Saturday, July 19, 2014

සංගීත චාරිකාවක් - 07 පොප් සංගීතය



අට නවය පන්ති වල ඉන්න කාලේ ඉස්කෝලේ යනවට යනවා.  උදේම නැකිටල මූන හොදගත්ත. පොත් බැග් එක කරේ දාගෙන ස්කුල් බස් එකේ නැගල පාන්දරම ඉස්කෝලේ ගියා. ඉස්කෝලේ පටන් ගන්න කල්ම පිට්ටනියේ ෆුට් බෝල් ගැහුවා. බෙල් එක ගැහැව්වම මඩ උරෝ වගේ පන්තියට ගියා. ගෙදර වැඩ කරලා නැති නිසා ගුටිකාල පාඩම් ටික ඉගනගත්ත, ඉස්කෝලේ ඉවර උනාම අයෙත් ස්කුල් බස් එකේ නැගල ගෙදර ආව, පොත් බැග් එක සාලේ සැටියට විසිකලා. බත්කාල ගමේ ඇවිදින්න ගියා. රැ වෙනකොට බත් කාල බුදිය ගත්ත. ගොඩක් දවස් වල ටී වී බලන්නේනේ වත් නැ. අයෙත් පහුවදා උදේට සැටියෙන් බැග්  එක අරගන අධ්‍යාපන (විෂම) චක්‍රය පටන් ගන්නවා.

නවය පන්තිය අග ඉන්නකොට ටිකක් කරදඬු උස් මහත් වෙලා කළුතර ටවුමට තනියම ගිහින් තනියම තමන්ගේ ජාවාරම් ටික කරගන්න පුළුවන් කම ලැබුන. ඒ දවස් වල සන්ඩේ ටයිම්ස් එකේ මියුසික් චාට්එක බලනවා. රේස් කොලේ බලනවා වගේ සින්දු තෝරාගෙන කළුතර ප්‍රිස්කා රෙකොර්ඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගන්නවා. මොනවා කරන්නත් සල්ලි තමයි නැත්තේ. ගෙදරින් සත විසිපහක් වැඩිපුර හොලවගන්න අමාරුයි.

සල්ලි ඕන උනහම ආච්චිට පොඩි පොඩි වැඩ කරලා දීල කීයක් හරි කොටාගන්නවා. පොල් කඩන මිනිහව එක්කගෙන ඇවිත් පොල් කඩවනව, ඊට පස්සේ අත් ලෙලි යනකල් පොල් ගෙඩි 200ක් විතර ලෙලි ගහල කඩේට විකුනනවා. පොල් විකුනපු සල්ලි වලින් රුපියල් 20ක් විතර ආච්චි මට දෙනවා. ඔය රුපියල් විස්ස  පනස් දාහකට වඩා වටිනවා. මිදුල උදලුගාල, තණකොළ විසිකැති ගහල කොහොම හරි රුපියල් පනහක් විතර කොටාගෙන ප්‍රිස්කා රෙකොර්ඩ් බාර් එකට පුජා කරනවා

මේ කාලේ පොප් මියුසික් ජනප්‍රියත්වයේ හිනි පෙතට නගිමින් පැවතුනා. පොප් මියුසික් යන යෙදුම  මුල් වරට යොදාගත් බවට වාර්තා වන්නේ  1926 දී ය. ජනප්‍රිය ආකර්ශනයක් සහිත යන තේරුමෙන් Popular යන්න  POP  ලෙස කෙටි කොට යෝදාගෙන් තිබෙනවා. විසි වෙනි සියවස මැද භාගයේ සම්මත පොප් ගීතය බිහිවී තිබෙනුයේ.
පොප්ගීතයක් සාමාන්‍යයෙන් විනාඩි තුනකින් පමණ දිගු වන අතර වාද්‍ය වෘන්දය ඉලෙක්ට්‍රික් ගිටාර, බේස් ගිටාර, ඩ්‍රම්ස් සහ ප්‍රභල කෝරසයක් සහිත ගායනයකින් සමන්විත වෙනවා.

පොප් ගීත අතුරින් වඩාත් ම ජනප්‍රිය වූ ගීතය ලෙස සැලකෙනුයේ   The Knack ගායනා කරන My Sharona    නම් ගීතයයි


බීටල්ස්, රෝලිං ස්ටෝන්ස්, බීච් බෝයිස් වැනි ගායන කණ්ඩායම් මෙන්ම එල්විස් ප්‍රෙස්ලි, ජේම්ස් බ්‍රවුන්, ස්ටීව් වොනඩර් වැනි ගායකයන් පොප් සංගීතයේ ඉදිරියෙන්ම හිටියා. අපේ යුගයේ Marshall Crenshaw ගායනා කළ  Someday Someway  අතිශය ජනප්‍රිය උනා.


තවත් ජනප්‍රිය ගීතයක් වූ පෝල් කොලින්ස් ගායනා කරන The Beat "Rock N Roll Girl" මෙම වීඩියෝවෙන් දැක ගත හැකිය

මෙම කාලයේ තමයි පොප් රජු මයිකල් ජැක්සන් අපේ රටේ ජනප්‍රිය වෙන්නේ    

චාරිකාව තව දුරයි

අට වන කොටස  - පොප් රජු මයිකල් ජැක්සන් සමග හමුවෙමු

7 comments:

  1. Replies
    1. මදි කිව්වේ පොප් සංගීතය ගැන ලියලා තියෙනවා හොඳටෝම මදි. මොකෝ මේකේ සංගීත පිස්සෝ ගොඩාක් ඉන්නවා. හොඳ ළිපියක් ලියපන්. පබ්ලිසිටියක් දෙන්න. මේක නම් හොඳටෝම මදි.

      Delete
    2. සම්පුර්න ලිපියක් ලගදීම දාන්නම්

      Delete
  2. ආයෙත් කියවනකොට ඇත්තටම මදි කියල හිතෙනවා මාතලන් අයියා

    ReplyDelete
  3. අනේ මේ....

    පිස්සුව අවිස්සුනාම යන්තම් වතුර බින්දුවක් කටට හලලා දුවන්න එපා හරිද.... මේ සින්දු මාව පිස්සු වට්ටලා දැන් තියෙන්නේ... කෝ අනේ තව සින්දු මේකට අමුනන්නකෝ....

    ReplyDelete
  4. පොප් සන්ගීතය ගැන ලියන්න ගිහින් මාව අතරමන් උනා.
    බ්‍රෝඩ් වැඩියි.
    එක නිසා වෙන වෙනම පොස්ට් නැරෝ කරලා ලියනවා

    ReplyDelete