Thursday, May 11, 2017

ප්‍රීති වෙසක්!

මීට වසර හැට හැත්තෑවකට ඉහත කතෝලිකයනට වෙසක් බැලීමට යාම පවා පල්ලියෙන් තහනම් කර තිබී ඇත. ඒ අපගේ පියවරුන්ගේ පාසැල් කාලයේදීය. මේ තහනම පල්ලියෙන් කරනා ලද්දක්ද නැතහොත් පිස්සු පුජකයන් කිහිප දෙනෙකුගේ  හුදකලා විකාරයක් දැයි නොදනිමු. නමුත් මීට වසර 25 කට පමණ පෙර අප පාසල් ගිය යුගය වන විට ඒ තත්ත්වය මුළුමනින් වෙනස්ව තිබිණ. මා උගත් කතෝලික පාසල වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර ලෙස සැරසීම එකල වන විටද සාමාන්‍ය දෙයක් විය. පාසැල් වල සැරසිලි කරනවාට අමතරව එකල අප නිවෙස් ද වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර ලෙසින් සරසුවෙමු. අප කුඩාම කාලයේදී තාත්තා සාදාදෙන අටපට්ටම් කූඩු කිහිපයකට අමතරව ඉටිපන්දම් වලින් ආලෝකමත් කරනා බකට් රාශියක් නිවස වටා එල්ලන අතර බකට් කිහිපයක් ගිණි ගැනීම සාමාන්‍ය දෙයක් විය. 
නමුත් අප වයසින් වැඩෙත්ම වෙසක් උත්සවයට නිවාස සැරසීම තරඟයකට පෙරළිණ අවට නිවෙස් වල සම වයස් මිතුරන් අතර මේ තරඟය නිසා මුළු ගමම බෙහෙවින් අලංකාර විය. 

එකල අප නිවසේ කොළ පැහැති බට පඳුරක් තිබු නිසා  බට කොටූ සෙවීම එතරම් ප්‍රශ්නයක් නොවුවද ඔට්ටුපාලු සොයා ගැනීමට වැඩිහිටියන්ගේ සහය අවශ්‍ය විය. නෙක නෙක මාදිලියේ කූඩු නිර්මාණ සඳහා කිහිප වතාවක් ඔට්ටුපාලු ගෙන්වා ගැණීමට සිදුවීම සාමාන්‍ය දෙයක් විය. බොහෝ විට ඔට්ටුපාලු ගෙන්වා ගන්නේ පොල් රා මදින්නට පැමිණෙන  මදින මාමා  ලවාය.

කුඩා කාලයේ සිට පවත්වාගෙන ආ පුරුද්ද නිසා දැනුදු අප වෙසක් උත්සවය වෙනුවෙන් අලංකාර සැරසිලි කරන්නෙමු. පෙර කළ කූඩු සෑදුවත් දැන් නම් කූඩු සැකිලි  කඩෙන් මිලට ගෙන අපට අවශ්‍ය පාටින් කොළ අලවා සරසන්නෙමු. කඩෙන් කුඩු ගැනීමේ පුරුද්ද පැතිරීමත් සමගම අප කුඩා කල තබූ බොහෝ වෙසක් කූඩු මාදිලි දැන් දකින්නට නැත. වැළලී ගොස් ඇති ප්‍රධානම මාදිලිය ගුවන් යානා ය. තාරකා කූඩු, සත්පියුම් ආදිය දැන් විරලය. තවද එකල තිබු බුද්ධ චරිතයේ විවිධ අවස්ථා මුද්‍රණය කරනා ලද කොළ අලවා සාදන කූඩු ඇත්තෙම නැත.

