ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න දවස්වල ගෙදර තිබුණු ඔර්ගන් එක ගහන්න පටන් ගත්ත. මුලින්ම
ගැහුවේ දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ. ඔර්ගන් එකත් එක්ක ආපු මැනුවල් එකේ C G F කෝඩ් තුන අල්ලන විදිහ තිබුන. ගිටාර් ගහල පුරුද්ද ටිකක්
තිබුන හන්ද සති දෙක තුනකින් අල්ලගන්න පුළුවන් උනා. කී බෝඩ් වලට් ආස හිතුණු හන්ද කී
බෝඩ් වලින් වැඩ දාන සින්දු හොයා හොයා අහන්න පටන් ගත්ත. එතකොට තමයි Dire Straits ලගේ Walk of Life හම්බ උනේ.
මේ
සින්දුවට ආස හිතුණු නිසා Dire
Straits සින්දු කීපයක්ම රෙකොර්ඩ් කර ගත්ත.
Dire Straits සංගීත කණ්ඩායම 1977 වසරේ පිහිටුවනු ලබන්නේ මාක් නොප්ෆ්ලර්ගේ
මුලිකත්වයෙනි. මෙම කණ්ඩායම Mark Knopfler ලීඩ් ගිටාරයෙන්ද David Knopfler රිදම් ගිටාරයෙන්ද John Illsley බේස්
ගිටාරයෙන්ද Pick Withers ඩ්‍රම්ස් වාදනයෙන්ද සංගීතවත්
කරනු ලැබුවා.
බ්‍රිතාන්‍ය
ජාතිකත්වයක් සහිත මෙම රොක් සංගීත කණ්ඩායමේ නිර්මාණ වෙත ජෑස්, ෆෝක් , බ්ලුස් මෙන්ම
රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලින්ගේ ආභාශය පෙන්නුම්
කරනවා.
1977
වසරේ මෙම කණ්ඩායම, Sultans
of Swing, Water
of Love ඇතුළු ගීත පහක් බීබීසී රේඩියෝවේ Honky Tonk වැඩසටහන කල චාලි ගිලට් වෙත ඉදිරිපත් කරනුයේ හුදෙක්ම උපදෙසක්
බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ගීත කෙරෙහි ප්‍රිය උපදවාගන්නා චාලි ගිලට් තම
වැඩසටහනෙහි ඒවා ප්‍රචාරය කරනවා. කණ්ඩායමේ ඇති සාර්ථක ආරම්භය මෙලෙස සනිටුහන් වෙනවා.
Sultans
of Swing
Dire Straits සංගීත ලෝකයේ වාණිජ වශයෙන් අතිශය සාර්ථක සංගීත කණ්ඩායමක් ලෙස හැදින්විය
හැකිය. ඔවුන්ගේ Brothers in Arms ඇල්බමය පමණක් පිටපත්
මිලයන තිහක ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා. එම ඇල්බමය අලෙවිය පිටපත් මිලියනය පසුකළ ප්‍රථම
සංගත තැටිය ලෙසින්ද වාර්තාවක් පිහිටුවනවා. කණ්ඩායමේ අතිශය ජනප්‍රිය Money
for Nothing ගීතය ද මෙම ඇල්බමයේ අඩංගු වනවා.
Money
for Nothing
මෙම කණ්ඩායම දිනාගත් ග්රැමී සම්මාන ගණන හතරකි. 1986 වසරේදී Brothers
in Arms ගීතය ග්රැමී සම්මාන දෙකක් දිනා ගන්නවා.
මොවුන්ගේ
තවත් අති ජනප්‍රිය ගීත ලෙස Romeo
and Juliet, So
Far Away, Tunnel of Love සහ Telegraph
Road හැදින්විය හැක.
Romeo
and Juliet
So
Far Away
Tunnel of Love
Telegraph
Road
චාරිකාව
තව දුරයි
දොළොස්වන
කොටසින් හමු වෙමු
Eagles ල ගැන කියවෙන 10 වන කොටසේ පොඩි කතිකාවක් යනවා එකටත් මෙතනින් පොඩ්ඩක් සෙට් වෙමු.
Eagles ල ගැන කියවෙන 10 වන කොටසේ පොඩි කතිකාවක් යනවා එකටත් මෙතනින් පොඩ්ඩක් සෙට් වෙමු.