Tuesday, April 11, 2017

නෙළුම් යාය බ්ලොග් ප්‍රවර්ධකයෝ සහ කුහකයෝ

නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල  ඇති සාර්ථකව සහ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් අනතුරුව අදාළ උළෙල සම්බන්ධව විශාල කතිකාවක් ගොඩනැගී ඇත.  මේ කතිකාව තුල නෙළුම් යාය සංවිධායකයින් වෙත ස්තුති කිරීම් වලට වඩා ඔවුනට විරුද්ධව සිදුකළ විවේචන ප්‍රමානාත්මකව  ඉහල අගයක් ගන්න බව පෙනී යයි. මේ විවේචන බොහොමයක් දේශපාලනික දැක්මකින් යුතු බව නිරීක්ෂණය කල හැකිය. විවේචකයන් ප්‍රධාන වශයෙන් දෙවර්ගයකි. එනම් සිය ප්‍රොෆයිලයෙන් පැමිණෙන්නන් සහ නිර්නාමිකයන්ය. ප්‍රොෆයිල විවේචකයින් ගෙන් සමහරකු සාධනාත්මක විවේචන(constructive criticism) සිදු කරනා අතර තවත් ප්‍රොෆයිල විවේචකයින් පිරිසක් සාධනාත්මක විවේචන ස්වරුපයෙන් නිර්දය පහර ගැසීම් සිදු කරති. නිර්නාමික විවේචකයින් (ඇනෝ) බොහොමයක් හුදු මඩ ප්‍රහාරයකට අවස්ථාව ප්‍රයෝජනයට ගත බව පෙනී යයි. නෙළුම් යාය සංවිධායකයින් සහ උළෙල අගය කළ පිරිස් ද නිර්නාමික මඩ ප්‍රහාර වලට සමහර අවස්ථා හිදී ලක්වින. මේ නිසා බහුතරයක් බ්ලොග් කරුවන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුල අගයකිරීම් දැක ගත හැකි වුයේ අවම මට්ටමකිනි.

කෙසේ නවක බ්ලොග්කරුවකු වශයෙන් බ්ලොග්කරණයට පැමිණි දින සිට මා හඳුනාගත් බ්ලොග් සැබෑ  ප්‍රවර්ධකයින් කවුරුන්ද යන මගේ අත්දැකීමද මෙම ලිපිය තුලට ඇතුලත් කරමි.

මා බ්ලොග්කරණය ආරම්භ කළේ  2014 වසරේ දීය. මෙම කාලය තුල ලද අත්දැකීම් තුලින්,  බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනා  ප්‍රධාන  කොට්ටාශ හතරක් ඇති බව නිරීක්ෂණය විය.

1. බ්ලොග් නොලියන කොමෙන්ට්කරුවන් (ප්‍රොෆයිල්)
2. බ්ලොග් ලියනා කොමෙන්ට්කරුවන්  (ප්‍රොෆයිල්)
2. විශාල කාලයක් කැප කර පුද්ගලික මට්ටමෙන් දිරිගන්වන ,ලක්මාල් කන්දෙවිදාන, ඉන්දික කොඩිතුවක්කු වැනි පිරිස් 
4. සංවිධිත මට්ටමෙන් බ්ලොග් ප්‍රවර්ධනය කරනා පිරිස්. (සංවිධාන සහ සින්ඩිකේටර)

මේ හතරවන කොටස තුල පවත්නා සින්ඩිකේටර, ෆේස් බුක් ගෘප් සහ නෙලුම් යාය වැනි සංවිධාන බ්ලොග් ප්‍රවර්ධනයට විශාල මෙහෙවරක් කරති. මේ කාලය තුල බොහෝ සින්ඩිකේටර ආරම්භකලද  එදා සිට අතිශය වේගවත්ව යාවත්කාලීන කරනා එකම සින්ඩිකේටරය මාතලන්ගේ සින්ඩිය පමණක් බව මගේ අත්දැකීමය. මා බ්ලොග්කරණයට පිවිසි අළුත බොහෝ සින්ඩිකෙටරවලට ලියාපදිංචිය සඳහා  අයදුම් කරත් මගේ ලිපි භාරගත්තේ මාතලන් සහ කොත්තු පමණි. මේ හේතුවෙන් මා සින්ඩිකේටරවල ලියාපදිංචි වීම අත්හැර දැමුවෙමි . එම කාලයේදී නෙළුම් යාය පිටුව ආරම්භ කළ අතර එහි මා ලියූ ලිපි පලවින . මේ නිසා සින්ඩිකේටර නොමැතිව වුවද මාහට පාඨක පිරිසක් ගොඩනැගුනු බව ස්තුති පුර්වකව මතක් කලයුතුය. 

බ්ලොග්කරණය අරඹා වසර තුනක ක පමණ කාලයක් ගතවන මේ මොහොතේ  මගේ ලිපි වලට වැඩිම පාඨකයන් පැමිනෙන Traffic Sources අනු පිලිවෙලින් පහත පරිදිය 
1. මුහුණු පොත 
2. මාතලන්ගේ සින්ඩිය 
3. නෙලුම් යාය 

මෙයට පෙර  බ්ලොග් සම්මාන උළෙල කිහිපයක් තිබුනද දැනට පවතිනුයේ නෙලුම් යාය සහ  බ්ලොග් වසන්තය පමණයි. මේ දෙක අතරින් නෙලුම් යාය සංවිධායකයින් වසර තුනක් තුල පරිනාමය වෙමින් ජාතික මට්ටමේ බ්ලොග් සම්මාන උළෙලක් බවට නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පත් කර තිබෙනවා. 

