Sunday, February 14, 2016

ඔපෙරා සහ කොස් ඇට


දම්පාට දේදුන්නේ මීට කලින් ලියවුන  දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය නම් ලිපියට දීර්ඝ කොමෙන්ටුවක් ඇනෝ කෙනෙකු විසින් ලියා තබුණා. එම ලිපිය සංවාදය සඳහා විශිෂ්ඨ නිමිත්තක් වන බැවින්  අදාළ සම්පුර්ණ කොමෙන්ටුව මෙලෙස දැක්වෙන අතර එය සම්බන්ධව අපගේ අදහස් කිහිපයක්ද පහතින් ලියවෙනු ඇත.



ඔපෙරා සහ කොස් ඇට
===============
දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැන තාමත් සාකච්ඡා වෙන හින්ද තවත් පොඩි දෙයක් කියන්ඩ ඕනෙ කියල හිතුන. සමහරු ඒ ගායනය කරපු කිශානි ජයසිංහට විවිධ නරක වචන කියමින් බැනල තිබ්බ අතරෙ ඒ ගායනය විවේචනය කරල තිබ්බ අයව ගල් වැද්දන්ට සමාන කරමින් රටේ සංස්කෘතියට ගරහන්ඩ අවස්ථාවක් උදාකරගත්ත අයත් හිටිය.

මේ ගායනය ගැන හිතද්දි මට මතක් වුනේ කාලෙකට ඉස්සෙල්ල ජාතික රූපවාහිනියෙ විකාශය වෙච්ච කන්දෙ ගෙදර-2 ටෙලි නාට්ටියෙ කුඩා සිද්ධියක්. මේ නාට්ටියෙ කතානායකය "බාල මහත්තය" (රෝහණ බැද්දගේ). බාල මහත්තය ගමේ හැදිච්ච, ගමේ නම්බුකාර චරිතයක් වුණු සර්ව සම්පූර්ණ ගැමියෙක්. බාල මහත්තයගෙ ලොකු පුතත් ගමේ හැදුනු වැඩුණු කෙනෙක් වුනාට නගරෙ උසස් රැකියාවක් කරන කෙනෙක්. බැඳල ඉන්නෙ නගරෙ හැදිච්ච, අර අපි කියන පොෂ් පැලැන්තිතියෙ කෙනෙක්. ඉතින් මේ දෙන්නගෙ ළමයිනුත් (විශේෂයෙන් දුව) හැඳි ගෑරප්පුවලින් විතරක් කන, නගරෙ විදිහට හැදිච්ච අය. වරක් මේ ලොකු පුතාගෙ පවුල යනව ගමේ, ඒ කියන්නෙ බාල මහත්තයගෙ ගෙදර. අර ලොකු පුතාගෙ දුවට ගමේ දේවල් පුරුදු නැති හින්ද පොඩි පොඩි අකරතැබ්බවලට මුහුණ දෙන්ඩ වෙන අතරෙ හොඳම වැඩේ වෙන්නෙ කෑම මේසෙදි. කෑම මේසෙ තියෙන්නෙ ඉතිං බාල මහත්තයල කන ගමේ කෑම තමා. ඒ වුනාට අර දුවට හැඳි ගෑරප්පුවලින්ම කන්ඩත් ඕනෙ. බොහොම අමාරුවෙන් කන අතරෙ බත් පිඟානෙ තිබ්බ තම්බපු කොස් ඇටයක් කන්ඩ කියල ගෑරප්පුවෙන් ඇනපි. කොස් ඇටේ පිඟානෙන් එළියට විසික් වෙලා යනව නිකං අර කොටින්ට ගහපු මල්ටි බැරල් රොකට් එකක් වගේ. බාල මහත්තය ඇතුළු පිරිසට හිනා. ඕක තමා සිද්ධිය.

