Wednesday, July 30, 2014

සංගීත චාරිකාවක් 11 - Dire Straits




ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න දවස්වල ගෙදර තිබුණු ඔර්ගන් එක ගහන්න පටන් ගත්ත. මුලින්ම ගැහුවේ දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ. ඔර්ගන් එකත් එක්ක ආපු මැනුවල් එකේ C G F කෝඩ් තුන අල්ලන විදිහ තිබුන. ගිටාර් ගහල පුරුද්ද ටිකක් තිබුන හන්ද සති දෙක තුනකින් අල්ලගන්න පුළුවන් උනා. කී බෝඩ් වලට් ආස හිතුණු හන්ද කී බෝඩ් වලින් වැඩ දාන සින්දු හොයා හොයා අහන්න පටන් ගත්ත. එතකොට තමයි Dire Straits ලගේ Walk of Life හම්බ උනේ.



මේ සින්දුවට ආස හිතුණු නිසා Dire Straits සින්දු කීපයක්ම රෙකොර්ඩ් කර ගත්ත.

Dire Straits සංගීත කණ්ඩායම 1977 වසරේ පිහිටුවනු ලබන්නේ මාක් නොප්ෆ්ලර්ගේ මුලිකත්වයෙනි. මෙම කණ්ඩායම Mark Knopfler ලීඩ්  ගිටාරයෙන්ද David Knopfler රිදම් ගිටාරයෙන්ද John Illsley බේස් ගිටාරයෙන්ද Pick Withers ඩ්‍රම්ස් වාදනයෙන්ද සංගීතවත් කරනු ලැබුවා.

බ්‍රිතාන්‍ය ජාතිකත්වයක් සහිත මෙම රොක් සංගීත කණ්ඩායමේ නිර්මාණ වෙත ජෑස්, ෆෝක් , බ්ලුස් මෙන්ම රොක් ඇන්ඩ් රෝල් සංගීත ශෛලින්ගේ ආභාශය පෙන්නුම් කරනවා.

1977 වසරේ මෙම කණ්ඩායම, Sultans of Swing,  Water of Love ඇතුළු ගීත පහක්  බීබීසී රේඩියෝවේ Honky Tonk වැඩසටහන කල චාලි ගිලට් වෙත ඉදිරිපත් කරනුයේ හුදෙක්ම උපදෙසක් බලාපොරොත්තුවෙනි. නමුත් මෙම ගීත කෙරෙහි ප්‍රිය උපදවාගන්නා චාලි ගිලට් තම වැඩසටහනෙහි ඒවා ප්‍රචාරය කරනවා. කණ්ඩායමේ ඇති සාර්ථක ආරම්භය මෙලෙස සනිටුහන් වෙනවා.

Sultans of Swing

Dire Straits සංගීත ලෝකයේ වාණිජ වශයෙන් අතිශය සාර්ථක සංගීත කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. ඔවුන්ගේ Brothers in Arms ඇල්බමය පමණක් පිටපත් මිලයන තිහක ප්‍රමාණයක් බෙදාහැර තිබෙනවා. එම ඇල්බමය අලෙවිය පිටපත් මිලියනය පසුකළ ප්‍රථම සංගත තැටිය ලෙසින්ද වාර්තාවක් පිහිටුවනවා. කණ්ඩායමේ අතිශය ජනප්‍රිය Money for Nothing ගීතය ද මෙම ඇල්බමයේ අඩංගු වනවා.

Money for Nothing

මෙම කණ්ඩායම දිනාගත් ග්රැමී සම්මාන ගණන හතරකි. 1986 වසරේදී  Brothers in Arms ගීතය ග්රැමී සම්මාන දෙකක් දිනා ගන්නවා.


මොවුන්ගේ තවත් අති ජනප්‍රිය ගීත ලෙස Romeo and Juliet,  So Far Away Tunnel of Love සහ Telegraph Road හැදින්විය හැක.

