Wednesday, July 30, 2014

සංගීත චාරිකාවක් 11 - Dire Straits




ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න දවස්වල ගෙදර තිබුණු ඔර්ගන් එක ගහන්න පටන් ගත්ත. මුලින්ම ගැහුවේ දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ. ඔර්ගන් එකත් එක්ක ආපු මැනුවල් එකේ C G F කෝඩ් තුන අල්ලන විදිහ තිබුන. ගිටාර් ගහල පුරුද්ද ටිකක් තිබුන හන්ද සති දෙක තුනකින් අල්ලගන්න පුළුවන් උනා. කී බෝඩ් වලට් ආස හිතුණු හන්ද කී බෝඩ් වලින් වැඩ දාන සින්දු හොයා හොයා අහන්න පටන් ගත්ත. එතකොට තමයි Dire Straits ලගේ Walk of Life හම්බ උනේ.



මේ සින්දුවට ආස හිතුණු නිසා Dire Straits සින්දු කීපයක්ම රෙකොර්ඩ් කර ගත්ත.

Dire Straits සංගීත කණ්ඩායම 1977 වසරේ පිහිටුවනු ලබන්නේ මාක් නොප්ෆ්ලර්ගේ මුලිකත්වයෙනි. මෙම කණ්ඩායම Mark Knopfler ලීඩ්  ගිටාරයෙන්ද David Knopfler රිදම් ගිටාරයෙන්ද John Illsley බේස් ගිටාරයෙන්ද Pick Withers ඩ්‍රම්ස් වාදනයෙන්ද සංගීතවත් කරනු ලැබුවා.

බ්‍රිතාන්‍ය ජාතිකත්වයක් සහිත මෙම රොක් සංගීත කණ්ඩායමේ නිර්මාණ වෙත ජෑස්, ෆෝක් , බ්ලුස් මෙන්ම රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලින්ගේ ආභාශය පෙන්නුම් කරනවා.

1977 වසරේ මෙම කණ්ඩායම, Sultans of Swing,  Water of Love ඇතුළු ගීත පහක්  බීබීසී රේඩියෝවේ Honky Tonk වැඩසටහන කල චාලි ගිලට් වෙත ඉදිරිපත් කරනුයේ හුදෙක්ම උපදෙසක් බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ගීත කෙරෙහි ප්‍රිය උපදවාගන්නා චාලි ගිලට් තම වැඩසටහනෙහි ඒවා ප්‍රචාරය කරනවා. කණ්ඩායමේ ඇති සාර්ථක ආරම්භය මෙලෙස සනිටුහන් වෙනවා.

Sultans of Swing

Dire Straits සංගීත ලෝකයේ වාණිජ වශයෙන් අතිශය සාර්ථක සංගීත කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. ඔවුන්ගේ Brothers in Arms ඇල්බමය පමණක් පිටපත් මිලයන තිහක ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා. එම ඇල්බමය අලෙවිය පිටපත් මිලියනය පසුකළ ප්‍රථම සංගත තැටිය ලෙසින්ද වාර්තාවක් පිහිටුවනවා. කණ්ඩායමේ අතිශය ජනප්‍රිය Money for Nothing ගීතය ද මෙම ඇල්බමයේ අඩංගු වනවා.

Money for Nothing

මෙම කණ්ඩායම දිනාගත් ග්රැමී සම්මාන ගණන හතරකි. 1986 වසරේදී  Brothers in Arms ගීතය ග්රැමී සම්මාන දෙකක් දිනා ගන්නවා.


මොවුන්ගේ තවත් අති ජනප්‍රිය ගීත ලෙස Romeo and Juliet,  So Far Away Tunnel of Love සහ Telegraph Road හැදින්විය හැක.

Romeo and Juliet
 So Far Away
Tunnel of Love
  
Telegraph Road



චාරිකාව තව දුරයි
දොළොස්වන කොටසින් හමු වෙමු

Eagles ල ගැන කියවෙන 10 වන කොටසේ පොඩි කතිකාවක් යනවා එකටත් මෙතනින් පොඩ්ඩක් සෙට් වෙමු.

