Monday, July 21, 2014

සංගීත චාරිකාවක් 08 - පොප් රජු මයිකල් ජැක්සන්

1985 වසරේ අපි ඕ. ලෙවල් පන්තියට ගියා. මේ කාලය වෙනකොට ටිකක් අධ්‍යපනය පැත්තට බර උනා. නමුත් තවමත් මැරීගෙන පාඩම් කරන්න කියල හැගීමක් ඇති වෙලා නෑ. දහය පන්තියේ මුල් වාරයේදී වගේ තමයි ත්‍රිල ඇල්බමයේ කැසට් එකක් හමු වෙන්නේ.  හැබැයි ඔය කැසට් එක් අහන්න පටන් ගත්තට උනන්දුවක් ඇති උනේ  නැහැ. මගදීම නවත්තල දැම්ම. 

එම දවස් වල තරුන පරම්පරාව අතර වේගයෙන් පැතිර යන බ්රේක් ඩාන්ස් රැල්ලක් ගැන නිර්දය විවේචනයක් සිංහල පත්තරේක ඇස ගැටුණා. බ්රේක් ඩාන්ස්හි යෙදන්නන් කුඩු කාරයෝ කියන මතය සහ එම නර්තනයේ යෙදෙන්නන් අපේ රටේ සංස්කෘතිය විනාශ කරන පිරිසක් බවයි මෙහි කියවුනේ. කොහෙවත් ඉන්න මයිකල් ජැක්සන් කෙනෙක් ගැනත් මේ ලිපියේ කියවුනා.  

මයිකල් ජැක්සන් කියන නම දැකපු නිසා ගෙදර පුස් කකා තිබුන කැසට් එක ප්ලේයර් එකට දැම්ම. මුලින්ම තිබුනේ Wanna Be Startin 'Somethin'  මෙලෝ රහක් නැහැ කියල හිතුන. සින්දු දෙක තුනකට පස්සේ Thriller,  Billie Jean සහ Beat It  සින්දු තුන තිබුනා .

සියල්ල අමතක උනා.

මයිකල් ජැක්සන් එකම ගායකයා බවට පත් උනා.. පිස්සුවෙන් වගේ ඔය සින්දු තුන ප්ලේයර් එක රිවයින් කර කර අහන්න පටන් ගත්තා. මේ කැසට් එකේ කවරයේ ඇල්බමයේ  ඔක්කොම සින්දු වල පද වැල් තිබුනා. ඉබ්බා දියේ දැම්මම ඇන්නේවේ කිව්වලු. ත්‍රිල කියන්න උත්සහ කරාට කොහොමවත් බැරි උනා.  බෙලිජීන් සහ  සහ බීට් ඉට් හරිම අමාරුවෙන් ප්රැක්ටිස් කරා.

Billie Jean

Beat It 

Thriller සම්පුර්ණ ඇල්බමය
 
 
1985 වෙනකල් අපි දැනගෙන් හිටියේ නැති උනාට මයිකල් ජැක්සන් 1965 විතර ඉඳල ගායනයේ යෙදිලා තිබුනා. වයස 18 සැපිරී වැඩිහිටියකු බවට පත් වන විට ඔහුගේ ගීත ඇමෙරිකානු ගුවන්විදුලි නාලිකා වල පැරණි රසාංග වැඩසටහන් වල ප්‍රචාරය වූ බව පසුකලෙක ඔහු ගේ චරිතාපදානය වූ Moonwalk කියවද්දී  තමයි දැනගත්තේ. (අපි කොහොමත් ඉන්නේ අවුරුදු 20 ක් පස්සේ නේ)

මුල් කාලයේ ස්වකීය සහෝදරයන් පස්දෙනකු සමග ජැක්සන් ෆයිව් නමින් සංගීත කණ්ඩායමක් සාදාගෙන ගායනයේ යෙදුනා

පසු කලෙක ග්රැමී සම්මාන 13 කින් පුද ලද මේ අසහාය ගායකයා පොප් රජු ලේසින් ලෝකවාසී සංගීත රසිකයන් වෙතින් කිරුළු පැළඳුවා. සාමාන්‍ය කම්කරු නිවෙසක සිට නෙවර්ලන්ඩ් මහා මන්දිරය දක්වා වූ අති දුෂ්කර ගමනක යෙදුනු මයිකල් ජැක්සන් 2009 ජුනි 25 දින මියයනවිට ඩොලර් මිලියන 500කට අධික ධනයකට හිමිකම් කීවා.

තවත් ගායකයන් රැසක් සමග ගායනා කල We Are the World ගීතය සහ Earth Song නම්වන පරිසර දුෂණය පිටුදැකීම අරමුණු කරගත්   ගීතය ලොව පුරාම බෙහෙවින් ජනප්‍රිය වනවා.