Romeo and Juliet
 So Far Away
Tunnel of Love
  
Telegraph Road



චාරිකාව තව දුරයි
දොළොස්වන කොටසින් හමු වෙමු

Eagles ල ගැන කියවෙන 10 වන කොටසේ පොඩි කතිකාවක් යනවා එකටත් මෙතනින් පොඩ්ඩක් සෙට් වෙමු.

19 comments:

  1. ඒ කියන්නේ ජීවනත් අපේ පත්තර මල්ලි වගේ ගිටාර්, කීබෝඩ් වාදන් ශිල්පියෙක් ඈ... එළනේ

    ReplyDelete
    Replies
    1. නෑ මචං හරියට ඉගනගන්න හම්බ උනේ නෑ.
      යන්තම් ගොඩදාගන්න විතරක් පුළුවන්.
      සංගීතය නොදන්නා උන්ට හොඳයි.
      ලුල්ලු නැති වලවල් වල විතරයි බහින්නේ

      Delete
  2. ඩයර්ස්ට්‍රේස් කියලා නේ අපි ඒ කාළේ එයාලට කිව්වේ. ඔය කාළේ ඕන ඕන සින්දු අහන්න තිබුනේ ඩුබායි ඉඳලා ගෙනාපු එකෙක්ගෙන් අඩු ගානකට හම්බ වෙච්චි කැසට් රේකොඩර් එකක්. ඉතින් තොරාණා එකන් ආස සින්දු කැසට් එකකට ගහගෙන ඒනවා. ඒත් ඉතින් අර මළදානෙන් ඇහුවට ඇඟට වදින්නේ නෑ. යාළුවෙක් හිටියා ඌට ටිකක් බට තියෙනවා. ඌටත් වැදුනා ඩයර්ස්ට්‍රේට්ව. අපිත් එක්ක එකට හිටපු එකෙක් ඒ දවසවල හිටියා ඔට්ටේලියාවේ. ඌට මේ කතන්දරේ කිව්වාම. එව්වා ඇල්බම් එක.

    මනී ෆොර් නතින්ග් .... යෙස් මනී ෆෝ නතින්ග්.. තව මක්කා කියන්නද අප්පා..

    අරුන්ගේ අම්මගෙන් කුණු බැණුම්.. ගමට ම ඇහෙන්න සැට් එක දානවා කියලා.. පස්සෙ කාලේක සීමන් කෙනෙක්ගෙන් මාත් ගත්තා සෙටප් එකක්.. මොනවද ඉතින් අහල පහල මනුස්සයෙකුට ඉන්න නෑ.. හැබයි හොඳ වෙලාවට.. මියුසික් ලවින් නෙබරස්ලා ටිකක් උන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔය කියන යුගයේ හැමෝගෙම කතාව සමානයි. පහසුකම් හරිම සීමිතයි. අවස්තාවක් නැති තරම්. අදිකාරී බලය ලොකු පොඩි බේදයක් නැතිව පතුරවනව්. උදාහරණයකට ගත්තොත් සින්දුවක පදමාලාව හොයාගන්න නැති තැන කෝඩ් ගැන මොනකතාද. තියන එකා මැණිකක් රකිනා නා රජිදෙකු සේ තමයි. වැරදිලාවත් පෙන්නන්නේ නැහැ. කෝඩ් ඇහුවහම වැරදි ඒවා උගන්නනවා. ඒකාලේ සංගීතය කරපු එවුන් කුහකම හැත්තක් කියල මම බය නැතිව කියනවා. කෝඩ් හොයාගන්න බැරි උන නිසා c කෝඩ් එක ට්‍රාන්ස්පෝස් කරලා ගොඩදාගන්න පුරුදු උනා. හරියටම කීවොත් පට්ට වංචාවක් කරා.( ලියන්න පටන් ගත්තු කතාව අවුට් ගියා)

      බේස් නාමයක් නැති කැසට් රෙකෝඩර් කොයි කනෙන් ඇහුවද කියල. දැන් හිතනවා. අපි මේ හුජ්ජ කොල්ලන්ට කොහෙන්ද ඔස්ට්‍රේලියාව පෙන්තෝ කළුතර ටවුමේ රෙකෝඩ් බාර් එකම තමයි සරණ. හොඳකට තිබුනේ රෙකොර්ඩ් බාර් එකේ අන්කල් ඉල්ලන ඕනෑම සින්දුවක් තකහනියේ කොලබ ගිහින් හරි ගෙනත් දෙනවා.

