Tuesday, November 11, 2014

බටහිර සංගීතය අධ්‍යනය සඳහා - මනාගේ පින්තාරුව

සිංහල බ්ලොග් අවකාශයේ සංගීතය ගැන ලියවෙන බ්ලොග් අඩවි කිහිපයක් ම තිබුනට සංගීත අධ්‍යාපනය වෙනුවෙන් එම අඩවි වල ලිපි පලවෙනවා අඩුයි. විශේෂයෙන්ම බටහිර සංගීතය අධ්‍යනය කරන අයට සිංහලෙන්  ප්‍රකාශයට පත් වෙන පොත පතද ඉතාමත් විරලයි. වෙළෙඳ පොලේ දක්නට ලැබෙන පොත් අතරින් බහුතරයක් ඉන්දියානු සංගීතය සහ බටහිර සංගීතය පටලවාගෙන ලියා ඇතිබව පෙනීයන කරුණක්.
    එවන් අඩුපාඩුවක් මැකිය හැකි සිංහල බ්ලොග් අඩවියක් අහම්බෙන් ඇස ගැටුණු වෙලාවේම හිතුනා එයට පොඩි ප්‍රචාරයක් දීල දිරි ගැන්වීමක් කිරීම යුතු කමක් කියල.
මේ අලුත් බ්ලොග් අඩවිය මනාගේ පින්තාරුවයි. 

බටහිර සංගීතය අධ්‍යනය කරන අයට තාක්ෂණික වශයෙන් නිවැරදි තොරතුරු රැසක් මනාගේ පින්තාරුවේ දැනට පලවී ඇති ලිපි කිහිපය තුල දක්නට ලැබෙනවා.

උදාහරණයක් ලෙස පහත කොටස උපුටා දක්වන්න පුළුවන්

//මේජර් කෝඩ් එකක් හැදෙන්නෙ කොහොමද?//


//මේජර් කෝඩ් එකක් කියන්නේ කිසියම් ස්වරයක් මුලික කරගෙන එයට තව ස්වර දෙකක් යොදාගනිමින් නිර්මාණය කරන ස්වර පන්තියටයි.එය මෙසේද පැහැදිලි කල හැකියි. ඔයාට C මේජර් කෝඩ් එක වාදනය කල යුතුනම්,  මුලින්ම C(ස) note (ස්වරය) එක ගත යුතුයි.මෙහිදී සංගීතයේ තියෙන ස්වර දොළහ ගැන අවබෝධයක් තිබිය යුතුයි.(C  C# D  D#  E  F  F# G  G#  A Bь B) මෙම උදාහරණයට අනුව C(ස) note එක අපි ගන්නවා අංක එක(1) ලෙසට.එතැන් සිට පස්(5) වෙනි ස්වරය (E /ග) සහ  අට(8) වෙනි ස්වරය (G/ප) යන ස්වර තුන යොදා ගනිමින් C මේජර් කෝඩ් එක නිර්මාණය කරගන්න පුළුවන්. පහත රුපය බැලුවම තවත් හොඳට තේරුම් ගන්න පුළුවන්.//

ඒ වගේම මනාගේ පින්තාරුව අඩවියේ ගිටාර් වාදනය පිලිබඳ මුල සිටම වැදගත් කරුණු රැසක් අඩංගු ලිපි පෙළක් පටන් අරන් තියෙනවා. ගිටාර් වාදනය යටතේ පලවී තිබෙන ලිපි මුල් දෙක අති විශිෂ්ඨයි. එමෙන්ම සරලයි. මුලිකව දැනගැනීමට අවශ්‍ය තාක්ෂණික සහ සෛද්ධාන්තික කරුණු සියල්ලම පාහේ මේ ලිපි මගින්  ආවරණය කරනවා.
සිංහල බ්ලොග් අවකාශය තුල පැවති අඩුපාඩුවක් සපුරන මේ අඩවිය වෙත උපරිම ප්‍රචාරණයක්  ලබා දෙන්න කියල සහෝදර බ්ලොග් ලේඛකයන්ගෙන් ඉල්ලන ගමන්ම බ්ලොග් අඩවිය අතරමග නවතා දමන්නේ නැතුව දිගටම පවත්වාගෙන යන්න කියල මනාගෙනුත් ඉල්ලාසිටිනවා.

ඔබට සුභ පැතුම්!

Monday, November 3, 2014

සෙනසුරු මාරුව සහ After Sales Service

සෙනසුරාද හවස හෙනහුරා ලැපට කෙලෝගෙනම මාරු උනාද කොහෙද. මදර් බෝඩ් එක හුචස්. ඉරිදා නෝ නෙට්, ඉස්පෙසලි නෝ සොසල් නෙට්, නො බ්ලොග් , ඔක්කොම නෝ ම තමයි. හෙලිකොප්ටරෙන් අරන් ගෙහින් ඇමසන් වනේ ගලක් උඩට අතැරිය වගේ.
සඳුදා උදේ නමය මාරට ගෙස්ටේට්නර් එකට කෝල් එක දුන්න. සුදාර  කියල ටෙක්නිකල් මැනේජර් කෙනෙක් ආන්සර් කරේ. දහයට ටෙක්නිකල් ඇසිස්ටන් කෙනෙක් මේසේ ඉස්සරහ. ගේට් පාස් දාල , පොත් පත් වල ලියල ගෙනියනකොට 11.00 යි සති දෙකකට බඩු බනිස් කියල හිතල 2008 අවුරුද්දේ පාවිචිචි කරපු මැසිම මලකඩ කඩල ගත්තා. එක හද හද ඉන්නකොට 2.00 ට විතර මෙන්න කෝල් එක එනවා මම ආව කියල. මොකාද බැලුවම ලැප ගෙනියපු එකා අලුත් මද බෝඩ් එකක් දාගෙන ඇවිත්.අවුරුදු තුනේ වොරන්ටිය නිසා චාජස් මොකුත් නෑ කිව්වා. මම මේ ඉන්නේ මොනරටේ ද කියල හිතුන. මම ජීවිතේට දැකපු වේගවත්ම ආෆ්ට සේල්ස් කස්ටමර් සර්විස් එක. විශේෂයෙන්ම කොම්පියුටර් ෆීල්ඩ් එකේ ලැබෙන්නෙම නැති දෙයක් තමයි ඕක
කියන්න බැරි උනානේ ලැප් ටොප් එක Fujitsu.
ලැපට ලොග් වෙලා බලනකොට මාතලන් දම්පාට දේදුන්නට පොඩි ප්‍රොමෝෂන් එකකුත් දීල. එකට ඉස්තුති කරන්න කියල කොටපු කොමෙන්ට් එක පොස්ට් එකක් හැටියටම දැම්ම මාතලන්ටයි ගෙස්ටේට්නර් එකටයි දෙකටම ඉස්තුති කරන්න. මොකද කොම්පීටරේ කැඩුනම වොරන්ටි ගන්න ගියාම ගොඩක් තැන්වල කස්ටමර්ලා බල්ලෝ බළල්ලු ගානට දාල කටයුතු කරන හැටි දන්නා නිසා. මේ වගේ කඩිනම් සේවයක් දිගටම පවත්වාගෙන යන්න ගෙස්ටේට්නර් එකට ශක්තිය ධෛහිර්‍යය ලැබෙන්න කියල සුබ පතනවා. අනිත් කොම්පැනි වලටත් ඔවුන්ව ආදර්ශයට ගන්න කියල ඉල්ලනවා.