දැන් අර වෙච්ච වැඩේට හිනාගිය බාල මහත්තයට ගල් වැද්ද කියල බැනල හරියන්නෙ නෑ. එක්කො කොස් ඇටේ ඇඟිලිවලින්ම ඇරං කන්ඩ ඕනෙ. ගෑරප්පුවෙන්ම කන්ඩ ඕන්නං කොස් ඇටේ හොඳටම තම්බල ගන්ඩ ඕනෙ ගෑරප්පුවෙන් ඇනල ගන්ඩ පුළුවන් ගාන වෙනකං. නිදහස් දවසෙ දන්නෝ බුදුන්ගේ ගීතය ඔපෙරා හඬින් ගැයීම ගැනත් මේ වගේ දෙයක් තමා කියන්ඩ තියෙන්නෙ. එතන වුනේ සිංහල ගීතයක් අමුවෙන්ම ඔපෙරා ශෛලියකින් ගායනා කිරීමක් විතරයි. එතන කිසිම නිර්මාණාත්මක දෙයක් වෙලා තිබ්බෙ නෑ. ඉංග්‍රීසි ඇක්සන්ට් එකකින් හූ කියනව වගේ ඒක අපිට ඇහෙන්නෙ ඒ හින්ද. අර ඉතාලි ඔපෙරාවල කරනව වගේ "ර්"යන්න වැඩියෙන් උච්ඡාරණය කිරීමෙන්ම පේනව එතන වුණේ අමුවෙන්ම අනුකරණයක් කියල. නමුත් කේමදාස මාස්ටර්ගෙ සිංහල ඔපෙරාවල මෙහෙම ප්‍රශ්නයක් නෑ. ඒවා ඔපෙරා වුනාට ඒවායේ සිංහල හෝ උත්තර භාරතීය සංගීතයේ මුද්‍රාව තිබ්බ. ඔපෙරා අනුකරණය කරන්ඩ ගියේ නෑ. ඔපෙරා ශෛලිය අඩුපාඩු සහිතව හරි අපේම දෙයක් කරගත්ත එක කරේ. කේමදාසයන්ගේ ඔපෙරාවල සිංහල වචන උච්ඡාරණය වෙන විදිහ අහල බලන්ඩ. සාමාන්‍ය සිංහල උරුවක් තියෙන්නෙ. නමුත් ඔපෙරාවල වගේ යම් යම් වචන/ශබ්ද අලංකරණ යොදාගන්නව, ඇක්සන්ට් නෑ. කේමදාසයන්ගෙ විශිෂ්ඨම ඔපෙරාවක් වෙච්චි "පිරිනිවන් මංගල්‍යය" අහල බලන්ඩ. ගමේ සාමාන්‍ය උපාසක අම්ම කෙනෙක්ට වුනත් වැඩි අපහසුවකින් තොරව අහං ඉන්ඩ පුළුවන්. කේමදාස මාස්ටර් සංගීතවත් කරපු නාට්‍ය සහ චිත්‍රපටිවලත් මෙම ඔපෙරා ශෛලිය යොදාගත්තත් සාමාන්‍ය කෙනෙක්ට ඒක වැඩිපුර ඉස්මතු වෙලා පේන්නෙ නෑ. මොකද ඒවා අමු ඔපෙරා නොව, අපේම කරගත්ත ඔපෙරා වෙච්චි හින්ද.

ඉතිං ඕක තමා කතාව. කේමදාස මාස්ටර්නං කොස් ඇටේට ගෑරප්පුවෙන් අනින්ඩ කලින් හොඳටම තම්බගත්ත. අඩුම ගානෙ එහෙම කරන්ඩ උත්සාහ කරා. කිශානි ජයසිංහ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇන්න කොස් ඇටේට ගෑරප්පුවෙන්. ඉතින් කොස් ඇටේ විසිවෙලා ගියා. කොස් ඇටේ විසිවුනා නේද කියල අපි ඇහුවම, කිශානි නෝන හැඳි ගෑරප්පුවලින් ඉංග්‍රීසි කෑම කාල ගත්ත සම්මානවලින් අපිට දමල ගහල වැඩක් නෑ. ඕං ඔහොමයි මට මේ වැඩේ දැනුනෙ.

