Wednesday, July 16, 2014

සංගීත චාරිකාවක් 04



1980 අව්රුද්දෙ තමයි මම ශිෂ්‍යත්වවිභාගය ලියල පාස් උනේ. ඊට පස්සේ ඕ ලෙවල් වෙනකම් හරිම නිදහස් සුන්දර කාලයක් ගතකලේ. අද වගේ නෙවෙයි ටියුෂන් පන්ති ගියේ ගණිතයටයි ඉංග්‍රීසි වලටයි විතරයි. ඉස්කෝලේ ගිහින් ඇවිත් සෙල්ලම් කරනවා, ගම වටේ ඇවිදිනවා, මුහුදු වෙරළේ කිලෝමීටර් 5 ක් විතර දුවනවා, පොත් කියවනවා වගේ දේවල් විතරයි. කාලයක් මී මැස්සෝ පෙට්ටි වල දාගෙන හදන එකත් වසංගතයක් වගේ මුළු ගම පුරාම කොල්ලන්ගේ  විනෝදාංශයක් වෙලා තිබුනා.

මේ කාලයෙදී ගෙවල් වල නිතර ඇසුණු සී. ටී ප්‍රනාන්දුගේ ගීත වලින් ටික ටික ඈත් වෙලා ක්ලැරන්ස්ගේ ගීත අසන්නට පටන් ගත්ත. මගේ පැත්තෙන් ගත්තහම ගිටරයටත් හිතකරයි නේ. 

ක්ලරන්ස්ගේ ගීත අතරින් ජනප්‍රියම උනේ මලට බඹරකු සේ ගීතයයි. ගිටාර් ගහන ඕනෑම එකෙක් මේක මුල් අවදියේදී ගහනවම තමයි

ඔය කාලේ මාව පාසලේ ගීතිකා කණ්ඩායමට තෝරගත්ත. මිස් රානි තමයි අපිව පුහුණු කලේ. පුහුණුව  පටන් ගන්නේ පියානෝ එකත් එක්ක වොයිස් ට්‍රේනිං කරලා. ඩො - රේ - මී - ෆා - සෝ - ලා - ටී - ඩො - / ඩො - ටී - ලා  -සෝ - ෆා - මී - රේ - ඩො . කිය කියා විනාඩි 10ක් විතර ට්‍රේනිං. පස්සේ තමයි ගීතිකා ගායනය පටන් ගන්නේ. ගීතිකා කණ්ඩායමේ හිටපු ලොකු පන්ති වල අයියලා සින්දු කැසට් අරන් එනවා. අලුත් ඉංග්‍රීසි සින්දු අපේ පන්ති වල පොඩි උන්ට හම්බ උනේ ඒ විදියටයි.

1982 අවුරුද්ද වෙනකොට අපි අතර ජනප්‍රිය වෙච්චි ඉංග්‍රීසි  සින්දු කිහිපයක්  තමයි  Super Trouper, Celebration , සහ  Late In the Evening. ඒ කාලේ රොක් සංගීතය ලෝකය පුරාම ජනප්‍රිය වෙලා තිබුනට අපිට නම් එහෙම ලොකු අදහසක් තිබුනේ නැහැ. ඉංග්‍රීසි සින්දු ඇහුවට වචන තේරුනත් නැහැ තේරුම දන්නනෙත් නෑ . වාදනය කරන්න හිතුවෙවත් නෑ. 

 Super Trouper,

 Celebration

 Late In the Evening.

චාරිකාව තව දුරයි

පස් වෙනි කොටසින් හමුවෙමු

4 comments:

  1. නැවතත් කියන්න තියෙන්නේ උඹ මේ දාන සින්දු ඔක්කොම මට ඇති කරන්නේ නොස්ටැල්ජියාවක් කියලා. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලියනකොට මතක් වෙනවා අතීතය.
      පුදුම සතුටක් දැනෙන්නේ

      Delete