Friday, July 11, 2014

සංගීත චාරිකාවක් 01



අපි සින්දු අහන්න පටන් ගත්තු කාලේ  ජිප්සීස් තමයි  ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම උනේ.  මේ කාලේ ක්ලැරන්ස් විජේවර්ධන,එච් ආර් ජෝතිපාල   මිල්ටන් පෙරේරා, ප්‍රියා සුරියසේන, ඉන්ද්‍රානි පෙරේරා වැනි ගායක ගායිකාවන් ජනප්‍රිය සංගීතයේ කොඩිගහ මුදුනේ හිටිය. නමුත් මේ පිරිසට ප්‍රබුද්ධ විචාරකයන් ගෙන් ලැබුන ප්‍රතිචාරය ගැන අමුතුවෙන් ලියන්න උවමනා වෙන්නේ නැහැ.

මේ යුගයේ  බටහිර රට වල සංගීත කණ්ඩායම් අතරින් ඇබා සහ බොනියම් ඉදිරියෙන්ම හිටිය (තව ඉන්න ඇති අපි දැනගෙන හිටියේ නැති උනාට)  මම හතර වසරේ වගේ ඉන්න කාලේ අපේ ගෙදර තිබුන ටු ඉන් වන් සෙට් එකක්. ඕකෙ කැසට් දාල තමයි සින්දු අහන්නේ. තාත්ත සිංගප්පුරු ගිය වෙලාවක එහෙදි රේඩියෝ එකේ ගිය සින්දු වගයක් රෙකෝඩ් කරගන ඇවිත් තිබුන. ඒ තමයි මම මුලින්ම අහපු ඉංග්රීසි සින්දු සෙට් එක අතරින් තවම මතකයේ තියනවා නානා මොස්කියුරිගේ Roses Love Sunshine සහ නිටි ග්රීටි  ඩර්ට් බෑන්ඩ් එකේ  American Dream


ඔය කාලේ ගජ තරුණයෙක් උන මගේ ලොකු අම්මගේ පුතා, සුපෙම් අයියට ඉංග්‍රීසි සින්දු පිස්සුව තදවෙල තිබුන. දවසෙම වැඩේ යුනික් රේඩ්යෝ එක දාගෙන ඉංග්‍රීසි සින්දු අහන එක. එයා ඇබාලගෙයි බොනියම්ලගෙයි කැසට් පීස් දෙකක් රෙකොර්ඩ් කරගෙන ආව  (විනාඩි 90 ම දෙකක්)  අපි දහස් වතා කීපයක්  කන පැලනකල් මේ පීස් දෙක අහන්න ඇති. ඒ අතරින් මට හොඳටම ආස හිතුණු සින්දු කීපයක් පහත තියනවා

Brown Girl in the Ring - Boneym  

Rasputin - Boneym

By the rivers of Babylon - Boneym

Fernando - ABBA 

Chiquitita - ABBA 

I Have a Dream - ABBA 

පොඩ්ඩක් රස විඳලා බලන්න

චාරිකාව තව ගොඩක් දුරයි

දෙවෙනි කොටසින් හමුවෙමු


8 comments:

  1. බ්ලොග් එක අහම්බෙන් හම්බ උනේ. මේක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙන්න පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. පුරුදු විලසින් අදත් හිමිහිට
    සිතිජ ඉම හිරු ගිලෙනවා
    සයුරු වෙරළේ තනිවූ මා සිත
    අදත් කවි වැල් ගොතනවා
    ලා රනින් සඳ හිනැහිලා විත්
    වලාකුළු යට එබෙනවා
    එහෙත් නැත දම්පාට දේදුනු
    මා නෙතේ නම් ගැටෙන්නේ
    -- කුමාරි මුවන්දෙණිය --

    ReplyDelete
  3. ඔය උඹ කියන විදියේ බටහිර සංගීත පිස්සෙක් තමයි මමත් එදා ඉඳන්ම අද වෙනකල්ම. අදත් මගේ ප්‍රියතම සංගීත කණ්ඩායම ඇබා.

