කවුරුන් කෙසේ කීවද ශ්‍රී ලංකාවට යුරෝපීය ආක්‍රමනිකයින් පැමිනෙන් තෙක් රටෙහි බහුතර ජනතාවට නිසි ජීවන තත්වයක් තිබුනේ නැත. දරුණු කුල පීඩනයක් මෙන්ම රදලයෙන්ගේ ගැහැට ජනයා පෙලා තිබිණ. සාමාන්‍ය ජනතාවට වාඩිවීමට පුටුවක් පවා තැනීමේ නිදහසක් නොවීය. අවම වශයෙන් වහලක් සෙවිලි කිරීමට උළු භාවිතය රජුට පමණක් සීමාව පවතී බව කියවෙයි. මෙයට අමතරව කුල කිහිපයකට හැර අනෙකුත් සියලු දෙනා දැඩි බදුබරකට යටත් කර තිබිණ. එය අංග සම්පුර්ණ වැඩ වසම් යුගයකි.
පෘතුගීසි සහ ලන්දේසි ආක්‍රමණයෙන් අනතුරුව පහත රට ප්‍රදේශත්, ඉංග්‍රීසින් උඩරට යටත් කරගැනීමෙන් පසුව සමස්ත දිවයිනත් අලුත් පාලන ක්‍රමයකට යටත් වින. මෙම පාලන ක්‍රමයේ මුල් අවධිය තුලද පෙරදී රජුට සේවය කළ ප්‍රභූන් යුරෝපීය පාලකයනට එකතු වූ අතර සාමාන්‍ය ජනතාව වෙත කුලවතුන්ගෙන් ගෙන් සිදුවූ පීඩනයේ අඩුවක් සිදුවුනේ නැත.
නමුත් ඉංග්‍රීසින් විසින් රටෙහි නිසි පරිපාලන තන්ත්‍රයක් ගොඩනගා අධ්‍යාපන මට්ටම නගාසිටුවීමත් සමගම රට තුල සුවිසල් සමාජ ආර්ථික වෙනසක් සිදුවින. පළමුව පහත රට ජනතාවට නිසි සමාජ තත්වයක් ගොඩ නැගිණ. ඉංග්‍රීසින්ගේ වතු ආර්ථිකය හරහා උඩරටද සාපේක්ෂව ඉහල ජීවන තත්වයක් ගොඩනැගින. නමුදු උඩරට රදලයන් විසින් තවමත් දැඩි කුල පීඩනයක් සමාජය වෙත මුදාහරිමින් සිටියහ. මෙම කුල පීඩනය වෙත යම් තරමක හෝ විරෝධයක් මතු වුනේ 71 කැරැල්ල තුලිනි.
20 වන සිය වස මුල් භාගය වන විට රටෙහි සාක්ෂරතාව ඉහල මට්ටමක පවතින. ඉංග්‍රීසි මිෂනාරීන්ගේ අධ්‍යාපන ක්‍රමය මෙන්ම දේශීය ධනපතීන්ගේ ධන පරිත්‍යාග මතින් විදුහල් සිය ගණනක් රට පුරා ක්‍රියාත්මක කෙරින. එංගලන්තයේ වත් නොමැති පුර්ණ නිදහස් අධ්‍යාපනය ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබිණ.
මේ කාලය වන විට ඉන්දියාවේ නිදහස් අරගලය දේශීය ජනතාවද කිති ගන්වන ලද අතර නිදහස පිලිබඳ බලාපොරොත්තුවක් රටෙහි ජනතාව වෙලාගෙන තිබිණ. බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලද දේශීය ධනවතුන්ගේ දරුවන්, ලැස්කි වැනි එකල සිටි ඉහලම ගනයේ විද්වතුන් ගේ ඇසුරින් පෝෂණය වී සිටියහ. පේරාදෙනි මණ්ඩපය දේශීය වශයෙන් උගතුන් බිහි කරනා ලද්දේ විදේශීය ආචාර්ය මණ්ඩලයක සහයෙනි. ධනය බෙදීයාමේ සුවිසල් විෂමතාවයක් තිබුනද රටෙහි ධනවත් භාණ්ඩාගාරයකින් යුතු ආර්ථිකයක් පැවතින.
රටෙහි නිදහස් ව්‍යාපාරය සිංහල දෙමල මුස්ලිම් මෙන්ම වෙනත් සුළුජාතික උගත් නායකයින් විසින් මෙහෙයවනු ලැබිණ. නිදහස් ව්‍යාපාරය තුල ජාතීන්ගේ සහභාගීත්වය අතිශය ප්‍රසංසනීය විය.
නමුත් රටෙහි අවාසනාවට මේකාලය වන විට ධනවත් ව්‍යාපාරික පවුලකින් ජාතිවාදී අමනයකු බිහිවිය.