ප.ලි: බාල මහත්තයගෙ මිනිපිරීගේ කෑම පිඟානෙ මුරුංග ව්‍යංජනයකුත් තිබ්බද කියල හරියටම මතක නෑ.


අපගේ ස්ථාවරය
===========
ක්‍රිශානි ජයසිංහ වෙත දැඩි විවේචන එල්ල වීමට හේතුව ඇය විසින් දන්නෝ බුදුන්ගේ ගීත ඔපෙරාවක් ලෙසින් ගායනය කිරීම නොවෙයි. එයට හේතුව එම ගායනය රාජ්‍ය අනුග්‍රහය ලද ප්‍රසංගයකදී ගායනය කිරීමයි. ඇය විසින් මීට පෙර ප්‍රසංග වලද අදාළ ගීතය ගායනා කලද විවේචන එල්ල වී නැහැ. මෙවන් කතිකාවක් ඇතිවී නැහැ.
හේතුව කුමක්ද?
අලුත් දෙයක් අලුත් නිර්මාණයක් නැරඹීමට මිල ගෙවා ටිකට් පතක් රැගෙන යාමට මැලිකමක් දක්වන ලිං මැඩි පරපුර ඒවා නොදකීමය.

සිංහල සංගීතයේ ප්‍රගමනය වළක්වාලන ප්‍රධාන හේතු කාරකය සිංහල සංගීතයේ නියමුවන් යයි කියා ගන්න පිරිස  (God Fathers) උත්තර භාරතීය සංගීතය පමණක් කරපින්නාගෙන සිටීම බව අපගේ මතයයි. මෙම ගෝඩ් ෆාදර් වරු වෙනත් කිසිදු සංගීත ශෛලියක් ඉදිරියට ගෙනයාමට ඉදිරිපත් වන නවකයන් දිරිගන්වනු වෙනුවට පාගා දැමීමට කටයුතු කරනා ආකාරය පුවත් පත් වල පලවන ලිපි කියවන විට පෙනෙයි. භාතිය සහ සන්තුෂ් ගේ මුල් කාලයේදී මෙය මොනවට පෙන්නුම් කෙරින.

ඔපෙරා සම්බන්ධව අද ක්‍රිශානිව විවේචනයට ගුරු කොට ගන්නා කේමදාසයන්වද එකල දැඩි විවේචනයකට ලක් විය.
 
විදේශ රටවලදී වෙනත් සංගීත ශෛලින් අධ්‍යනය කල චිත්‍රාල් සෝමපාල, රාජ් සෙනවිරත්න, අනුර සිරිවර්ධන වැනි  දක්ෂයන් ඕනා තරම් සිටිති. ඔවුනට තැනක් නැත. මතු වන්නට හැදුවද ජනමාධ්‍ය අවභාවිතාව තුලින් ඔවුන් පාගා දැමීම එළිපිට සිදුවනු දක්නට ලැබෙයි. චිත්‍රාල්ගේ සංගීතය විවේචනයෙන් නොනැවතී කොණ්ඩය ද විවේචනය කරති.  (මියගිය පසුව ජෝති ගේ සහ නිමල් මෙන්ඩිස්ගේ හොඳ කියති) දැන් අලුත්ම බිල්ල ක්‍රිශානි ජයසිංහය. 



 මේ හේතුවෙන් අපගේ ජනප්‍රිය සංගීතය අයාලේ යන "බස් සංගීතය" වෙත යොමුව ඇත.  දක්ෂයන් පාගා දැමීම තුල සිදුව ඇති හානිය පහත වීඩියෝව මොනවට පෙන්නුම් කරයි.
video
උපුටා ගැනීම : https://www.facebook.com/iwee.deleon/videos/vb.730454975/10153265505049976/?type=2&theater

අවසන් වශයෙන් ක්‍රිශානි ජයසිංහ මහත්මියට කිව යුත්තේ බල්ලන් බිරුවද ගැල ඉදිරියට ගෙනයන ලෙසයි. ඔබගේ දැනුම අප රටේ දරුවනට ලබාදී නව පරපුරක් බිහි කරනා ලෙසයි.