කුඩු පහලවක් විස්සක් ඇලවීමත් පහසු කාර්‍යයක් නොවේ. ඒ සඳහා ගෙදර සැම එක්විය යුතුය. මේ සැම එක්ව කරනා විනෝද ජනක කාර්‍යය දෙමාපිය දු දරු සබඳතාව වැඩි දියුණු කරයි. මේ වතාවේදී අප නිවසේ කූඩු දහසයක් එල්ලුවෙමු. බිරිඳ සහ දරුවන් කූඩු ඇලවූ අතර මා කළේ ඒවාට විදුලි ආලෝකය ලබා දීමට විදුලි බුබුලු සවි කර දීම පමණි. මෙවරද කම්මැලි කමට අවසන් මොහොත තෙක් බලාසිටීමේ පිනෙන් විදුලි බුබුලු සවි කර අවසන් වන්නට පෙර කරුවල වැටිණ. කරුවලේ විදුලි වයර් සවි කරන්නට ගොසින් දෙවරක්ම විදුලිය වදින. එක වරක් සුලු වශයෙන් වැදුනද. දෙවන වර ඉනිමගේ නැග සිටියදී අම්මමෝ  වන්නට වැදින.

අප සරසන ලද ප්ලාස්ටික් කූඩු මෙවර භාවිතයට ගත්තේ තෙවන වතාවටය. ලී කූඩු භාවිතා කළේ හතරවන හෝ පස්වන වතාවටය. ලී කූඩු නැවත භාවිතයට ගන්නට බැරි තරමට අබලන්ව ගොසිණි. ඊළඟ වසරේ අඩු පාඩුව සඳහා ප්ලාස්ටික් කූඩු සරණ යන්නට සිදුවනු ඇත.

රාත්‍රියේ එලියට පැමිණි විට දුටුවේ පෙරදී අලංකාර ලෙස සරසන් සමහර බෞද්ධ ගෙවල් වල ඇපෙන් බේරෙන්නට මෙන් කාඩ්බෝඩ් කූඩු දෙක තුනක් එල්ලා බල්බ් වැල් කිහිපයකින් වැඩේ ගොඩ දාගෙන ඇති බවකි. නමුත් බහුතරයක් හොඳින්  අලංකාර ලෙස සරසා තිබිණ. කෙසේ වෙතත් අවසානයේ ලද ප්‍රතිලාභය පහන් සිතුවිල්ලකින් සිත එලිය වීමය.

අවට නිවෙස් වල වෙසක් සිරි නරඹා නිවසට පැමිණ ෆේස් බුක් වෙත ඔලුව දැමු විට දුටු දෙයින් සිදුවුයේ නැවතත් ලේ කෝප වීමය. කවුරුන්දෝ අවජාතක අවලෙමකු  වෙසක් පැතුමක් අන්තර්ජාලයට එක කොට තිබිණ. එහි ප්‍රීති වෙසක් යනුවෙන් සුභ පතා තිබුනේ කොන්ඩෝම් පැකට්ටුවක රුපය යොදා ගෙනය. 

අප බොහෝ කලෙක සිට නිරාගමිකයන් දැක ඇත. ඒ අතරින් බොහෝ දෙනෙකු මාක්ස්වාදීන් හෝ සමාජවාදීන්ය. නමුදු ඔවුහු කිසිවකු කිසිදු ආගමකට ගරහුයේ නැත. ඔවුන් කරේ තමන් විසි ආගම් ඇදහීම ප්‍රතික්ෂේප කිරීම පමණි. සමහරුන්ගේ නිවෙස් වල අනෙකුත් සාමාජිකයන් ආගම් ඇදහු අතර ඔවුහු ඒවාට විරුද්ධ වුයේද නැත. නමුත් නිරාගමික කරණය යනුවෙන් අන්තර්ජාලය හරහා පැතිර යන්නේ ස්වාර්ථ ප්‍රසිද්ධිය පිණිස වන ළදරු රැල්ලකි. මේ සිඟිති මන්ද බුද්ධිකයන් කිසිදු චාරයක් නොමැතිව ආගම් වලට ගරහති. ඒවායින් පොරවල් වෙන්නට මාන බලති. ප්‍රසිද්ධිය පිණිස නැතහොත් පේජ්  ලයික් එකක් වැඩි කරගනු පිණිස ඕනෑම ජඩ වැඩක් කරති. 

