Wednesday, May 10, 2017

සංගීත භාණ්ඩ වර්ගීකරණයේ ඉතිහාසය

සංගීත භාණ්ඩ වර්ගීකරණය පිලිබඳ පැරණිම මුලාශ්‍රය ලැබෙන්නේ චීනයෙනි. ක්‍රිස්තු පුර්ව නවයත් පහත් අතර පවතෝ චාවූ (Chou Period) යුගයේ මුලාශ්‍ර පදනම් කරගෙන යෝ චායි (Yo Chi) විසින් සම්පාදිත Record of Ritual Music and Dance කෘතියේ පවසනුයේ මුල් යුගයේ සංගීත භාණ්ඩ ලීයෙන් කළ, ගලින් කළ, රෙදි වලින් කළ සහ උණ ලීයෙන් කළ යනුවෙන් වර්හ හතරකට බෙදා තිබුන බවය. මෙම වර්ගීකරණය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවස පමණ වන විට භාණ්ඩ වර්ග අටකට බෙදී ඇති බව කියවෙයි. එනම් 
1. ලෝහයෙන් කළ භාණ්ඩ.
2. ගලින් කළ භාණ්ඩ
3. මැටියෙන් කළ භාණ්ඩ 
4. සමින් කළ භාණ්ඩ 
5. තතින් කළ භාණ්ඩ
6. රෙදි වලින් කළ භාණ්ඩ 
7. උණ ලී වලින් කළ භාණ්ඩ
8. ලී වලින් කළ භාණ්ඩ

පුරාණ ලෝකයේ, සංගීතය ඉතා ඉහල මට්ටමක තිබූ ඉන්දියාවේ, සංගීත භාණ්ඩ වර්ගීකරණය  පිලිබඳ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ පළමු සියවස තෙක් දිවෙයි. ඉන්දියානු වර්ගීකරණය පිලිබඳ පළමු මුලාශ්‍රය ලැබෙනුයේ භාරත දේශයේ භරත මුනිවරයා විසින් සම්පාදිත නාට්‍ය ශාස්ත්‍ර නම් කෘතියෙනි. එම කෘතියෙහි සංගීත භාණ්ඩ හඳුන්වා දී ඇත්තේ අතෝදය නමිණි. ක්‍රිස්තු වර්ශාරම්භයේ භාරත දේශයේ සංගීත භාණ්ඩ සිවු වැදෑරුම් වර්ගී කරණයකට යටත් කර ඇත. එනම් 
1. තත් භාන්ඩ 
2. අවනද්ධ භාණ්ඩ 
3. ඝන භාණ්ඩ 
4. සුශිර භාණ්ඩ 

තත් වලින් හඬ නගනා භාණ්ඩ සිතාරය වැනි භාණ්ඩ තත් භාණ්ඩ යනුවෙන්ද, වට කොට වසන ලද ඇස් සහිත බෙර ආදිය අවනද්ධ භාණ්ඩ යනුවෙන් ද, තාලම් ආදිය ඝන භාණ්ඩ යනුවෙන්ද, බටනලා වැනි හිල් සහිත, වායුවෙන් හඬ නගනා භාණ්ඩ සුශිර භාණ්ඩ යනුවෙන්ද එම කෘතියෙහි විස්තර කෙරෙයි.  මෙයට අමතරව මැටියෙන් තනනා ලද බෙර,  පණව සහ දර්දුර බෙර වශයෙන් නම් කර ඇත  

පසු කලෙක සංගීත භාණ්ඩ තෙවැදෑරුම් වර්ගීකරණයකට යටත් කර ඇත. එනම් 
1. තත භාණ්ඩ 
2. විතත භාණ්ඩ 
3. තත විතත භාන්ඩ 
මෙහිදී තත භාණ්ඩ සහ විතත භාණ්ඩ මොනවාදැයි තේරුම් ගත හැකි වුවද තත විතත භාණ්ඩ මොනවාදැයි තේරුම් ගත නොහැක. 

ක්‍රිස්තු වර්ෂ පළමු සිය වසේදීම නාරද නම් පඬි වරයා වෙනත් ආකාරයක වර්ගීකරණයක් ඉදිරපත් කර ඇත.
එනම් 
1. චර්ම වාද්‍ය භාණ්ඩ  හෙවත් සමින් කළ භාණ්ඩ 
2. තන්ත්‍රිකා හෙවත් තත් වලින් කෙරුණු භාණ්ඩ 
3. ඝන වාද්‍ය භාණ්ඩ 

නැවතත් ක්‍රිස්තු වර්ෂ හය වන සියවසේදී ඉන්දියා වේ විසූ කෝහල නම් පඬි වරයා සිව් වැදෑරුම් වර්ගීකරණයක් 
යටතේ සංගීත භාණ්ඩ බෙදා ඇත. 
1. සුශිර භාණ්ඩ 
2. ඝන භාණ්ඩ 
3. චර්ම බද්ධ භාණ්ඩ හෙවත් සමින් බඳිනා ලද භාන්ඩ 
4. තන්ත්‍රි භාන්ඩ හෙවත් තතින් කළ භාණ්ඩ  
මේ අනුව වසර පන්සියයකට පසුව නැවතත් භරත මුනිවරයාගේ වර්ගීකරණය පිළිගෙන ඇති බව පෙනී යයි.

