Saturday, June 10, 2017

ඉන්දික තොටවත්ත ගෙන් ප්‍රහසන නාටකයක්.

ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රචාරය කෙරුණු  ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥ ඉන්දික තොටවත්ත,  මාධ්‍යවේදී චාපා බණ්ඩාර සහ වෛද්‍ය විද්‍යාකුලපති මහතුන් අතර සිදුකල දීර්ඝ සංවාදය සමාජ ජාල හරහා පසුගිය දිනවල වේගයෙන් සංසරණය විය. මේ සංවාදය අප රට තුල ගුප්ත විද්‍යා ලේබලය යටතේ සංසරණය වන මිත්‍යාව, රැවටීම, ගසාකෑම සහ වංචාව පිලිබඳ  නව මානයකින් සිතිය යුතු බොහෝ කරුණු විදහා පානු ලබයි.

අපට තේරුම් ගත නොහැකි දේ නැතැයි කියා ප්‍රතික්ෂේප කළ නොහැකිය.  මිනිස් ක්‍රියාකාරකම් මත ග්‍රහලෝක වල පිහිටීම සිදු කරනා බලපෑම උදාහරණයක් ලෙස ගනිමු. මානසික රෝගීන්ගේ රෝගී තත්වයන් සඳේ බලපෑම මත අඩු වැඩි වන බවට නිරීක්ෂණ ඇත. එබැවින් ග්‍රහලෝක වෙතින් මිනිස් මනස හෝ ශරීරය වෙත බලපෑමක් තිබිය හැක. සමහරවිට එම බලපෑම ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය තුලින් විද්‍යානුකූලව විග්‍රහ කර තිබීමට පුළුවන. එලෙසින්ම එම විග්‍රහය වැරදි වීමටද පුළුවන. ඒ සම්බන්ධව  ගැඹුරට අධ්‍යනය නොකර ඡ්‍යෝතිශ්ශාස්ත්‍රය බොරු බවට තර්ක කිරීම මුග්ධ කමකි. අපගේ බුද්ධියට හෝ දැනුමට ගෝචර නොවන නිසා එය ප්‍රතික්ෂේප කර එයට ගැරහීම කල නොහැක.

පසුගිය දශක දෙකක පමණ කාලසීමාව තුල ගුප්ත විද්‍යා සඳහා වූ ඉල්ලුම වේගයෙන් වැඩිවූ බව දක්නට ලැබෙයි.  ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ගුප්ත විද්‍යා ප්‍රවර්ධනය සඳහා විශාල මැදිහත් වීමක් කර තිබේ. ඒ ඔවුන්ගේ බඩගෝස්තරය පිණිස මිස වෙනත් කරුණක් නිසා නොවේ. මැණික් හින්නේ හුලවාලියන් සමහර ජාතික පුවත්පත් අරක්ගෙන තිබු යුගයක් විය. තවමත් එසේ දැයි අප නොදන්නේ දැන් ඉරිදා පුවත් පත් මිලදී නොගන්නා නිසාය. වෙළෙඳ දැන්වීමක් ලැබෙයි නම් මේ පුවත් පත් ඕනෑම දෙයක් ප්‍රවර්ධනය කරති. ඒවා වෙත ආදී එන්නේ අසුචි ගොඩක් දුටු නිල මැස්සන් මෙනි.

මේ හේතුවෙන් ජන මාධ්‍ය තමන්ට වෙළෙඳ දැන්වීම් සපයන්නාවූ කට්ටඩියන් ගේ හිත සුව පිණිස කිසිදු වගකීමකින් හෝ සදාචාරයකින් තොරව ගුප්ත විද්‍යා ප්‍රවර්ධනය කරති. ඒ සඳහා කට්ටඩියන් අතරින් තෝරාගත් චරිත කිහිපයක් ප්‍රභූ මට්ටම වෙත ගෙනවිත් ඇත. ඉන්දික තොටවත්ත ඒ අතරින් එකෙකි. ඉන්දික තොටවත්ත යෝතිශ්ශාස්ත්‍රය හෝ අධි මානසික ශක්තිය වැනි විෂයන් වෙනුවෙන් පෙනී සිටියාට අපට කිසිදු විරෝධතාවක් නැත. විරෝධතාව ඇත්තේ එම විෂයන් දඩමීමා කරගෙන මැජික් පෙන්වා සමාජය රැවටීම කෙරෙහි පමණකි. 