පුද්ගලික  හේතුවක් මත පළමු නෙළුම් යායට පැමිණීමට මාහට නොහැකිවුනා. දෙවන නෙළුම් යායට සහභාගී වීමෙන් අනතුරුව බ්ලොග් කරුවන් තිහක් පමණ ඍජුවම මගේ මුහුණු පොතේ මිතුරන් බවට පත් උනා. එම මිතුරන්  හරහා තවත් විශාල පිරිසක් බ්ලොග් කරුවන් සහ පාඨකයන් සමග ජාල ගතවීම තුල මා හට පාඨකයන් විශාල සංඛ්‍යාවක් ලැබුනා. මේ අයුරින් නෙලුම් යාය තුලින් සිය බ්ලොග් අඩවිය ප්‍රවර්ධනය කරගත් බොහෝ පිරිසක් සිටිනවා. ඉන් බොහොමයක් දෙනා මා මෙන්ම ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය සම්බන්ධතා හෝ රටේ ප්‍රචලිත නමක් නොමැතිව බ්ලොග් කරණයට පිවිසි අය ය.  

මා නෙළුම් යාය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිනුයේ අප වැනි නවකයන්ගේ බ්ලොග් අඩවි ප්‍රවර්ධනයට එම සංවිධානය සිදුකල මෙහෙවර නිසාය. 

නෙළුම් යාය නිර්දය ලෙස විවේචනය කරනා පිරිස අතරින් බොහොමයක් ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය තුල නමක් පවතින පුද්ගලයන් බව පෙනී යයි. ඔවුනට මෙවන් සංවිධාන තිබුනද නැතිවුවද වෙනසක් නොමැත. මන්ද යත් ඔවුන් වෙත කොහොමටත් පාඨකයින් සිටින බැවිනි. බ්ලොග් කරණයට පැමිණෙන නවකයින් සඳහා ඇති ප්‍රධානතම කවුළුව විකල් දේශපාලන අර්ථදක්වීම් තුලින් තලා පෙලා දැමීමට තැත් කිරීම මා දකිනුයේ කුහක කමක් ලෙසටමය. නෙළුම් යායට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරනා මෙම මාධ්‍ය සහ කලා ක්ෂේත්‍ර වල ඥාන පියවරු (God Fathers) බ්ලොග් කරනයට පිවිසෙන නවකයින්ට කිසිදු ආකාරයකින් අතහිත දී ඇති බවක් දැන ගන්නට නම් නැත. 

මෙම ඥාන පියවරුනට අමතරව තමන්ගේ  ප්‍රොෆයිලයෙන් පෙනී සිටීමට තරම් කොන්දක් නොමැති පිරිසක් නිර්නාමික කොමෙන්ට් මගින් හිතු මතේ මඩ අනමින් මඩ කෙළියේ යෙදෙති. මේ අතර දවල් මිගෙල් රෑ දනියෙල් චරිත දෙක රගපාන්නද සිටිති. 

බ්ලොග් කරණයට පිවිසෙන නවකයන්ට විවරව ඇති ප්‍රධානම කවුළුව වන නෙළුම් යාය වෙත මා කොන්දේසි විරහිතව පෙනී සිටින බව නැවතත් ප්‍රකාශ කරමි. තමනට කල නොහැකි දෙයක් අන් ය කරනා විට එයට අකුල් හෙළනා කුහකයින් ඉදිරියේ නොසැලී හතරවන නෙළුම් යාය සම්මාන උළෙල අති සාර්ථක වේවා යනුවෙන්ද සුභාසිංෂණය කරමි.

45 comments:

  1. ඔය නෙළුම්යාය විරෝධී කණ්ඩායමේ සහ රජයේ දොස්තර වරුන්ගේ සංගමයේ සමානකම් බොහෝයි. කොඩි දාන පිකට් බෝඩ් උස්සාගෙන පෙන්නන හේතුව සර්ව සාධාරණයි කියාගෙන හිටියට සැඟවිච්ච පරමාර්ථ සම්පූර්ණයෙන්ම කුහක අවස්ථාවාදී සහ ආත්මාර්ථකාමී ඒවා. තරුණ බ්ලොග් කාරයෝ තව අවුරුදු කීපයක් යනකොට මුන්ගෙ නිරුවත දකිනවා. ඒ නිසා ඒවට ආයුෂ තව අවුරුදු දෙක තුනයි.

    ReplyDelete
  2. මටත් ඉඩක් තිබුනා නම් මෙවර එන්නයි හිටියෙ . ලබන සැරේ එනවා.

    ReplyDelete
    Replies
    1. ඔය මහත්මයා ගේ ස්ථාවරය අගය කරනවා. අපි දේශපාලන වශයෙන් එක මතයක නොවේ ඉන්නේ. ඒත් හඳුනාගත්තට පසු ඒ විරුද්ධ මතයේ සිටියත් කතා බහ කළ හැකි පොදු කරන අපට තියෙන නිසා. ඔබ වගේම මමත් ඇවිදින්න යන්න කැමතියි. සොබා දහමට කැමතියි. ඒවා අපට කතා කරත හැකි.

      Delete
  3. God කොහොමද "ඤාණ" වුනේ?

    දෙයියා කියන්නේ මිත්‍යාවක් බවයි මගේ අවංක අදහස.

    මඤ්ඤා කියා කියන්නේ කාටද?

    ReplyDelete
    Replies
    1. මෙම වචනය කතෝලිකයන්ගේ සිංහල ජනවහර තුලින් පැමිණෙන්නකි.
      සම්පුර්ණ විතරයක් පසුව ලියන්නම්.