ක්‍රිස්තු වර්ෂ දොළොස් වන සියවසේදී සංගීතසුධාකර නම් කෘතිය ලියූ හරිපාල පඬිවරයා සංගීත භාණ්ඩ හතර වර්ගයකට බෙදා වෙන් කර ඇත්තේ මෙලෙසිනි. 
1. සුශාර 
2. තත 
3. විතත 
4. ඝන 
මෙහිදී වීණා ආදිය තත ලෙසින්ද බෙර වර්ග විතත ලෙසින්ද වර්ගීකරණයට ලක් කර ඇත.

උත්තර භාරතයේදී සංගීත භාන්ඩ චතුර්විධ වර්ගීකරණයකට ලක් කරනා විට,  දකුණු ඉන්දියාවේ පංච විධ වර්ගීකරණයක් භාවිතා කර ඇති බව පෙනේ. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ සිට හයවන සියවස දක්වා දියුණු වූ ද්‍රවිඩ සාහිත්‍යයේ සංගීත භාණ්ඩ හඳුන්වා දී ඇත්තේ කරුවි නමිණි. දකුණු ඉන්දියානු සංගීත භාණ්ඩ වර්ගී කරණය පහතින් දැක්වෙයි.
1. තොල් කරුවි හෙවත් සමින් කළ භාණ්ඩ. දෙමළයෙන් තොල් යනු හම ය.
2. තුලයි කරුවි හෙවත් සිදුරු සහිත වාතයෙන් නාදය උපදවන භාණ්ඩ. මෙහි තුලයි යනු සිදුරය.
3. නරම්පුක් කරුවි හෙවත තතින් නාදය උපදවන භාණ්ඩ. දෙමළයෙන් නරම්පුක් යනු තත ය. 
4. මිතත්තුරු කරුවී හෙවත් මිනිස් කටහඬ 
5. කංචක් කරුවි හෙවත් ලෝහයෙන් කරනා ලද භාන්ඩ.
මෙම වර්ගී කරණයෙන් මිනිස් කටහඬ සංගීත භාණ්ඩයක් ලෙසින් නොගෙන අයින් කළහොත් ඉතිරිය භරත මුනිවරයාගේ වර්ගීකරණයේ ඇති තත, අවනද්ධ, ඝන සහ සුශිර යන බෙදිල්ලමය. එය පැරණි සංස්කෘත සාහිත්‍යයේ කියැවෙන අවනද්ධ, සුශිර, තත, ගාත්‍ර සහ ඝන ලෙසින් වන පස්වැදෑරුම් බෙදිල්ලම ය.

බටහිර ලෝකයේ සංගීත භාන්ඩ වර්ගීකරණය පිළිබඳව ලියාවී ඇත්තේ ඉතාමත් අවම වශයෙනි. වසර 1880 දී වික්ටර් චාල්ස් මහිලන් (Victor-Charles Mahillon) විසින් සංගීත භාණ්ඩ වර්හ තාරකාව බෙදා වෙන් කර ඇත. එනම් 
1. ඔටෝෆෝන්  හෙවත් ඝන භාණ්ඩ 
2. මෙම්බ්‍රෆෝන් හෙවත් අවනද්ධ භාණ්ඩ 
3. කොඩොෆෝන් හෙවත් තත් භාණ්ඩ 
4. ඒරෝෆෝන් හෙවත් සුශිර භාණ්ඩ 
මෙම වර්ගීකරණය භාරතීය මුල් වර්ගීකරණයට සමානය. 

එරීක් වොන් හෝන්බොස්ටල් (Erich von Hornbostel) සහ කර්ට් සශ්ස් (Curt Sachs) විසින් 1914 දී නව වර්ගීකරණයක් හඳුන්වා දුන්හ. එම වර්ගී කරණය මෙසේය.