ගුප්ත විද්‍යා වන්හි බලපෑම කෙතරම්ද කිවහොත් මේ කට්ටඩින් රටවල ආණ්ඩු වෙනස් කිරීමට ජනමතය වෙත බලපෑම් කළ හැකි මට්ටමටම ජනතාව අතර අතු පතර විහිදුවාගෙන ඇත. රජුන් යැයි සිතාගෙන සිටියවුන් ගොනාට අන්දවා නිකමුන් බවට පත් කර ඇත.

ශ්‍රී ටීවී නාලිකාවේ ප්‍රචාරය කෙරුණු සංවාදය වෙත නැවත හැරෙමු. එම සංවාදය පැයකට වඩා වැඩි කාලයක් පුරා විකාශය වුයේ එකම කරුණක් වටාය. එනම් ඉන්දික තොටවත්ත විසින් අධි මානසික ශක්තිය යොදවා කරනා ලදැයි කියනා කලින් පෙන්වූ මැජිකක් නැවත පෙන්වන ලෙස කරනා ලද අභියෝගයක් සහ එය මගහරවා සාකච්චාව වෙනත් අතකට හැරවීමට ඉන්දික තොටවත්ත දරනා ලද අසාර්ථක මෙන්ම අලජ්ජී උත්සහයය. 

මීට පෙර කලෙක ඉන්දික තොටවත්ත විසින් සිරස නාලිකාවේ "මල් වැඩ සටහනකට" සහභාගී වී ඔහුගේ අධිමානසික ශක්තිය විදහා දක්වා තිබිණ. එහිදී සංවෘත පෙට්ටි තුනක් තුල ඇති වස්තුන් මොනවාදැයි නිවැරදිව කියා තිබිණ. මෙවර සංවාදය තුල එය නැවත කරනා ලෙස  මාධ්‍යවේදී චාපා බණ්ඩාර විසින් පෙට්ටි තුනක් ගෙනවිත් අභියෝග කළේය. එහිදී ඉන්දික තොටවත්ත ගල උඩ රීපු බළලාගේ මට්ටමට පත්විය. ඔහු විසින් අභියෝගය මගහැරීමට විවිධ කාරනා ගෙනහැර පෑවේ ඉතාමත් අනර්ඝ ප්‍රහසන නාටකයක් ප්‍රේක්ෂකයාට ලබා දෙමිනි. ඔහුගේ රංගනය බෙහෙවින් බාල මට්ටමට පත්විය. කෙසේ හෝ අභියෝගය භාර නොගෙන ලිස්සා ගියේය. ඒ අතින් ඔහු අති දක්ෂයකු බව කිව යුතුය.

ඉන්දික තොටවත්ත හෝ වෙනත් අධි මානසික ශක්තිය ඇතැයි කියනා පුද්ගලයකු නැවතත් රුපවාහිනී වැඩසටහනකට එන්නේ නම් විද්වත් මණ්ඩලයක් ඉදිරියේ පෙට්ටි තුනේ මැජික මුලින්ම පෙන්වා සිටිය යුතුය. මේ වැඩසටහන් විකාශය කරනා රුපවාහිනී නාලිකා සදාචාරාත්මකව කටයුතු කරන්නේ නම් එය ඔවුන්ගේ වගකීමකි. මිත්‍යාවෙන් රටේ ජනතාව ගලවා ගැනීම පිණිස වෙන සමාජීය මෙහෙවරකි. එලෙස පෙන්වීමට හැකිනම් ඔවුන්ගේ අධි මානසික ශක්තිය පිළිගත හැක. නොහැකිනම් ඔවුන් අමුම අමු රැවටිලි කරුවන්ය. වංචා කරුවන්ය,

ඉතාම අනර්ඝ මට්ටමේ ප්‍රහසන නාටකයක් නැරඹීමට කැමති අය ඩේට ඩේට කියල  බලන්නේ නැතිව පහත වීඩියෝව නරඹන්න.