Tuesday, July 29, 2014

අමෘතය - දෙක



ගලක් උඩින් මොකක්දෝ එකක් තැබූ තැනක දෙවොලකි..........

දෙවොල වටේ කප්රුක් ගොමුවකි.
තුරු හිස ලනු අතුරු බැදගත් රුක් දෙවි වරු
ලබු විදහාගෙන ඔන්ලයින් ජොබ් කරති

දෙවොලේ  කපුවා නලාගිරි පරපුරේය
පුජාව පවත්වනුයේ සනි රිවි දින පමණි
සොරි සොරි - පුන් පොහොය සහ ආණ්ඩුවේ නිවාඩු දිනවල විශේෂ පුජා පැවත්වේ.

පුජාව සදහා අමුර්තය අනිවාර්යය
නිසි ලෙස පේවී පුජාව තැබුවහොත්
අහසින් යාමට වරමක් ලැබේ

අත්දුටුවයි සත්තයි 
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/
\/

Monday, July 28, 2014

අමෘතය


පාන්දරින් නැගිටින්නේ
ලබ්බ ඉනේ බැද ගන්නෙ
දිවිය රතේ පැදයන්නේ
කප්රුක යට නවතන්නේ

ජොබ් එක ඕන ලයින්ය
යුනිෆෝමය ඩෙනිම්ය
නැගුනේ හැර මතින්ය
ලිස්සුවොතින් හබක්ය

ලබුදෙක උඩ එල්ලෙන්නේ
එක ලබ්බක් පුරවන්නේ
පිරුණු ලබ්බ කඹේ දිගේ
පල්ලෙහාට රුටන්නේ

කූබිද ඇත
බබරුද ඇත
හුනොද ඇත
කඩියොද  ඇත

මේ ඔක්කොම පෙරා අරන්
ලුණු ඩිංගක් මුහුන් කරන්
ළුණු ගෙඩිය සපන ගමන්
උගුර දිගේ බස්සවපන්


\/
\/
\/
\/
\/
\/
\/

Sunday, July 27, 2014

සංගීත චාරිකාවක් 10 - සංගීත ලොව උකුස්සෝ The Eagles




1985 වසරේ අග භාගය වෙනකොට මතක් උනා අපොස සාපෙ ලියන්න තියන බව. පිස්සු නැටිල්ල නවත්වල පාඩම් කරන්න පටන් ගන්න හිතන කොට විභාගයට තියෙන්න මාස තුනයි. කාල සටහනක් හදාගෙන බලනකොට එක විෂයකට තියෙන්න දවස් දහයයි. ප්‍රශ්න පහකට සෙට් උනත් එක ප්‍රශ්නයකට ඉතුරු උනේ දවස් දෙකයි. ඔන්න හීන් දාඩිය දැම්ම. ජීවිත කාලයටම රැ දහයට පස්සේ ඇහැරලා හිටපු නැති මම පාඩම් කරන්න පටන් ගත්තු දවසේ හවස හතෙ ඉඳල පහුවදා උදේ හය වෙනකල් පාඩම් කරා. පස්සේ දවසෙම නිදියගත්තා. එදා ඉඳල අවාරයට තමයි ඉස්කෝලේ ගියේ. ගෙදර නැවතිලා දවල් 12 විතර වෙනකල් නිදියගෙන දවල් ඉඳල පහුවදා පාන්දර හතර වෙනකල් කරලා තමයි සාපෙ ගොඩ දාගත්තේ. මේ මුළු කාලයේම රාත්‍රියට අම්ම මගේ  කාමරයට වෙලා බොහෝ වෙලාවට ඇහැරගෙන හිටිය.  ප්‍රතිපල එනකොට ඩී හයයි සී දෙකක් එක්ක පාසලේ හොඳම ප්‍රතිපලය ලබාගන්න හැකිඋනා

සාපෙ කරලා ඉන්න දවස්වල Tequila Sunrise ගීතය ගුවන් විදුලි ඉංග්‍රීසි සේවයේ අහන්න ලැබිල රෙකොර්ඩ් කරගන්න ගියාම "The Eagles" Their Greatest Hits (19711975) ඇල්බමයම රෙකොර්ඩ් බාර් එකෙන් කොපි කරලා දුන්න.
 