    මේ ලඟදී මම වෙනත් බ්ලොග් අඩවියක http://upekshad.blogspot.com/2014/07/blog-post_7.html (උඹ මේ පෝස්ට් එක කියෝපං මචං, උඹට ඒක සෑහෙන්න අදාලයි)කමෙන්ට් එකක් හැටියට දාපු මේ කොටස මෙතනට අදාල වෙයි කියලා හිතුනා. ඒකෙන් උඹේ (තව ඉන්න ඇති අපි දැනගෙන හිටියේ නැති උනාට) කොටසට උත්තරයක් ලැබෙයි.
    ඇයි Boney M???
    ඇයි Bee Gees,
    Brotherhood of Man?
    George Baker Selection/
    Baccara?
    Cool and the Gang?
    Eagles?
    Fleetwood Mac?
    Queen?
    K C & the Sunshine Band?
    Pink Floyd?
    Pussycat?
    Modern Talking?
    Scorpions?
    Smokie?
    Wham?
    The Police?
    UB40 ????????????????????????????

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හෙන්රි මගේ බ්ලොග් කට්ටේ ලින්ක් එකක් මෙතන දැම්මට...

      කියෙව්වම ආස හිතුන... තව ටිකක් ලියන්න ඕනේ කියල හිතෙනවා මේවා දැක්කම. ලියාගෙන යනකොට සමහර කොටස් අමතක වෙනවා. මේ සින්දු ඉස්සර අපිත් අහන්නේ කන පැලෙන්න දාගෙන..

      ඇයි මතකද ලම්බාඩා , බන්ගාරා මියුසික් එහෙම? මට අදටත් හිතා ගන්න බැහැ අපේ අම්මා මේ නාඩගන් ඉවසන් හිටියේ කොහොමද කියල... හි.. හි... මම නම් ළමයි හම ගහනවා ඔහොම වහලේ උඩ යනතරම් සද්දෙට සින්දු ඇහුවම... ඒ මදිවට නැටුම්!! එක පොකරෙට වැටිලා නටනවා... චෙක්... මතක් වෙනකොට ටෙන්ෂන් වගේ.. හි.. හි..

      Delete
    2. 2008 පටන් ගත්තු මගේ එෆ් බී එකේ සංගීත කාරයෝ 300ක් විතර ඉන්නවා. නමුත් අනුන්ගේ ෆොටෝ ශෙයා කරකර ලයික් දදාඉන්න එක විතරයි කරේ. බ්ලොග් එක පටන් අරන් සති දෙකට මගේම රසිකත්වය තියන කිහිප දෙනෙක් හම්බ උනා.

      Delete
  4. මචං මේ පොස්ට් එකේ කියවෙන කාලේ වෙනකොට ඔය මොනවත් දන්නේ නැ බං
    රේඩියෝ එක ඇහැව්වට ඉංග්‍රීසි බැරි නිසා මොනවා කියනවද කියල තේරෙන්නෙත් නැහැ නේ

    ReplyDelete
  5. අර උකුස්සා ගැන කියවලා පරන එව්වත් කිය වන්න හිතුනා මං නම් මුලින්ම ඉන්ගිරිසි සින්ඩුවක් කියලා ඇහුවෙ BSB,MJ වගෙ කට්ටියගෙ සින්දු තමා ඒකත් ඉස්සර අර රූප පෙට්ටියෙ මැච් යන කොට ලන්ච් එක වෙලාවට දාන නිසා.

    ReplyDelete
  6. පදුරක් ගානෙ රෙකොඩ් බාර් එන්න කලින් ඉංගිරිසි සින්දුවක් ඇහුනොත් ඒ රේඩියෝ එකේ තමයි. එතකොට SLBC විතරයි තිබුණෙ මතක විදිහට. 90 ගණන් මැදින් තමයි තමයි Yes FM, FM99 සහ එයිට පස්සෙ Gold FM, E-FM කල එළි බහින්නෙ. ඒ වෙනකොට රෙකෝඩ් බාර් හැම තැනම.

    ReplyDelete