Sunday, April 30, 2017

ජාත්‍යන්තර කම්කරු ගීතය

සාදුකින් පෙළෙන උන්  දැන් ඉතින් නැගිටියව්............ 
අන්තිම සටනට සැරසියව්.........

ජාත්‍යන්තර කම්කරු ගීතය 1871 වසරේ දී ඉයුජෙන්  පොතියේ (Eugène Pottier) විසින් ප්‍රංශ භාෂාවෙන් ලියනා ලද්දකි. එහි තනුව නිර්මාණය කරනා ලද්දේ  පියේර් ඩි ගෙයිටර් (Pierre De Geyter) විසිනි.

1848 වසරේ ඔක්තෝම්බර් අට වන දින පියේර් ඩි ගෙයිටර් උපන්නේ බෙල්ජියමෙදී අන්ත දුගී ප්‍රංශ ජාතික කම්කරු පවුලකය. පියේර් වයස හත වන විට ප්‍රංශයේ ලීල් පෙදෙසට දරුවන් පස් දෙනෙකුගෙන් යුතු පවුල සංක්‍රමණය විය. තරුණ වියට පත් වන තුරු කම්කරුවකු වශයෙන් සේවය කල ඩි ගෙයිටර් ප්‍රංශය සහ පර්සියාව අතර යුද්ධය ඇවිළුණු පසුව ප්‍රංශ හමුදාවට බැඳුනේය. 

විප්ලවකාරී ප්‍රංශ කම්කරුවන් විසින් පැරිස් නගරයේ ධනවාදී පාලනය පෙරළා දමා පැරිස් කොමියුනය නම් වන කම්කරු පාලක සභාව පිහිටුවා ගත් පසුව විප්ලව හිතවාදී ප්‍රංශ යුධ භටයන් විසින් යුධ පෙරමුණ අතහැර පැරීසිය වෙත ගමන් කළහ. නමුත් පැරීසිය වටලා සිටි පර්සියන් හමුදාව ඔවුන් පලවා හැරියහ. වැඩි කල් නොගොස් පැරිස් කොමියුනය බිඳ වැටුණි. පසුව කම්කරු පන්තියේ සටන් කාමියෙකු වූ පියේර් ඩි ගෙයිටර් කම්කරුවන්ගෙන් සැදී සංගීත කණ්ඩායමක් සාදා ගත්තේය. මේ කාලයේදී ඩි ගෙයිටර් හට ලිලී හි සමාජවාදීන්ගේ හමුවීම් වල ගායනය සඳහා  විප්ලවීය ගීත (Chants révolutionnaires) කිහිපයකට තනු නිර්මාණය කිරීමට ආරාධනයක් ලැබිණ. එලෙස නිර්මාණය කරනා ලද ගීත අතරින් The Internationale නම් ගීතය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තේමා ගීතය ලෙස තෝරා ගන්නා ලදී. මේ ගීතය ඉයුජෙන්  පොතියේ විසින් ලියා ඇත්තේ පැරිස් කොමියුනය පවතී කාලයේදීය. මේ ගීතය සඳහා කලින් වෙනත් තනුවක් නිර්මාණය කර තිබිණ.

පියේර් ඩි ගෙයිටර්
පියේර් ඩි ගෙයිටර් විසින් ඉරුදින උදයක මේ ගීතය හාමොනියම් සංගීත භාණ්ඩයක් වාදනය කරමින් තනුව නිර්මාණය කර ඇත. අනතුරුව සිය සහෝදරයා වූ ඇඩොල්ෆ් හට බියුගලයකින් වාදනය කරනා ලෙස පවසා තනුවට සුළු වෙනස් කම් සිදුකර ඇත. මේ අළුත් තනුව මුල් වරට ගායනා කර ඇත්තේ 1888 ජුලි මාසයේදී ලිලී හි පුවත් පත් අලෙවිකරුවන් ගේ වෘතිය සමීතියේ  උත්සවයකදීය. පසුව  එම ගීතය අඩංගු පත්‍රිකා 6000ක් මුද්‍රණය කොට අරමුදල් සම්පාදනය සඳහා විකුණා ඇත. එම පත්‍රිකාවේ පියේර් ඩි ගෙයිටර් ගේ නම සඳහන් වන්නේ පමණක් ඩි ගෙයිටර්.  මුල්  නම වන "පියේර්" සඳහන් කොට නැත්තේ ඔහුගේ රැකියාව ආරක්ෂා කරගැනීමේ අරමුණෙන්ය. 

මේ ගීතය පත්‍රිකාවක් ලෙස මුද්‍රණය කිරීමෙන් පසුව ප්‍රංශ රජය එය ගායනය කිරීම තහනම් කළේය. එම තහනම නිසා ගීතය තවත් ජනප්‍රිය විය. කම්කරුවන් සිය රහසිගත රැස්වීම් පටන් ගත්තේ මේ ගීතය ගායනයෙන් අනතුරුවය. තවත් ටික කාලෙකට පසුව ලීල් හිදී ප්‍රංශ කම්කරු පක්ෂ රැස්වීම පැවැත්වින. ඒ නිසා ගීතය සමස්ථ ප්‍රංශය පුරාම පැතිරිණ. 


අනතුරුව මෙය යුරෝපයේ වෙනත් භාෂා රැසකට පරිවර්ථනය විය. විප්ලව වාදී කණ්ඩායම් එය තමන්ගේ සටන් ගීතය වශයෙන් භාවිතා කිරීමට පටන් ගත්හ. 1900 වසරේදී එම ගීතයෙන් කොටසක් ලෙනින්ගේ "ඉස්ත්‍රා" හි පළකෙරිණ. අනතුරුව මුළුගීතය රුසියන් බසට පරිවර්ථනය සිදුකෙරිණ. 1917දී රුසියාවේ සමාජවාදී  රජය පිහිටුවීමෙන් අනතුරුව ජ්‍යාත්‍යන්තර කම්කරු ගීතය එම රජයේ ගීතය වශයෙන් පිළිගන්නා ලදී. එතැන් පටන් මේ ගීතය ලොව පුරා භාෂා රැසකට පරිවර්ථනය වී වේගයෙන් ජනප්‍රිය විය. 