      Delete
    2. මඤ්ඤා කියන්නෙ God Mother... සමහර විට මෙය පෘතුග්‍රීසි වචනවලින් බිඳී ආවක් විය හැකියි. අපේ සිංහල කරගෙන මංඤම්මා කියලත් කියනවා. God Farther පඤ්ඤා කියනවා.. ඥාන මව්පියන් කියන්නෙ මට හිතෙන්නෙ දරුවන් දෙවියන් ඉදිරියේ යහපත් විදියට හදාවඩා ගන්න දෙවැනි මව්පියන් විදියට පොරොන්දු දෙන නිසා වෙන්න ඕන...

      Delete
  4. //ප්‍රොෆයිල විවේචකයින් ගෙන් සමහරකු සාධනාත්මක විවේචන(constructive criticism) සිදු කරනා අතර තවත් ප්‍රොෆයිල විවේචකයින් පිරිසක් සාධනාත්මක විවේචන ස්වරුපයෙන් නිර්දය පහර ගැසීම් සිදු කරති. නිර්නාමික විවේචකයින් (ඇනෝ) බොහොමයක් හුදු මඩ ප්‍රහාරයකට අවස්ථාව ප්‍රයෝජනයට ගත බව පෙනී යයි.//
    //බ්ලොග් ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනා ප්‍රධාන කොට්ටාශ හතරක් ඇති බව නිරීක්ෂණය විය.
    1. බ්ලොග් නොලියන කොමෙන්ට්කරුවන් (ප්‍රොෆයිල්)//

    සොයා බැලීමක්/විශ්ලේෂනයක් කර නොමැති නිසා මට කිව හැක්කේ මා ගැන පමණි. එය අදාලදැයි නොදනිමි ඒත් ඔන්න ඔහේ කියලා දමමි. මා කමෙන්ට් කරන්නේ පෝස්ට්/කමෙන්ට් කියවීමෙන් පසු හිතට එන දේය. එය හුදු විනෝදය හෝ මා කැමති විෂයයන් නිසා වේ. බ්ලොග් ප්‍රවර්ධනයක් ගැන හැඟීමක් නැත.

    නිර්නාමික කමෙන්ට් නොකරමි. තාක්ෂණික අපහසුවක් ඇත්නම් යටින් නම ලියමි. ඇනොනිමස් ලිවීමේ අවශ්‍යතාවක් හෝ ආසාවක් මට ඇති වී නොමැත. සමහරුන්ට එසේ කිරීමට සිදුවන හෝ ඕනෑවන (compelled to or prefer to ) බව දනිමි. බ්ලොග්කරුවන්ගේ බ්ලොග් අනන්‍යතාව මත කල්ලි ගැසීම නොකරමි. බ්ලොග්වලින් පිට සමහරු හොඳ මිතුරන්වේ. මා පිටදී ඔවුන්ට එලෙස සලකන අතර බ්ලොග් තුලදී මා මගේ නිදහස තියා ගන්නේ මා බ්ලොග් කියවන්නේ මගේ ආසාවට පමණක් නිසාය.

    නෙලුම් යායෙන් වන හානියක් නොදකිමි. මුලු විශ්වයම හෙල්ලිලායන අති උත්කෘෂ්ඨ හොඳක්ද නොදුටුමි. හොඳකට දැක්කේ තම නිර්මාණ සම්මානවලින් අගය කිරීමට පාත්‍රවූ බ්ලොග්කරුවන්ගේ සතුටය.

    වෙනත් මාධ්‍යවලින් නිර්මාණකරන අයට විවිධ අදහස් හා අරමණු ඇති අය සංවිධාන කල උත්සව වලින් විවිධ දේශපාලකයින් හා අන් අය අතින් සම්මාන ලැබේ.මගේ මිතුරන් ඒවා සංවිධානකල විට හෝ මිතුරන්ට සම්මාන ලැබුන විට මා ඒවාට ඕනෑතරම් ගොස් ඇත. උදව්ද කර ඇත.

    බ්ලොග් අන් මාධ්‍යවලට වඩා වෙනස් යයි කියා ප්‍රසිද්ධ සම්මාන නොගත යුතුය කියන අය මා තේරුම් ගනිමි. ඔවුන් සම්මාන නොගැනීම ගැනද මා එකඟවෙමි. කැමති අය තම විශිෂ්ඨ නිර්මාණ සඳහා සම්මාන ලබා දිරිගැන්වීමක් ලැබූ බව දුටිමි.

    ReplyDelete
    Replies
    1. හෙලා දමනවට වඩා හොඳ නැත්ද පෙලා දමන එක?

      Delete
    2. පෙලට සිටවා හෙලා දකියි තව ටිකකින්.
      මේදවස්වල ලව්පූස්තුමා හෙලාලයිටිස්වලින් පෙලෙනවා. සරසාශ්‍රිත ඇනෝ ප්‍රතිකාර ගන්නෙ

      Delete
    3. //බ්ලොග් අන් මාධ්‍යවලට වඩා වෙනස් යයි කියා ප්‍රසිද්ධ සම්මාන නොගත යුතුය කියන අය මා තේරුම් ගනිමි. ඔවුන් සම්මාන නොගැනීම ගැනද මා එකඟවෙමි.//
      ඒ කියන්නේ බ්ලොග් සම්මාන විතරයි දේශපාලකයන් අතින් ගන්න නරක. ඔය රාජ්‍ය සාහිත්‍ය සම්මාන, යව්වන සම්මාන, සිනමා සම්මාන, ටෙලි සම්මාන ගත්තට කාරි නැහැ කියලද කියන්නේ.
      ඇයි බ්ලොග් ලොකුද?

