Friday, July 25, 2014

සංගීත චාරිකාවක් 09 - රැජින හෙවත් Queen



1985 වසරේ මැද හරිය වනකොට සාමාන්‍ය පෙල විභාගය මල ඇනයක් බවට පත් උනා. අම්ම කියනවා පාඩම් කරන්න කියල. ආච්චි බනිනවා පාඩම් කරන්නේ නැහැ කියල. නෑ හැත්ත පෝර දානවා. ගුරුවරු හොඳම රිසාල්ට් අපෙන් බලාපොරොත්තු වෙනවා. අන්තිමට ගොඩ දානවා කියල හිතාගෙන මම ආතල් එකේ සිංදු අහනවා. පොඩි කාලේ ඉඳල, උදේට පොත බලාගෙන විභාගයට ගියත් ගණිතයට ලකුණු 85 ට වැඩිය තියන නිසා තාත්තාගෙන් අවුලක් නැහැ..

ඔන්න ඔය කාලේ තමයි මට හම්බුනේ TOP 1000 ඇල්බම් සීරීස් එකේ කැසට් දෙකක්. ඔකේ තිබුන රේඩියෝ ගගා (Radio Ga Gaa) කියන සින්දුව. බෑන්ඩ් එක කුවින්. මේ සින්දුව ට පුදුම විදියට ආස හිතුන. මගේ වොයිස් එකටත් හරියටම ගැලපුනා. සින්දුවේ වචනත් තේරෙනවා. අර්ථයත් තේරෙනවා. හැබැයි සින්දුවේ මැද තියන ගිටාර් සොලෝ එක මම අවුරුදු ගණනාවක් හිතාගෙන හිටියේ කී බෝඩ් එකකින් ප්ලේ කරනවා කියලයි. මොකද ඩේස්ටෝෂන් ගැන අහලවත් තියන එකක්යැ. කවද කාපු ටකරන්ද කිව්වලු.

 
ඔන්න ඉතින් තව පිස්සුවක් තද උනා. දැන් හොයනවා කවීන් බෑන්ඩ් එකේ සිංදු.ටික දවසකින් සිංදු සෙට් එකක්ම රෙකොර්ඩ් කරගන්න ලැබුනා. ඕක වහලේ උළු ගැලවෙන්න ප්ලේයර් එකේ දාගත්තම ගෙදර් අයට මලේ මල

ක්වීන් සංගීත කණ්ඩායම 1970 දී බ්‍රිතාන්‍යයේ බිහිවනුයේ, පර්සියානු ජාතික දෙමාපියනට දාව, ඉන්දියාවේ හැදී වැදුණු ෆ්‍රෙඩී මර්කරි නම් ගායකයා ස්මයිල් නම්වූ සංගීත කණ්ඩායමට එක්වීමත් සමගය. ඔහු මෙම කණ්ඩායමේ ප්‍රධාන ගායකයා මෙන්ම පියානෝ වාදකයාද විය. මෙහි අනෙකුත් සාමාජිකයන් වන බ්‍රයන් මේ ගිටාර් වාදනයන් ද ජෝන් ඩෙකන් බේස් ගිටාර් වාදනයෙනද රොජර් ටේලර් ඩ්‍රම්ස් වාදනයෙන් ද කණ්ඩායම පෝෂණය කලහ. කවීන් කණ්ඩායම බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ වනුයේ 1974  එළිදැක්වූ  Sheer Heart Attack නම් ගීතයෙනි. 


අනතුරුව 1975 වසරේදී A Night at the Opera ඇල්බමය එළිදැක්වීමත් සමග ඔවුන් ජාත්‍යන්තර තලයට පිවිසෙනවා. පසුකලෙක ගායනාකල Bohemian Rhapsody ගීතය බ්‍රිතාන්‍ය ගීත දර්ශකයේ ප්‍රථම ස්ථානය අකණ්ඩව සති හයක්  රදවා ගැනීමට සමත් වනවා. මෙම ගීතයේ ඒකල ඩේස්ටෝෂන් ගිටාර් වාදනය ( Solo) ලොව හොඳම එකල වාදන දසය අතර පවතිනවා. 

 
අසුව දශකයේ වනවිට ලොව හොඳම එළිමහන් ප්‍රසාංගික සංගීත කණ්ඩායම බවට පත්වන ක්වීන් 1985 වසරේ අප්‍රිකාවට ආධාර පිණිස පැවැත්වූ Live Aid ප්‍රසංගයත් සමග රොක් සංගීත ඉතිහාසයේ නොමැකෙන සලකුණක් පිහිටුවනවා.

Live Aid - Queen සම්පුර්න ප්‍රසංගය

අවාසනාවන්ත ලෙස ඒඩ්ස් රෝගයේ ගොදුරක් වන ෆ්‍රෙඩී මර්කරි 1991 වසරේදී බ්රොන්කෝ නියුමෝනියාවෙන් මියයාමත් සමග මෙම සංගීත කණ්ඩායම විසිරී යනවා.

ඔවුන්ගේ අති විශ්ෂ්ඨ ගීත කිහිපයක් වන I Want to Break free, A Kind of Magic, We Will Rock You පහත වීඩියෝහි රස විඳිය හැක.

