Sunday, September 17, 2017

පිණ්ඩපාතයේ වැඩමකර ලක්ෂ එක්දහස් හතළිහක් සෙවිය හැකිද?

සිල් රෙදි වංචා කරුවනට අධිකරණය නියෝග කරනා ලද දඩ මුදල මේ වනවිට දේශපාලනික අවස්ථාවාදීනට කදිම දඩ බිමක් නිර්මාණය කර දී ඇත. තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිතාවට හවුල්වී සිර දඬුවම් ලබන්නාවූ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීම කල යුත්තේ ඔවුන් දඬුවම් ලැබීමට පසුව නොවේ. සත්‍ය වශයෙන්ම ඔවුන් ගැන කැක්කුමක් තිබුනේ නම් නඩුව විභාග කරනා අවස්ථාවේදී අදාළ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටීමේ අවකාශය උදක්ම තිබිණ. නමුත් කලබලවී ඇත්තේ දඬුවම් ලැබීමෙන් අනතුරුව වීම විහිළුවකි.

ලබාදී ඇති දඩ මුදලද ලේසි පහසු එකක් නොවේ. එක අයෙකුට රුපියල් ලක්ෂ 520කි ඉහලම මට්ටමේ රාජ්‍ය නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂයකට ආසන්න ගණනකි. ඒ අනුව ගන්නා කල දඩ මුදල වසර 43 ක සම්පුර්ණ වැටුපට සමානය. මෙවන් මුදලක් ගෙවීම දුෂිතයකු නොවනා රාජ්‍ය නිලධාරියකුට සිහිනයක්ම පමණි. අදාළ නිලධාරීන් දුෂණයට පොළඹවන ලද දේශපාලන අධිකාරීනට තමන්ගේ බැංකු ගිනුමින් මේ මුදල ගෙවීමට හැකියාවක් සමහර විට තිබිය හැක. නමුන් එය ගෙවා දැමීම සියතින් වල කපා ගැනීමකි. මන්ද යත් ඔවුන්ගේද නීත්‍යානුකුල ආදායම තුලින් අදාළ මුදල ගෙවීම කෙලෙසකින් වත් සාධාරණීකරණය කල නොහැකි බැවිනි. මුදල ගෙවා දමන්නේ නම් ආදායම ලැබුණු ආකාරය ද  යුතු වන්නේය. පසුගිය රජය සමයේ වරප්‍රසාද ලද ඉහල ආදායම් සහිත ව්‍යාපාරිකයන් ද තමන්ගේ රහසිගත දේශපාලන සම්බන්ධතා එළිදරව් වන බියෙන් මුදල් ලබා දීමට ඉදිරිපත් නොවනු ඇත.

එසේනම් මේ මුදල ගෙවා දැමීමට ඇති එකම ක්‍රමය වන්නේ හිඟන විජ්ජාවය. රට වටේ කැට හොල්ලා මුදල් ලැබුණු බව ප්‍රකාශ කර තමන්ගේ කළු සල්ලි වලින් මුදල ගෙවා දැමීමය. එයද හිතනා තරම් පහසු කාරණයක් නොවන්නේ මේ වෙනුවෙන් ස්වෙච්චා සේවකයන් සොයා ගැනීමේ අපහසුතාවයයි. රැස්වීමකට සහභාගී වන්නට බත් පැකට්ටුව, අරක්කු කාල සහ රුපියල් දාහක් බලාපොරොත්තු වන පාක්ෂිකයන් අතරින් කැට හොල්ලන්නට පිරිස එකතු කර ගතහොත් සිදුවනුයේ කැට අතුරුදහන් වීම පමණි.

ඉහත කාරනා නිසා හිඟන විජ්ජාව ක්‍රියාත්මක කිරීමට යොදාගෙන ඇත්තේ සංඝයා වහන්සේලා වය. උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩම කර පළමු දිනයේදී රුපියල් එක්ලක්ෂ නවදහස් එකසිය දහයක (රු. 109,110) මුදලක් එකතු කර ගන්නා ලද බව අන්තර්ජාලයේ විවිධ තැන්හි වාර්තා වෙයි. මේ මුදල ගෙවීමට ඇති දඩ මුදල හා සසඳන කල ඉතාමත් සුළු මුදලකි. මේ ආකාරයට මුළු දඩ මුදල් ගෙවීමට නම් එක දිගට දින 953 නැතහොත් වසර දෙකකුත් මාස හතක කාලයක් පිණ්ඩපාතේ වැඩම කිරීමට සිදුවනු ඇත. 

24 comments:

  1. ඔවුනට වෙන කරන්න කියලා කාරියකුත් නැති එකේ ඔහේ වැඩ පුදෙන්. අඩුම ගානේ සරීරසවුක්‍යට හරි හොඳයි කියලා සිත සාදාගනී

    ReplyDelete
    Replies
    1. මෙතැනදී මතුකරේ කරපු කාරියේ හැර වැරදි නෙවෙයි. පිණ්ඩපාතේ ගිහින් අවශ්‍ය මුදල එකතු කරන්න බැරි බවයි කිව්වේ.