      Delete
    4. අපොයි මං දන්නෙ නෑ සයිස් එකනම් . ඒත් ඒගොල්ල කියනවනේ බ්ලොග් කියන්නේ පෙනී නොසිට කල යුතු දෙයක් කියලා. ඒ වගේම පිටරටවලනම් ඔය පෙනී නොසිට කරන කලා නිර්මාණ තියනවනෙ. ඒවගේම කිසිම සම්මානයක් නොගන්නා අයත් ඉන්නවනෙ. ඉතින් ඒවගේ අදහස් තියන අය සම්මාන නොගැනීම මට තේරෙනවා මං රෙස්පෙක්ට් කරනවා. අන් අය දීම හා ගැනීමට තම දේශපාලන ඇජෙන්ඩා එක මත හැර වෙන හේතු නිසා විරුද්ධ වෙන එක මට තේරෙන්නෙ නෑ

      Delete
    5. ඔය අභීත බ්ලොග් කරුවෝ කලින් වැඩ කරලා තියෙන සහ දැන් වැඩ කරන මාධ්‍ය ආයතන වල අයිතිකරුවෝ කවුරුද ලියල හොයල බැලුව නම් ............... (මොනවා මතුවෙයිද?)

      Delete
    6. “Men build too many walls and not enough bridges.”
      ― Joseph Fort Newton

      “It is not for me to judge another man's life. I must judge, I must choose, I must spurn, purely for myself. For myself, alone.”
      ― Hermann Hesse

      Delete
    7. ප්‍රා ජේ හෙළා තලා පෙලා දමනු.

      Delete
  5. අති පාරිශුද්ධ නිර්මල අභීත බ්ලොග් කරුවන් නෙලුම් යායට මේ තරම් බිය වන්නේ මන්ද. මට අනුව නම් එකම කාරණයකි . ඒ තමුන්ගේ කොන්ද ගැන තමුන්ටම ඇති අවිශ්වාසයයි.
    සම්මාන ගත් පමණින් සංවිධායකයින්ට අවශ්‍ය දෑ ලියන්නට අවශ්‍යතාවක් නැති බවත්. එහෙම් ලියන්නට බලපෑම් කලත් එහෙම නොකර ඉන්නට තමුන්ට හැකි බව කියන්නට ගටක් නොමැති වීමත් නිසාම මේ විරුද්ධත්වය පෙන්වා මම හෙනපොරකි හෙන ස්වාධීන ලියන්නෙකි කියා පෙන්වීමට මහන්සි ගන්නා බවයි

    ReplyDelete
    Replies
    1. සම්මාන උත්සවේ බොන්න ලැබෙන්නේ සියල්ල අවසන් වෙලානෙ. සමගාමී පාටිය පටන් ගත්ත වෙලාවෙ ඉඳල ඉස්තරම් බීම. බයිට් එකට ඩෙවල් රෝස්ට් ධර්මකීර්ති, පෙපර් පැරා, ස්වීට් ඇන්ඩ් සව ඉවාන්. ඔය ජරා කලවන් වැට් 69 වගේද මල්ලි ඩබල් බ්ලැක්?

      Delete
    2. ඌයි.
      ඉවාන් ලව්පූස්තුමාට ඇනෝ සත්කාර නොලැබ දින දෙකකට වඩා ඉන්න බෑ වගේ.
      මේ බ්ලොග් එකේ ඒ ෆන් නැද්ද ජීවනයේ මාදං තුමනි?

      Delete
    3. ආසාවට ඇනෝ ටික්කෙක් නෑනෙ. අර පිම්පියාලොජික් මහතාත් ආගිය අතක් නෑ

      Delete
    4. ඉයන් අර බයිට් ටික නං පට්ට. කෑවම ෆෝන් එකත් අමතකවෙයිද මංදා

      Delete
    5. ඉයොං කෙබාබ් ඉඳල හිටල හදනව සරාස් බ්ලොග් ස්ටේක් හවුස් එකේ

      Delete
    6. ඒකෙ හැමදාම වගේ නම් නැති අනාථ කල්ලි වලට කන්න බැඳුම්කර කට්ලට් නේද හැදුවෙ?

      Delete
    7. //අති පාරිශුද්ධ නිර්මල අභීත බ්ලොග් කරුවන් නෙලුම් යායට මේ තරම් බිය වන්නේ මන්ද. මට අනුව නම් එකම කාරණයකි . ඒ තමුන්ගේ කොන්ද ගැන තමුන්ටම ඇති අවිශ්වාසයයි.//

      සමහරු ඇනෝ පොර ටෝක් දෙන්නේ කොන්ද හයිය වැඩි කමට.

      Delete
    8. ඉවාන් අර ප්‍රොෆයිල් එක හෙළි කලාට පස්සේ ඒකත් ගිහින්. හොඳ නෑනේ . සද්ද නැතිව හිටිය නම් හරි.

      Delete
  6. අජිත් ධර්මකීර්ති ගේ බ්ලොයේ දැමූ කමෙන්ටුවක් අදාල නිසා මෙතැනත් යොදන්නම්-

    දිර්ඝ කාලයක් තිස්සේ ලංකාවෙන් පිටත වාසය කරන නිසා අන්තර්ජාලය මගින් ලංකාවේ තොරතුරු ලබා ගත් මට නම් මුල සිටම ඉතාම පැහැදිළිව පෙනුණු කරුණක් තමයි, අන් සෑම මාධ්‍ය සංවිධානයක් වගේ ම, ලංකානිවුස්වෙබ් යන්නද යම් කිසි දේශපාලන අරමුණක් ඇති එකක් බව.

    මාධ්‍ය සංවිධාන සහ අරමුණු ගැන හෙන්රි වර්ණකුලසූරියත් මට කියා තියෙනවා.
    https://rasikalogy.blogspot.com/2017/04/political-agenda-of-nelum-yaya.html

    ලංකානිවුස්වෙබ් විසින් ඇරඹූ නෙළුම් යාය පිටුව ද, ඉන් පසු පටන් ගත් සම්මාන උළෙල ද මා දැක්කේ ඒ පසුබිම මත සිටයි.

