Sunday, September 21, 2014

පැරණි ගී රසාංග - පොඩ්ඩන්ට ගී තෝරමු

පහුගිය අවුරුදු දෙක දිහා හැරිලා බැලුවොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ තත්වයක් තියෙන්නේ. කලින් නම් පල්ලියේ ධර්ම දුත ළමා සමාජේ පොඩ්ඩෝ ටික එකතු කරගෙන මොනවා හරි කලා කටයුත්තක් කරනවා. 2011 අවුරුද්දේ පොඩ්ඩන්ගේ සංගීත ප්‍රසංගයක් කළා. ඒ කාලේ ගෙදර ඉන්ස්ට්‍රුමන්ට් තිබුනේ කී බෝඩ් එකයි බොක්ස් ගිටාර් එකයි බොන්ගෝ එකයි චල් (ටැම්බරින්) එකයි විතරයි. සංගීතේ සුපිරියට නැගල ගියා. ඕකෙන් මේකෙන්  බැන්දට පස්සේ හොඳ වෙලා තිබුන සංගීත උණ තදවෙලා උණසන්නිපාත මට්ටමට අසාධ්‍ය උනා. කොල්ලෝ තුන්දෙනාටත් බෝ උනා. පුදුම වැඩේ කියන්නේ කොල්ලන්ගේ අම්මටත් ලාවට බෝ උනානේ(හොඳ වෙලාවට).

ඔන්න ඉතින් සේසතම දිය කර කර සංගීත භාන්ඩ මිලට ගන්න පටන් ගත්ත. ජපානෙන් කුණු ගොඩවල් ගෙනත් විකුණන කඩ පීර පීර තමා ගෙදර සාලේ සංගීත බඩු සාප්පුවක් වගේ කලේ. ( නැතුව ඉතින් අලුත් බඩු ගන්න පුලුවනියි රජේ සේවකීන්ට) හම්බකරන හැම තුට්ටුවම ඕකට යට කරනකොට ගෙදර පොඩි පොඩි මෙව්වා ගියේ නැතුවත් නෙවෙයි. කොහොම හරි 2012 මැද වෙනකොට පුල් බෑන්ඩ් එකකට ඕන ඔක්කොම බඩු රෙඩි.

2012 අවුරුද්දේ නම් හොඳ ෂෝ එකක් කළා. සුපිරි සංගීත කාරයෝ කිහිපදෙනෙක් බිහිවෙච්චි, නිතරම ගෙවල් වල බජව්ව සෙට්වෙන ගමක අපි ඉන්න නිසාද කොහෙද පොඩි උන්ට සින්දුවේ නම කියන්න විතරයි ඕන සින්දුව ගොඩ. පස්සේ අපේ ඔෆිස් එකේ සගයෙකුගේ දරුවෙකුගේ ඔපරේෂන් එකකට ලක්ෂ 35ක් ඕන වෙලා මේ ෂෝ එක සමුද්‍රා හොටලයේ කරලා පොඩි සහයෝගයකුත් (පොඩි කිව්වට පොඩිම නෑ) දුන්නා. TNL පැදුරු පාටියෙත් පොඩි උන් ටික ගැහුවා.

මෙන්න 2012 ප්‍රසංගය

දුර පෙනෙන තැනිතලා - සඳලි ලකීෂා

සඳ තනිවෙලා අහසේ -ලතිකා නෝනිස්
Thu hi meri saba - මල්ෂාන් නෝනිස්
නැළවෙන මව් උකුලේ - ඉරේෂා ලක්මාලි
ලඹ සවන් රන් පටින් - රිවිඳු ප්‍රනාන්දු

(මේ වීඩියෝ බලල හිතන්න එපා රත්තරන් හැන්ද කටේ ගහගෙන උපන්න ළමයි සෙට් එකක් මෙතන ඉන්නේ කියල. ගොඩක් ඉන්නේ ධීවර පවුල් වල දරුවෝ. හැබැයි සුපිරි දක්ෂයෝ)


ඔන්න අයෙත් සෙනසුරු දසාව ලැබුවා. අවුරුදු දෙකටම මොනවත් කලේ නැහැ. කරනවා කියල හිතනවා විතරයි කෙරෙන්නේ නෑ. එක පාරක් නම් නාට්‍ය ගී වගයක් පෙන්නුවා. එකත් හරියට උනේ නෑ.