      Delete
  3. නියමයි ජීවන,

    ඔබ විසින් ගොඩනගන්නා වූ දැනුම එකතුව ඉතාවැදගත් කාර්යයක් කරන බවනම් නිසැකයි. මේ වන විටත් ඔබ එකතු කොට ඇති ලිපි අනුව ඔබ මේ ක්ෂේත්‍රය පිළිබද ව මහා දැනුමක් සහිත පුද්ගලයෙකු බව මනාව පෙනී යනවා. ඉතින් ඔබට කියන්න වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි කමෙන්ටු ගණනින් හෝ විවර්ස්ලා ගණනින් බ්ලොග්කරණයෙහි වැදගත් කම මනින්න එපා. මේ මුල් අධියර කිහිපය තුළ සිටින ඔබ වටා ක්‍රමයෙන් ඒ සියල්ල ගොඩනැගේවි. අපි එන හැම මොහොමතක ම ඔබ දිරිගැන්වීමට කමෙන්ටුවක් දාන්නේ ඔබ වැන්නන් අපි අතර සිටීම ඉතාමත් වැදගත් නිසායි. ඉතින් ටික කාලයක් යන විට ගොඩනැගෙන්නා වූ සහෘද කැල විසින් ඔබව තව තවත් දිරිමත් කරනවා නොඅනුමානයි. හැකි තරම් ශක්තිමත් ව අපි අතර ම රැදෙන්න යැයි ඉල්ලා සිටිමු. ඒ ඔබ වැන්නන්ගේ දැනුමෙහි සහ දැනුම පිපාසයෙහි පවතින්නා වූ අවශ්‍යතාවය නිසාය............

    ස්තූතියි......................... ජයවේවා..................

    ReplyDelete
    Replies
    1. දිරිගැන්වීම ගැන ගොඩාක් ස්තුතියි

      ආයෙත් කියන්න ඕන මා ක්ෂේත්‍රය පිළිබද ව මහා දැනුමක් සහිත පුද්ගලයෙකු නොව හුදු රසිකයකු පමණක් බව. මෙම ලිපි වල අඩංගු වන්නේ මා හට සාපේක්ෂව හොඳ මට්ටමේ ගීත කිහිපයක් පමණයි. එනම් ජනප්‍රිය ගීත පමණයි.

      ඇත්තටම දැනට ලැබෙන ප්‍රතිචාරය හොඳටම සතුටුදායකයි.

      Delete
  4. Great stuff..sinhalen gahanna font ekak me welawe nehe.... ohoma yan Jeevana aiya.. ela kiri

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා. තව හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට

      Delete
  5. මේ සිංදු ටිකනම් මම වැඩිය අහලා නැති ඒවා..

    ReplyDelete
    Replies
    1. එහෙනං දැන් අහල රස විඳපන්.
      මොනවා උනත් පට්ට සින්දු ටික නේ..

      Delete
  6. Replies
    1. කොයි ලින්ක් එකද මචං

      Delete
    2. මගේ කොමෙන්ටුවට කොටාපියෝ

      Delete
    3. මේ තියෙන්නෙත් money for nothingම තමයි official video 1

      Delete
  7. මචන් ජීවන,

    පෝස්ට් එක එල ..! මමත් ටිකක් එකතු කරන්නම් .