තමන්ගේ අවබෝධයෙන් නිරාගමික වීම එකකි. ආගම් වලට ගැරහීම තවෙකකි.

ප්‍රීති වෙසක්! 

35 comments:

  1. ඔතන තනිකර ම තියෙන්නේ සිගිති ආතල් ගැනිමක් බං

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිරාලට වෙන වැඩ තියනවා

      Delete
    2. බුකි නිරාල කියන්නේ කිසිම අවබෝදයක් නැතිව පොරවල් වෙන්න "අපි නිරාල" කියන මන්ද බුද්ධික සෙට් එකක්. ඒ වගේම ආගම් අදහන අයගෙන් බහුතරයක් අදහන්නේ අවබෝදයක් නැතිව කරන්නං වාලේ.

      Delete
  2. "මේ තහනම පල්ලියෙන් කරනා ලද්දක්ද නැතහොත් පිස්සු පුජකයන් කිහිප දෙනෙකුගේ හුදකලා විකාරයක් දැයි නොදනිමු."
    මේ වාක්‍ය දුටු මට මෙය නොලියාම බැරියයි හැගුනි. ඔබ කියනා පිස්සු පුජකයන්ගැන නොදනිමි .
    එනමුත් තම බිම් අතහැර නොදන්නා දේශයක, නොදන්නා මැද අපමණ දුක් ගැහැට විදිමින් සිය ජීවිත ගතකල අහිංසක මිනිසුන් ගැන නම් දනිමි. Instead of being tankful to their great service we have become a people of unthankful and critical. Most of teh people looking on what they did just say: "they did not understand our culture and our heritage. They had the European minset and did not want to understand our values." This can be true to some extent. Well I understand their situation as they were not born and brought up in our country. But the question is whether they really did not understand it or because they did understand it very well they acted as they did ? In a multi religious country like Sri Lanka it is a common problem that the people have a tendency to fall into cyncretism. Christianity is a monotheistic religion, just like Islam and Judaism. Buddhism, Hinduism and most of the Asian religions are not monotheistic. Therefore they do not have the particulair problem of protecting teh faithful falling in to other beleifs. If one denies this then he has not realized teh nuclear of the monotheistic religions. One just have to go through the ten commandments and the old Testament of teh Bible or the history of the Martyers (Martyrologium)to understand it. We see in teh Protugees period how strict they were with such situations. (Sometimes even over the bondries).

    ReplyDelete
    Replies
    1. I don't see any difference between these european priests who acted as fundamentalist and then period buddhist fundamentalist Anagarika Dharmapala

      Delete
    2. දිල් ඔය පූජකයන් ක්‍රියාකලේ අධිරාජ්‍යවාදීන්ගෙ හිතවතුන් ලෙස. අධිරාජ්‍යවාදීන්ට වහල් වීම සදහා අවශ්‍ය මානසික පැත්ත හැදුවෙ ඔය පූජකයො. ඩෙස්මන්ඩ් ටුටු පියතුමා කිව්ව. සුද්දො එනකොට අප අතෙ ඉඩම් තිබුන ඔවුන් අතේ බයිබලය තිබුන කියල. ඔවුන් දුන්න අපට බයිබලය .අපි ඇස් වහගෙන යාඤ්ඤා කලා .ඇස් ඇරල බලනකොට අපි අතේ බයිබලය උන් අතේ ඉඩම් කියල.