දැන් ධර්මදුතේ පොඩි සෙට් එක කුණු කුණුව මොනවා හරි කරමු කියල .

මේ වතාවේ ග්‍රැමෆෝන් ගීත සහ පැරණි චිත්‍රපට ගීත විතරක් ෂෝ එකට කරනවා කියල තමා හිතාගෙන ඉන්නේ. මේකට සින්දු ටික තෝරාගන්න ඕන කියපු වෙලේ කෙන්ජි තමා යෝජනා කලේ පොස්ට් එකකින්ම කට්ටියට කියල සින්දු සෙට් එක හදන්න කියල

ඕක අපේ සින්දු ඇනොට කිව්වා විතරයි මු දුන්න නේද පතරංග ජාතකයක් වගේ බ්ලොග් දෙකක්. දැන් අතරමං වෙලා ඉන්නේ

දැනට තෝරාගෙන ඉන්නේ මේ ටික

රම්‍ය මනහර දළදා මැදුර - ඩෙස්මන් කෙලී
සන්ද්‍යාවේ ශ්‍රීය රම්‍යා රස - රුක්මනී දේවී/ ස්ටැන්ලි මල්ලවාරච්චි
රණ මොනරුන් රඟ දෙනු දුටුවා - මනෙලා ජෝසෆ්
ගලනා සීත ජලේ - ලතා වල පොල
පනාමුරේ ඇත් රාජා
Let me see - මනෙලා ජෝසෆ්
වෙසක් කැකුළු අතු අගපිපි - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

ඔක්කොම එකතුවෙලා පොඩි සපෝට් එකක් දෙන්න ගැලපෙන සින්දු ටිකක් තොරන්න

23 comments:

  1. අඹ දඹ නාරං කෙසෙල් දෙල්..

    ගාම්බිර සේ සෑදී කොන්ස්ටන්ට් තීනූ පුරේ කොන්ස්ටන්ට් තීනූ පුරේ..
    පුර වර්ධන කරණ රඟ නරනා මෙමන්..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ සුපිරි බදු

      සින්දු ඇනෝ
      කොන්ස්ටන්ට් තීනූ පුරේ සින්දුව හොයල දියන්කෝ

      Delete
    2. ගම්භිර සේ සෑදී කොන්ස්තන් තීනු පුරේ
      කොන්ස්තන් තීනු පුරේ..
      පුර වර්ධන කරන අග නරනා මෙමං

      නාමය මං ..... (මතක නෑ )

      මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
      ඉන්නේ මැදුරේ ප්‍රීතිය විඳිමින්නේ ...

      ( අය්යෝ... වෙලාව ලැබුනොත් ඉතුරු ටික දාන්නම්)

      Delete
    3. 1. ගම්බිර තෙදැති (තෙද + ඇතී)
      මෙතන හොඳ අප්ලෝඩ් එකක් තියේ
      http://www.youtube.com/watch?v=2UqDTWDjZ2I

      2. කාන්ති වක්වැල්ලගෙ ලස්සන සින්දුවක් තියේ
      "ආරාධනා... ආරාධනා... කරමි ඔබට පෙම්බර දෙව් දුවනියෙ සොබනා" කියල
      පිරිසක් එක්කත් ගයන්න අපූරුයි
      http://www.youtube.com/watch?v=KqSrw7l-kl8