    Mark Knopfler ගේ සින්දු වල ලොකුම වෙනස තමයි අමුතුම දේවල් ගැන තියෙන වචන සෙට් එක සහ අමුතුම tone එකකින් ගහන ගිටාර් වැඩ කෑලි ..
    පොර pick එකක් පාවිච්චි කලේ නැ..

    මුල් කාලේ බෑන්ඩ් එක club වල ගහල තියෙනවා .. ඒ කාලේ අතේ සතේ නැතුව - කන්නත් නැතුව තමයි - Dire Straits නම ආවේ ඒකෙන්.

    Suntans of Swing සින්දුව ලියුවේ club වල play කරන කවුරුවත් ගණන් ගන්නේ නැති තමන්ගේම band එක ගැන - අමුතුම guitar
    සද්දෙයි , අමුතු වචනයි , අමුතු කටහඬයි නිසා ඒක hit උනා -

    මේ තියෙන්නේ Radio එකට දුන්න original demo tape එක
    http://www.youtube.com/watch?v=BxagV1SH-PM

    හොන්කි-ටොන්ක් එකෙන් පස්සේ TV එකේ ගහන්න chance එක හම්බ වෙනවා '78 විතර.
    තාම superstar වෙලා නැහැ .... 4:37 දී පොඩ්ඩක් වරදිනවා
    (live record කරලා තියෙන්නේ. පොඩ්ඩක් tension එකේ ගහන්නේ )
    http://www.youtube.com/watch?v=_duNqDMSQDU

    මේ තියෙන්නේ release කරපු audio track එකට ඒ කාලෙම ගහපු TV version එකක්
    (live නෙවෙයි- ෆුල් relax )
    http://www.youtube.com/watch?v=h0ffIJ7ZO4U

    radio සහ TV එකේ ගිය මේ recording තුනේම එක verse එකක් බලදාරියා කපල දැම්මා.

    Then a crowd a "young boys they're a foolin' around" in the corner
    "Drunk" and dressed in their best brown baggies and their platform soles
    They don't give a "damn" about any trumpet playin' band
    It ain't what they call rock and roll
    Then the Sultans
    Yeah the Sultans they play creole, creole

    ලංකාවේ වගේම ප්‍රබුද්ද කබ්බෝ UK වලත් ඉදල තියෙනවා ...



    Knopfler දවසක් electric බඩු තියෙන showroom එකක ඉන්නකොට ඒකෙ TV එකක MTV channel එකේ rock බෑන්ඩ් එකක්
    ගහනවලු. මේක බලන් හිටපු එතන වැඩ කරන පොරක් තව එකෙකුට මෙහෙම කියනවලු ..

    'These faggots on MTV, they don't have to work hard like us.. they only play the guitar
    on TV and get money for doing nothing and they get all the chicks for free. - and may be they
    only get a blister on a finger ... - hey move these refrigerators and the color TVs -
    look at that drummer he is like a chimpanzee.....etc...'

    Knopfler මේ ඔක්කොම කොළ කෑල්ලක ලියාගෙන ඇවිත් පස්සේ සින්දුවක් ලිව්වලු

    Romeo-and-Juliet also has a similar story....

    ReplyDelete
  8. මචං මාර කොමෙන්ට් එක.

    මටත් අහු නොවුණු දේ ගොඩක් මේකේ තියනවා. උඹ නියමටම මේ සින්දු study කරලා තියනව.

    ඇත්තටම උඹල වගේ දැනුම තියන සහ ලියන්න පුළුවන් උන් නිහඩව ඉන්න නිසා තමයි අර ප්‍රබුද්ධ කබ්බෝ හැත්ත වැඩ දාන්නේ. ඉන්දියානු ශෛලිය විතරක් දන්නා ප්‍රබුද්ධ කබ්බෝ අලුත් එකෙක් අලුත් දෙයක් කරපු ගමන් උන්ගේ සම්පුර්ණ බලය යොදල පහර ගහල විනාස කරලා දානවා. මොකද ලෝකය පුරා මිලියන ගණන් පිටපත් බෙදාහරපු මේ වගේ ගීත අහලවත් නැහැ.