      Delete
  3. Perhaps the priests who were living about 70-80 years ago knew this very well and as they wanted to protect the faithful they took these messurments. How is the situation today? I know exactly what happenes in the mix marriages. The children go to temple as well as to Church and infact do not beleive in both as in a monotheistic religion you cannot follow two different Gods /beleifs at the same time. "Every religion taches good" is a common slogan yes it is true! but you cannot have a religious salad, specially with the monotheistic religions. Few days ago we sadly saw how our cricket captain Angelo Mathews offer Flowers to Dalada Maligawa. We should respect every religion there is no doubt. But it does not mean that one who follows a monotheistic religion should offer flowers and should have "pirith nool" around their wrists. We see the same with some Catholic polititions who goes to temples and Kovils and offer poojas (ex. Ravi Karunanayaka, Former first Lady Shiranthi Rajapaksha,). Today at Ridi Viharaya I sa whow Rony De Silva venerate the Buddhist relics and how he offer flowers and part take in rituals. These are just political shows. But it shows teh situation in teh country. There is a "Mafia" going on and nobody realizes it. Coz evry thing will be justified by "culture" and there they forgot that we too have our own culture.
    In Negombo who goes to get done charms at the Temple near Kadolkale are 90% Catholics.
    I just want to let you think on one point :What would happen if our Sri Lankan president or Priminister kneels before a cross and pray and if it comes on Media? or our whole criket team goes to Madhu shrine and light candles. why if not, only "one way?" Certainly as Buddhists they have no religious /theological problem by doing so, as the Buddhism is not a monotheistic religion. There is no prhibition in the religion doing retuals of other religions. But what would be the result if they do so ? what will be the reaction of Media? If so, why it has become normal that our Catholics often do everything what is acctually does not go interms with the heart of teir heart of Faith. We respect buddhism, Hinduism and all the other religions. But one should be faithful to his own religion too. In our country a mentallity of pressing teh minorities is going on even without to be realized. And it is justified by various factors.. just think and ask whether the same can happen on the otherway. If not then there is a problem. Hope you understand my point.

    ReplyDelete
    Replies
    1. Please don't forget that Fr. Mercelin Jayakody is a perfect product of a mixed marriage. understanding of both the cultures made him the best fit to the culture of this country.
      These so called innocent european priest except dutch are the people who introduced the deviated religion from the monotheistic belief.

      Delete
  4. අපේ පවුලේ හැමෝම ක්‍රිස්තියානි උනාට හැම අවුරුද්දෙම වෙසක් එකට කූඩු හදලා හවස් වරුවේ පන්සල පැත්තෙ යනවා... ඒක අපි පොඩි කාලෙ ඉදන්ම කරන දෙයක්... කොහොමත් ක්‍රිස්තියානි ආගම අමු අමුවේ විකෘති කරලා තියෙන්නේ... හැම ආගමකින්ම ගන්න ඕනෙ හොද දෙයක් තියෙනවනන් අරගන්න ඕනේ... අනවශ්‍ය දේවල් අහක් කරගන්න ඕනේ... එහෙම නැතුව ආගම් ලේබල් එකෙන් කිසිම පලක් නෑ...

    ReplyDelete
    Replies
    1. ආගම් ලේබල් කිරීමෙන් සහ ආගම් වලට අයිතිකාරයෝ බිහිවීමෙන් තමයි ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ

      Delete
    2. ආගම්වලට බලනේ ම ඔප්පු ලියාගෙන බුත්තියට අරගෙන ඉන්න උං තමයි ලෝක අණ්ඩයෝ.

      මා එක්ක වලියට ඒ අදාල පිරිසට මං කියන්නේ "බුඩ්ඩාගමේ" අයිතිකාරයින් කියලයි!

      Delete
    3. රසික, මමත් ආසම නැති දෙයක් තමයි ඔය පිරිස එක්ක පැටලෙන එක. එක පාරක් අදහසක් දක්වන්න ගිහින් මට හොඳටම බැනල තිබුනා ක්‍රිස්තියානි මුලධර්ම වාදියා කියල

      Delete
  5. අන්තර්ජාලයේ අසීමිත නිදහස භුක්තිවිඳිම තමා අතන වෙන්නේ. තම මට්ටං තංමැට්ටං කියල හිත හදාගන්න තමා වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය වගේ රැලි සමාජ විරෝධය හමුවේ ටික කාලෙකින් මැකිලා යනවා. අන්තර්ජාලයේ නිදහස සම්බන්ධව උනත් එහෙම තමා

      Delete
  6. රටක් සුන්දරයි සාමය සිත් තුළ රැඳුනී
    හිතක් සරළමයි ආගම් සුව මිහිර දැණී
    මතක් කරන්නයි පැමිණියෙ අපි එකා වැනී
    වෙසක් පින්බරයි සත් සිත් හැම පහන් වුණී...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට ස්තුතියි.
      කවියෙන්ම පිළිතුරක් දෙන්න බැරිවීම ගැන කනගාටුයි

      Delete
    2. එහෙම කියන්න එපා ජීවන ගන්න පොඩි උත්සාහයක්.

