Thursday, July 17, 2014

සංගීත චාරිකාවක් 05

 පාසලේ ගීතිකා කණ්ඩායමේ  හිටපු කාලේ කළුතර සිරිකුරස පල්ලියේ දිව්‍ය පුජාවට අපි සමහර වෙලාවට ගීතිකා කියනවා. ඒ පල්ලියේ තිබුන චර්ච් ඔර්ගන් එකක්. ඔර්ගන් එකේ බැලෝ එකට හුලංගහන්නේ පැඩල් දෙකක් පයින් පාගල. හරිම මිහිරි සංගීත නාදයක් මේ ඔර්ගන් එකන් උපදිනවා. මම හිතන්නේ ප්‍රංශයේ නිෂ්පාදනයක්. පුජාව දවසට පැයක්විතර කලින් ගිහිල්ල ඔර්ගන් එක විනාඩියක් දෙකක් වාදනය කරන්න බලනවා. ඔය පල්ලි වල ඉන්නවනේ නිල නොලත් අයිති කාරයෝ (ගොට්ටෝ). දැක්කොත් විනාසයි. මම හිතන්නේ අපි තමයි මැනුවල් ඔර්ගන් ගහපු අන්තිම පරම්පරාව.
ඔය කාල වකවානුවේ අපේ රටේ ඉංග්‍රීසි ගීත රසිකයන් අතර ජනප්‍රිය වෙලා තිබුනේ කන්ට්‍රි ආරයේ ගීත. මෙම ගීත වල ගිටාරය තමයි මුලික වාදන භාණ්ඩය. කාප්න්ටර්ස් , බීච් බෝයිස්, ඉගල්ස් වැනි ගායන කණ්ඩායම් අතිශය සුමිහිරි ගීත රාශියක් එළිදක්වා තිබුනා. නිතරම ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ මෙම ගීත ප්‍රචාරය උනා. 

ඊගල්ස් ගායනා කල හොටෙල් කැලිෆෝනියා අතිශය ජනප්‍රිය සින්දුවක්. මේ සින්දුවේ අන්ප්ල්ග් වර්ෂන් එක අපිව මුසපත් කළා. නමුත් අවාසනාවකට ගීතයේ කෝඩ් හොයාගන්න තිබුනේ නෑ. තිබුන එවුන් දේව රහසක් වගේ කාටවත්ම නොදී හොරෙන් තියා ගත්තා. 

 පාසල් වල වර්ෂ අවසාන ප්‍රසංග වලට මෙම ගීත ගැයුනා. නමුත් අද වගේ ලොකු සහයෝගයක් පාසල් වලින් සංගීතයට ලැබුනේ නැහැ. ඉස්කෝලේ ඉහල පන්ති කිහිපයක කොල්ලෝ ටිකක් ගිටාර් දෙකතුනක් සහ බොන්ගෝ එකක් හොයාගන පොඩි කණ්ඩායමක් හදාගෙන තමයි ප්‍රසංග ඉදිරිපත් කලේ. මෙම බෑන්ඩ් වල අනිවාර්ය අංගයක් තමයි චල් එක (ටැම්බරින්)  හිස් කිරි ටින් එකකකට මුන් ඇට ටිකක් දාල හදාගත්තු ශේකර්  එකත් බොහෝ විට භාවිතා කළා. 

ගීතිකා කණ්ඩායමේ වොයිස් ට්‍රේනිං කරලා තිබුන හන්ද ගායනය අමාරු උනේ නැහැ. හරියට ඉංග්‍රීසි දන්නේ නැති හන්ද වචන (lyrics) හොයා ගන්න එක තමයි අමාරුම උනේ. නමුත් අපි සින්දුවේ වචන ඇහෙන විදියට ගායනා කරන්න පුරුදු උනා.

Beach Boys - Sloop John B 

Carpenters "Top Of The World" 

 Eagles - Take it easy

චාරිකාව තව දුරයි

හයවන කොටසින් හමුවෙමු

4 comments:

  1. හොටෙල් කැලෆෝන්යා කියන්නේ ආයේ සින්දුවක අග්‍ර ඵලය. කියලා වැඩක් නෑ. ගිටාර් ගහන එකෙක්ගේ හීනයක් තමයි ඒකේ ඉන්ට්‍රො එක ගහන්න ඉඅගෙන ගන්න එක ඔලුව වන වන.
    On a dark desert highway
    With cool wind in my hair..

    සින්දුවල ලිරික්ස් තිබබ බං සැට්මැග් එකේ.

    ReplyDelete
  2. මේකේ රොක් වර්ෂන් එකත් සුපිරියි.
    එකත් ඉදිරි පොස්ට් එකක දාන්න ඉන්නේ.
    මචං චාරිකාව තව ගොඩක් දුරයි

    ReplyDelete
  3. ඔහෝ.....

    මම නාකිච්චියක් බව ඔප්පු වෙනවා... එක්කෝ පරණ සින්දු තිබ්බ කඩේක කාවෙක් වෙලා ඉඳල තියෙනවා සෑහෙන කාලයක්. මේ කන්ට්‍රි මියුසික් කියන්නේ මගේ මවිල් කෙලින් කරන්න පුළුවන් මියුසික් ජාතියක්! මම දන්නේ නැහැ ඕව ඇහෙනකොට මගේ ඇස් පියවෙලා යනවා.... හම්මේ... වාහනයක් පැදගෙන යන වෙලාවක නම් ඔන් ද ස්පොට් !

    ReplyDelete
  4. කන්ට්‍රි මියුසික් අහන්න නාකි වෙන්නම ඕන නැහැ. මගේ පුතාලත් මේ ගීත වල හරියට ආදරය කරනවා.
    මේ ලියන ලිපි පෙළ අපේ යුගයේ සංගීතයේ සහ රසකාමිත්වයේ කතාව විතරයි.
    විවිධ සංගීත ආර පිළිබඳව ලිපි පෙළක් මේක ඉවර කරලා පටන් ගන්නවා.

    ReplyDelete