 Earth Song

ලෝක චාරිකාවකට පුහුණු වෙමින් සිටියදී ඔහු මියගිය නමුත් එම පුහුණුවේ රූගත කිරීම් This Is It නමින් සිනමා පටයක් ලෙස එළිදැක්වුනා. 

පුද්ගලික ජීවිතයේ කිනම් හැල හැප්පිලි තිබුනද අධිශ්ථානය සහ දහිර්යය පිලිබඳ හොඳම ආදර්ශය මයිකල් ජැක්සන් ය. Moonwalk හෝ එහි පරිවර්තනය වන "සඳ මත රඟමි" කෘතිය සහ This Is It වීඩියෝව දරුවකුට දියහැකි හොදම ත්‍යාගයක් ලෙස මා සිතමි.

චාරිකාව තව දුරයි

නවවන කොටසින් හමුවෙමු

21 comments:

  1. මයිකල් ජැක්සන්ගේ සංගීත ලෝකය හරිම සුන්දරයි.. ඔහුගේ හරි නෑ කියලා බැහැර කරන්න හිතෙන ගීතයක් ඇත්තටම නැති තරම්..

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ගීත වල සංගීතය අති උත්කෘෂ්ටයි.
      සමහර සිංදු වල බේස් ගිටාරය හසුරුවන ආකාරය හිතා ගන්න බැරි තරම් විශ්ෂ්ඨයි.
      අනික ආප්ප බානවා වගේ ඇල්බම් පිට කරන්නෙත් නැහැනේ.

      Delete
  2. මයිකල් ජැක්සන්ට මමත් ආසා කළා. නමුත් පිස්සුවෙන් වගේ නම් නොවේ. ඔහුගේ ගීත වගේම ඔහුටම ආවේණික ඇටුම් ශෛලිය තමයි ඔහුව මේ තැනට ගෙනාවේ. අවුරුදු 50ක් ගිහිල්ලත් ඔහුගේ ශෛලියේ අඩුවක් වෙලා තිබුනේ නෑ.

    ජැකසන් මියගිය මුල්කාලෙ පුවත්පත් වාර්තා ඇසුරින් ඔහුගේ ජීවිත කතාව යම් තරමකින් දැන හිටියත් සම්පූර්ණ ජීවිත කතාව කියවා නෑ. මූන්වෝල්ක් පොතේ සිංහල පරිවර්තනයක් තිබ්බා නම් වැඩේ ලේසි. නැද්ද ඒ ගැන ආරංචියක්.

    //2009 ජුනි 25 දින මියයනවිට ඩොලර් මිලියන 500කට අධික ධනයකට හිමිකම් කීවා.//මම අහලා තියෙන විදිහට ඔහු මිය යන කාලෙ අධික ණය බරකින් වෙලී හිටියා.

    ඔහු කළුවට හිටපු කාලෙත් හොඳ කඩවසම් පෙනුමක් තිබුනා. ඔහු පාට වෙනස් කරගත්තේ මොකද කියලා දන්නවද? සමහරවිට සල්ලි වැඩිවෙද්දි මිනිස්සුන්ට හිතෙන දේවල් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. //පුද්ගලික ජීවිතයේ කිනම් හැල හැප්පිලි තිබුනද අධිශ්ථානය සහ දහිර්යය පිලිබඳ හොඳම ආදර්ශය මයිකල් ජැක්සන් ය. Moonwalk හෝ එහි පරිවර්තනය වන "සඳ මත රඟමි" කෘතිය සහ This Is It වීඩියෝව දරුවකුට දියහැකි හොදම ත්‍යාගයක් ලෙස මා සිතමි.// මේ ටික දැක්කෙ පස්සෙනෙ.

      Delete
    2. මමත් ආස කළු ජැක්සන්ට මිසක් තම්බපු ඉස්සෙක් වගේ සුදු ජැක්සන්ට නෙවෙයි. නමුත් කොයි ජැක්සන්ගේත් ගායනය ජැක්සන්ම තමයි

      Delete
    3. මම කියවා ඇති පරිදි ජැක්සන් ට හමේ රෝගයක් තිබ්බ. කළු හමේ ඒක වැඩිපුර පේන හින්ද එයා එයාගේ හම සුදු කළා කියල තමයි මම කියෝපු ආර්ටිකල් එකේ තිබ්බේ. ඇත්තද දන්නේ නැහැ

      Delete
    4. OW MICHAEL charma rogayakin peeda vinda

      Delete
  3. මයිකල් ජැකසන් තමා මං හිතන්නෙ වැඩිපුරම විශ්ව හිතකාමී පරිසර හිතකාමී ගීත කියුවෙ..
    අපූරුය...
    මූන්වෝක් එකට නං මං පට්ට කැමතී...
    ඒත් කොහෙද..
    පට්ට ට්‍රයි කරලකත් පුරුදුවෙන්න බැරිවුණා නෙව..
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මචන් මමත් මුන් වෝක් එක ප්‍රැක්ටිස් කරලා නවතින්නේ නැතුව නෑහැත්තට පෙන්නන්න ගෙහින් උන අභාග්‍ය සම්පන්න ඉරණම ලගදීම පොස්ට් එකකට දානවා.