Thursday, February 11, 2016

දන්නෝ බුදුන්ගේ ගීතයේ ඉතිහාසය

චිත්‍රාල් සෝමපාල සංගීතඥයාගේ ෆේස් බුක් පිටුවෙහි දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව දීර්ඝ සංවාද දෙකක් ඉදිරියට ඇදෙනවා. මේ සංවාද දෙක ඇසුරින් අද දම්පාට දේදුන්න මෙලෙස සටහන් වනවා.

එම සංවාදය එක්වන රුක්මල් ගුණරත්න විසින් ජූඩ් ගුණවර්ධන මහතාගේ ලිපියක් උපුටා දක්වමින් පවසනුයේ ක්‍රිස්තියානි දේවස්ථාන වල ගායනා කරන වෝල්ටර් ස්ටැන්ලි සීනියර් පුජකවරයා (1876 - 1938) විසින් රචනා කොට සංගීතය සම්පාදනය කල 'Hymn For Ceylon' නම් වන ගීතිකාව ජෝන්ද සිල්වා මහතාගේ දන්නෝ බුදුන්ගේ ගීතය සඳහා යොදාගෙන් ඇති බවය. නමුදු විකිපීඩියාවට අනුව දශකයක කාලයක් පුරාවට මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ උප විදුහල් පති වශයෙන් සේවය කල සීනියර් පුජකවරයා මෙරටට පැමිණෙනුයේ 1906 වසරේදීය.
නමුත් අප දන්නා පරිදී ජෝන්ද සිල්වා මහතාගේ සිරිසඟ බෝ නාටකය වේදිකා ගත වන්නේ 1903 වසරේදීය. මේ අනුව දන්නෝ බුදුන්ගේ ගීතයට 'Hymn For Ceylon' හි තනුව යෝදාගෙන් ඇති බව පිළිගත නොහැක.

A Hymn for Ceylon
 

එකී ගීතයේ පද මාලාව මෙසේය
Jehovah, Thou hast promised
The isles shall wait for Thee;
The joyous isles of Ocean,
The jewels of the sea ;

Lo ! we, this island's watchmen,
Would give and take no rest,
(For thus hast Thou commanded,)
Till our dear land be blessed.

Then bless her, mighty Father,
With blessings needed most,
In every verdant village,
By every palmy coast ;

On every soaring mountain
O er every spreading plain.
May all her sons and daughters
Thy righteousness attain.

Give peace within her borders,
Twixt man and man goodwill,
The love all unsuspicious,
The love that works no ill;

In loyal, lowly service
Let each from other learn,
The guardian and the guarded,
Till Christ Himself return.

To Him our land shall listen,
To Him our land shall kneel,
All rule be on His shoulder.
All wrong beneath His heel;

Oh consummation glorious,
Which now by faith we sing;
Come, cast we up the highway
That brings us back the King.

එම සංවාදයට එක්වන Samu Vi විසින් යාපනයේ ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල් ගීතිකාව අඩංගු වීඩියෝවක් සංවාදය සඳහා එක් කර ඇත. තව දුරටත් ඔහු සඳහන් කරනුයේ එම ගීතය 1900 වසරට පෙර සිට පැවත එන බවය ගීතය 1:33 සිට 2:17 දක්වා පහත වීඩියෝවහි දැක්වෙයි. එය කෙතරම් පැරණිද යන්න පිළිබඳව අදහස් පල කරන්නේ නම් මැනවි. ගීතිකාවේ පදමාලාව විදුහල් වෙබ් අඩවියෙන් උපුටාගෙන වීඩියෝවට යටින් දක්වා ඇත.

https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fm.youtube.com%2Fwatch%3Ffeature%3Dyoutu.be%26t%3D1m32s%26v%3DsPRoGhMXIwk&h=qAQERg6t2

The College Hymn
Eternal God and Father
We praise you for St. John’s
Our beloved, alma mater
Blest, sturdy, sure and strong
With age she grows in beauty
Sharing the mighty truth;
Light drives away the darkness
The shades of gloom retreat.

