දම්පාට දේදුන්න ලියන්න අතපසු උන පසුගිය කාලය පුරාවටම බ්ලොග් ලොව මිතුරු කැල නැවත ලියන්න බෙහෙවින් උනන්දු කළා. සිංහල බ්ලොග් ලෝකයේ හිත මිතුරන්ගෙන් දම්පාට දේදුන්න පටන් ගත් මුල් කාලයේ සිටම ලැබුන සහයෝගය ඉතා විශිෂ්ඨයි. මේ කිසිවකුත් අද වෙනකම් මා හැබැහින් දැක නැහැ. නමුත් මේ නොදුටු මිතුරන් බොහොමයක් සමග අද වෙනකොට දැඩි මිතුරු දමක් ගොඩනැගිල තියෙනවා. කොහොම නමුත් මා උනන්දු කල සැම දෙනාටම තුති පුදමින් නැවතත් සංගීත චාරිකාව නවත්තපු තැනින් පටන් ගන්නවා.
ඇබා කණ්ඩායම පිලිබඳ ලියැවුනු පෙර ලිපි තුල කණ්ඩායමේ ගායක ගායිකාවන් ගැන ලියවුනා මීළඟ ලිපි දෙක ලියවෙන්නේ කණ්ඩායම ගොඩනැගුනු ආකාරය පිළිබඳවයි..
පළමු කොටස දෙවන කොටස තෙවන කොටස
ඇබා කණ්ඩායමේ ප්‍රථම සජීව ප්‍රසංගය.
ඇබා කණ්ඩායමේ සාමාජිකයන් ස්වකීය ප්‍රතිභාව එකට එකතු කොට නිර්මාණ බිහි කිරීමේ මුලික කටයුතු කරමින් සිටීනා අතර 1970 අප්‍රියල් මස මේ මිතුරන් හතර දෙනා සයිප්‍රසයේ නිවාඩුවක් ගත කිරීමට ගියා. එහිදී මේ පිරිස විනෝදය සඳහා මුහුදු වෙරළේ පටන්ගත් ගී ගායනය අවසන් උනේ එම ප්‍රදේශයේ ස්ථානගතව සිටි එක්සත් ජාතීන්ගේ හමුදා භට කණ්ඩයක් විසින් හදිසියේ සංවිධානය කරන ලද සජීව ප්‍රසංගයකින්. මේ අනපේක්ෂිත ප්‍රසංගය පසුකලෙක ලෝක පුජිත වූ ABBA හි මුල්ම සජීව ප්‍රසංගයයි.
මේ කාලය වනවිට අන්දශෝන් සහ උල්වියෝස් ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය වන ලයිකා (Lycka) 1970 සැප්තැම්බරයේ එළිදැක්වීම සඳහා පටිගත කිරීම් වල යෙදී සිටියා. එම ඇල්බමයේ ගීත කිහිපයකට ඇග්නෙතා සහ ලීග්සා පසුබිම් ගායනයෙන් දායක උනා. අනතුරුව මේ පිරිස එක්ව Festfolket නම් ප්‍රසංගය 1970 නොවැම්බරයේදී ගුතන්බ්ර්ග් හිදී දියත් කරනු ලැබුවා.
Hej, gamle man ගීතය
ඇබා කණ්ඩායමේ හතරදෙනාම එක්ව එළිදැක්වූ ප්‍රථම නිර්මාණය ගලවාගැනීමේ හමුදාවේ සේවයකළ මහළු මිනිසකු ගැන කියවෙන Hej, gamle man නම් ගීතයයි. මෙම ගීතය අදාළ කාර්තුව තුල සංගීත දර්ශක තුල ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර එම ගීතය අඩංගු තැටිය විකිණුම් දර්ශක වල පස් වැනි ස්ථානයද, Svensktoppen දර්ශකයේ ප්‍රථම ස්ථානය සති 15ක කාලයක් පුරාවටද රඳවා ගැනීමටද සමත් උනා.
Hej, gamle man
සංගීත කණ්ඩායම ගොඩ නැගීම (1970 සහ 1973 අතර කාලය)
1970 වසරේ ලයිකා ඇල්බමය නිකුත් කල බෙනී සහ බියෝන් අනතුරුව එකල ගීත කිහිපයක්ම ස්වීඩනයේ එළිදැක්වූවා. මේ අතරින් "Det kan ingen doktor hjälpa" සහ "Tänk om jorden vore ung" ගීත දෙක සාමාන්‍ය මට්ටමේ සාර්ථකත්වයක් සංගීත දර්ශක තුල ලබා ගත්තා.
Tänk om jorden vore ung
මේ කාලය වන විට ෆෙල්ස්කෝ සහ උල්වියෝස් විවාහ වී සිටි අතර අන්දශෝන් සමග නිරතුරුවම සංගීතයේ යෙදී සිටියා.