      සාමය රැඳුණි සිත් තුළ සුන්දරය රටක්
      ආගම් සුව මිහිර දැන සරලමය හිතක්
      අපි සැම එකිනෙකා සමවෙමු කරමි මතක්
      සත් සිත් හැම පහන් වුනි පින්බරය වෙසක්

      කවියෙන් කවිය උතුම් කවිය!

      Delete
  7. විදුලිය වැදුන කතාව නම් භයානකයි.

    මොනවා කළත් සර්කිට් එක බ්‍රේක් නොකර කිසිම වයර් එකක් අල්ලන්න එපා!

    වෙසක් වගේ ද ජීවිතේ?

    ReplyDelete
  8. ගෙදර ට්‍රිප් ස්විච් එක හරියට වැඩකරනවද කියල බලා‍ගන්න එක හොඳයි වගේ.

    කූඩුව ප්ලාස්ටික් උනත් කපන අලෝන වැඩ ටික අපිම කරන හින්ද ඒකෙ අවුලක් වෙන්නෙ නෑ. අපික බට ගස් ටික හරි ඉතුරු වෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ප්ලාස්ටික් කූඩුව ආරක්ෂා සහිතව තියල පුළුවන් තරම් කාලයක් පාවිච්චි කරන එක තමා වෙන්න ඕන. ඔය කුඩු වගේ ඒවා හදන්නේ අන්තිම බාල මට්ටමේ ප්ලාස්ටික් වලින්. බොහෝවිට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය කරණයේ අවසන් අදියරේදී එන අපද්‍රව්‍ය මට්ටමේ කොටස්. එක නිසා වැඩි කල් පැවැත්මක් නැහැ. පොද්ද එහා මෙහා වෙනකොට කැඩිලා යනවා.

      Delete
  9. සියලුම ආගම්වල සාස්තෘවරුන්, එම ආගම් හා ඒවායේ සිද්ධස්ථාන නොව ආගම විනාශකරමින් ඒවටා සිටිමින් ඉන් පොෂණය ලබන අන්තගාමි පූජ්‍යපක්ෂය හා පුද්ගලයින් පමණක් විවේචනය කරමු.

    ReplyDelete
    Replies
    1. ආගමික දර්ශණය සහ මුලිකාංග තමන්ගේ පැවැත්ම සඳහා විකෘති කරනා අය විවේචනය කරාට කමක් නැහැ

      Delete
  10. ආගමකින් බලාපොරොත්තු වෙන්නේ මිනිස්සු හොඳ මගකට ගැනීම මිස ගැටුම් ඇතිකර ගැනීම නොවෙන නිසා

    ReplyDelete
    Replies
    1. ගැටුම් ඇති වෙන්නේ තමන්ගේ පැවැත්ම සඳහා ආගම අවභාවිතයට ගන්න හදන කොට. හොඳම උදාහරණය තුවක්කුව සහ කුරුසය එක විට ප්‍රයෝජනයට ගත් පෘතුගීසි ලන්දේසි ස්පාඥාඥ ආක්‍රමිකයන්

      Delete
  11. "බිරිඳ සහ දරුවන් කූඩු ඇලවූ අතර" මෙය බිරිඳ, දරුවන්, සහ පූසා කූඩු ඇලවූ අතර විය යුතුයි, 2වන පින්තූරයට අනුව.