We bless the early pioneers
Who had the vision grand,
To bring the torch of learning
To Lanka’s golden strand
They lit the flame undying
Of faith and hope and love
Of boldness, grit and courage,
In work and sport and games.

Lead, Lord into the future
Both teacher and the taught,
To seek the truth and keep it
However, hard it be;
To hope and pray and labour,
In spite of mighty odds;
And win the golden medal
In life’s Olympic race.

O light of light eternal
To, Lanka grant your peace,
O let your Holy Spirit
Into our hearts breathe love,
And may our College flourish,
From age to age, for aye;
A lighthouse in the darkness,
Of wisdom, joy and hope.

සංවාදය සඳහා එක්වන කුමාරි පරණවිතාන Kumari Paranavithana විසින් දන්නෝ බුදුන්ගේ ගීතය සම්බන්ධව මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ, මතය එතුමන්ගේ පොතක පිටුවක් උපුටා දක්වමින් පෙන්නුම් කරයි.

මෙම ගීතය පිළිබඳව ලියවී ඇති වෙනත් වෙබ් අඩවියක හර්බට් රාජපක්ෂ ගායකයානන්ගේ ගීතය ගැන විස්තරයක් ඇත. එයට අනුව ඔහු විසින් එම ගීතය ගායනා කර ඇත්තේ 1920 වසරේදීය. බටහිර ඔපෙරා ගායනය හදාල එතුමන්, 78RPM තැටියකට His Master’s Voice (HMV) ලේබලය යටතේ හඬ කවා ඇත. තැටියේ අංකය N. 13103 බවද එම ලිපියහි දැක්වෙයි.
මෙයට අමතරව දන්නෝ බුදුන්ගේ ගීතයේ මුල් තනුව රිචර්ඩ් වාග්නර් විසින් සම්පාදිත බව බොහෝ තන්හි දක්වෙන නමුදු එහි වීඩියෝවක් හෝ හඬ පටයක් එක කොට නැත. මෙය දන්නා අයෙකු එහි ලින්කුවක් දම්පාට දෙදුන්නට දන්වනේ නම් මෙම ලිපිය තව දුරටත් සම්පුර්ණ වනු ඇත.

Tuesday, February 9, 2016

චීය... ඔපෙරා

අපි නං රෑට නිදියන්නෙත්  ඔපෙරා  අහල මෙයා... අපේ මමීත්  කියන්නේ ඔපෙරා ඇහුවේ නැතිනං නින්ද යන්නේ නැහැ කියල. ඒ උනාට ඩඩා නං කියන්නේ හෙවි මෙටල් අහන්නේ කියලා. ඔයාට කිව්වට ලාස්ට් මන්ත්  මමීගේ බර්ත් දේ එකට ඩඩා අරන් දුන්නු අවුඩි එකේ යනකොට දාන්නෙත්  ඔපෙරාම තමා. ඔයාට කියන්නේ මමී නං අහන්නේ  ජර්මන් ලැන්වේජ් ඔපෙරා. මමනං ඉතිං ඉටලියන් ඔපෙරා වලට් තමා ඉන්ටෙරෙස්ටින් ඉතින් අපි අවුඩි එකේ යනකොට හැම තිස්සෙම රණ්ඩු තමා.

දැන් මේ ගොඩේ සිංහලීස් සොන්ග්ස් ඔපෙරා කරලා හැම එකාම ඔපෙරා කියන්න අරගෙන. චීය මෙයා..
අපේ කර්නිගොල් වල හන්ඩ්රඩ් ඒක කොකනට් එස්ටේට් එකේ ප්ලකින් කරන ජෙමාගේ ඩෝටත් දැන් ඔපෙරාම විතරයි  අහන්නේ.හරිම ඩිස්ගස්ටින්ග් මෙයා....

