මෙවර වෙසක් උත්සවය සඳහා වෙසක් කුඩු තැනූ විදෙස් ගත මිතුරන් දෙදෙනෙකු ඔවුන් තැනූ අටපට්ටම් කුඩු වල චායාරුප ෆේස් බුක් හි දමා තිබිණ. ඒ අප සුමිතුරු ඉන්දික කොඩි තුවක්කු සහ රසික සුරියආරච්චි දෙපලය. රසිකගේ කුඩුව මෙරටින් ගෙනයන ලද්දකි. එබැවින් එය අලංකාරයෙන් යුක්ත විය. ඉන්දික පවසා තිබුනේ ඔහු විසින්බීම බට පුළුස්සා අමුණා කුඩුව තනනා ලද බවකි. කුඩා කාලයේ මා ද බීම බට අමුණා කුඩූ තනා ඇත. නමුත් මතකයේ හැටියට හොඳ නිමාවක් ගන්නට බැරි විය. ඉන්දික තනා ඇති අටපට්ටම මා හැදූ ඒවාට වඩා බෙහෙවින් ඉදිරියෙන් ඇත. නමුත් කුඩා දරුවකුට බීම බට වලින් කුඩුවක් තැනීම අපහසුය. එබැවින් කුඩා දරුවකුට වුවද පහසුවෙන් සාදා ගත හැකි අටපට්ටම් කුඩුවක් තනනා අයුරු චායා රුප ඇසුරින් මෙහි දක්වා ඇත.
1. ඝනකම් කාඩ් බෝඩ් කැබැල්ලක් ගෙන ඉන් සෙන්ටිමීටර 18ක පටියක් කපා ගන්න. මා භාවිතා කළේ කාඩ්බෝඩ් ෆයිල් කවරයකි.
2. අනතුරුව එම කාඩ් බෝඩ් කැබැල්ල සෙන්ටිමීටර 3 පළල පටි වලට වෙන් කර කැබලි 24ක් සාදා ගන්න .
4. රුපයේ දැක්වෙන ආකාරයට කාඩ්බෝඩ් කැබලි එක් කොට කුඩා කටු ඇමිණුම් යන්ත්‍රයක් භාවිතයෙන් සම චතුරශ්‍ර සාදා ගන්න
5. එම සම චතුරශ්‍ර අට පට්ටම් හැඩයට සිටින සේ කටු ගසමින් එකතු කරන්න
සාදාගන්නා ලද අටපට්ටම් සැකිල්ල මෙලෙස දිස් වනු ඇත.
6 සව් කඩදාසි හෝ තෙල් කඩදාසි ගෙන කුඩුවේ මිමි වලට අනුකුලව සම චතුරශ්‍ර 4ක් සහ සම පාද ත්‍රිකෝණ 8ක් කපාගන්න
7. එම කඩදාසි ගම් ආධාරයෙන් සැකිල්ලට අලවා ගන්න.
8. සියළු පැති අලවා ගත් පසුව කූඩුව මෙලෙස පෙනෙනවා ඇත.
A Big Thank You : කාඩ්බෝඩ් ආධාරයෙන් අටපට්ටම් කූඩු හදනා විදිය මට කියාදුන් අප ආයතනයේ විජේවික්‍රම රියදුරු මහතාට ස්තුතියි
බීම බට වලින් කූඩු හදන්න ගිහින් නාගෙන තියෙයි සෑහේන්න... මේ ක්‍රමේ නම් ලේසියි වගේ....
ReplyDeleteඑකම වෙනස දාරය ටිකක් පළලින් වැඩියි උඩින්ම තියෙන රුපයේ ලී පතුරු කුඩුවෙයි මේ ක්‍රමයෙයි වෙනස පංනුම් කරනවා
Deleteප්ලාස්ටික් රාමුව තියෙන වීදුරුව CRT ස්ක්‍රීන් ෆිල්ටර් එකක් වෙන්ටැ.
ReplyDeleteදැන් පාවිච්චි කරන්නේ කොළ කපනකොට මේසේ කැපෙන නිසා යටට දාන්න
Deleteලැපටත් ඒ ඉරණම අත්වෙන්න කොච්චර කාලයක් යාවිද ?
Deleteඇනයා, මෙහෙම ගියොත් වැඩි කල් ගතවෙන එකක් නැහැ
DeleteEnter your comment...ස්ක්‍රීන් ෆිල්ටරයක්. අපේ එකෙක් හිටිය ඒකාලෙ, ඌ වැඩකලේ ඕකක් තියන මැසිමෙ විතරයි. ඇස් අන්ධ වෙයි කියල!