32 comments:

  1. කෙප්ප සුමනේSaturday, June 10, 2017 2:17:00 AM

    කේන්දර කැරියෝ ටිකටයි උන් විකුනං කන මීඩියා පරයෝ ටිකටයි ඉදිරියේ දරුනූ ඒරාෂ්ඨක කාලයක් උදාවෙන බව ඒකාන්තයි෴

    ReplyDelete
    Replies
    1. කතරගම දෙවියෝSaturday, June 10, 2017 12:40:00 PM

      පිරිත්,සූත්‍ර‍දේශනාවන්,සිවුරූදාරීන් සහ පච ධාතු විකුනන් කන මීඩියා කාරයෝ මේ වගෙ ගොබ්බයන් විකුනන් නැතුව ඉදීද පින්වත.

      Delete
    2. මේ කට්ටඩි පිරිසට රාජ්‍ය අනුග්‍රහය නොලැබීම නිසා අවුලක ඉන්නේ. පුද්ගලික මාධ්‍ය වල විකුණගන්න දෙයක් නැති තත්වය තුල තවමත් ප්‍රභල තැනක් තියනවා. වචනයේ පරිසමාර්තාර්ථයෙන්ම ජඩ මාධ්‍ය කිහිපයක් තමා මේක මහා පරිමාණයෙන් කරන්නේ. අපි කරන්න ඕන මේ මාධ්‍ය ප්‍රශ්නයට ලක් කිරීම.

      Delete
  2. මෙතන බරපතලම වරද කරල තියෙන්නෙ සිරස නේද. තමන්ගෙ නාලිකාව ගැන විශ්වාසය තිබ්බ ජනතාව ගොනාට අන්දපු එක. සමහරු කියනව සිරස වගෙ ආයතනයක් මෙහෙම වැඩක් කරයිද කියල. ඉන්දික කියන්නෙ තනිකරම දේශපාලන අවශ්‍යතාවයකට වේදිකාවට නංවපු එකෙක්. මොකද ඒ කාලෙ සුමාන්දාසල රටේ ජනතාව කරත්තෙ බැදල තිබුනෙ. විපක්ෂයටත් විකල්පයක් ඕන වුනා.

    රාජ්‍ය අනුග්‍රහයෙන් රටේ ජනතාව මිත්‍යාන්ධකාරයෙ ගිල්වීම දැන් අඩුවෙලා තියනවා. නැති තරම් ඒ ගැන සතුටුයි. මිත්‍යාවට පහර ගහන්න ඕන කියන්නෙ මේක ජාවාරමක් කරගෙන ඉන්න නිසා.පුද්ගලයන් නිරුවත් කරල වැඩක් නෑ අලුත් එකෙක් ආවොත් මිනිස්සු උන් පස්සෙ. මුන්ට තියන බලය කියන්නෙ පොසොන් දා සමහර පැති පාලුවට ගිහින් මුන් සුනාමි එනව කිව්වලු හැබැයි 2004 සුනාමි එනව කියන්න මුන්ට බැරි වුනා.
    මැනික් හින්නෙ සෙට් එක තවම ජාතික පත්තර බදු අරන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය නාලිකාව ගැන කතා කරන්න එපා. එක කාලයක ඔය නාලිකාවේ විශාල වෙළෙඳ දැන්වීම් පුරා ගහල තිබුනා " ඔබේ හැගීම් වලට වහල් වන්න" කියල. මම දන්නේ නැහැ අනිත් දර්ශනයන් ගැන. ඒ කියමන ක්‍රිස්තියානි දර්ශනයේ නම් මුලික ධර්මතා වලට සහමුලින්ම විරුද්ධයි.
      ඔය නාලිකාව ගැන කතා කරන්න එපා. එක කාලයක ඔය නාලිකාවේ විශාල වෙළෙඳ දැන්වීම් පුරා ගහල තිබුනා " ඔබේ හැගීම් වලට වහල් වන්න" කියල. මම දන්නේ නැහැ අනිත් දර්ශනයන් ගැන. ඒ කියමන ක්‍රිස්තියානි දර්ශනයේ නම් මුලික ධර්මතා වලට සහමුලින්ම විරුද්ධයි.

