ඉංග්‍රීසි භාෂාව වර්ථමාන ලෝකයේ වඩාත්ම ප්‍රචලිත ජාත්‍යන්තර භාෂාව වශයෙන් හැඳින්විය හැක. ඉංග්‍රීසි භාෂාව පරිනාමය වී ඇත්තේ ක්‍රි.ව. 5 වන සියවසේ දී මහා බ්‍රිතාන්‍ය දූපත් වල නැගෙනහිර වෙරළ තීරයේ වාසය කළ ඇන්ග්ලෝ-සැක්සන්වරුන්ගේ භාෂාවෙනි. එම භාෂාව "පැරණි ඉංග්‍රීසි බස" (Old English) නම්වේ පැරණි ඉංග්‍රීසිය තුලට නෝවේජියානු භාෂා ලක්ෂණ එකතු වී තිබෙනුයේ පසු කාලීනව සිදුවූ වයිකිංවරුන්ගේ ආක්‍රමණ හේතුවෙනි.
එංගලන්තයට 1066 දී ප්‍රංශයේ නෝමැන්ඩි ප්‍රදේශයෙන් එල්ල වූ නෝමන් ආක්‍රමණයෙන් පසුව නෝමන් ප්‍රංශ වචන සහ අක්ෂර රීති එකතුවී "මධ්‍යතන ඉංග්‍රීසි බස" (Middle English) යනුවෙන් හැඳින්වෙන විලාශයට ඉංග්‍රීසිය පරිනාමය වී ඇත.
පසළොස් වන සිය වසේ එංගලන්තයේ ඇතිවූ "මහා ස්වර විපර්යාසය" (The Great Vowel Shift)යනුවෙන් හඳුන්වන උච්චාරණ වෙනස්කම් සමග "නූතන ඉංග්‍රීසි බස" (Modern English) මතුව ඇත.
ඉංග්‍රීසි ශබ්ද කෝෂ ඉනිහාසයයේ හමුවන මුල්ම මුලාශ්‍රය 1255 දී ඉංග්‍රීසි ගුරුවරුන් එකතු කරනා ලද වචන ලැයිස්තුවකි. නමුත් එම වචන ලයිස්තුව එවකට භාවිතය පැවති ලතින් වචන එකතුවකි. සිංහල බසෙහි මුලය සංස්කෘත සහ මගධ භාෂා වන්නාක් මෙන් ඉංග්‍රීසි බසෙහි මුලය ලතින් කරා යොමුවෙයි.
රොබට් කෞඩ්රි |
ශබ්ද කෝෂයක ස්වරුපගත මුල්ම ඉංග්‍රීසි වචන ලැයිස්තුව වන "Table Alphabeticall" සම්පාදනය කර ඇත්තේ රොබට් කෞඩ්රි (Robert Cawdrey) නම් පඬිවරයකු විසිනි. එම ලයිස්තුවේ 17 වන ශත වර්ෂයේ මුලදී භාවිතා කරනා ලද ඉංග්‍රීසි වචන 2500 ක පමණ ප්‍රමාණයක් මෙහි අකාරාදී ආකාරයෙන් එකතු කර තිබිණ.ඉංග්‍රීසි ගුරුවරැන් විසින් විවිධ වචන එකතු එළිදක්වමින් සිටි යුගයක ක්‍රමානුකුල ශබ්දකෝෂයක අවශ්‍යතාව මතුකළ වියතා රිචර්ඩ් මල්කාස්ටර් (Richard Mulcaster) නම් වෙයි. ඔහුගේ මගපෙන්වීමේ ප්‍රථිපලයක් ලෙස 1604 වසරේදී කෞඩ්රිගේ ශබ්දකෝෂය කෙරුණු බව වාර්තා ගතව තිබේ. නමුත් රොබට් කෞඩ්රිගේ ශබ්දකෝෂයේ "මුල් පද" සියයට අනුවක ට වඩා වැඩි ප්‍රමාණයක් ඉන් වසර අටකට පෙර 1596 වසරේ එඩ්මන්ඩ් කුට් (Edmund Coote) විසින් සම්පාදනය කරනා ලද The English Schole-Maister පොතෙහි අමාරු වචන සුචියෙන් සොරකම් කරනා ලද බව ශබ්දසංග්‍රහ විද්‍යාව (lexicography) පිලිබඳ වියතුන්ගේ අදහසය.
නව ශබ්දකෝෂ සඳහා පැරණි ශබ්දකෝෂ වලින් සටහන් සොරකම දිගින් දිගටම ගලාගෙන ගොස් ඇත. වසර 1616 දී ජෝන් බුලොකාර් විසින් සම්පාදිත "An English Expositor" හි කෞඩ්රිගේ පොතෙන් බොහෝ සටහන් සොරකම් කර ඇත. අනතුරුව රොබට් කෞඩ්රිගේ පුත්‍රයා විසින් සිදුකරනා ලද සංශෝදනයේදී ජෝන් බුලොකාර්ගේ සටහන් නැවත සොරකම් කර ඇත.
වසර 1656 දී තෝමස් බ්ලන්ට් (Thomas Blount ) විසින් එවක තෙක් සම්පාදිත විශාලම ශබ්දකෝෂය වන Glossographia එළිදැක්වීය. ඉන් දෙවසරක අවෑමෙන් මහා කවි ජෝන් මිල්ටන්ගේ බෑණනුවන් වූ එඩ්වඩ් ෆිලිප්ස් විසින් බ්ලන්ට් ගේ බොහෝ සටහන් රැගෙන A New World of English Words සම්පාදනය කර ඇත.
