Sunday, July 6, 2014

යුකුලීලෙ

හිතපු නැති වෙලවක ලංකාවේ සුලභව භාවිතා නොවන සංගීත භාණ්ඩයක් හම්බ උනා. නිකම් පෙනුමට මේ සංගීත භාණ්ඩය සෙල්ලම් බඩුවක් වගෙයි.
මේක කොයි තරම් පොඩිද කියල සංසන්දනයක් පහතින් තියනව.
භාතිය ස්ංතුශ් මෙගා බ්ලාස්ට් එකක මෙම භාණ්ඩය වාදනය කරනව විතරයි ලංකාවෙ භාවිතා කරනව මම දැකල තියෙන්නෙ

භාවිතා කරන විදිහ ගැන මොනවත් දන්නෙ නැතුව ගත්තත් නෙට් එකේ තියන පොත්ක බාගත කර ගත්තු නිසා දැන් ටිකක් වාදනය කරන්න පුලුවන්.

යුකුලීලෙ වර්ග හතරක් ප්‍රධාන වශයෙන් භාවිතයේ තියනව. ඒවා නම් සොප්‍රානෝ, කොන්සර්ට්, ටෙනර් සහ බැරිටෝන් ය. මෙහි දැක්වෙනුයේ වර්ග හතර අතරින් කුඩාම වර්ගය වන සොප්‍රානෝ යුකුලීලෙයකි.

යුකුලීලෙය පමණක් වාදනය කරන ලොව ප්‍රකට ගීතයක් පහත වීඩියෝවෙන් නරඹන්න


 වාදනය කරන්න පුලුවන් උනාට පස්සෙ මමත් වීඩියෝ එකක් දාන්නම්

9 comments:

  1. මූ සුමෝ කරන එකෙක්ද බං .... ඇහැව්වමයි /දැක්කමයි.... හවායි නේද....?????????

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මම විස්තර දන්නෙ නෑ. යුකුලීලෙ ගැන විස්තර හොයන කොට හම්බ උන වීඩියෝ එකක්.
      ඇත්තටම කෙන්ජි, ලංකාවෙ සංගීතයට මගහැරුනු මේ වගෙ සංගීත භාණ්ඩ ගොඩක් තියනව. බටහිර රටවල හැම සින්දුවකටම වාදනය කරන ඩෙස්ටෝශන් ගිටාර්
      එක අපේ සන්ගීතයට තවම ආගන්තුකයි. මේ සම්බන්දව ලිපියක් ලඟදිම දාන්නම්.
      කොහොම උනත් මටත් සංගීතයට ආදරය කරන කොල්ලො තුන්දෙනෙක් ඉන්න නිසා ඔය වගෙ භාණ්ඩ වලට අතේ තියන තුට්ටු දෙක වියදම් කරල ගෙදර ගිහින් බැනුම් අහනව.
      උන් තුන්දෙනා හරි මේව වලින් දැනෙන දෙයක් කවද හරි කරොත් බැනුම් අහපුව ගැන සතුටු වෙන්න පුලුවන් නෙ

      Delete
  2. ජීවන, ඔය වගේ එකක් අපි කාලෙකට කලින් අපේ චූටි පුතාට අරන් දුන්නා. ඒක චයිනීස්. අපි හිතුවේ පොඩි ඇඟිලි වලට ගැලපෙන පොඩි බොක්ස් ගිටාර් එකක් කියලා. ඒකේ තියෙන අවුල ඔය අජස්ටිං ස්කෲස් එච්චර හොඳ නැති කමයි ටිකක් ගහනකොට ටෙන්ෂන් බහිනවා නිකම්ම කැරකිලා. අනික නයිලෝන් ස්ට්‍රිංස්. මම හිතා හිටියේ ඕකට හොඳ කීස් ටිකක් අරන් හයි කරන්න.

    ReplyDelete
  3. මචං කි එක පිටිපස්සේ තයන ඇනේ තද කරාම හරි යනවා.
    නයිලෝන් ස්ට්‍රින්ග්ස් විතරයි හරි යන්නේ
    මම උඹට ඕන නම් මේක ගහන විදිය ගැන පොතක් ඒ මේල් කරන්නං
    පට්ට ලස්සනට ගහන්න පුළුවන් භාණ්ඩයක්

    ReplyDelete
  4. අඩේ මං මේ වෙනකං හිතාගෙන හිටියෙ ඕක සෙල්ලම් බඩුවක් කියල.. :o

    ReplyDelete
  5. මචං උඹ ලින්ක් එක දාල නෑ.

    ගේම නොඉල්ලනවා නම් තමයි තරහ වෙන්න ඕන. අපේ රටේ කලාවට මේ හෙනේ ගහල තියෙන්න ගේම් ඉල්ලන් නැති හන්ද තමයි. මේ සමාජ ජාල ඕන එකෙකට ගේම ඉල්ලන පුළුවන් තැනක්. සාම්ප්‍රදායික පත්තර පඩංගු නෙවෙයි

    අන්න මාතලන් අයිය ඔය ගැන පට්ට ලිපියක් දාල තියනවා
    ගෝත්‍රිකවාදියෝ ඉන්නේ සයිබර් අවකාශයේ විතරද? - Oh.. No.. I am afraid of Social Media කියල

    ReplyDelete
    Replies
    1. මගේ කොමෙන්ටුවට කොටාපියෝ

      Delete