Monday, February 2, 2015

සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව - ඌන පූර්ණයක්

අප සුමිතුරු සින්දු ඇනෝ සිය බ්ලොගයේ පලකළ ගනුෂ්ක රන්දුල විසින් රචිත සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව ඉතාමත් ඉහල මට්ටමේ පර්ය්ෂනාත්මක ලිපිය කියවීමට ලැබුනේ පලකොට දින කිහිපයක් ඇවෑමෙනි. එබැවින් මවිසින් එම ලිපියට දැමු කොමෙන්ටුව බොහෝදෙනෙකු ඇස නොගැටීම තුල සී ටී ප්‍රනාන්දු ගේ ගීත තැටි ජනප්‍රිය වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් පිලිබඳ මා කියවා ඇති සාධකයක් ඔබ වෙත සන්නිවේදනයට එහි අන්තර්ගතය නැවත සංස්කරණය කොට මෙහි පලකරනවා.

සී. ටී ප්‍රනාන්දුගේ ගීත රසිකයන් අතරට යාමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඒවා ඉතාමත් ගුණාත්මක තැටිගත කිරීමකින් යුක්ත වීමය. ඔහුගේ බොහෝ ගීත HMV, Philips වැනි සමාගම් විසින් මහා බ්‍රිතානයයෙදී තැටිගත කරන ලද බව කියවෙයි. සමකාලීන සිංහල ගීත වල මුල් තැටි වල බේස් සහ ට්‍රිබල් පරාසය පැහැදිලිව අසන්නට නොලැබෙන නමුත් CT ගේ ගීත වල බේස් සහ ට්‍රිබල් පරාස දෙකම හොඳින් ස්ථාන ගතව තිබෙනවා. නමුත් සමකාලීන සිංහල ගීත බෙහෙවින්ම තැටිගතව තිබෙනුයේ මිඩ් පරාසය ඉස්මතු වන ලෙසිනි. ඔහුගේ සමහර ගීත වල බේස් ගිටාරය වෙනුවට ඩබල් බේස් හෝ චෙලෝ වාදනය ඇසෙනුයේ ඒවා බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායම් වල වාදනයන් සමගින් තැටිගත කිරීම නිසා වන්නට පුළුවන.

මුල් ලිපිය මෙතැනින්