1971 වසරේ ලොස් ඇන්ජලීස් හිදී ආරම්භ කරන The Eagles ඉතා කෙටි කාලයක් ඇතුලත ඇමරිකාවේ සාර්ථකම රොක් සංගීත කණ්ඩායම බවට පත් වන්නේ ග්රැමී සම්මාන හයක්ද ඇමෙරිකානු සංගීත සම්මාන පහක් ද හිමි කරගනිමින්.

සිය ප්‍රථම ඇල්බමයහි එළිදක්වන Take It Easy, Witchy Woman, සහ Peaceful Easy Feeling යන ගීත ත්‍රිත්වය ඇමෙරිකානු ගීත දර්ශකයේ මුල් ගීත 40 අතරට පැමිණෙනවා.

Take It Easy


Witchy Woman


Peaceful Easy Feeling 



ඊගල්ස් සංගීත කණ්ඩායම  ගිටාරය සහ ඩ්‍රම්ස් මුලික කරගත් රොක් සංගීත ආරක් තුල ස්වකීය නිර්මාණ බිහිකොට තිබෙනවා.

මොවුන්ගේ දෙවන ඇල්බමය වන 1973 එළිදැක්වූ , Desperado පළමුවැන්න තරම් සාර්ථක වන්නේ නැහැ. එහි ගීත කිසිවකට ඇමෙරිකානු ගීත දර්ශකයේ මුල් ගීත 40 අතරට පැමිණීමට නොහැකි උනත් එහි ඉතා ජනප්‍රිය  ගී දෙකක් වන Desperado සහ Tequila Sunrise අන්තර්ගත වනවා.

Desperado




Their Greatest Hits (1971–1975) ඇල්බමයේ  පිටපත් මිලියන 32ක් ද හොටෙල් කැලිෆෝනියා ඇල්බමයේ පිටපත් මිලියන 42ක් ද ඇතුළුව ගී තැටි මිලියන 150ක ප්‍රමාණයක් විකිණීම තුලින් ඊගල්ස් ලොව සාර්ථකම සංගීත කණ්ඩායම් අතරට එක් වනවා.

මෙම සංගීත කණ්ඩායමේ විශ්ෂ්ඨතම ගීතය ලෙස Hotel California නම් කල හැක. 1977 වසරේ බිල්බෝඩ් සංගීත දර්ශකයේ ප්‍රථම ස්ථානය සතියක කාලයක් රඳවා ගැනීමට හොටෙල් කැලිෆෝනියා ගීතය සමත් වූ අතර 1977 වසර සඳහා හොඳම ගී තැටිය සම්මානය එම ඇල්බමය දිනාගත්තා. තවද මෙම ගීතයේ එකල ගිටාර් වාදනය (guitar solo) ලොව හොඳම එකල වාදන දසය අතරට බොහෝ දර්ශක විසින් නම් කර තිබෙනවා.
හොටෙල් කැලිෆෝනියා ගීතය මුලින් සංගීත නිර්මාණය කර පසුව ගී පද රචනය කරන ලද්දක්.  මුලදී  E minor ප්‍රධාන ස්වරසංඝාතයහි කල මෙම නිර්මාණය පසුව එහි ගායකයා වූ Don Henley ගේ ගායනයට සුදුසු ලෙස B minor ප්‍රධාන ස්වරසංඝාතයට වෙනස් කොට ඇත.




බොහෝ ආධුනික ගිටාර් වාදකයින්ගේ  සිහින ගීතය වන හොටෙල් කැලිෆෝනියා හි ධ්වනික සංස්කරණය (acoustic version) 1994 වසරේ එළිදක්වුවා. මෙම කණ්ඩායම 1980 වසරේ බිදී ගොස්  නැවත එකතුවීම් සිදුවූ 1994 ප්‍රසංගයේ හොඳම සමරුව ලෙස එම ධ්වනික සංස්කරණය  ගැනෙනවා



චාරිකාව තව දුරයි

එකොලොස් වන කොටසින් හමුවෙමු.