Friday, February 5, 2016

සංගීත චාරිකාවක් 33 - Peter, Paul and Mary


ප රටේ ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකා වල නිතර ඇසෙන ගීයක් වන 500 Miles ගීතය ගායනා කල සංගීත කණ්ඩායම ගැන ලියවෙන මෙම ලිපිය කන්ට්‍රි සංගීතය පිළිබඳව තවත් මානයකට දම්පාට දේදුන්නේ රසිකයන් ගෙනයනු ඇත.
1961 වසරේදී පීටර් පෝල් ඇන්ඩ් මේරි සංගීත කණ්ඩායම පිහිටුවන ලද්දේ එහි කළමනාකරු වූ ඇල්බට් ග්‍රොස්මාන් විසිනි. නිව්යෝක් හි ගායකයන් රැසකගේ කටහඬ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ගායකයන් ත්‍රිත්වය තෝරා ගෙන පිහිටවු මෙම කණ්ඩායමේ සාර්ථකත්වයහි ගෞරවය මුළුමනින් ග්‍රොස්මාන් වෙත හිමිවිය යුතු බව විචාරකයන්ගේ අදහසයි.  කටහඬ පරීක්ෂනය සඳහා ඉදිරිපත් වූ අති දක්ෂ ගායකයකු වන ඩේව් වැන් රෝන්ක් පවා තෝරාගෙන නැත්තේ ඔහුගේ කටහඬ ස්වාචාර බව වැඩිවීම සහ වාණිජ සාර්ථකත්වය දුර්වල බව නිසාය. 

කණ්ඩායම සඳහා පීටර් යෙරෝ, නොයෙල් පොල් ස්ටුකි සහ මේරි ට්‍රෙවර්ස් තෝරාගැනීමෙන් අනතුරුව ඔව්න් ගේ නම් වලින් Peter, Paul and Mary නම්කොට තිබෙනවා. ස්වකීය ගීත පුහුණුවෙන් අනතුරුව 250ස් දෙනෙකු සඳහා ඉඩ පහසුකම් සහිත රාත්‍රී සමාජ ශාලාවක්, කොපි අවන්හලක් සහ ජන සංගීත මධ්යස්ථානයක් වන නිව්යෝක් හි ග්‍රීන් විච් ගම්මානයේ The Bitter End පරිශ්‍රය කණ්ඩායමේ මුල් ප්‍රසංග පැවැත්වීමට යොදාගෙන තිබෙනවා.
කණ්ඩායමේ මුල්ම ඇල්බමය 1963 වසරේ නිකුත් කරන ලද Peter, Paul and Mary නම්වන  අතර එහි Lemon Tree, 500 Miles, If I Had a Hammer සහ Where Have All the Flowers Gone යන අද දින දක්වාම කන්ට්‍රි ගී රසිකයන් අතර ජනප්‍රිය ගීත අඩංගු වුවා. මෙම ඇල්බමය මාස 10ක කාලයක් බිල්බෝඩ් දර්ශකයේ මුල් 10ය අතර පැවති අතර ප්‍රථම ස්ථානයේ සති හතක කාලයක් රැඳුනා. මෙම ඇල්බමය අතිශය වාණිජ සාර්ථකත්වයට පත් වුයේ එක්සත් ජනපදයේ පමණක් පිටපත් මිලියන දෙකක් විකිණී RIAA වෙතින් double platinum තත්ත්වය ලබා ගැනීමෙනි.
Lemon Tree

 If I Had a Hammer 

 Where Have All the Flowers Gone
 
1963 වසරේදීම Puff, the Magic Dragon, If I Had a Hammer" ගීත සහ Blowin' in the Wind නම් කණ්ඩායමේ විශිෂ්ඨතම නිර්මාණය  නිකුත් කෙරින.