    ReplyDelete
    Replies
    1. ඔව් පුසා නිසා කුඩු දෙකක් වැඩිපුර හදන්න උනා

      Delete
  12. ඔය මිනිස්සු ඔය රැඩිකල් කියල පෙන්නන්න් කරන දේවල්. මොකද දැං ලේසියෙම්ම රඩිකල් වෙන්න පුලුවං ආගමකට ගැරහීමෙන් කියල තමා හිතන්නෙ.

    ඔය තලේබාන් ආගම් කාරයොන්ගෙයි මෝඩ නිරාලගෙයි කිසිම වෙනසක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ පේජ් විවිස් වැඩිකරගන්න කරන දේවල්
      හිට් කවුන්ට් එක වැඩි වෙනවා නම් අම්මගේ හරි නිරුවත් පින්තුරයක් තමන්ගේ පේජ් එකට දාවි

      Delete
  13. ඔය මිනිස්සු ඔය රැඩිකල් කියල පෙන්නන්න් කරන දේවල්. මොකද දැං ලේසියෙම්ම රඩිකල් වෙන්න පුලුවං ආගමකට ගැරහීමෙන් කියල තමා හිතන්නෙ.

    ඔය තලේබාන් ආගම් කාරයොන්ගෙයි මෝඩ නිරාලගෙයි කිසිම වෙනසක් නම් නෑ

    ReplyDelete
    Replies
    1. ඕකුන් නිරාල නෙවෙයි. පොඩ්ඩ වැරදුන ගමන් සීනිගම යන එත් හරිගියේ නැතිනම් කොච්චිකඩේ පල්ලියන උන් තමයි ඔය.

      Delete
  14. මම නම් දහයේ එකොළහේ පන්තිය වගේ ඉඳන් නිරාගමිකයි. ඒත් දානේ දෙන එක පන්සල් යන එක හෝ පල්ලි යන එක කරනවා. වෙසක් කුඩු හදන්න නම් වෙලා නැහැ. අනික දන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ආන්න එක තමයි මම කියන්නේ. අපි කවදාවත් දැකල නැහැ අජිත් ආගම් වලට ගරහනවා. තමන්ගේ අවබෝධයෙන් නිරාගමික උනාම නැති වෙන්නේ භක්තිය විතරයි. ආගම සමග බැඳුන සංස්කෘතික බැමි ලිහෙන්නේ නැහැ. පල්ලි යන්නේ පන්සල් යන්නේ සංස්කෘතික අංගයක් හැටියට විතරයි. නැතිනම් පල්ලි හරි පන්සල් හරි යන තමන්ගේ පව්ලේ අය සමග එකට එකතු වෙන්න.
      මමනං නිරාගමිකයෙක් නෙවෙයි. නමුත් අදහන්නේ මට අවබෝධ වෙන සීමාව තුල පමණයි. ආගම් විවේචනය ගැන එකඟයි. නමුත් කිසිම ආගමකට ජාතියකට ගැරහීමට නම් තරයේම විරුද්ධයි.

      Delete
  15. ඒක ප්‍රකාශණයෙ නිදහස කියලයි එයාලා කියන්නෙ. මටත් හිතෙනවා ඔය එකෙක්ගේ ගෑණියෙක්ගෙ ෆොටෝ එකකට සනී ලියෝන්ගේ නූල් පොටක් නැති ඇගක් සෙට් කරලා මගෙත් ප්‍රකාශණයේ අයිතිය ගැන කතා කරන්න

    ReplyDelete
  16. දම්පාට දේදුන්න ලියන ජීවනටත් වාසිතය ලියන මිතිලටත් ස්තූතියි. ඇත්තටම මේ බ්ලොග් දෙකෙන්ම බොහෝ දේවල් අපි ඉගෙනගන්නව. මම දැක්ක දිල් කියල කෙනෙක් උඩ කොමෙන්ට් එකක පෘතුගීසීන්ගෙ දැඩි පාලනය අනුමත කරල තිබුන. මාර අන්තවාදියෙක් ඒ යකා.

    We see in teh Protugees period how strict they were with such situations. (Sometimes even over the bondries).

    තලේබාන් ක්‍රිස්තියානිකාරයෙක්.

    ReplyDelete