      Delete
  4. ජීවනයේ මීවනයේ
    පෙම් රස පල ලැබ දෙයි නිබඳේ

    මයිකල් ජැක්සන් පිස්සුවක් කාලයක් ඉස්කෝල පුරා පැතිරිලා ගියා.. ඊට පස්සේ කොල්ලෝ කියන්න ගත්තා මයිකල් ජැක්සන්ට වඩා හොඳට ප්‍රභූ දෙවා නටනවා කියලා. කාදලම් ෆිල්ම් එක පිස්සු හැදිලා බැලුවා ,ඩාන්ස් බලන්න ..

    ReplyDelete
    Replies
    1. කෝ හත් ඉලව්වේ මේකේ ෆලෝ කරන්න තියෙන බොත්තම ...

      Delete
    2. මටත් මතකයි කොල්ලො දෙපැත්ත බෙදිලා කියෝගන්නවා.

      Delete
  5. ඕක මමත් නටන්න ගෙහින් උණු සංගදිය පොස්ට් එකකින්ම දෙන්නං
    උඩම තියන ෆොලෝ එක හරි නැද්ද බං.
    මම ඉතින් බ්ලොග් ලෝකෙ බබානෙ තවම
    එක එක රෙද්දවල් දාන්න ගෙහින් දැන් බොත්තං තුනක් තියනවා
    දැන් උඹ තව එකක් දාන්න කියනවා.
    මන්නං වගේ.

    ReplyDelete
    Replies
    1. කොහෙද බං බොත්තම් තුනක් ... මං කියන්නේ බ්ලොගර් ෆලොවර් බටන් එක

      බ්ලොග් එකේ Design -- Layouts -- Add a Gadget ---- more Gadgets -- followers
      ඔන්න ඔහොම් ගිහින් බ්ලොගර් ෆලොවර් එක දාගන්න ...

      Delete
    2. ඔන්න එකත් දැම්මා

      Delete
  6. මේක නියම සීරීස් එකක් බං. බ්ලොග් වල මේ වගේ ලිපි අඩුයි නෙව.
    අපි අහන කාලෙ වෙද්දි ජැක්සන් සෑහෙන්න පහලට වැටිල. අන්තිමට ටිකක් හරි ජනප්‍රිය උනේ යූ රොක් මයි වර්ල්ඩ් කියන සින්දුව. ඉන්වින්සිබල් ඇල්බම් එකේ. මම කැමතිම සින්දුව they don't care about us.

    ReplyDelete
  7. පුළු පුළුවන් වෙලාවට ලියන්නම්.
    මේකේ පෝස්ට් එකක් ලියන්න හෝම් වරක් ගොඩක් තියනවා
    අනික අතීත කතාවක් එක්ක නේ ලියන්නේ. එකත් මතක් කරන්න ටිකක් වෙලා යනවා

    ReplyDelete
    Replies
    1. හුටා ගෑණි සයින් අවුට් වෙලා නෑනේ.
      මාත් ඊයේ රැ වෙරි මරගාතේ පවූලගේ එකවුන්ට් එකෙන් ලොග් වෙලා තියෙන්නේ

      Delete
  8. මම ඇත්තටම ජැක්සන් ගේ ෆෑන් කෙනෙක්... අර ඇඳුම් ඉරාගෙන බෙරිහන්දෙන එකියක් නෙවෙයි.. එයාගේ සින්දු ඇස් දෙක වහගෙන වගේම, ඇස් දෙක ඇරගෙන බීට් එක විඳිමින් රසවිඳින කෙනෙක්...

    අදටත් මම ජැක්සන් ට ආසයි...

    ඇයි අනේ ඔය මැඩෝනා ගැන ලියන්නේ නැත්තේ..... කිසිම මියුසික් වීඩියෝවක් නැතුව එයාගේ සින්දු විදින්න පුළුවන්.... මම බට්ටා කාලේ අපේ අය්යා ගේ ගෙදරන්න ඇහුවේ මේ පොප් සින්දු. ඇත්තටම ඒ සින්දු වලට ජනෙල් දෙදරනවා... හි.. හි... ඒත් මොකද්දෝ වින්දනයක් තියෙනවා

    ReplyDelete
  9. Mama adath michael jackson ta asayi, oya "sadamatha ragami" kiyanna kuthiya kohenda ganna thiyenne? Mama eka mass ganak thisse hoyanawa.... Mama eyage kamathima sinduwa thamayi 'you are not alone and hold my hand ' moonwalk(Sara maths ragami) potga ganne kohenda?

    ReplyDelete
  10. Mj honda artist kenek his very kind and very talented musicians

    ReplyDelete