ඉංග්‍රීසි ශබ්දකෝෂ මුල් යුගයේදී සම්පාදනය කර තිබෙන්නේ ස්ත්‍රී පක්ෂයේ දැනුම වර්ධනය පිණිසය. ස්ත්‍රීන් විධිමත් අධ්‍යාපනයක් සඳහා යොමු වීමක් නොතිබුණු එකල ඔවුනට ඉංග්‍රීසි ව්‍යවහාරයේ තිබු ලතින් වචන තේරුම් ගැනීමේ අපහසුව මග හැරවීම සඳහා වියතුන් සහ ගුරුවරුන් විසින් මේවා එළිදක්වා ඇත.
දහසය වන සියවසේ ආරම්භ කරනා ලද ඉංග්‍රීසි ශබ්දකෝෂකරණය දාහත සහ දහ අටවන සියවස්හි ක්‍රමානුකුල සීග්‍ර වර්ධනයක් අත්පත් කරගෙන තිබේ. මෙලෙස සීග්‍ර වර්ධනයක් ඇතිවීමට හේතු වී ඇත්තේ ශබ්දකෝෂ යහමින් මුදල් උපයන ව්‍යාපාරයක් බවට පත් වීමය. පසු කාල වල ධනවත් මුද්‍රණ කරුවන් වියතුන් ගෙන සැදි කතෘ මණ්ඩල පිහිටුවා ව්‍යාපාරික මට්ටමෙන් ශබ්දකෝෂ ප්‍රකාශයයට පත්කිරීම අරඹා තිබේ.
මුලාශ්‍ර
ඉංග්‍රීසි ශබ්ද කෝෂ උපත සහ ව්‍යාප්තිය - ආචාර්‍ය පී. බී. සන්නස්ගල
http://engdictionaries.blogspot.com/2011/10/four-and-half-centuries-of.html
http://www.bl.uk/learning/timeline/item126632.html
http://ejbe.libraries.rutgers.edu/index.php/jrul/article/view/782/2005%20
https://si.wikipedia.org/wiki/ඉංග්%E2%80%8Dරීසි_භාෂාව
එහෙව් ඉංග්‍රීසියනෙ අපි හැමෝම හොරකං කරං පාවිච්චි කරන්නෙ
ReplyDeleteඉංග්‍රීසි භාෂාවේ වර්ධනයට අදාළ කාල වකවානු වල සිංහල සාහිත්‍යයේ නිර්මාණ සංසන්දනය කරන්න විට සිහල භාෂාව ඉතාම ඉහල තැනක ඇති බව පෙනෙනවා. පසුව ඒ ගැන විමසුමක් කර ලියනන ඕන
DeleteA superb post JF.
ReplyDeleteAlso, check "The Mother Tongue - English and how it got the way it is" by Bill Bryson. A very informative AND highly entertaining read.
Correction "The Mother Tongue- English and How It Got that way"
DeletePre Jay,
DeleteAppreciate if you could send me a link of this book.
You can Google and see. Goodreads site gives a description and reviews too. It is available in Colombo books stores I think. There are more books by Bryson about language etc.
Delete'Google and see' ??
DeleteGoogle and get the link !
Deleteඔයාගෙ ලිපි කියවන්න තියෙන ආසාවටද මන්දා මේ කියෙව්වා මදි වගේ... හොද ලිපියක්...
ReplyDeleteතව කරුණු නම් තියෙනවා. ඔක්කොම ලියන්න ගියොත් පොස්ට් එක දිග වැඩි වෙලා බෝරිං වෙයි කියල හිතුනා.
Deleteමං නං හිතන්නේ වචන සහ ඒවායේ තේරුම වගේ දේවල් කාටවත් එක පුද්ගලයෙකුට අයිති නෑ, එනිසා ඒවා හොරකම් කළා ය යන කතාව ඒ අතින් වැරදි එකක්.
ReplyDeleteනමුත් සමහර ශබ්දකෝෂවල තියෙන වචනවල අරුත පැහැදිළි කරන වාක්‍ය කණ්ඩ ආදිය එලෙසම වෙනත් පසු කාලීන ශබ්දකෝෂයක තිබුණොත් හොර කමක් යැයි කියන්න පුළුවනි.
දැන් සරසවි ඉංග්ලිෂ්-සිංහල ශබ්දකෝෂය සකසන කොට ඒ වෙන කොට තිබුණු මලලසේකර, විජයතුංග, සුමංගල යනාදී පොත් ොබැලුවා යැයි කියන්න හැකිද? ඇත්තටම ඒවා ගැන සොයා නොබැලුවා නම් තමය වැරදි!
ශබ්ද කෝෂ හදන්න නම් ඉතින් කලින් ඒවගේ තිබ්බ වචන ගන්නම වෙනවා නේද? ඒක හොරකමක් වෙනවද? මමයි මේ වචනේ මුලින්ම හැදුවේ කියල පරණ වචනයක් කියුවොත්නන් ඔන්න කේස්.
ReplyDeleteඉතාමත් අගෙයි ජීවන
ReplyDelete