I want to Break free

A kind of Magic

 We Will Rock You

චාරිකාව තව දුරයි

දස වන කොටසින් හමුවමු

11 comments:

  1. ශා ... මේ සින්දු ටික එහෙන මෙහෙන් ඇහිලා තිබ්බට මේ කතාව කියෙව්වට පස්සසේ උනන්දුවෙන් ඇහුවේ අදයි ... පට්ට

    ReplyDelete
    Replies
    1. වෙලාවකට හිතෙනවා මේ සීරීස් එක තව දුරට ලියල වැඩක් වෙයිද කියල. මොකද සියයට 90ක්ම ඔය සින්දු දැම්මට අහන්නේ නැ
      මුහුදට චූ කරා වගේ. චූ කරපු එකාට ෆුල් ආතල්. මුහුදට දැනෙන්නේ නැහැ.
      උඹල වගේ එකෙක් දෙන්නෙක් සින්දුව ඇහුව කියනකොට අයෙත් ලියන්න හිතෙනවා.

      Delete
  2. මචන් ජීවන, මමත් ආසම බෑන්ඩ් එකක්...

    ඒඩ්ස් හැදිලා අසාද්‍ය වෙලා හිටියත් ෆ්‍රෙඩි මර්කරි රසිකයන්ගෙන් ඒක හංගගෙන හිටියේ. මැරෙන්න දවස් ගානකට කලින් ෆ්‍රෙඩි මේ සින්දුව record කළා "These are the days of our lives".

    https://www.youtube.com/watch?v=FyejB43PKkE

    ඒඩ්ස් රෝගය නිසා ෆ්‍රෙඩි ගේ නියම ලෙඩ පෙනුම පැහැදිලිව පේන නිසා සින්දුව release කලේ කළු සුදු විදිහට
    https://www.youtube.com/watch?v=oB4K0scMysc

    මේ සින්දුවේ ගිටාර් සොලෝ එක මම අහපු ලස්සනම එකක්. Brian May සින්දුවේ තියෙන දුක්මුසු හැගීම පුදුම ලස්සනට මේ සොලෝ එකට එකතු කරලා තියෙනවා ....

    Manjula



    ReplyDelete
    Replies
    1. මචං මම පළමු වතාවට තමයි මේක ඇහුවේ. ටැංකූ එව්වට
      උඹ කියන එක හරි. පට්ට සොලෝ එක.

      මචං ගූගල් එකවුන්ට් එකක් හදල කොමෙන්ට් කරානම් හොඳ නැද්ද

      Delete
    2. මැරෙන්න ඔන්න මෙන්න හිටියත් කොහොමද voice එක.??

      මේ තියෙන්නේ ෆ්‍රෙඩි මර්කරි (ඒ දවස් වල Farrokh Balsara - ෆරොක් බල්සරා - මල්සරා නෙවෙයි ..) ඉස්කෝලේ යන කාලේ.
      අත් දෙක උස්සන ඇක්ෂන් එක ඒ දවස් වලත් තිබිල තියෙනවා ...
      https://www.youtube.com/watch?v=f61iHLckFy0&src_vid=FyejB43PKkE&feature=iv&annotation_id=annotation_2956285813

      Delete
    3. රුපය වෙනස් උනත් වොයිස් එක වෙනස් වෙලා නැහැ.

      Delete
  3. කෝ බන් හොඳම එක නෑ නේ, We are the champion

    ReplyDelete
    Replies
    1. We are the champions සහ We will rock you සැම විටම එකට ගායනා කෙරෙනවා. අවසානයට තිබෙන වීඩියෝ එකේ දෙකම තියෙනවා

      Delete
  4. මට අමතක උනා Queen ලගේ තවත් හොඳම සින්දුවක් Crazy Little Thing Called Love
    URL එක පහත තියනවා
    https://www.youtube.com/watch?v=yziGiVua0Dg

    ReplyDelete
  5. අද තමයි මේ ගැන ගොඩක් දේවල් ඇහුවේ................... ඉතින් ලිපි පෙළ ලියන්න හිතාගෙන ඉන්නවානම් දිගටම ලියන්න. ලියන විදිහ හරිම රසවත්. ඉතින් කියවන්න බෝරින්ග් නෑ.......... ආස හිතෙනවා නොදන්න දේවල් ගොඩක් ලියලා තියෙන නිසා කියවන්න.

    ජීවන

    අද තමයි මේ පැත්තට ආවේ. ඔබ අපේ අඩවියට ඇවිත් මේ පැත්තට අපිට එන්න මග පෙන්නුවාට ස්තූතියි. ඉතින් අපි බ්ලොග් රෝලටත් ඇඩ් කරගත්තා. ඉදිරියේ දී සහයෝගයෙන් යමක් කරමු................... බ්ලොග් ලියන එක කියන්නේ එක ආකාරයක උණක්. අපි හිතනවා ඔබත් උණ කාරයෙක් හින්දා තමයි එකතු වුණේ කියලා.. ඉතින් නැවතත් හමුවෙමු................

    ReplyDelete
  6. දිරිගන්වනවට ගොඩක් ස්තුතියි. අවරුදු ගණනක් බ්ලොග් කියෙව්වට ලියන්න අරන් තවම මාසයක්වත් පිරිලා නැහැ. මොනවද ලියන්නේ කියල හිතහිතා ඉන්න කොට තමයි ජීවිත කාලයටම හොඳ කරගන්න බැරිඋන සංගීත පිස්සුව ගැන ලියන්න හිතුනේ.
    තවම මේ කතාව තවම මම ඉන්නේ දහය පන්තියේ. නමුත් අද වෙනකොට මගේ පුතුන් තුන්දෙනාම ක්‍රමවත්ව බටහිර සංගීතය ඉගනගන්නවා. මේ පොස්ට් වල තියන ගීත වලින් බොහොමයක් ඔවුන් ගායනය සහ වාදනය කරනවා. එක නිසා තව ගොඩක් දේ ලියන්න ඉතුරුයි

    ReplyDelete