      මැණික් හින්නෙන් පැට්‍රොල් ගහල දුවන පත්තර ගැනත් ලියන්න ඕන.

      Delete
    2. පහලොස්වන සියවස වනවිට යුරෝපයේ චින්තන විලවයක් සිදුවුනා. යුරෝපයේ එතෙක් පැවති චින්තනය කතෝලික චින්තනය ලෙස හැඳින්විය හැකියි.
      නව චින්තනය බටහිර ක්‍රිස්තියානි ග්‍රීක් යුදෙව් චින්තනය ලෙස හැඳින්විය හැකියි.
      ලෝකය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇතැයි සැලකීම. අසීමිත ඉන්ද්‍රිය පිනවීම සදාචාරයක් ලෙස සැලකීම. සාමූහිකත්වයට වඩා පෞද්ගලිකත්වයට මුල්තැන දීම. මෙම නව චින්තනයේ අංග.
      " ඔබේ හැගීම් වලට වහල් වන්න" යන ප්‍රකාශය බටහිර ක්‍රිස්තියානි නූතන ප්‍රකාශයක්.
      super natural කියන ටෙලි නාට්‍ය මාලාවේ ස්වර්ගය නිරූපනයකර ඇත්තේ එක් එක් ඒකීය පුද්ගලයා වෙනුවෙන් ඔහු කැමති ආකාරයට නිර්මාණය වූ සමාන්තර විශ්ව පද්ධතියක් ලෙසයි.
      එය බටහිර ක්‍රිස්තියානි නූතන ස්වර්ගයක්.

      Delete
  3. සිරස එකේ කලින් ගිය එක බලලා තියෙනවා... අර පෙට්ටි තුනේ ප්‍රශ්නය් ගැන හිරු එකෙත් දවසක් මෙයාගෙන් ඇහුවා පෝය දවසක වැඩසටහනකදි... ඒකෙදිත් ලිස්සලා ගියා... ඕං ඩේටා ඩේටා කියලා බලන්නැතුව වීඩියෝ එකත් බැලුවා...

    ReplyDelete
    Replies
    1. පෙට්ටි තුනේ ප්‍රශ්නය හිරු මැදිරියෙදි කුජීත වුන හැටි මාත් දැක්ක. මූ කියනව උගෙ අධිමානසික බලය තියෙන්නෙ සිරස මැදිරියෙ විතරලු.

      Delete
    2. ඉන්දියන් සම්භවයක් ඇති දෙමල ජාතිකයෙකුට අයත් චැනලයක ඉන්දියන් කුණුගොඩවල් විකුනනවා ඇරෙන්න වෙන මොනවද කරන්න දන්නේ.
      ඉන්දියන් සාරී,පවුල් කචල්,නයි පොලොන්ගු සහ හූනියම් කාරයෝ අප්කිරීමයි, දේසපාලන පිම්පියෝ බෝකිරීමයී කරන නරා වලක් ***.

      Delete
    3. මීට පස්සේ චැනල් වලට හොර කට්ටඩි ගෙනාවා නම මුලින්ම මණ්ඩලයක් ඉදිරියේ සජීවීව පෙට්ටි තුනේ මැජික කරලා පෙන්නන ඕන. එහෙම කරන්නේ නැතිනම් ජඩ මාධ්‍ය ලේබලය යටතේ වේගී කරණය කරන්න ඕන.

