Friday, July 31, 2015

සංගීත චාරිකාවක් 31 – ABBA පස්වන කොටස - ජනප්‍රියත්වයේ මුල් පියවර

A B B A ප්‍රථම ගීතය
හැත්තෑව දශකයේ මුල් යුගය වන විට උල්වියෝස් සහ අන්දශෝන් ස්වකීය පද රචනා වෙත නව සංගීත සහ ගායනා විලාශයන් එක කරමින් ගී නිර්මාණයේ කාලය වැය කරමින් සිටියා. 1972 වසරේදී People Need Love එකල ගීය එළිදක්වමින් කණ්ඩායමක් ලෙස ඇබා හි ප්‍රථම නිර්මාණය සංගීත ලෝලීන් වෙත දායාද කළා.

මෙම ගීතය ස්වීඩනයේ  ඇල්බම් සහ ඒකල දර්ශකයේ 17 වන තැන දිනාගත් අතර ඇමරිකානු කෑෂ්බොක්ස් දර්ශකයේ 114 වන තැනටද රෙකෝඩ් වර්ල්ඩ් දර්ශකයේ 117 තැනටද පැමිණියා. මෙම ගීතය ඇමෙරිකාවේ බෙදාහැරියේ ප්ලේබෝයි රෙකොඩ්ස් ආයතනය මගිනි. පසුකලෙක එම ගීතය ගැන අන්දශෝන් පවසා ඇත්තේ ඇමෙරිකාව තුල ගීතය වෙත ලද ඉල්ලුම සැපයීමට තරම් ප්ලේබෝයි රෙකොඩ්ස් ආයතනය වෙත සම්පත් නොතිබූ බවය.

People Need Love ස්වීස් සංස්කරණය
People Need Love ඉංග්‍රීසි සංස්කරණය
අනතුරුව මෙම හතර දෙනා ස්වකීය ප්‍රථම ඇල්බමය නිකුත් කිරීමට කටයුතු කරමින් සිටිනා අතරතුර Nina, Pretty Ballerina ගීතය නිර්මාණය කළා. මෙම ගීතය තුලින් මතුවූ රසය තුලින්, කණ්ඩායමේ හතර දෙනාගේ කටහඬ එකට මුසු කිරීම සාර්ථකත්වයට මාර්ගය පාදන බව ඔවුන් තේරුම් ගත්තා.

Ring Ring ගීතය
1973 වසරේදී කණ්ඩායමේ කළමනාකරු ලෙසින් කටයුතු කල ස්ටිග් අන්දශෝන් විසින් නැවත වතාවක් මෙළුඩිෆෙස්ටවොලන් වෙත Ring Ring ගීතය ඉදිරිපත් කරමින් වාසනාව උරගා බැලීමට තීරණය කරා. එම ගීතය සඳහා Michael B. Tretow ශබ්දාගාර කළමනාකරණය එය සිදුකල අතර wall of sound නම් වූ නවතම නිෂ්පාදන විධික්‍රමයක් අත්හදා බලනු ලැබුවා. Neil Sedaka සහ Phil Cody විසින් ගීතයේ ඉංග්‍රීසි සංස්කරණය සඳහා පදරචනය කල අතර ඔවුන්ගේ අදහස වුයේ මෙළුඩිෆෙස්ටවොලන්හි නියත ජයග්‍රහණය ගීතය ලබාගන්නා බවය. නමුත් ගීතය 1973 පෙබරවාරි 10 දින තෙවන ස්ථානය වෙත පැමිණි නමුත් අනතුරුව තරංඟාවලියෙන් ඉවතට විසිව ගියා.

Ring Ring ස්විඩිෂ් ගීතය


අනතුරුව ඇබාහි මුල්ම ඇල්බමය නිකුත් කරනා අවස්ථාවේ එය Ring Ring ලෙසින් නම් කරනු ලැබුවා. ඇල්බමය සාර්ථක වූ අතර Ring Ring ගීතය යුරෝපයේ බොහෝ පෙදෙස්වල මෙන්ම දකුණු අප්‍රිකාවේද බෙහවින් ජනප්‍රිය උනා. මෙම අත්දැකීම තුලින් ස්ටිග් අන්දශෝන් තීරණය කලේ තමන්ට ජනප්‍රිය විය හැක්කේ බ්‍රිතාන්‍යය සහ එක්සත් ජනපදය ආක්‍රමණය තුලින් පමණක් බවය.

