1951 වසරේ ජුලි 21 දින කොළඹදී උපත ලබන ඇල්ස්ටන් කෝක් සිය මුලික අධ්‍යාපනය ලබනුයේ වෙස්ලි විද්‍යාලයෙන්. තරුණ වියට පැමිණෙන ඇල්ස්ටන් ශ්‍රී ලංකාවේ එවකට තිබු බටහිර සංගීත කණ්ඩායම් කිහිපයක් සමග ගායනයේ යෙදෙනවා. මෙම කණ්ඩායම් අතරින් ජෙට් ලයිනර්ස් කණ්ඩායම ප්රමුඛ වනවා.
ශ්‍රී ලංකාවේදී බටහිර ප්‍රසිද්ධ ගායකයන්ගේ ගීත ගායනයේ යෙදෙන තරුණ ඇල්ස්ටන් 1970 වසරේදී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට සංක්‍රමණය වනවා. වෙනත් සංක්‍රමණිකයින් සිය ජීවිකාව සඳහා කුමක් හෝ රැකියාවක් සොයන අවස්ථාවේ ඇල්ස්ටන් අධ්‍යනය කරනුයේ සංගීතය තුලින් දිගු ගමනකට ඔස්ට්‍රේලියාව තුල ඇති අවස්තාවන් පිලිබඳවය. මෙහිදී ඔහුට විකල්ප දෙකක් හමුවනවා. ඉන් පලමුවැන්න අතිශය පහසු නමුත් ගමනාන්තයක් නොමැති (Road to nowhere) අනුන්ගේ ගීත ගායනය කරමින් එරට සිටින ශ්‍රී ලාංකිකයින් පිනවීම. අනෙක ස්වතන්ත්‍ර නිර්මානය තුලින් ජාත්‍යන්තර තලයට පිවිසීම. මෙහිදී ඇල්ස්ටන් වඩාත දුෂ්කරවූ දෙවැනි විකල්පය තෝරාගනිමින් ඩාර්ක් ටෑන් (Dark Tan) සංගීත කණ්ඩායම පිහිටුවා ගන්නවා.
1977 වසරේ ඔහු විසින්ම පද රචනය කර ගායනා කල Disco Lady ගීතය අති විශිෂ්ඨ අලෙවියක් වාර්තා කරමින් "Gold Record" තත්වයට පත් වනවා. මෙම ගීතය සඳහා International Disc Jockey Association වෙතින් 'best new talent' සම්මානය ලැබෙනවා. තවද ඕස්ට්‍රේලියාවේ ඔබ්සවර් පුවත් පත වෙතින් Best Disco Band සම්මානය Dark Tan කණ්ඩායම දිනා ගන්නවා. ඉතිහාසය පුරා ශ්‍රී ලාංකිකයකු විසින් ගෝල්ඩ් තත්වය ලබාගත් එකම සංගීත නිර්මානය මෙය පමණක් වනවා. මෙම ගීතය අකණ්ඩව සති 18ක් ගීත දර්ශකවල ස්ථානගතව තිබු අතර ආසියානු ගීත දර්ශක වල අංක එක වශයෙන් සති හයක කාලයක් ස්ථානගතව පැවතිය
The Best of ABBA, Bandstand. Countdown වැනි රුපවාහිනී වැඩසටහන් වලට සහභාගී වීම නිසා Dark Tan කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ අතිශය ජනප්‍රිය වනවා.
අද වනවිට ඇල්ස්ටන් කෝක් නම් වන මේ අසාහය ශ්‍රී ලාංකික ගායකයා American Academy Of Music නැතහොත් ග්‍රැමී පදනමේ කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කරනවා. මෙය ලෝක සංගීතය තුල ශ්‍රී ලාංකිකයකු ගමන් කල ඉහලම ස්ථානයයි.
ලෝක සංගීත පීඨිකාව වෙත ඔහු ගිය ගමන දෙවන කොටසින් ලියන්න බලාපොරොත්තු වෙනනවා
ඇල්ස්ටන් කෝක් ගේ ගී කිහිපයක්
Gimme that Banana
Pappa Was a Rolling Stone
දෙවන කොටස සංගීත චාරිකාවක් - 23 තුලින්
ඇත්තටම කලින් මේ නම අහලවත් තිබ්බෙ නෑ.. :/
ReplyDeleteතොරතුරු ටිකට ගොඩක් ස්තූතියි...
මම මේ උඹට කියන්න හිටියේ අපේ බටහිර සංගීතය ගැනත් ලියන්න කියලා.. අරූටත් මේ ගැන හොඳ දැණීමක් තියෙනවා. ඒ කාළේ බටහිර ගී ගයන සුපිරි කට හඬවල් කීපයක්ම තිබුනා.. අදත් මම ආසම කට හඬක් තමයි සොහාන්.. ඇල්ස්ටන් කොක් කියන්නෙත් සුපිරිම කට හඬක්.. එතකොට නොයලීන්, ඩැල්රීන්, මනිලාල්, මුස්ලිම් සෙට් එක.. ගෲප් ටික වගේම කන්ඩායම් ගීතයටත්, සිංහළ සින්දු ජාත්‍යන්තර වේදීකාවේ ගායනා කිරීම ගැනත් ඉස්සරහට ලියපන් මචෝ..
ReplyDeleteපින් සිද්ද වෙනවා සින්දු සැට් එකට..
ස්තුතියි මචෝ.. වටිනා දැනුවත් කිරීමක්..
ReplyDeleteකලින් නොඇසූ තොරතුරු.
ReplyDeleteබොහොම ස්තුතියි