      Delete
  4. හොර හුත්තිගේ පුතෙක් .... බලපංකෝ මූණ දැක්කහම කියත හැකි හොරෙක් කියලා ... කොහෙද මෝඩ ගැණු යනවනේ .... මන් දන්න ගෑනියෙක් ගිහින් .... වෙලාවක් වෙන් කරගන්ඩ මාසදෙකක් ගියාලු ... ගාන පන්දාහයි .... ලමයා ටිකක් කලබලයි මුරංඩුයි කියල ඒකට පිලියමක් හොයන්ඩ ගිහින් තියෙන්නේ ..... ඕකා කියුවල මානසික වෛද්‍ය වරයෙකුට පෙන්නන්ඩ කියලා

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කියපු එක ගැන ඒ ගෑනි තවම සතුටු වෙන්නේ නැ ... ඉන්දික ජඩවත්තට බනින්නේ ජෝතිෂයෙන් පිලියමක් කියුවේ නැ කියලා ...ඇසිනොපෙනෙන එක තමයි පොරට වාසියට හිටියේ ........අහින්සක මිනිස්සු අන්දන්ඩ

      Delete
    2. ලාංකිකයෝ අන්දනවට වඩා ඇදගන්න දක්ෂ ජාතියක් බව දැනට අවුරුදු 150 කට විතර කලින් රොබර්ට් නොක්ස් කියන හිරකාරයා කියල තියෙනවා.

      Delete
    3. ඉන්දික තොටවත්තට කුමන හෝ මානසික අවුලක් තියෙනවා.TransSylvania ට කේස් එක බාරදෙමු.

      Delete
    4. //TransSylvania ට කේස් එක බාරදෙමු.// නරියට කුකුල්ලු බාර දුන්න වගේ තියෙයි. ගොඩක් බ්ලොග් කරුවෝ ට්‍රාන්ස්සිල්වෙනියා ට ඇන්දිලා ඉන්නේ. පොර ස්යිකොලොජි ගැන තරමක් ඉගෙන ගත් සාමාන්ය් බටහිර විය්දය්වරයෙක් පමණයි. ඉන්දිකට සාමාන්‍ය මිනිස්සු ඇන්දුනා වගේම තමයි සමහර බ්ලොග් කරුවෝ ට්‍රාන්ස්සිල්වෙනියාට අහුවුනාම. ඔයවගේම ඇඳීමක් වෙලා තියෙනවා මම කොයි වගේද කියල ලියන අපොතිකාරී දොස්තරටත්...

      Delete
    5. ඔය කට්ටඩි පස්සේ යන ය ගෙන් බහුතරයක් අඩු ආදායම් ලාභීන්. මේ අයගේ දවස් කිහිපයක් ජීවත් වෙන්න තියෙන මුදල පැය බාගෙට හුරගෙන කන එක තමා මේ හොරු නැත්නම් වංචා කාරයෝ කරන්නේ

      Delete
  5. හාලුත් බම්ප් වෙන රටේ ඕව මොනවද සුමනේ... හැක්..

    ReplyDelete
    Replies
    1. සොරි. සුමනේ නෙමෙයි ජීවනේ ලෙසැ වෙනස් වියැ යුතුයැ.

      Delete
    2. ඇයි හම්බ බිත්තර. ඒවත් බම්ප් වෙනවා

      Delete
  6. චාපා කවුරු උනත් ජෝතිෂ්‍ය අනාවැකි(ඉන්දිකලට) වලට එරෙහිව වරනඟන සමාජ-දේශපාලන පොයින්ට් එක හරියට හරි.

    ReplyDelete
    Replies
    1. චාපා මේ ක කරන්නේ දේශපාලන අර්ථයකින් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන් නමුත් නියම වැඩේ.