Ring Ring ඉංග්‍රීසි ගීතය


1973 වසරේදී අගේනේතා ෆෙස්කෝ සිය පළමු දරුවා බිහිකළ අතර ජර්මනියේ සිදුකල සංගීත සංචාරයක් සඳහා ඇයගේ ස්ථානය ඉන්ගර් බෘන්ඩීන් ( Inger Brundin) විසින් පුරවනු ලැබුවා.


Inger Brundin විසින් ගායනයේ යෙදෙන Ring Ring ඉංග්‍රීසි ගීතය

ABBA සන්නාමය
1973 වසරේදී අන්දශෝන් විසින් කණ්ඩායම සඳහා ගැලපෙන නමක් යෝජනා කරනා ලෙස බොහෝ දෙනෙකුගෙන් ඉල්ලා සිටියා. එහිදී Abba නාමය යෝජනා වුවද ඒ වනවිටත් ටින්මාළු කර්මාන්තයක් එම සන්නාමය භාවිතා කරා. අනතුරුව ගුතන්බ්ර්ග් (Gothenburg) පුවත් පතෙහි කණ්ඩායමේ නාමය සඳහා තරගයක් පවත්වනු ලැබුවා. තරඟයේ යෝජනාවූ Alibaba", "FABB" සහ "Baba" යන නාමයන් වෙත මුලදී අවධානය යොමුකලද අවසානයේදී කණ්ඩායම් සාමාජිකයන්ගේ නම්වල මුලකුරු සමන්විතවන ABBA නාමය තෝරාගත් බව දැනුම් දෙනු ලැබුවා. කණ්ඩායමේ ප්‍රචාරක ඡයාරුපයක් සඳහා බෙනී විසින් විහිලුවකට මෙන් තමාගේ අත තිබූ B අකුර කණපිට හරවනු ලැබුවා. අනතුරුව 1976 සිට කණපිට හරවන ලද B අක්ෂරය සමග ඇබා සන්නාමය ABBA බවට පත් උනා.

සංගීත චාරිකාවේ 31 වන කොටසින් හමුවෙමු
ඇබා කණ්ඩායම පළමු කොටස දෙවන කොටස තෙවන කොටස හතරවන කොටස

Monday, July 13, 2015

හේම ශ්‍රී අල්විස් සහ අයිරින් ද අල්විස්

උපාලි ජයසිංහ විසින් ශ්‍රී ලංකා දේශපාලනය පිටුවේ තබන ලද සටහනකි. සංගීත ලෝලියකු වශයෙන් මාහට අතිශය අනුවේදනීයවූ මෙම  පුවත දම්පාට දෙදුන්නෙහිද සටහන් කරමි.

මෙම දෙපලට දැනෙන යමක් කිරීමට ඔබ සැමට ආරාධනා කරමු.

https://www.facebook.com/shyaman.hemakody1/posts/1012654495434714

මෙි ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි අන්තර් ඡාලය පීරා බැලුවත් ,ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට ඔවුන් කොතරමිනමි අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
----------------------------------------------------------------------------------
මෙි යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි ධනවාදය කලාව මාරකටින් කරන්නේ එලෙසය මෙි මා කියනා මිනිසා ලියූ ගීත සංඛ්‍යාව 4000 කි ඒ අතර 


මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවෙි........ 
මයුරාසන මත වැඩ හිදිනා.....
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙි ......
ඔබ සොයනා කලු කෙල්ල මමයි
මාගෙ මෙි රට මාගෙ මෙි රට.....
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා....
 

ඔහු හේම ශ්‍රී ද අල්විස්ය ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය ඇය ගැයූ ගිත සංඛ්‍යාව දහසකි  දැන් කියන්නේ වෙනස්ම කතාවකි. ඔවුන්ට ප්‍රේමදාස ඡනාධිපති දුන් නිවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු  එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි  ලිපිනයයි. ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත  පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා ඇල්බීසීයා ලීයෙන් තැනූ මෙිස කබලක් මෙි ඉතිහාසයක් පුරා ඔවුනගේ සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම  ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය. ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙිය වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප නැතිබැරිකමි අදාලම නැත.ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු උනනා ඉල්ලීමකි ඒ වෙිලක් ඇර වෙිලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා ලෙසයි පිං කැමති සියල්ලනටම විවෘතයි දුරකතනයෙන් ඔවුන් සමිබන්ධ කරගතහැකි ආකාරය 0385680233 මම මගේ යුතුකම පුලුවන් පුමාණයෙන් කලෙමි දැන් ඔබෙි යුතුකම ? -  උපාලි ජයසිංහ