    සම්මාන උළෙලට විරුද්ධ වූ අය ද එයට විරුද්ධ වෙන්නේ මූලීිකව ම ඒ දේශපාලන වෙනස නිසායි.

    https://rasikalogy.blogspot.com/2017/01/nelum-yaya-blog-awards-ceremony-2017.html

    !

    ReplyDelete
    Replies
    1. ///අති පාරිශුද්ධ නිර්මල අභීත බ්ලොග් කරුවන් නෙලුම් යායට මේ තරම් බිය වන්නේ මන්ද. මට අනුව නම් එකම කාරණයකි . ඒ තමුන්ගේ කොන්ද ගැන තමුන්ටම ඇති අවිශ්වාසයයි.
      සම්මාන ගත් පමණින් සංවිධායකයින්ට අවශ්‍ය දෑ ලියන්නට අවශ්‍යතාවක් නැති බවත්. එහෙම් ලියන්නට බලපෑම් කලත් එහෙම නොකර ඉන්නට තමුන්ට හැකි බව කියන්නට ගටක් නොමැති වීමත් නිසාම මේ විරුද්ධත්වය පෙන්වා මම හෙනපොරකි හෙන ස්වාධීන ලියන්නෙකි කියා පෙන්වීමට මහන්සි ගන්නා බවයි/// මහාචාර්‍යය ලව්පූස්

      Delete
  7. අපේ රටේ මිනිස්සුන්ට උපේක්ෂාව කියන දේ ගෑවිලා වත් නෑ. ඒ නිසා තමයි තමන්ගේ විනිශ්චයයන් වල එල්බිලා, මේක දුන්නා වැරදියි, අරක දුන්නා වැරදියි කියන්නේ. ඒ නිසාම තමයි සංවිධායකයින්ගේ පසුබිම හොයලා ඒවාට මඩ ගසන්නේ. මම ලස්සන වීඩියෝ එකක් දැක්කා "බංකොලොත් තර්ක" කියලා. මේකටත් ටිකක් අදාළයි. ඒ කියන්නේ හරියට හඳ පෙන්නුවාම ඇඟිලි දෙස බැලීමක් වගේ. අඩුම ගානේ උත්සාහය වත් අගය කරන්න ඕනේ. සාධනීය විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඒවා මතින් තමයි නිවැරදි වෙන්න පුළුවන්. එක් එක් බ්ලොග් කරුවන් කෙරේ තමන් ඔලුවට දාගෙන තියෙන දර්ශනේ, මේ සම්මානේ දෙන වෙලාවට එලියට ගන්නවා. ඉන් පස්සේ කියනවා අපෝ ඒකා මෙහෙමයි කියලා. හරිද ? සමහරවිට හරි/වැරදි වෙන්නත් පුළුවන්. නමුත් කාටවත් අභියෝග කරන්න පුලුවන්ද ? යමක් පවතින්නේ, ඒකෙ තියෙන නිවැරදි භාවය නිසා. මම විශ්වාස කරන්නේ එහෙමයි. අපි කාළයට ඉඩ දෙමු.

    ReplyDelete
  8. කවුරු මොනා කීවත් හොඳ හෝ නරක
    තඹරු හෙටත් සුපිපෙයි දිය පිරි විලක
    මිතුරු බ්ලොග් ලොවට අපි වැනි ආධුනික
    සොඳුරු ඉසව්වකි සුභ පතනෙමි ජයක....

    ජයවේවා!!!

    ReplyDelete
  9. බ්ලොග් සම්මාන උළෙල කියන්නෙත් සංවර්ධනය වෙමින් තිබෙන දෙයක්. අනෙක, එහි හැඩය නිර්ණය වන්නේ බ්ලොග් අවකාශයේත් හැඩතලවලට සමපාතවයි. මතක තියා ගන්න ඕනැ කාරණයක් තමයි, බ්ලොග් අවකාශය අසම්මත එකක් බව.

    මේවා තේරුම් ගනිමින් ඒ සමග සිටිමින් ඒවාට සංවර්ධනය වෙන්නට දිරි දීම තමයි අප කළ යුත්තේ. අඩුපාඩු තියෙන්නට පුළුවන්. එහෙම එකක් දැක්කාම ඒක නැති භංග වෙන්නට ගහන එක නෙමෙයි වෙන්නට ඕනැ.

    ReplyDelete
    Replies
    1. //මතක තියා ගන්න ඕනැ කාරණයක් තමයි, බ්ලොග් අවකාශය අසම්මත එකක් බව//
      අසම්මතය තමයි අපි අපේම ප්‍රකාශකයන් වීම. පාලනය කරන්න කිසිවෙක් නැති වීම.