 රසිකයන් අතර අතිශය ජනප්‍රිය නිර්මාණ රැසක්ම ඉදිරිපත් කල මෙම ත්‍රිත්වය 1970 වසරේ විසිර ගියේ පීටර් යෙරෝ විසින් 14 හැවිරිදි දැරියකට සිදුකල ලිංගික අතවරයකට දඬුවම් ලබා සිරගතවීම හේතුවෙනි. පසුව ඔහුට ජෙමී කාටර් ජනාධිපති වරයාගෙන් සමාව ලබා නිදහස් විය.

Thursday, February 4, 2016

සංගීත චාරිකාවක් 32 - Flash Cadillac & the Continental Kids



දම්පාට් දේදුන්නේ සංගීත චාරිකාව තුල බොහෝවිට ලියවුනේ ශ්‍රී ලංකාව තුල ජනප්‍රිය සංගීත කණ්ඩායම් ගැන පමණයි. එම ආකෘතිය වෙනස් කරමින් ලියවෙන මෙම ලිපිය අප රට තුල එතරම් ජනප්‍රිය නොවූ එනමුත්  සංගීත රසය උපරිමයෙන් අඩංගු ගීත එළිදැක්වූ Flash Cadillac & the Continental Kids ගැන ලියවෙනවා.

1950 දශකයේ  එක්සත් ජනපදයේ ජනප්‍රියත්වටය පත් වූ ෂා නා නා සංගීත කණ්ඩායමේ   හාසකානුකාරක විලාසය ගුරුකොට බිහිවූ සංගීත කණ්ඩායම් අතරින් එකක් ලෙස  ෆ්ලෑෂ් කැඩීලැක් ඇන්ඩ් කොන්ටිනෙන්ටල් කිඩ්ස් හඳුන්වා දිය හැකිය.
මෙම කණ්ඩායම 1969 වසරේ මාර්තු මස කොලරාඩෝ හි දී පිහිටුවා තිබෙනුයේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසිනි.
 
මෙම කණ්ඩායම American Graffiti සහ  Apocalypse Now නම් වන චිත්‍රපට දෙකෙහි අතිශය සාර්ථක ගායනයන් ඉදිරිපත් කරමින් ජනප්‍රිය වුවා. අනතුරුව American Bandstand and Happy Days නම් වන රුපවාහිනී කතා මාලාව සඳහා සංගීතය සපයනු ලැබුවා.

1973 වසරේ නිකුත්කළ ඔවුන්ගේ ප්‍රථම ඇල්බමය තුල වූ රොක් ඇන්ඩ් රෝල් ගීත ජනප්‍රිය වුයේ අනාගතය පිළිබඳව බලා පොරොත්තු මතුකරමිනි.
කණ්ඩායමේ දෙවන ගීත එකතුව වූ No Face Like Chrome 50, 60 සහ 70  දශකයන්ගේ ආභාෂය පෙන්නු කරනා අතර ඒවා බ්‍රිතාන්‍ය පබ් රොක් සිහිපත් කරනවා.

එම කණ්ඩායමේ  ‘Dancin’ (On A Saturday Night), ‘Good Times, Rock & Roll’ සහ  ‘Did You Boogie ගීත එක්සත් ජනපදයේ සංගීත රසිකයන් වෙතින් ඉමහත් ප්‍රසාදයක් දිනාගත් නිර්මාණ ලෙස හඳුන්වා දිය හැක.

 Dancin (On A Saturday Night)

Good Times Rock & Roll
 
 

Did You Boogie

මේ වනවිට මෙම කණ්ඩායමේ නාමය Flash Cadillac ලෙස කෙටි කර ගෙන ඇති අතර අංග සම්පුර්ණ තුර්ය වාදක වෘන්දයක් සමග ප්‍රසංග පවත්වනු ලබයි. තවද එක්සත් ජනපදයේ පැරණි සංගීතය ප්‍රිය කරනා රසිකයන් අතර අතිශය ජනප්‍රිය Supergold ගුවන්විදුලි ප්‍රසංගය සංගීතවත් කරනුයේද Flash Cadillac විසිනි.