      Delete
    2. අපොය් පුළුවන්. පින්ඩපාතෙන් දෙතුන්දාහක් සොයගනීවි. ඉතුරුටික හොරුන්ම පාත්තරේට දමාවි, හොරකම් කරපුවගෙන්ම.

      Delete
  2. බෞද්ධාගම සහ සිංහල ජාතිය දෙක විකුණාගෙන හැර නැවත එන්න ක්‍රමයක් නැහැ. මේවා ඒ සම්බන්ධ ප්‍රදර්ශණ විතරයි. දඩ මුදල ගෙවනවානම් ඒවට මුදල් වෙලාවට ලැබෙයි.

    ReplyDelete
    Replies
    1. ඇනොගේ මලගිය XXXටෞකන්න ඇඩ්වාන්ස් ගත්තා සල්ලි වලින් කියක් හරි පිනට දියන් ඉයන් .

      Delete
    2. බෞද්ධාගමට සහ සිංහල ජාතියට ගරු කරනා පිරිස මේ ය සමග ඉතිරි වෙලා ඉන්නවාද කියන කාරනාව එකතු උන මුදලින් පෙනෙනවා. නියම සිංහලයන් සහ බෞද්ධයන් ඔවුන්ගෙන් ඈත් වෙලා ඉවරයි.

      Delete
  3. කවදාකවත් ඔය චීවරධාරියෝ අසරණ පවුලකට රෝගි දරුවෙකුට පිහිට වෙන්න මුදල් එකතුකරලා තියේනවාද? පිහිටක් වෙලා තියේනවාද? උත්තරය විදිහට කියන්න වෙයන්නේ නැත යන්නයි. හැබැයි ඔවුන්ගේ බැංකු ගිණුම් වල කෝටිගනන් මුදල් ගොඩගහගෙන ඇති.

    ReplyDelete
    Replies
    1. දර්ශනය යටගිහින් ආගම උඩට ආවම සිදුවෙන දේවල්.

      Delete
  4. හොයන්න පුළුවන් කියල අත්දැකීමෙන් දන්නවා ඇති. ඒකයි වැඩේට බහින්න ඇත්තේ. නැද්ද? හි හි හි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සල්ලි ටික අවශ්‍ය වෙලාවට අර කිව්ව හිඟන විජ්ජාව හරහා එලියට ඒවි.

      Delete
  5. අද උදේ ස්වර්ණවාහිනී අද දවස එකට පෙන්නුව දුෂ්කර පැත්තක පන්සලක ඉන්න හාමුදුරුවරුන්ට බොන්න වතුරවත් නෑ කියල හාමුදුරු නමක් අඬමින් ප්‍රකාශ කරනව. අන්න ඒවගේ ඒවට ආධාර කරන්න පින්ඩපාතෙ වැඩියනං කවුරුත් මොකුත් කියන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඇතිවෙලා තියෙන තත්වයට ප්‍රධාන වශයෙන් ඔය නාලිකා වගකියන්න ඕන. ස්වර්ණවාහිනිය ප්‍රොමෝට් කරේ කාවද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

      Delete
  6. බුදු හාමුදුරුවො කිව්වා හරි,කවදා හරි බුද්ධාගම නැති කරන්නෙ,මේ සිවුරු කාරයොම තමා

    ReplyDelete
    Replies
    1. එහම කිව්වට තවමත් ඉන්නවා ඉතාමත් සිල්වත් භික්ෂුන් වහන්සේලා. නමුත් අප්‍රසිද්ධියේ. අවුරුදු ගණනාවක ඉඳල ඒවගේ කිහිප දෙනෙක් මමත් ඇසුරු කරනවා. කියන දේවල් හරිම තර්කානුකුලයි. කතා කරලා ඉවර වෙනකොට අපෙත් ජීවිත වලට යමක් ලැබිලා.

      Delete
  7. Replies
    1. විකාර නෙවෙයි. දේශපාලන ව්‍යාපෘති.

      Delete
  8. රාජපක්ෂලා ඔය ජරාපක්ෂලාගෙ වන්දියගෙවනව. ඒ ගොල්ලන්ගෙ කලු සල්ලි සුදු කරගන්න දාපු උප්පරවැට්ටියක් නේද මේ. අන්තිමේදි මිනිස්සු පිණ්ඩපාතෙට දුන්නයි කියල කලු සල්ලි ගෝනියක් දායි එලියට. පිණ්ඩපාතෙ තියා ජීවිතේටම පාත්තරේක දන් නොවළඳපු ඇත්තොත් ඔතන ඉන්නව ඇති නේද?. භික්ෂුවගේ බලය ඔහු නොදනී. එහෙත් දේශපාලුවෝ එය හොඳින් දනිති. උන් එයින් තමන්ගේ වැඩ කරගෙන වැජඹෙති. ඒ අතර භික්ෂු දේශපාලුවෝද සිටිති.

    ReplyDelete
    Replies
    1. හිඟන විජ්ජාව කියන්නේ ඔය ක්‍රමවේදයට තමයි. කළු සල්ලි නිකම්ම සුදු වෙලා දඩ මුදලත් ගෙවල සියල්ලෝ සතුටින් විසිර යාවි.

      Delete