      3. පොඩ්ඩක් බීට් එක අප් කරගන්න මේක බලන්න හොඳද කියල
      වසන්තා සන්දනායකගේ "සුර ලලනාවියේ - ගැමි මනමාලියේ - යන්නේ කොහෙදෝ සැන්දෑ යාමේ"
      http://sarigama.lk/profile/song_profile/10666/Sura%20Lalanaviye

      4. නාරදගෙ මේ සින්දුවත් ගැලපේවි කියල හිතෙනව
      "පුංචි මමයි අම්මේ ඔබේ රත්තරන් පුතා - කිට්ටු වෙලා තොත්තු දෙමින් කීවොතින් කථා
      පිච්ච මලයි රෝස මලයි ලස්සනයි ඉතා - අන්න හරී අම්ම ලඟින් ඒ වගෙයි පුතා"

      5. ග්‍රැමෆෝන් නම් රුක්මණීව අමතක කරල කොහොමද?
      "මුහුදේ පතුලේ කිමිදී - මුතු ඇට ගෙන එමි සොඳුරී" බෙග් මාස‍්ටරුයි රුක්මණියි කියන්නේ
      හොඳ ප්‍රාසාංගික ගීයක් කියල හිතෙනව. මේකේ ලස්සන කොටසක් තියේ "ගංගා හා යමුණා සේ ලං ලං වේවා" කියල
      මෙතන තියන 35 වෙනි ගීය - http://hadageepotha.blogspot.ae/p/blog-page_23.html

      අනෙක් සහෘදයන්ගෙ යෝජානාත් සලකා බලන්න. මෙතැනට හොඳ රසවතුන් එනවනෙ
      ස්තූතියි තමන්ගෙ කාලය මේ වගේ දේවලට කැප කරනවට උඹට!!
      [දෙයියනේ කියල ඇති පමණට රක්සාවක් කරගෙන හැන්දෑවට සින්දුවක් කියල හිත නිවාගන්න උඹේ ජීවිතයට ජයවේවා මචං]

      Delete
    4. ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍(න්)ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
      කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
      පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

      නාමය මං අලිසන්දිරී//
      මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
      ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
      ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්නේ//
      එහෙම උනාත් මෙ මට ඇත
      ලොකුම දුකාක්
      මෙ මට ඇත ලොකුම දුකාක්
      කරකාරියක් නැතුව සිත
      නොමැත සැපාක්//
      එය විසඳාගන්නා ලෙසා...//
      මගෙ මන්ත්‍රී කැඳවා මම
      පහදා කියමි එය//
      නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

      ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
      කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
      පුරවර්ධනකරන අග නරනා මෙ මම්//

      නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත නාඩගම
      ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය

      Delete
    5. මෙන්න බාගන්න ...

      https://app.box.com/s/5ja21jskgefw24s3iu7t

      Delete
  2. වීඩියෝ නං ඉතිං පස්සේ තමා බලන්න වෙන්නේ බං

    ReplyDelete
    Replies
    1. හිමීට බලල කොමෙන්ට් එකක් දාන්නකෝ.

      Delete
  3. මම නම් හරිම ආසයි දොස්තර හොඳහිත කාටුන් එකේ තියෙන මේ සින්දු වලට

    බෑයි කියල බෑ
    අඩි ගානක් වලක් කපල
    ඕන් රීන් කට්ටු කට්ටු

    English:
    Top of the world

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,
      මේ පාර ෂෝ එක ග්‍රැමෆෝන් සහ පැරණි චිත්‍රපට ගී විතරක් කරන්න කියල හැදුවේ.
      හැම ගීතයකටම් පොඩි ඉන්ට්‍රෝ එකක් කරනවා කියලත් හිතාන ඉන්නවා.

      ගී තෝරන එකයි සංගීතය දාන එකයි හරිම අමාරුයි.
      ළමයින්ට ගැලපෙන ගීත වෙන්නත් ඕන.
      අපිට තබලා ගහන්න පුළුවන් දරුවෙක් නැහැ. මමනං ඔක්ටෝපෑඩ් කොහොමටත් ගහන්න දෙන්නෙ නෑ
      ඒ හන්ද ඩ්‍රම් සහ පර්කෂන් වලින් ගොඩදාන්න වෙන්නේ.