      Delete
  10. බ්ලොග් ලියන ගොඩක් අය තමන්ගේ හිතට එන දේවල් ලියන නිදහස් රචකයෝ.
    සම්මාන දෙන එක ඇත්තෙන්ම හොඳයි, ඔවුන්ගේ ලිවීම වැඩි දියුනු කර ගන්න උත්තේජනයක් ලැබෙන්න ඒකෙන් ඉඩ තියෙනවා.
    වෙන හිඩ්න් ඇජෙන්ඩා නැති තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ, අදහස් බෙදා ගැනීමේ මාධ්‍යක් විදිහට බ්ලොග් කලාව භාවිතා කරන අය සම්මාන නම් ලැබුනත් නොලැඹුනත් කාල වේලාව ලැබෙන විදිහට ඉඩ හදාගෙන ලියනවා කියලා මට නම් හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. දුකා නෙළුම්යායට හිඩන් ඇජෙන්ඩා තියෙනවා කියා උපකල්පනය කරමු. ඒක යහපාලනය ප්‍රොමෝට් කරන්න කියලත් උපකල්පනය කරමු. එක අංශයට පළමු වන ස්ථානයට රුපියල් 5,000/= ලී කෑල්ලයි. රුපියල් 5,000/= කට ප්‍රතිපත්ති සහ තමන්ගේ ස්වාධීනත්වය පාවා දෙන අයද බ්ලොග් ලියන්නේ? එහෙනම් අර සත 10 ක වැඩි මිලක් ගන්න ලොකු බිත්තර දාන්න පශ්චාත් භාගය ඉරාගන්න කිකිළියන්ට වඩා බ්ලොග් කාරයෝ අන්ත වෙන්න ඕන නේද? මේ චෝදනා කරන අය බ්ලොග් කාරයන්ට කරන මේ අපහාසය සමහර බ්ලොග් කාරයන්ට තේරෙන්නෙ නැත්තේ ඕටිසම් වගේ අයත් බ්ලොග් ලියනවාද? ලව් පූස් තුමා වෙන වචන වලින් උඩ කියල තියෙන්නේ ඔන්න ඔය දේ.

      Delete
    2. ඉයන් වැරදියට අරගෙන.
      මම අදහස් කලේ නෙළුම් යාය ගැන නෙමේ.
      බ්ලොග් ලියන අය ගැන.
      මුදලට හෝ වෙන කිසි අරමුණක් වෙනුවෙන් බ්ලොග් ලියන අය ඉන්නවා වෙන්න පුලුවන්.
      ඒත් ගොඩක් අය ලියන්නේ ඔන්නොහේ තමන්ගේ හිතේ බර හෑල්ලු කර ගන්න කියන හැඟීමෙන්
      මම අදහස් කලේ ඒක.
      සමාවෙන්න වැරදි අදහසක් එනවා නම් ඒ කොමෙන්ට් එකෙන්

      Delete
  11. ජීවන,

    මේ අන්තර්ජාලයම ඇනෝනිමස් වෙච්චි එකේ, ඇනෝ කොමෙන්ට් වලට මෙච්චර කලබල වෙන්න එපා.
    //ප්‍රොෆයිලයෙන් පෙනී සිටීමට තරම් කොන්දක් නොමැති පිරිසක් නිර්නාමික කොමෙන්ට් මගින් හිතු මතේ මඩ අනමින් මඩ කෙළියේ යෙදෙති.//
    ඒ වගේම කුමක් හෝ ප්‍රොෆයිලයෙන් පෙනී සිටින අයත් තමන්ට කැමති කැමති පරිදි හිතු මතේ මඩ අනමින් මඩ කෙළියේ යෙදෙනෙ බවත් ඔබ නොදන්නවා නොවේ.
    අපි මෙහෙම කියමු, දැන් මෙතනම ඉන්නවා, ඉයන්, Tharurasi තරුරසී, Pra Jay, ඉවාන් පවුලූශා, රසිකොලොජිස්ට් - Rasikologist, දුකා කෙලින්ම 'Anonymous' ට අමතරව. ඒ අයත් ඇත්තටම Anonymous කට්ටියක්. කවුද දන්නේ ඉයන් කියන්නෙත් ඉවාන් පවුලූශාද කියා, එසේත් නැත්නම් රසිකොලොජිස්ට් හෙට දින තරුරසී ලෙස එයිද කියා.
    අනික මල්ලි කවුද හොයන්නේ Jeevana Fernando ඇත්තටම ඔය ප්රෝෆයිල් පින්තුරේ ඉන්න කෙනාමද කියා. මොකද ඔබත් දන්නවා ඇති ප්‍රොෆයිල් එකක් හදන්න උප්පැන්න සහතික, පොටෝ කාඩ්, ග්‍රාමසේවා සහතික අරව මේවා ඕනේ නැති බවත් අවශ්‍ය නම් කිහිපයක්ම සාදා ගත හැකි බවත්.
    අන්න එතැනදී ඔය ඔරිජිනල් Anonymous අනිත් හැමෝටම වඩා හරි කෙලින්. ප්‍රශ්නේ එන්නේ Anonymousට රිප්ලයි කරන විටදීයි. එකත් ඉගෙනගන්න ඇහැකි ටිකක් විතර අනෙක් බ්ලොග් බලන කොට. ඇත්තටම මේ බ්ලොග් වල තියෙන අලංකාරේ (beauty එක) තමයි බ්ලොග් කතන්දරේම තියෙන Anonymous ගතිය. සමහරු IP address හොයනවා, සමහරුන්ගේ බ්ලොග් වලම පැමිණි රට (ඇත්තටම IP එක) වැටෙන විධි තියෙනවා. ඒවා බොරු වැඩ මල්ලි. ඕවයින් මොකුත් අල්ලගන්න බැහැ අල්ල ගත්ත කියල කරන්න දෙයකුත් නැහැ.

    //බ්ලොග් කරණයට පිවිසෙන නවකයන්ට විවරව ඇති ප්‍රධානම කවුළුව වන නෙළුම් යාය වෙත මා කොන්දේසි විරහිතව පෙනී සිටින බව නැවතත් ප්‍රකාශ කරමි. තමනට කල නොහැකි දෙයක් අන් ය කරනා විට එයට අකුල් හෙළනා කුහකයින් ඉදිරියේ නොසැලී හතරවන නෙළුම් යාය සම්මාන උළෙල අති සාර්ථක වේවා යනුවෙන්ද සුභාසිංෂණය කරමි.//
    මේ කතාව හරියටම හරි. එක ඔබෙත් මගෙත් අයිතිය. එයට එයට අකුල් හෙළනා කුහකයින්ව එලවන්න අපි සැවොම එකමුතු විය යුතුයි. නමුත් බ්ලොගර්ලා කඩේ යවා තම තමන්ගේ පෞද්ගලික දේශපාලන ඕන එපාකම් කරවා ගන්න යක්‍ෂයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් මෙතනින් තොලොංචි කර එළවා දමන්නටත් අපි සැවොම එකා මෙන් එකමුතු විය යුතුයි.