පොලර් මියුසික් සංගීත සමාගමේ නිර්මාතෘ මෙන්ම හිමිකරු වූ ස්ටිග් අන්දශෝන් හට බෙනී සහ බියෝන් ජාත්‍යන්තර සංගීත තලයට ගෙනයාමට තීරණය කරනුයේ මේ අවදියේදීය. එකල ස්ටිග් අන්දශෝන් අනාවැකි පළකරනුයේ මේ දෙදෙනා විසින් ලියා සංගීතවත් කරනු ලබන ගීතයක් ජගත් සංගීත වේදිකාව ජයගන්නා බවය. ඔහු විසින් මේ දෙදනා නැවතත් මෙළුඩීෆෙස්ටිවෝලන් තරඟාවලිය සඳහා ගීතයක් ඉදිරිපත් කරවීමට උනන්දු කරවන අතර දෙවතාවක් අසාර්ථක වීමෙන් අනතුරුව Säg det med en sång ගීතය තරඟාවලිය සඳහා ඇතුලත් කරගනු ලැබුවා. එහිදී තවන ස්ථානය ලද ගීතය ස්වීඩනයේ අතිශය ජනප්‍රියත්වයට පත් වනවා.
Säg det med en sång
She's My Kind of Girl
En Karusell
Love Has Its Ways
සංගීත චාරිකාවේ 31 වන කොටසින් හමුවෙමු
ඇබා කණ්ඩායම පළමු කොටස දෙවන කොටස තෙවන කොටස
අගේ අැති ලිපියක්...... නියමයි... ලොකු විස්තරයක් ඉගෙන ගත්තා... වටිනා ලිපි පෙළක්
ReplyDeleteදම්පාට දේදුන්න පටන් ගත්තු මුක් කාලේ ඉඳල කරන උනන්දු කිරීමට ගොඩක් ස්තුතියි.
Deleteහරවත් ලිපියක් හොද විස්තරයක්
ReplyDeleteඔන්න මචෝ FB එකට් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්මෝ.....................
Deleteබොහෝ දේ දැන ගත්තේ අදයි...
ReplyDeleteඅපි එහෙම තමා හෙක්.. හෙක්..
Delete26 සෙට් වෙමු...............
අම්මෝ ඇති යාන්තම් මේකේ මකුළුදැල් ටික කැඩුවා ...
ReplyDeleteගොඩක් තොරතුරු දැනගත්තා ...තව පාරක් කියවන්න ඕනෑ ..නියමයි ජීවන් අය්යේ .
ඇබාලගේ මම කැමතිම සින්දුවක් මෙන්න
I have a dream, a song to sing
To help me cope with anything
If you see the wonder of a fairy tale
You can take the future even if you fail
I believe in angels
Something good in everything I see
I believe in angels
When I know the time is right for me
I'll cross the stream, I have a dream
ඇබාලගේ මමනම් ආසම ගීතය Chiquitita. ගොඩක් වෙලාවට සංගීත චාරිකාව ලියනකොට හමුවෙන ගීත මමත් පලවෙනි වතාවට තමා අහන්නේ. සමහර කණ්ඩායම් වල ප්‍රසිද්ධ ගීත වලට වඩා ලස්සන ගීත මේ වගේ අධ්‍යනයන් කරන වෙලාවට හමු වෙනවා. හොඳ උදාහරණය තමා මේ පොස්ට් එකේ පලවෙනි ගීතය Hej, gamle man, මේ ගීතයත් මම පලවෙනි වතාවට ඇහුවේ මේ පොස්ට් එකට කරුණු එකතු කරනකොට.
Deleteඑල.... දිගටම ලියන්න... නොදන්නා ගොඩක් දේවල් දැනගත්ත...
ReplyDeleteඅලුත් බ්ලොග් එකකුත් පටන් ගත්ත. ඒ පැත්තටත් එන්න... http://doczdiery.blogspot.com/
ReplyDeleteමම ඒ පැත්තේ ගියා. අලුත් බ්ලොගට සුබ පැතුම්.
Deleteඔන්න බ්ලොග් රෝලටත් දා ගත්තා.
සුපිරි මචෝ.....thnx .................
ReplyDeleteමාස ගානකට පස්සේ සංගීතය ගැන පොස්ට් එකක් ලිව්වේ.
Deleteඋඹේ බ්ලොගටත් මගේ එකට වෙච්චි දේ වෙලා වගේ.
නිහඬයි............ නිසොල්මන්...............
ඇබා සින්දු දල ගැහුඅව ෆිල්ම් එක කොහොමද? මමාමියා මන් හිතන්නේ. එකත් නියමයි.
ReplyDelete