ReplyDeleteදැන් ඕව පුරා වස්තු
Deleteයොදා ගන්න බට පතුරක් හොයනු බැරී
ReplyDeleteනිදා නොයිද මේ ලියමන බලනු හරී
හොඳා කාරවම ලස්සන කමෙන් පිරී
හදා කූඩු විඳගනු දැන් වෙසක් සිරී.....
ජයවේවා!!!
වෙසක් අහවරයි ළඟ එනු ඇත පොසොන් සිරි
Deleteහැදුවොත් කූඩු නිවසට එති සිරි දෙව්නි
"ආණ්ඩුවේ ෆයිල් කවර වෙසක් කූඩු සාදා ගැනීමට යොදාගත් කළමණාකරු 'දේපල අපහරණ කොමිසම' ඉදිරියට.."
ReplyDeleteකටු ඇමිණිමේ යන්ත්‍රය (සිංහලෙන්) = ඉස්ටේපල් මැසිම ;-)
අපි නොදන්නා කොමිසංද හැක්
Deleteමෙන්න තවත් පොයින්ට් එකක් - ස්ටේපර් එකට අපේ හිටපු සහකාර කලමනාකරතුමා මරු නමක් භාවිතා කලා ඒ නම තමයි "පදිනවික'' ඇත්තම කිවුවොත් කස්ටිය හිතන් හිටියේ ඒක තමයි ස්ටේපර් එකට කියන ඇත්තම සිංහල වදන කියල.වැඩේ කියන්නේ ක්‍රෙඩිට් කරපු අක්කත් ස්ටේපර් එක ඔන උනහම ඉල්ලන්නේ ''මල්ලි පදිනවික පොඩ්ඩක් දෙන්න කියල'' පස්සේ තමා කට්ටියට වැඩේ තේරුනේ (විදින #ක)
DeleteThinkspace (සිතුම් අවකාශය) ,
Deleteඉතිං ඒ මානවිකාවට පදිනවික දුන්නද?
ආයෙත් අහලා ...:D
Deletepadinavika kiyanne puncher ekata stapler ekata newei
Deleteතැන්කු තැනකූ, පොස්ට් එක රේජියුෆොර්ම් වලින් කුඩුවක් හදන්න ගිහින් මල පැනල ඉන්න පොඩ්ඩට මේල් කරා, ටයිල් අල්ලනකොට ගන්න ප්ලස්තික් පටියයි සිලිකන් ගම් එක්කකුයි අරගෙන කල්පවතින පොසොන් කුඩුවක් හදන්න අයිඩියාවක් ආවා.
ReplyDeleteඉස්සර අපිත් රිජිෆෝම් ශීට් වලින් කූඩු හදනවා . හැබැයි මෙලෝ රහක් නැහැ
Deleteනියමයි,මමත් ගෙනවා කඩ්බෝඩ් කුඩුවක් .ලබන වතාවේ මෙහෙම එකක් හදන්න ඕනේ
ReplyDeleteඑකක් නෙවෙයි ගොඩක්
Deleteලබන වෙසක් එකට හදන්න ඕන මරු ඈ...
ReplyDeleteඅඩු ගානේ බටගස් ටිකවත් ඉතිරි වෙයි
Deleteඑහෙම කිව්වට කාඩ් බෝඩ් හදන්නෙත් ගස් කපලම තමා
ස්තුතියි.
ReplyDeleteසම චතුරශ්‍ර හයක් වෙනුවට සම කෝණී ත්‍රිකෝණ අටක් සාදා ගෙන ද අටපට්ටම ගොඩ නැගිය හැක.
ඔබ හරි . එත් ටිකක් අමාරුයි
Deleteඇත්තම කිවුවොත් පවුලේ අයත් එක්ක එකතු වෙලා කුඩු හදන එකේ පොඩි ත්‍රිල් එකක් තියෙනව
ReplyDeleteහැබැයි මට හිතෙන්නේ කොහාමඋනත් දැන් මේ තරමි් මහන්සිවෙන එකේ තේරුමක් නෑ.
අපිට තියෙන කාලෙත් එක්ක
ඒ උනාට මැෂින් වගේ කරන රැකියා වලින් මිදිලා පොඩි විවේකයක් ගන්න හොඳ වැඩක්
Deleteමෙදා පොටෙත් බීම බට පිහිටම තමයි පැතුවෙ.මේක ඊට වඩා ලේසියි වගේ..ලබන සැරේ අපි දෙමුකො බැටේ..
ReplyDeleteජයවේවා..!!
වෙසක් කූඩු එක්ස්පෝට් කරන බිස්නස් එකක් පටන් ගත්තොත් ගොඩ වගේ
Deleteඅපේ ඔෆිසියේත් එල්ලුවේ කාඩ් බෝර්ඩ් වලින් හදපු කූඩු ගෙනල්ලා
ReplyDeleteස්තූතියි ...
ReplyDeleteGodak prayojanawath adahasak
ReplyDelete