      Delete
    2. මම පට්ට පරණ ළමා ගීත වලට හරිම ආසයි

      කවුරුද කවුරුද දැන් ලොක්කෝ - මඩොල් දූව
      කළුම කළු, කට්ට කළු
      පුළුන් කොට්ට අත්දෙක තියලා , හෙමින් හෙමින් වටපිට බලලා
      සීනිබෝල හෝටලේ
      මොනවද අම්මේ අකුරු ජාතියක්


      මේ සින්දු නම් ග්‍රැමෆෝන් සින්දු නෙවෙයි, ඒත් වැඩිය තියා කොහොමවත් ඇහෙන්නේ නැති සින්දු..
      මිදුල පුර දුවපැන ඇවිදින්නට ( මේක දමිතා අබේරත්න පුංචි කාලේ රුපවාහිනියේ කියපු සින්දුවක්)
      හැන්දෑ අහසේ රන්වන් කෙන්දෙන් ( මේ සින්දුව මට කටපාඩම් - ලිරික්ස් ඕනේ නම් කියන්න)
      සින්දු - බින්දු
      අපි එකම මවක දරුවෝ, නොවෙමුද එකම දැයක දරුවෝ... ( ටෙලිනාට්‍යක සින්දුවක්.. භාෂා තුනකින් ගයන්නේ )

      Delete
  4. අදහසක් නං ඇත්තෙම නෑ ග්‍රැමෆෝන් සින්දු ගැන..මතක් වුනොත් කියන්නම්..
    නමුත් කරන වැඩේ සුපිරියටම සාර්ථක වෙන්න කියල පතනවා..

    ReplyDelete
    Replies
    1. සුභ ප්‍රාර්ථනයට ගොඩක් ස්තුතියි

      Delete
  5. දක්ෂ පොඩි උන් ටිකක්,

    ReplyDelete
    Replies
    1. ඔව් මචන් බලපන් කෝ ස්ටේජ් එකට පොඩ්ඩක්වත් බය නැතුව සින්දු කියන ලස්සන.

      කෝ බන් උඹේ පොස්ට් එකක් වත් නෑනේ ගේමට එන්ටර් වෙලා මරාගන්න.

      Delete
  6. ප්‍රීති ප්‍රීති //
    චන්ද්‍රා ලෝකේ නිසා ප්‍රියාවී ///
    සංචල් වේ ජීවන මේ මනහාරී //
    හර්දේ පීරා ප්‍රීති එයි
    හා දුල් ශාන්තී දෙයි #//
    හා හා දුල් ශාන්තී දෙයි
    ප්‍රේමේ දුල් ශාන්තී දෙයි #//
    ආලෝකේ මේ රම්‍ය ප්‍රේමයේ //
    සංචල් වේ ජීවන මේ මනහාරී //
    ප්‍රීති ප්‍රීති //
    හා ආ . . . . . . . .
    හා ආ . . . . . . . .
    චන්ද්‍ර කාන්ති සාගරේ ගිලී
    මන්ද මාරුතේ #//
    නාමූ අමා ජලේ ප්‍රේමේ කුසුම් පිපේ
    නාමූ අමා ජලේ ප්‍රේමේ කුසුම් පිපේ
    සංචල් වේ ජීවන මේ මනහාරී //
    ප්‍රීති ප්‍රීති //

    ගායනය – භාග්‍යරති
    ගී පද - ඩි .ටී ප්‍රනාන්දු
    සංගීතය - මොහොමඩ් ගවුස්

    සිනා සිසී නැග එන්නා සූර්යා උදේ
    සූර්යා උදේ ඒවී පායා මූදේ //
    මවුගේ තුරුල්ලේ බිළිඳුන් හඬන්නා //
    සුරතල් නාදේ //
    සිනා සිසී නැග එන්නා සූර්යා උදේ
    සූර්යා උදේ ඒවී පායා මූදේ

