Friday, August 29, 2014

'තඹර සර'

'තඹර සර' සිසු ප්‍රතිභා ගී සැඳෑව සැප්තැම්බර් මස 5 වනදා කළුතරදී


   
කළුතර සිරිකුරුස විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ''තඹර සර'' සිසු ප්‍රතිභා ගී සැඳෑව සැප්තැම්බර් මස 5 වනදා විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පැවැත්වේ. විද්‍යාලයීය සිසුන්ගේ වාදන කුසලතා විදහා දැක්වෙන මෙම ප්‍රසංගය සඳහා ප්‍රවීන ගායක ගායිකාවන් රුසක් සහභාගී වනු ඇත. මෙහි ප්‍රධාන ආරාධිතාව ලෙස චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වීමට නියමිතය.

වසර 114 ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන කළුතර සිරිකුරුස විද්‍යාලයේ 6 වසරේ සිට 10 වසර දක්වා සිසුන්ගෙන් සැදුම් ලත් පෙරදිග වාදන වෘන්දය ගී සැඳෑව සඳහා සංගීතයෙන් දායක වනු ඇත. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, රෝහණ බෝගොඩ වැනි ප්‍රවීන කලා කරුවන් මෙම වේදිකාව ගීතවත් කරනු ඇත.

කළුතර සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රසංගය වේදිකා ගත වේ. පාසැල් සිසුන්ගේ සංගීත දැනුම වර්ධනය කර ජාතික තලය දක්වා ඔවුන් ඔසවා තැබීම මෙම මෙහෙවරේ අරමුණ වේ.

2 comments:

  1. රෝහණ බෝගොඩ ඉන්න ප්‍රසංගයක් කාලෙකින් දැක්කේ නෑ..

    ReplyDelete
    Replies
    1. මේ ෂෝ එකට මගේ ලොකු පුතා බේස් ගිටාර් ගහනවා පොඩ්ඩ ඩ්‍රම් ගහනවා. දෙවනියාව ඉස්කෝලෙන් ගත්තේ නැහැ මේ අවුරුද්දේ OL විභාගය කරන නිසා. ෂෝ එකට පස්සේ ෆොටෝ ටිකක් දාන්නං. කොල්ලෝ දෙන්නට නියම චාන්ස් එක ලංකාවේ හොඳම ගායකයන් පිරිසකට ප්ලේ කරන්න ලැබෙන නිසා.

      Delete