      Delete
  7. මෑන් ඉල්ලන්ම කාල වගේ

    ReplyDelete
    Replies
    1. කාල විතරක් නෙවෙයි හොර ඩීල් දාපු චැනල් වල වසුරු ඉහල. ගඳේ බැහැ.

      Delete
  8. ඇස් නොපෙනිලත් මිනිස්සු අන්දන තරම මේ මනුස්සයා.

    ReplyDelete
    Replies
    1. ඇස් නොපෙනෙන එකාට පෙනෙන උන් රැවටෙන එකනේ වැඩේ කියන්නේ

      Delete
  9. ඉන්දික තොටවත්ත කිසිම විෂයක් බැරෑරුම්ව හදාරා නැත.
    මනුස්සයා කරන්නේ මාධ්‍යවලට ඇවිත් කුකුලගෙයි ,ඌරගෙයි ,බයිබලෙයි, ත්‍රිපිටකෙයි, කුරානෙයි, භගවත්ගීතාවයි ජෝතිසෙයි,අංක විජ්ජාවෙයි, මනෝචිකිත්සාවෙයි, ක්‍රිෂ්ණමුර්තියෙයි, ගම්පෙරලියයි ,ආදරණිය වස්සානේයි හැම එකේම කෑලී දාලා කොත්තු ගහලා මෝඩයින්ගෙන් රු. 5000 කෑලී කඩාගන්න එකයි.මිනිහ ගොඩයන්නෙම මේ කොත්තු ෆෝමියුලා එකෙන්. මොහු ලැජ්ජා භයත් උපදිනකොට බඩේ තියල ආපු එකෙක් නිසා ඔහු සමග වාද කිරීම නිෂ්ඵලයී.එය මාධ්‍යවල ගුවන් කාල විකුනා ගැනීමට රුකුලක් පමණී.
    *නමුත් කේන්දර කාරයින්ගෙන් සමාජයට විශාල හානියක් සිදුවේ. මෑත උදාහරණය ගාල්ල සුනාමිය.
    ---
    ඒ අතර චාපත් පිඩිත පංති ෆෝමියුලා එකක් මාධ්‍යයේ අත්හදා බලමින් සිටියි. විද්‍යාකුලපති නම් හැමදාම තොටවත්තගෙ කොත්තුව දිරවගන්න බැරුව අනාථවේ.

    ReplyDelete
    Replies
    1. අර කිව්වත් වගේ නාලිකා ටික නම් ගොඩ.

      Delete
  10. ලෝකෙ කොච්චර දියුණු වුණත් අපේ මිනිස්සු තාමත් ගල් යුගයේ. ලෝකයා ග්‍රහලෝක ගැන සොයන, ඒව අසලට ගිහින් ජායාරූප පවා අරගෙන යුගයක, අපි තාමත් මිථයාවන් පස්සෙ හැල්මේ දුවනවා. වගකිවයුතු මාධ්‍යවල වගකීම වෙන්නෙ මිනිස්සු ඒවයින් මුදාගන්න එක වුණත් අපේ තුට්ටු දෙකේ මාධ්‍ය උදේ ඉඳන් රෑ වෙනකං කරන්නෙ ඒව තව තවත් මිනිස්සුන්ගෙ ඔළුවලට ඔබන එකයි. අපේ මිනිස්සුත් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒව දෝතින්ම බදාගන්නවා .
    වීඩියෝ එක ගැන කිව්වට ඔබට බොහොම ස්තූතියි, ආයි බල බල හිටියෙ නෑ කෙලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත. හෙට බලන්න ඕනෙ විශේෂෙන් ගෙදර අයට පෙන්නන්න ඕනෙ.