    ළිඳ ළඟටා යන්ඩ ළඳුන් දොරට බසින්නා
    දොරට බසින්නා කලේ උකුළෙ තබන්නා
    කුකුළා කුකුළා කුකුළා තටු ගසලා කොක් හඬලන්නා
    කොක් හඬලන්නා හඬල බිමට බසින්නා

    හොඳ ගොවියා කම්මැලි නෑ කුඹුරට යන්නා
    කුඹුරට යන්නා උදලු කරේ තියන්නා
    කිකිළීගේ පුංචි පැටව් රංචු ගැසේවී //
    තාරාවෝ පේළි ගැසී පීනා යන්නා
    සිනා සිසී නැග එන්නා සූර්යා උදේ
    සූර්යා උදේ ඒවී පායා මූදේ

    ඉර පායා මුදුන් වෙලා ආකාසේ නැගේ
    ආකාසේ නැගේ ආකාසේ – ගොන් අලියා
    ගොන් අලියා කම්මැලියා තව නිදියාවී
    වදේ තව නිදියාවී වදේ තව නිදියාවී

    බොහොම හොඳා මේ අපටා යාවී කාලේ //
    යාවී කාලේ යාවී කාලේ

    හික් මීයා වගේ ඉඳන් දංකුඩ සූරා
    සවුදන් ජෙමා වාගෙ බත් ටික කාලා
    නිදියාවී පින් ගොනා ගොරවා නින්දේ
    ගොරවා නින්දේ තාම ගොරවා නින්දේ
    චී චී තව පවුල් ලොවේ ඇත්දෝ මේ වාගේ //
    ඇත්දෝ ලෝකේ ඇත්දෝ ලෝකේ
    සිනා සිසී නැග එන්නා සූර්යා උදේ
    සූර්යා උදේ ඒවී පායා මූදේ

    ගායනය – ජෙමිණි කාන්තා
    ගීත ප්‍රබන්ධය – පී. එල්. ජේ. නන්දනකීර්ති
    සංගීත අධ්‍යක්ෂණය – බී. එස්. පෙරේරා

    ReplyDelete
  7. මචෝ මේවගෙ ලියුම්, ගැයුම් කාගෙද දන්නෙ නෑ. සින්දු හොයාගන්න බැරි උනොත් කියහන්, උදව්වක් කරන්න.


    අක්කේ අක්කේ අර බලන්නකෝ
    වැස්සක් නොවැ එන්නේ
    හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ

    පස්සෙ මතක් කරල තව ටිකක් කියන්නං.

    ReplyDelete
    Replies
    1. මචෝ සින්දුවේ නම් විතරයි ඕන
      පිට් එක සින්දු ඇනෝ ඉන්නවනේ.

      පට්ට පොරක් බන්
      මාත දාල තිබ්බ ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍(න්)ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
      මම හැම රෙද්දේම හෙව්වා සින්දුව හොයා ගන්නම බැරි උනා.
      මෙන්නේ මූ පැටිකිරියම දාල.
      තවමත් රේකොඩින් එක හොයාගන්න බැරුව ඉන්නවා
      ඔය සින්දුව අනිවා කියනවා.

      Delete
    2. ඉන්දික, තව සින්දු ලිස්ට් එකක් දාපන්කෝ.

      Delete
    3. මචෝ, මෙන්න තවත් ඉතාම දුලබ සින්දු දෙකක්. මේ සින්දු අපේ තිසා ගාව ඇති අනිවාර්‍යෙම්ම. උගෙන් ඉල්ල ගනින් ඕඩියෝ ක්ලිප්ස්.