    වැඩි විස්තර වලට මෙන්න මෙතන බලන්න.
    අජිත් බොහොම පැහැදිලිව කියල තිබෙනවා මොකක්ද යටින් යන්නේ කියා.
    //'සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි'//
    //මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි//
    //චන්දිම විතානාරච්චි රාජිත "නූතන සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි.//
    රාජිත නෙවෙයි මර්වින් සිල්වා හරි පයියාගලින් රත්තරන් හරි ආවත් අපිට කමක් නෑ , මල්ලි උඹට ඕනේ උනාද ගෝඨා ප්‍රොජෙක්ට් එකට එකඟව හෝ එරෙහිව වැඩ කරන්න, නෑනේ, උඹට ඕනේ උනාද නූතන සේනක බිබිලේ කෙනෙක් හදන්න? අජිත්ලා චන්දිම විතානාරච්චි ඕව කර ගත්තුදෙන්, මේ බ්ලොගර්ලව බේරලා.

    ඔය එක එකාගේ ප්‍රොජෙක්ට් කරන වෙලේ බ්ලොගර්ල සෙට් වෙලා එක එකා අඳුරගෙන පොඩි ජොලියක් දාල, ඕනෙනම් සම්මාන ටිකකුත් දීල අපි අපි ඕක බේරගත්ත නං මක්ක වෙනවද බං.

    දැන් කියපන් මමත් කොන්දක් නැති එකෙක් කියල. එක උඹේ අයිතිය.

    ReplyDelete
    Replies
    1. සෑහෙන සාධාරණ කමෙන්ට් එකක්. ඔබේ කතාව සමගින් බොහෝදුරට එකඟයි. නමුත් මම කියන්නෙ බ්ලොගර්ස්ලා හැටියට අපේ ශක්තිය තියෙන්නෙ අපේ ලියවිල්ලෙ.
      එතනදි සම්මාන උලෙලට රාජිතව ගෙන්වීමේ වෙන අරමුණක් තිබුනාමයි කියමුකො. එතකොට බ්ලොගර්ස්ලා ඒ සම්මාන උලෙලේ වාඩිවෙලා රාජිතට සේනක බිබිලේ කියනවා අහගෙන හිටියාය කියමුකො.
      දැං ඒ කතාව විවේචනය කරලා කීදෙනෙක් ඒ ගැන ලිව්වද, ඔබ සම්මාන උලෙල බැලුවනම් පේන්න ඇති නාලක ගුණවර්ධන කරු, රාජිත, මහින්ද දේශප්‍රිය ඔක්කොම ඉස්සරහ කරපු කතාව.
      කන්දෙක තියෙන ඕන කෙනෙකුට හොඳට ඇහෙන්න රජයේ බදු ප්‍රතිපත්තිය, බ්ලොග් රචකයින්ගේ ස්වාදීන බව වගේම පාලන ක්‍රමය ඉතාම නිර්භයව විවේචනය කරමින් කල ඒ කතාව. නාලකටත් ඔය මේනියාව හැදිලා රාජිත එන නිසා මම එන්නෙ නෑ කිව්ව නම් අර දේශපාලකයෝ පාලුගෙයි වලං බිඳලා යනවා. නමුත් නාලක ඒ අවස්තාව අරගෙන බ්ලොගර්ස්ලා මෙහෙමයි කියනඑක ඔවුන්ට කිව්වා. අන්න ඒක නෙවෙයිද වටින්නෙ.
      අපි ලබා ගන්නඕන අන්න ඒ අවස්තාව හැංගිලා ඉඳලා අපි කරන කියන දේවල් එලිපිට පාලකයොන්ට දැනෙන්න අරින්න හොඳ වේදිකාවක් කරගත්තා නාලක ගුණවර්ධන .

      අනික තමා මොන ඇජෙන්ඩාව තිබ්බත් අපි ලියන්නෙ අපිට ඕන දේනං කාගෙ ඇජෙන්ඩාවත් වැඩක් වෙන්නෙ නෑ .

      සම්මානෙ නිසා ලියන කියන දේ අරයට මෙයාට ඕන විදිහට වෙනස් වෙනවනං ඌ කොහොමත් නොලියන එකම තමා හොඳ

      Delete
    2. ඉවාන්ගේ කතාවට එකඟයි.