    ReplyDelete
  11. කුමාර චාපා බණ්ඩාර..හෘදය සාක්ෂිය යුධාධිකරණයට වඩා උසස් ලෙස සලකා මැගසින් බන්ධනාගාර ගතවූ හමුදා සිරකරු, නිදහස් පුවත්පතේ කර්තෘ,ගවේෂණාත්මක මාධ්‍යවේදී,වැදගත් පොත් කිහිපයක කර්තෘ,පැණි වගේ නොඇ⁣ලන-වතුර වගේ ගලන හොඳ මිතුරෙක්,තමන් සමඟ වැඩ කරන මිතුරන්ගේ බඩගින්න-පිපාසාව හඳුනන වෘවසායකයෙක්,...

    චාපා ගේ කැපී පෙනෙන ලක්ෂණයක් තමයි තම thesis එක defend කිරීම වෙනුවෙන් දක්වන කොන්දේසි විරහිත සටන. ඇත්තටම චාපා දෙබරයකටයි ගල් ගැහුවේ.කිසිඳු මාධ්‍ය සාකච්ඡාවකදී චාපා තරම් නිර්දය සහ නිරනුකම්පිතව මේ බොරුවට මෙච්චර ගැහුවේ නැහැ. සාකච්ඡාවේදී සිදුවූ හොඳම දේ තමයි..ආයේ ලැජ්ජාවක් තියේනම් කිසිඳු තාරකාකාරයෙක් ප්‍රසිද්ධ සාකච්ඡාවලට සහභාගී නොවීම.
    -CP

    ReplyDelete
  12. ජීවන්..වැදගත්ම දේ ලියන්න බැරිව ගියා..
    චාපා තම සිවිල් මාධ්‍ය ජීවිතය පටන් ගත්තේ රාවය පුවත් පතින්.If I am wrong let sombody correct me.චාපා සාමන්‍යයෙන් කතා කරන්නේ ඔය විදියටයි.බැලූ බැල්මට agressive speech එකක් තියෙන්නේ.ඔය style එක Victor Ivan ට අල්ලන්නේ නැහැ. චාපා රාවයෙන් අයින් වෙනවා. චාපාගේ තර්කය තමයි රාවයේ social agenda එක ඉවරයි..ඒක නිසා රාවය නැවතුන තැන සිට අපි පටන් ගත යුතුයි කියලා.ඔහු නිදහස් පත්තරේ පටන් ගන්නේ ඒ අදිටනින්.
    Verdict belongs to the history. එම නිසා මම තීන්දු ලියන්නේ නැහැ.

    නමුත් වඩා පරිනත,ඇසූ පිරූ තැන් ඇති Ivan රාවයෙන් සමු ගන්නකොට චාපා ගැන සිතා බැලිය යුතුව තිබුනා කියන එකයි මගේ අදහස. ජනරංජන ගැන අවුලක් නැතත් චාපා වගේ Non academic සිවිල් පොරක්ට රාවයේ කර්තෘත්වය හිමි වන්නට සුදුසුයි.මොකද කියනවා නම් වික්ටර් අයිවන් ද එසේම වන නිසා.
    දැනට වුනත් ජනරංජනට පුලුවන් චාපාට ආරාධනා කරන්න..අජිත් පැරකුම්ට කලා වාගේ.චාපාට රාවයේ කල හැකි දෙය දැන් වැඩියි.
    නමුත් චාපා වුනත් දැන ගන්න ඕනේ තමන්ගේ pride and predjudice එක අමතක කරලා ඒ ආරාධනාව පිලි ගන්න.
    -CP

    ReplyDelete
  13. 70 /80 ගණන් වලට වඩා සාත්තර, කේන්දර, යක්ස, භූත, පිල්ලි බිස්නස් 2000 ගණන්වල වැඩි වුනේ කොහොමද?
    ඉස්සර උගත් සහ/හෝ ඉහල යයි සම්මත රැකියා කරන අයගෙන් සුලු ප්‍රතිශතයක් තමයි ඕවා විස්වාස කරලා එක එක දේවල් කිරීම, එල්ලා ගැනීම, වැඳීම පිදීම කලේ. දැන් වැඩි දෙනා කරනවා.

    ReplyDelete