    රොක් සංගීතය බෙහෙවින් දේශපාලනිකයි. ජෑස් වැනි ශෛලින් ඉහල සමාජයට පමණක් සීමාවෙන විට රොක් තමයි කලාවේ අධිකාරියට සාර්ථකව පහර දීල සමාජයේ පහල ස්තර අතරට කලාව ගෙනෙගිය ආරම්බකයා වන්නේ. නමුත් තවමත් බලය පතුරුවන අධිකාරීන් තවමත් Verse කපනවා.

    they don't have to work hard like us.. කිව්වට මුල් කාලයේ ඇඟිළි කපාගෙන, නිදිමරාගෙන, සහ පට්ට යන්න බැනුම් අහගෙන කරන යුද්දේ කරන එකා විතරයි දන්නේ.

    මමනම් කියවල තියන හැටියට හොන්කි ටොන්ක් එකෙන් මාස දෙකකට පස්සේ Dire Straits නිෂ්පාදකයන් සහ ප්‍රසංග සංවිධායකයන් සමග ගිවිසුම් ගණනාවකට එලබෙනවා.

    ReplyDelete
    Replies
    1. මචන් සම්පුර්ණ ඇත්ත ....
      ප්‍රබුද්ද කබ්බෝ ජාති දෙකයි , ලංකාවේ කබ්බෝ සහ international කබ්බෝ .

      ලංකාවේ එවුන් ගැන කිවුවොත් ඉන්දියානු ගැති, වෙනසක් කරන හැමෝටම ගරහන ලොකු පුටු වල ඉන්න set එක තමයි.
      ආණ්ඩුව උනත් ලොකු පුටු දෙන්නේ indian qualified අයට තමයි. ඒ මානසිකත්වයට කියන නම මම දන්නේ නැහැ.

      හැබැයි මේ ප්‍රබුද්ද සෙට් එක party එකකට ගියහම බෑන්ඩ් එකට පිටිපස්සෙන් ගිහිල්ල කියන්නේ මොනවද දන්නවද ?
      -- මල්ලි fast -number එකක් ගහමුද? බයිලා නැද්ද ..???

      Delete
    2. අපේ ලිං ගෙඹි හැත්ත ඉන්දියානු සංගීතයට දණ්ඩ නමස්කාර කරනවා. අපේ තරුණ පරම්පරාවේ නිර්මාණ හෙළාදකිනවා.
      නමුත් Indian Night Club වල සුරංගනීට මාළු ගෙනාව Techno Version එක DJ ගහනවා මට ඇහිලා තියනවා. ඉන්දියන් කොල්ලෝ කෙල්ලෝ පලු යන්න නටනවා.

      Delete
  9. අනිවා කොල්ලෝ ඔය ඉන්දියාවෙ සින්දු වලින් මං ආස ගසල් වලට විතරයි.මොකද ගසල් කියන එවුවො කියන්නේ උන්ට ඕනි මෙලඩිය.එක එක ශෝ එකේ දි එකම සින්දුව වෙනස් විදියට කියනවා.ඒක තමා විය යුතු.අනික් එවුන් රාග තාල එක්ක තව කාගෙ හරි මෙලඩියක් ඇතුලට කොටු වෙලා තටමනවා.කට්ටිය ඉන්නවනෙ ඔය වැසිකිලි ගියාම බෙට්ට වැටෙන්නෙත් ධා ධිං ධිං දා කියලා.ඒත් මිනිස්සුන්ට දැනෙන්න සින්දුවක් කියා ගන්න බෑ.හැබැයි ලංකාවෙ ඉන්නවා ඒ ඉන්දියන් මියුසික් අපේ කරගෙන ගහන අය.මොලේට වදින්න ගහන සින්දුවෙයි.ඇගේ මයිල් ඉස්මයිල් වෙන්න ගහන එකෙයි ලොකු වෙනසක් තියනවා

    ReplyDelete