මේ ගීතය නිර්මාණය කරනා ලද අළුත පියේර් ඩි ගෙයිටර් විසින් එහි හිමිකම පිළිබඳව කිසිදු සැලකිල්ලක් දැක්වුයේ නැත. නමුත් ගීතය වේගයෙන් ජනප්‍රිය වීමෙන් පසුව 1901 දී ඔහුගේ සොයුරු ඇඩොල්ෆ් ඩි ගෙයිටර් විසින් ගීතයේ අයිතිය ප්‍රකාශ කොට කතෘ භාග එකතු කිරීම ආරම්භ කළේය. 1904 වසරේදී පියේර් ඩි ගෙයිටර් විසින් ඇඩොල්ෆ් ඩි ගෙයිටර්ට විරුද්ධව නඩු පැවරුවේය. දීර්ඝ කාලයක් මුළුල්ලේ ඇදී ගිය නඩුව 1914 වසරේදී ඇඩොල්ෆ් ඩි ගෙයිටර්ට ගීතයේ හිමිකම පවරමින් අවසන් විය. නමුත් 1916 වසරේදී ඇඩොල්ෆ් සිය සොයුරාට කරනා ලද වංචාව හෙළි කරමින් ලිපියක් ලියා ගෙල වැළලාගෙන මිය ගියේය. අනතුරුව 1922 වසරේදී පියේර් ඩි ගෙයිටර් ට ගීතයේ නීතිමය අයිතිය ලැබිණ.

1927 වසරදී සෝවියට් සමුහාණ්ඩුව සිය ජාතික ගීතයේ නිර්මාපකයා ජීවතුන් අතර සිටිනා බව දැනගෙන එම වසරේ පැවති ඔක්තෝම්බර් විප්ලවයේ 10 වන සමරුවට සම්මාන ආරාධිතයකු වශයෙන් සහභාගී කර ගත්තේය. 

ප.ලි 
"Pierre De Geyter"  යන නම  "පියර් ඩි ගෙයිටර්" වශයෙන් වර නැගීමේ වරදක් ඇති නම් නිවැරදි කිරීම සඳහා දන්වන්න 


මුලාශ්‍ර 
https://alchetron.com/Pierre-De-Geyter-1182833-W
https://en.wikipedia.org/wiki/The_Internationale
https://en.wikipedia.org/wiki/Pierre_De_Geyter
https://todayinlaborhistory.wordpress.com/2015/11/06/november-6-1887-2/

9 comments:

  1. ලිපියේ ප්‍රංශ වදන් වර නැගීම නිවැරදි කළ සාරංගී තිලකසේන සොයුරියට ස්තූතියි

    ReplyDelete
  2. ලෝකයේ වැඩිම වාර ගණනක් ගැයුණු ගීතය
    හැපි බර්ත්ඩේ ටූ යූ නොවේ ද ?

    ReplyDelete
    Replies
    1. පෙන්වා දුන්නට ස්තුතියි සංශෝදනය කරා.

      Delete
  3. Happy Birthday to you ගීතය ගැන උඩ කමෙන්ට් එකේ කියවුන නිසා ඒ ගීතය ගැන යමක් කිව්වොත් හොදයි කියලා හිතුනා... 1893 දී මිල්ඩ්‍රෙඩ් සහ පැටී හිල් කියන දෙන්නා මොන්ටිසෝරියේ ලමයින්ට උදේට කියන්න සින්දුවක් හැදුවා... ඒ තමා,

    Good Morning to You
    Good Morning to You
    Good Morning dear children  
    Good Morning to You

    උඩ කිව්ව දෙන්නා මේ ගීතය Song Stories for the Kindergarten කියන පොතේ දැම්මා... මේක ගොඩක් ප්‍රසිද්ධ උනා... උපන්දින සාද වලට මේ ගීතයේ තනුව යොදලා සින්දුවක් හැදුවට ඒක නිල එකක් වුනේ නෑ. Happy Birthday to you ගීතය තියෙන මුල්ම කෘති අතර A Primer of Work and Play, The Elementary Worker and His Work පසුවෙනවා...

    මේ ගීතයේ අයිතිය ගැන ප්‍රශ්න ගොඩක් මතුවෙලා තියෙනවා... නඩු පවා ගිහිල්ලා තියෙනවා... කොහොමත් බුද්ධිමය දේපල අයිතිය යටතේ යමක අයිතිය ඒ කෙනා මැරිලා අවු. 70 ක් යනකන් විතරයි තියෙන්නේ... ( දන්න තරමින් ) ඉතින් මේකෙ කතුවරයෙක් වුන පැටී තමා අන්තිමට මලේ... 2016 දෙසැම්බරේට අවු. 70 ඉවරයි...

    ReplyDelete
  4. මොනවා උනත් ඔය සින්දුව විතරයි ටහවම රිමික්ස් උනේ නැත්තේ

    ReplyDelete
  5. මේක මේ රුසියන් එක. ප්‍රංශ එක කෝ ?මේ මයි දිනය වෙනුවෙන්ද ලිව්වේ

    ReplyDelete
  6. මේක යූ ඇන් පී එකෙන් සල්ලි දීල ලියවපු එකක් නේද?

    ReplyDelete
  7. What is the lyric of The Internationale in Sinhala?

    ReplyDelete