Monday, July 28, 2014

අමෘතය


පාන්දරින් නැගිටින්නේ
ලබ්බ ඉනේ බැද ගන්නෙ
දිවිය රතේ පැදයන්නේ
කප්රුක යට නවතන්නේ

ජොබ් එක ඕන ලයින්ය
යුනිෆෝමය ඩෙනිම්ය
නැගුනේ හැර මතින්ය
ලිස්සුවොතින් හබක්ය

ලබුදෙක උඩ එල්ලෙන්නේ
එක ලබ්බක් පුරවන්නේ
පිරුණු ලබ්බ කඹේ දිගේ
පල්ලෙහාට රුටන්නේ

කූබිද ඇත
බබරුද ඇත
හුනොද ඇත
කඩියොද  ඇත

මේ ඔක්කොම පෙරා අරන්
ලුණු ඩිංගක් මුහුන් කරන්
ළුණු ගෙඩිය සපන ගමන්
උගුර දිගේ බස්සවපන්


\/
\/
\/
\/
\/
\/
\/

12 comments:

  1. ලබ්බ ඉනේ බැඳගන්නේ කිව්වම මම බැලුවේ ජීව්නයා ලබ්බ ගල්වල තියලද නිදාගන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් කොයිකටත් ආරක්ෂාවට හොඳයිනේ

      Delete
  2. අළුත්ම ස්ප්‍රයිට් එක වෙන්ට ඇති..

    ReplyDelete
    Replies
    1. ඔව් කොකාකෝල කොම්පැනියේ අලුත්ම ප්‍රොඩක්ට් එක

      ** ගස්ප්‍රයිට් **

      Delete
  3. මේක පත්තරයාට, විදානයාට, කෙන්ජියාට වැනි අමද්‍යප ව්‍යාපාරයේ මහා වීරවරයන්ට දකින්නට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරමු..................

    ReplyDelete
    Replies
    1. නැත්තං කෙල ගිලල බඩ පැලිලා මැරෙයි

      Delete
  4. උඹට තුණුරුවංගෙ පිහිටයි , රතනත්තරේ ආරස්සාවයි ,දෙයියංගෙ පිහිටයි මයෙ අම්මා … !!
    වැඩි වැඩියෙං ලැබෙන්ඩෝන…

    එකෝස්ටික් ඩ්‍රමකුත් තියනවා බොක්ස් එහෙකුත් තියනවා… රාත් තියනවා.

    උඹ දෙයියෙක් නෙමෙයි දේවාලයක් බුදු අයියේ… !!!!!!!!!!

    මේං වැන්දා ……… !!!!!!!!!

    ReplyDelete
    Replies
    1. උබට ලියපු රිප්ලයි එක ඔන්න පොඩි පොස්ට් එකක් හැටියටම දැම්මා
      තරහ නෑ නේද දෙයියෝ

      Delete
  5. අපේ රටේ අයිඩෙන්ටිය නෙව.අන්දරේගෙ කාලෙ ඉඳන් ඉතින් කිතුලෙ නගිනවනෙ.කිතුල්ද පොල්ද කියලා එක පාරටම කියන්න බෑ බැලුවම පොල් හොදයි.කිතුල් හොදා..............යි.අම්මපා බොලේ අමෘතයම තමා.මෙව්වා දාලා අපිවත් අවුස්සනවට ගොඩාක් පිං.:D

    ReplyDelete
  6. ඔන්න ඔන්න රෝන් ටෝක් දෙනවා.
    මේක අපේ පයියගල ගමේ අයිඩෙන්ටිය යකූ

    තව එකක් එකතු වෙන්න ඕන

    රා සහ මට්ටි (ඒ ඉස්සර)
    දැන් රා සහ හාල්මැස්සෝ

    ReplyDelete
  7. අපේ නම් කිතුල් රා සහ රට ලූණු.අයියා පයියාගලද? අහන්නත් සංතෝසයි.

    ReplyDelete
  8. අයිය පයිය ගල තමයි
    ඒ උනාට සබරගමුවේ කිතුල් රා ත් අවුරුදු තුනක් විතර වග කීව
    සිංහරාජ මායිමේ කුඩව ඔක්කොම් කිතුල් ගස් පාස් කරලා තමයි ආවේ
    සංගීත චාරිකාවේ පොස්ට් වල විස්තර කියන්නම්කො

    ReplyDelete