      කලු දොදොල් කලූ දොදොල්
      ජාති මීපැණි දෝසි වාගෙ
      මල්ලි කලූ දොදොල්..කලූ දොදොල්
      ජාති මීපැණි දෝසි වාගේ

      පපුවට පවන් ගසාවී..මීපැණි දෝසි මේ..//

      වඩන වඩන බලශක්තිවඩන මේ බෙහෙතකි..මේ හොඳ කලු දොදොල්
      අය්යා කලූ දොදොල්..කලූ දොදොල්

      ජාති මීපැණි දෝසි වාගේ

      තෝරලා පණමට දෙක තුනක් දෙන්නම්..
      මල්ලිලා නංගිලා සල්ලි අරන් එමු
      නාකි තරුණ වෙති තරුණො බබාල වෙති
      කිරි දොදොල් කාලා

      කලූ දොදොල්..නංගි කලූ දොදොල්
      ජාති මීපැණි දෝසි වාගේ
      මල්ලි කලූ දොදොල්...කලූ දොදොල්.
      අය්යා..කලූ දොදොල්...කලූ දොදොල්...

      -ගායනා - ජෙමිනි කන්තා


      --------

      මේ තව එකක්.,

      අඹරෙහි තඹ පෑ රැස් රැල් නැගිලා
      පෙරදිග ගුවන දිලේ සරා..

      මීමැසි කෝකිල ගී රැව්දෙනවා
      සිරිදින මෙලෙසම වේය උදා

      පාසල දේ රමනී දහමේ
      ඥානය දේ ගුණ දම් පැහැදේ..
      මෙ ඉසරඹය කදිමයි ප්‍රිය වේ..
      සකල ශරීරය පැහැපත් වේ

      සිත කය වෙහෙසා
      සරඹද උගෙනා
      සකල ශරීරය පිනවමිනා

      ප්‍රීතිය වේ ගී ගයා උදයේ
      නිරතුරු පියකරු සුව සැප ගෙනදේ..

      හා...හා..හා...හා

      - ගැයුම - රුක්මණීදේවි

      Delete
  8. අක්කේ අක්කේ අර බලන්නකෝ
    වැස්සක් නොවැ එන්නේ
    හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ

    සුළං තදයි
    විදුලියද කොටයි
    හෙණ හඬ පැතිරෙයි
    මහා වළාකුලක් මේ එන්නේ

    අක්කේ වී පැදුරත් මිදුලේ
    අකුලා ගෙට ගන්නේ.....//
    අම්මත් අර නාගෙන එන්නේ.....//
    මල්ලි තවම කුඹුරේ......//

    සුළං තදයි......

    නංගි සුදෝ මගෙ අඬන්නෙපා
    අම්මා හනික දැන් එයි....//
    බිල්ලෝ නොවෙයි ඔය ගොරවන්නේ.....//
    අහසේ හෙණ නාදේ.....

    සුළං තදයි........

    අක්කේ දර ටික ගෙට ගනිමූ
    වැහි පොද වැටෙනවනේ.....//
    වතුරත් ඉවරයි කළ ගෙඩියේ.....//
    හනික ළිඳට යමුකෝ......//

    සුළං තදයි.......

    අක්කේ අක්කේ.......

    ගායනය : ආනන්ද සමරකෝන්

    ReplyDelete
  9. Jeevana aiya ...Onna tiyenawa supiri sindu set ekak... ahala ballannako

    https://www.sendspace.com/file/nyidhw

    ReplyDelete
    Replies
    1. තැන්කූ අශාන් මල්ලි. ඔරිජිනල්ම සින්දු සෙට් එකක්. හිමිහිට තෝරාගන්න ඕන.
      මල්ලි G+ එකක් හදාගෙන google Input Tools සිංහල දාගෙන බ්ලොග් වලට සෙට් වෙන්න.
      නියම සෙට් එකක් මේකේ ඉන්නවා. පට්ට මතවාද. FB වගේ නෙවෙයි ගේම මයි ඉල්ලන්නේ

      Delete