Friday, July 18, 2014

සංගීත චාරිකාවක් 06 - ඩිස්කෝ සංගීතය



1984 වසර වෙනකොට අපේ පන්තියේ හිටිය ඩිලාන් ගේ ගෙදර වීඩියෝ  ප්ලේයර් එකක් තිබුනා. වී එච් එස් කැසට් වලට වඩා ටිකක් පොඩි බීටා මැක්ස් නම් වූ ටේප් වර්ගය තමයි මේ ප්ලේයර් එකේ වැඩ කලේ. ඩිලාන්ගේ තාත්ත පිටරට ඉඳල සංගීත වීඩියෝ එවනව. මේ වීඩියෝ වලින් තමයි අපි මුලින් ම විදේශික ජනප්‍රිය සංගීත කණ්ඩායම් වල ගායන සහ වාදන දුටුවේ. ජාතික රුපවාහිනිය තිබුනත් අලුත් ගීත විකාශන උනේ හරිම අඩුවෙන්.

අපේ රට ලෝකයට හුඟක් පසුපසින් ඉන්නවා කියන එකට හොඳම උදාහරයනයක් තමයි සංගීතය. අසුව දශකයේ මෙරට අපි කන්ට්‍රි සංගීතයට සවන් දෙනකොට, ලෝක සංගීතය ඩිස්කෝ සංගීත ආරහි අවසන් අවධියට පැමිනිල. (පෙරහැර ගිහිල්ල අලි බෙටි වැස්සට හේදිලත් ඉවරයි.) අසුව දශකයේ මුල් අවුරුදු වල පොප් සහ රොක්  සංගීතය ජනප්‍රියත්වයේ මුදුනට වේගයන් ගමන් කරමින් හිටිය. නමුත් අපි රොක් නෙවෙයි තවම කන්ට්‍රි.

ලොව ප්‍රථම ඩිස්කෝ ගීතය ලෙස පිළිගන්නේ Manu Dibango ගේ Soul Makossa නම් ගීතයයි. මෙම ඩිස්කෝ සංගීත ආර නර්තනය සඳහා බිහිවූවක් ලෙස හැදින්වුවහොත් නිවැරදියි. ඩිස්කෝ සංගීතය සමාජශාලා වල බෙහෙවින් ප්‍රචලිත වුවක්. ඩිස්කෝ සංගීතයට කී බෝඩ් සහ ඉලෙක්ට්‍රික් ගිටාර් මුලිකව යොදාගන්නවා. එකොස්ටික් ඩ්‍රම්ස් තමයි කොහොමත් හොඳ කණ්ඩායම් භාවිතා කරේ. 




ඒ කාලයේ අපේ පරපුර අහපු ගීත අතරින් තවමත් මතකයේ රැඳුනු ගීත දෙකක් තමයි  D I S C O (Ottawan ) සහ Funky Town (Lips Inc.). තව One Way Ticket වගේ ගීතත් අතීශය ජනප්‍රිය උනා



මේ කාලයේ නන්ස්ටොප් ගීත ඇල්බම් බිහිඋනා. අපිට ලැබුන නන්ස්ටොප් කැසට් ගොඩක් ඩිස්කෝ සංගීත ආරයට අයත්. නන්ස්ටොප් ගීත බෙහවින් නර්තනයට යොදාගත් නිසා වෙන්න ඇති ඒවා බොහොමයක් ඩිස්කෝ ආරහි ගීත වලින් සමන්විත උනේ.
 
ඩිස්කෝ ගීත කිහිපයක් පහත වීදියෝවහි අඩංගු වෙනවා.


චාරිකාව තවදුරයි

හත්වෙනි කොටසින් හමු වෙමු.

18 comments:

  1. විස්තරත් එක්කම මේ තොරතුරු මතක් කරල දෙනවට ස්තුතියි මචෝ!

    ReplyDelete
  2. මචං මේක ලියාගන යනකොට කවද ඉවර කරන්න ද කියල හිතෙනවා.
    තාම ඉන්නේ 9 පන්තියේ. ඕ ලෙවල් කරලා, ඒ ලෙවල් කරලා, කැම්පස් ගෙහින්, කසාද බැඳලා, ලමයි හම්බ කරලා උන ලොකු කරලා, උන්ට උගන්න අතරේ උනුත් සංගීතයට යොමු කරලා උන්ටත් බෑන්ඩ් ගහන්න උගන්නන, දැන් ඉන්න තැනට චාරිකාව ගේනකොට බබා හම්බ වෙයි වගේ.