      Delete
    3. සම්මාන නෙවෙයි මොනවා දුන්නත් අපි ලියන්නේ අපි දරණ මතය.
      මොකද අපිට බ්ලොග් ලොව තුල හාම්පුතුන් නැහැ. එඩිටර්ලා නැහැ. පඩි වැඩිකරන්න බෝනස් දෙන්න, උසස්වීම් දෙන්න, දඬුවම් කරන්න පරිපාලකයන් නැහැ.
      +++ We are our own publishers ++++

      Delete
    4. ඇනෝ ගේ කොමෙන්ට් ගොඩකට මම එකඟයි. ඔය රාජිත ගැන හිතල තියෙන්නේ මට හිතිච්ච දේ. මම චන්දිම ගෙන අහල ලියපු දෙයක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් පොර එහෙම හිතල රාජිත ගෙන්නුවත් මොකෝ. මම කැමති ජවිපෙ දේශපලනග්නයෙකුටත් එන්න කිව්වා. පොඩ්ඩක් ප්‍රමාද වෙලා ආරාධනා කළ නිසා ඒ මහත්මයට එන්න බැරි වුණා. මම අහරි කැමතියි ගෝඨයි රජිතයි දෙන්න තියල එතන සංවාදයක් කරන්න පුළුවන් වුණා නම්. මම ඇත්තටම හිතන්නේ චන්දිම මටත් නොකිය කලේ පෙරලියක්. මේකට ලොකු විවේචනයක් කතිකාවක් එනවා කියල දැනගෙන කරපු දෙයක්. මට කිව්වොත් විරුද්ධ වෙයි කියන බයට කිව්වේ නැහැ. අපි දෙන්න පොඩ්ඩක් බැනගෙන සමාදාන වුණා . ඔය හිඩ්න් ඇජෙන්ඩ ද සාරසට කෝචෝක් කරන්න රජිත් ගෙනාවද දන්නෙත් නැහැ. මම වැඩේ විශ්ලේෂනය් කළේ මට ඕන විධිහට.

      Delete
  12. හැමදේකම හොඳ නරක තියනවා. මොන හොඳ දේ කලත් නරක හොයන කට්ටිය ඉන්නවා.. හොඳ දකිනවා අඩුයි.. අපි හොඳ දෙයක් කලොත් නිකම් හොඳයි කියයි.. එක්කො නොකියයි. ඒත් නරක දෙයක් කලොත් ඒකට දවස් ගනක් බනි.. ඒකත් හොඳයි කියනව වගේ නරකයි කියලා නෙවේනේ.. වචන සියයක්වත් භාවිත කරයි... එහෙම තමා යථාර්ථය...

    ReplyDelete
  13. නවක බ්ලොග් කරුවන්ට නෙළුම් යාය තල්ළුවක්...එකෙන්ම එකඟයි

    ReplyDelete
  14. නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පැවැත්වීමේ වැදගත්කම ගැන මාත් මගේ බ්ලොග් එකේ ලියපු ලිපි කීපයකින්ම අවධාරණය කරලා තියෙනවා. ඒ වගේම ඉයනුත් සඳහන් කරලා තියෙනවා වගේ එදා සම්මාන උත්සවේදී නාලක ගුණවර්ධන මහත්මයා කරපු කාලෝචිත කතාවේ තිබුණ වැදගත් කාරණා ගැනත් මං වෙනමම බ්ලොග් ලිපියක් ලිව්වා (ලාංකේය බ්ලොග්කරුවන් හා බ්ලොග්කරණය හමුවේ ඇති අභියෝග-http://iranga.net/?p=687). ඒ නිසා මගේ අදහස නම් මෙවැනි බ්ලොග් සම්මාන උළෙලක් පැවැත්වීම අපි වගේ බ්ලොග් රචකයින්ට ගොඩාක් ලොකු ශක්තියක් කියන එක. ඒක එක පැත්තකින් බ්ලොග් රචකයෙක් විදිහට පුද්ගලිකව වගේම සමස්තයක් විදිහට ගත්තම බ්ලොග්කරණය ප්‍රවර්ධනය වීම සඳහා තබපු දැවැත්ත පියවරක් විදිහටයි මං දකින්නෙ.

    ReplyDelete
  15. //නෙළුම් යාය නිර්දය ලෙස විවේචනය කරනා පිරිස අතරින් බොහොමයක් ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය තුල නමක් පවතින පුද්ගලයන් බව පෙනී යයි. ඔවුනට මෙවන් සංවිධාන තිබුනද නැතිවුවද වෙනසක් නොමැත. මන්ද යත් ඔවුන් වෙත කොහොමටත් පාඨකයින් සිටින බැවිනි. බ්ලොග් කරණයට පැමිණෙන නවකයින් සඳහා ඇති ප්‍රධානතම කවුළුව විකල් දේශපාලන අර්ථදක්වීම් තුලින් තලා පෙලා දැමීමට තැත් කිරීම මා දකිනුයේ කුහක කමක් ලෙසටමය. නෙළුම් යායට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරනා මෙම මාධ්‍ය සහ කලා ක්ෂේත්‍ර වල ඥාන පියවරු (God Fathers) බ්ලොග් කරනයට පිවිසෙන නවකයින්ට කිසිදු ආකාරයකින් අතහිත දී ඇති බවක් දැන ගන්නට නම් නැත.// මෙන්න ඇත්ත

    ReplyDelete
  16. ඔය ගොඩ් ෆාදර් ලට වැඩිය එලද බ්‍රා මෙන්ඩා, පත්තර මල්ලි, සින්දු ඇනෝ, ප්‍රාජේ වගේ බ්ලොග් නොලියන කොමෙන්‍ට් කරුවො බ්ලොග් ප්‍රවර්දනයට වැඩ කරනවා. බ්ලොග් අඩවි වල සංවාද ගොඩනගනවා. බ්ලොග් කරුවනට පැට්‍රොල් ගහනවා.
    ගෝඩ් ෆාදර්ලා තමන්ගෙ දේශපාලන මතයට විරුද්ද පොස්ට් වලට විතරක් දෙන්නම් බැටේ කොමෙන්ට් කරනවා
    ("දෙන්නම් බැටේ විචාරය" කියන යෙදුම කරුනාරත්න අමරසිංහ මහතා ගේ නිමැවුමකි. එය සුචරිත ගම්ලත් මහැදුරු තුමන්ට ගොඩගේ පොත් මැඩුරේදී සිදුවූ සංවාදයකදී කියන ලද්ද්කි)

    ReplyDelete