස් (Telheiras) නම් නගරයේ යාඥා ගෘහයක් ඉදිකළේය. මේ කාලයේදී ස්පාඤ්ඤයේ හතරවන පිලිප් රජු හමුවී කන්ද උඩරට රාජ්‍ය සදහා තමන්ට ඇති අයිතිය පිලිප් රජුට පැවරුවේය. ඒ වනවිට පෘතුගාලය ස්පාඤ්ඤයේම කොටසකි.
නැවත තෙල්හීරාස් වෙත ගිය දොන් ජුවන් පුජකවරයා තමන්ගේ ඉඩමේ පල්ලියක් හා පූජකාරාමයක් ගොඩනැගුවේය. එම පල්ලිය Nossa Senhora das Portas do Ceu වශයෙන් කැපකර ඇත. එහි තේරුම ස්වර්ග දොරටුවේ වැඩ වසන දේව මාතාවන්ගේ දේවස්ථානය යන්නය. වසර 1639 ඔක්. 20 වන දින මේ දේවස්ථානයේ වැඩ අවසන් කර ඇත.
පෘතුගාල වැසියන් දොන් ජුවන් පුජක වරයා හනුන්වා ඇත්තේ "ප්‍රින්සිපි නීග්‍රෝ" (කළු කුමාරයා / Black Prince) නමිනි. වසර 1642 අප්‍රියල් පළමු දින Moorish Quarte මන්දිරයේදී ඔහු මිය ගිය අතර දේහය තැන්පත් කර ඇත්තේද මේ දේවස්ථානයේ ය. පසුකලෙක සිරුරේ අස්ථි කොටස් දේවස්ථානයේ පුජාසනය අසල කිරිගරුඬ සොහොන් ගැබක තැන්පත් කර ඇත. එහි පහත “fuisacram hanc Mariae Principis ossa septiantur” වැකිය සටහන් කොට ඇත. එම වැකියේ අදහස නම් " ශුද්ධවූ මරිය තුමියට ගෞරව පිණිස මේ දේවස්ථානය තැනු කන්දේ කුමාරයාගේ සිරිරු කොටස් මෙහි තැන්පත් කර ඇත" යන්නය. තවද දේවස්ථානයට ඇතුළුවන දොරටුවේ ”මෙම දේවස්ථානය මහනුවර කුමාරයා විසින් සාදන ලදී” යන තේරුම රැගත්"Foi construido pelo Principe de Candia" සඳහන් කර ඇත.
ඉතාම වටිනවා
ReplyDeleteදොන් ජුවන් පූජකයෙක් වුන නිසා විවාහ වුනේ නෑ. ඒත් තව ලංකාවෙන් ගිය අය ඉන්න ඇති නේද?
ReplyDeleteමට ෆැසිනේටින් දෙයක් තමයි හුඟක් ඉස්සර ( 1500 ගණන් සිට 1800 ගණන් දක්වා ) ලංකාවෙන් පෘතුගාලයට , ඕලන්දයට හා ඉන්ගලන්තයට ගිය ලාංකිකයන් ගැන දැන් තොරතුරු තියනවද කියන එක. ඔවුන්ගෙන් පැවත එන්නන් හමේ පාටින් නම් දැන් සුදු ඇති විවාහවලින්, පරම්පරා ගාණකට පස්සෙ. ඒත් නමින් හෝ පවුලේ පුරාණ කතාවලින් හෝ ලියවලි වලින් හොයන්න පුලුවන් වෙන්න පොඩි චාන්ස් එකක් තියනව
විවාහ නොවුනට සුසානා ද ආබෲ නම් කාන්තාවක සමග තිබු සම්බන්ධයක් නිසා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටිය බවට වාර්තාවක් තියෙනවා. ඉන් එක දියණියක කන්‍යා සොයුරියක් වූ බව කියවෙනවා
Deleteදැනට හොඳටම වාර්තා තියෙන ඉන්දියාවේ දැනටත් වෙසෙනා රාජසිංහ පරම්පරාව ගැන අවධානයක් නැති තත්වය තුල යුරෝපයේ සැඟවුණු ඉතිහාසය සෙවීම සිහිනයක්
Deleteමේ ගැන කාලෙකට කලින් හසිත අයියගේ ආගිය කතාවක කියෙව්වා වගේ මතකයි... මතකය අලුත් කරාට ස්තූතියි ...
ReplyDeleteI have been to this church about 10 years ago... as I can remeber the present parish priest is from the order of Opus Dei. I was there for the Sunday mass. As I have written my assaignment on the first 7 years of the Portugees Franciscans in Sri Lanka, it was a wonderful experince for me.
ReplyDeleteWhy don't you share your assignment with us. If you send it I will publish in this blog. It will be a grate content for readers.
Deleteමේකම ඉලංගකෝන් ගේ විවරණයෙත් ගියා දිගට විස්තර ඇතුව. ඒත් මේ පල්ලිය හදපු එකේ විස්තර ඒ හැටි තිබ්බේ නෑ.. හරි ආසයි මේවා කියවන්න නම් ..
ReplyDelete