    ReplyDelete
  3. එච්චර හිතන්න යන්න එපා මචං
    හැකි වෙලාවට ලියන්න
    පිළිවෙලක් ඕනෙම නෑ බං
    [මට තාම මතකයි අර හොස්ටල් නයිට් එකේ උඹ "මිහිළියගේ තුණුසපුව පුරා" සිරාවටම ගැහුව - මට බෑනේ බං බෙරයක්වත් ගහන්න - ලොකු එකාට පුරුදු කලා! උඹ නොදන්නවට උඹ තමා මට ඒ අධිෂ්ඨානයට පාර කැපුවෙ!! ]
    එනිසා දිගටම ලියපං මස්සිනේ!

    ReplyDelete
    Replies
    1. මචං කැම්පස් එකේ කරපු වන් මෑන් ෂෝ එක ජීවිතයේ අමතක නොවන සමරුවක්. මචං මට විතරක් නෙවෙයි. අදටත් නෙට් එකේ හම්බවෙන බැචාලා ගොඩක් ඕක මතක් කරනවා.
      පුතා මොනවද ප්ලේ කරන්නේ.
      දුර ඉඳන් හරි දෙන්න පුළුවන් සපෝර්ට් එකක් තියනවා නම් කියපන්

      Delete
  4. අපූරූ ළිපියක්... රහයි.. බොහෝ දේ දැනගත්තා..

    ReplyDelete
  5. කොලර් එක කනෙන් ගලවගන්න බැරියෝ

    කට්ටිය එකතුවෙලා ගලවගන්න උදව් කරපියෝ


    ReplyDelete
  6. Machan Jeewana...
    ... digatama liyapan macho....


    Manjula

    ReplyDelete
  7. ෆලෝ ගැජට් එකත් දැම්මා නම් වටිනවා ....අදයි අවේ එන්නම් ...

    ReplyDelete
    Replies
    1. අදම දාන්නම්.
      මම බ්ලොග් කරණයට නවකයෙක්,
      මෙතෙක් කල් කලේ බ්ලොග් කියවීම විතරයි.
      බ්ලොග් එක පටන් අරන් තවම සති දෙකයි.
      අඩුපාඩු පෙන්නුවට ගොඩා....ක් ඉස්තුතියි

      Delete
  8. word verification අයින් කරන්න කමෙන්ට් කරන්න අමරුයි

    ReplyDelete
    Replies
    1. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කළා, ගුගල් + ෆොලොවෙර්ස් ඇඩ් කළා.
      ටැංකූ

      Delete
    2. ගූගල් + ෆලෝවවර්ස් වලට වඩා ප්‍රයෝජනවත් නිකම්ම ෆලෝවර්ස් ගැජට් එක. අන්න ඒක එල්ලපං මචං. අර මගේ බ්ලොගේ එල්ලලා තියෙන්නේ ඒක.

      Delete
  9. ඔන්න උඹේ පෝස්ට් ඔක්කොම කියෙව්වා. දැන් හති. දැන් බලා ඉන්නේ උඹ මනවද මගේ කමෙන්ට් වලට කියන්නේ කියලා.

    ReplyDelete
  10. මට කියන්න තියෙන්නේ එකයි

    එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති

    ReplyDelete
  11. අමුතුම විදියේ බ්ලොග් එකක්. බීට්ල්ගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකක් නිසා ඇවිත් බැලුවේ...:)

    ReplyDelete
    Replies
    1. බලපු එක ගැන ගොඩක් සතුටුයි
      එහෙනම් දිගටම බලන්න.
      මේ චාරිකාව තව ගොඩක් දුර යනවා

      Delete
  12. අපේ ගෙදරත් තිබ්බ බීටාමැක්ස් පීස් මතක් උනා.... අම්මෝ හරි ගොඩක්! හැබැයි වැඩිපුර තිබ්බේ චිත්‍රපටි... ඒවගේ අගට මිකී මවුස්, ටොම් & ජෙරී, රෙස්ලින් වගේ ඒවා අපේ අප්පච්චි රෙකෝඩ් කරලා තිබ්බ. ඊට පස්සේ ආපු VHS වලින් ඒවා රිප්ලේස් වෙලා ගියා. ඒත් කාලාන්තරයක් තිබ්බ හින්ද ඕව දැකල, අතගාන්න මටත් අවස්ථාව ලැබුන. අන්තිමට VHS වලට ආවම මම හිතන්නේ පරණ මුවී ටික නැතිවෙලා ගියේ පුස් වැදිලා, ප්ලේ කරන්නත් ප්ලේයර් එකකුත් නැති හින්ද... JVP කලබල කාලේ ඒවා අපේ අම්ම ගිනිබත් කරලා තිබ්බ.

    ඔය ඩිස්කෝ සින්දු..... අහ් !!!

    ReplyDelete
  13. අපේ තිබුණු වී එච් එස් ටේප් ඔක්කොම සුනාමියට විනාස උනා. ඒ වෙනකොටත් සී ඩී තමයි භාවිතා කලේ. වී එච් එස් ප්ලේයර් එක සුනාමියට පස්සේ සුද්ද කරන කොට කුණු ලොරියට විසු කළා.

    ReplyDelete