අගමැති රනිල් වික්‍රමසිංහ විසින් හම්බන්තොට යෝජිත කර්මාන්ත කලාපය සඳහා චීනයේ ආයෝජකයන් ගෙන්වාගැනීමට මූලික වීම විශිෂ්ඨ ක්‍රමෝපායික ප්‍රගමනයකි. ලොව බොහෝ රටවල නිෂ්පාදිතය ඉහල නැවීමට චීන ආයෝජන දරන දායකත්වය සුළුපටු නොවේ. නුතන ලෝකයේ නිෂ්පාදන තාක්ෂනය (Production Technology) අතින් ඉහලින්ම සිටිනුයේ චීන කර්මාන්ත කරුවන්ය. චීන නිෂ්පාදන තාක්ෂනය මගින් නිෂ්පාදන පිරිවැටුම අවම අගයකට පත් කර අඩු මිල භාන්ඩ සැපයීම මගින් චීන කර්මාන්ත කරුවන් ජගත් වෙළෙඳපල ජයගෙන ඇත.
ශ්‍රී ලංකාවේ චීන කර්මාන්ත ඇරඹීම තුලින් ශ්‍රම ඵලදායිතාව ගැන එතරම් හැගීමක් නොමැති දේශීය කර්මාන්ත කරුවනට ආරම්භයේදී තර්ජනයක් ඇති වුවද දීර්ඝ කාලීනව ශ්‍රම ඵලදායිතාව ඉහල නැංවීම රටේ නිෂ්පාදනයට හොඳ අනාගතයක් ඇතිවීමට හේතු වනු ඇත.
අප මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණ වන්නේ අපගේ කර්මාන්ත ප්‍රතිපත්තිය මහා පරිමාන ආයෝජන වලට හිතකර ද යන කරුණය. යම් නිෂ්පාදනයක් හෝ සේවාවක් සඳහා ආයෝජනය කිරීමට බලා පොරොත්තු වන ආයෝජකයනට ඉතා කෙටි කාලයකදී අදාල අනුමැතීන් ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම රජය විසින් ජය ගත යුතු අභියෝගයකි. මින් පෙර මෙරටට පැමිණි ආයෝජකයිනට අනුමැතිය ලබාගැනීමේදී ඇතිවන පමාව ඔවුන්ගේ ආයෝජන වෙනත් රට වලට ඇදී යාමට හේතු වූ බව රහසක් නොවේ. ඒ සඳහා ඕනෑතරම් උදාහරණ ඇත.
කර්මාන්ත සඳහා අනුමැතිය ලබාගැනීමේ ක්‍රමවේදයේ ප්‍රධාන සහ වැදගත්ම අංගය පාරසරික ඇගයීම් ක්‍රමවේදය ය. එය රටක් ලෙසින් සලකන කල ඉතාමත් වැදගත් අවශ්‍යතාවකි. නමුත් එය සඳහා දැනට පවතින ක්‍රමවේදය තුල අවම වශයෙන් මාස නවයක කාලයක් ගතවේ. මෙම මාස නවය තුල වැඩිම කාලයක් වනුයේ අනුමැතිය ලබාදෙන රාජ්‍ය ආයතනවල සිදුවන ප්‍රමාදයි. සමහරවිට යම් ලේඛනයක් භාරදුන් පසුව එයට අදාල රැස්වීම තැබීමට මාසයකට අධික කාලයක් වැයවෙයි. කලයුතු වන්නේ රජයේ ක්‍රියාවලිය ඉක්මන් කිරීමය. පාරිසරික ඇගයීම ක්‍රමවේදය මාස හතරකට අඩු කිරීම ප්‍රායෝගිකව කල හැක. තවද පවතින ක්‍රමවේදයේ මහජන අදහස් විමසීම සඳහා පමණක් දින 45ක කාලයක් ගතකරයි. එය දින 15 ක කාලයකට අඩු කල හැක.
කර්මාන්ත ඇරඹීමේදී පාරිසරික ඇගයීම් ක්‍රමවේදයට අමතරව ලබා ගත යුතු තවත් අනුමැතීන් අවම වශයෙන් 10ක් පමණ වේ. මේ ක්‍රියාදාමය තුල සිදු වනුයේ වසර දෙකක් වැනි කාලයක් අනුමැතිය සඳහා ආයෝජකයිනට බලා සිටීමට සිදුවීමය. අවසානයේ කලකිරීමට පත්වන ආයෝජකයින් සිය ආයෝජන වෙනත් රටවලට ගෙනයති. අනුමැතිය සඳහා ගතවන කාලය මාස හයකට අඩු කරගත හැකිනම් රටට ආයෝජකයන් ලෙහෙසියෙන් ආකර්ශනය කරගත හැකි වනු ඇත.
මේ සම්බන්ධව ලියුම්කරුගේ යෝජනා දෙකකි එනම්,
1. ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම සඳහා බල තල සහිත විශේෂිත කාර්යාංශයක් අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඇතිකිරීම.
2. වීශේෂිත කර්මාන්ත කලාප ඇතිකොට ඒවායේ ආරම්භ කළහැකි කර්මාන්ත හඳුනාගෙන එම කර්මාන්ත සඳහා මුලික පාරිසරික අධ්‍යන රජය මගින් සිදුකිරීමෙන් අනතුරුව ආයෝජකයනට ආරාධනා කිරීම
යන කරුණුය.
මහින්ද නිළධාරි ඔක්කෝම එහෙමම තියාගෙන මොන සංවර්ධනයද.... අර කියනවා වගේ ඉතා සුළු කාළයකින්, එක තැනකින් අනුමැතිය ලබා ගන්න පුළුවන් කාර්යක්ෂම ප්‍රියමනාප ආයතනයක් පිහිටවන්න ඕන...
ReplyDeleteකුරුණැගල ISB (Industrial Service Bureau) එකේ මොඩල් එක හොඳයි,
ReplyDeleteකෙරෙනේ එක කොහොම වෙතත් යෝජනා දෙක නම් හොඳයි.
ReplyDelete