1. අයිඩෝ ෆෝන් (idiophones), එනම් තමා විසින් ම කම්පණය වෙමින් නාදය උපදවන භාණ්ඩ උදා: සයිලෆෝන් (xylophone) 
2. මෙම්බ්‍රෆෝන් (membranophones) , එනම් සිවියක් කම්පනය වෙමින් නාදය උපදවන භාණ්ඩ උදා: බෙර 
3. කොඩෝෆෝන් (chordophone), එනම් තත්  කම්පනය වෙමින් නාදය උපදවන භාණ්ඩ  උදා: පියානෝ, වයලීන් 
4. ඒරොෆෝන් aerophones, එනම් වායුව  කම්පනය වෙමින් නාදය උපදවන භාණ්ඩ  උදා: පයිප් ඕගන් 
5. ඉලෙක්ට්‍රොෆෝන් electrophones, එනම් විද්‍යුතය මාර්ගයෙන් නාදය උපදවන භාන්ඩ   උදා: විදුලි ගිටාර . 

නුතන බටහිර වර්ගීකරණය තුලට නව වර්ගීකරණයක් හඳුන්වා දී ඇත වඩාත් සරල ක්‍රමයක් වන එම වර්ගීකරණයේ ඇත්තේ සංගීත භාන්ඩ වර්ග තුනක් පමණි.
1. තත් භාන්ඩ (string)
2. වායු භාණ්ඩ (wind)
3. ඝට්ටක භාන්ඩ (percussion)

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Musical_instrument_classification
දේශයෙන් දේශයට වෙනස්වන සංගීත භාණ්ඩ වර්ගීකරණය - මහාචාර්‍ය තිස්ස කාරියවසම් 

12 comments:

  1. මම ඉස්කෝලෙ ඉද්දි (තාමත් ඉස්කෝලෙ යනවා ඈ...) ඔකෙස්ට්‍රා එකෙයි, හේවීසී බෑන්ඩ් එකෙයි හිටියා... අවු. අටක්... ඒ කාලෙ ඇතුලතදී සංගීත භාණ්ඩ කිහිපයක් වාදනයට ඉගෙනගත්තා... දවුල, තම්මැට්ටම, යක්බෙරය, ගැටබෙරය, උඩැක්කිය, තබ්ලාව, වයලීනය( මේකෙ විශාරද වෙනකම්ම ඉගෙනගත්තා) , පියානෝ, ගිටාරය, එස්‍රාජ්, සිතාරය( තරමක් දුරට පුලුවන්, හොදටම බෑ හැබැයි)... ඉස්කෝලෙ වැඩ වලට ඉගෙනගන්න තිබ්බෙ පියානෝ විතරයි... ඒත් මගේ කැමැත්ත නිසාම ප්‍රයිවට් ක්ලාසස් කිහිපයකටම ගිහිල්ලා මේවා ඉගෙන ගත්තා...

    ReplyDelete
    Replies
    1. එළ කොල්්ලෙක්නේ

      Delete
    2. එක සංගීත භාණ්ඩයක් ඉගෙන ගත්තම අනෙක් ඒවා ඉගෙන ගන්න එක ඉතාම පහසුයි. හැබැයි කැපවීම තියෙන්න ඕන.
      මට නං තව අවුරුදු දෙකයි ඉස්කෝලේ යන්න තියෙන්නේ

      Delete
  2. කොහොම උනත් සංගීතය කියන්නෙ හරිම විශ්මිත දෙයක්,ගිතාරුව ගහන්න ඉාගන ගත්ත දවස්වල තමයි ඒක තේරුමි ගියේ. ඉස්කෝලේ කාලේ ඉගෙන ගන්න ආශාවක් තිබුනෙ නැතත් දැන් හිතේ ලොකු ආශෘවක් තියෙනව සංගීතය ඉගෙන ගන්න .මොකද ඒ දවස්වල අපේ හිතේ තිබ්බ මතයක් තමයි සංගීතය කියන්නේ සිංදු කියන්න පුලුවන් අයට අයිති විශයක් කියන එක.හොද ලිපියක්

    ReplyDelete
    Replies
    1. මාත් ඉස්කෝලේ යන කාලේ සින්දුවක් කියල සංගීත විෂය සඳහා තෝරාගන්න ක්‍රමයෙන් ෆේල් උනා.හැබැයි පස්සේ අවුරුදු ගණනාවක්ම ගීතිකා කණ්ඩායමේ හිටියා

      Delete
  3. ස්කොලේදී සංගීතේ ඉගෙන නොගත්තත් එක්ස්ට්‍රේ කොළ සංගීත භාණ්ඩ තමයි ඉතින් වාදනය කලේ

    ReplyDelete
    Replies
    1. එක්ස්ට්‍රේ කොළ ඩ්‍රම් සෙට් ඉස්සර හොඳ විකල්පයක් ඉගෙන ගන්න.එකට කොහෙද දැන් ඉන්න උන්

      Delete
  4. උඔ දන්නවනේ මාත් හොද ගිටාර් කාරයා දන්නවනේ මං ගහන විදිහ

    ReplyDelete
    Replies
    1. ඔව් මචෝ අයි මම නොදන්නේ උඹ වන්නම් 18ම ගිටාර් එකෙන් ගහන්න සූරයා බව

      Delete