Thursday, September 11, 2014

සංගීත චාරිකාවක් 23- Alston Koch ආසියාවේ පොප් රජු ලෙස කිරුළු පැලඳු ශ්‍රී ලාංකිකයා - දෙවන කොටස

ඇල්ස්ටන් කෝක් ගේ විශිෂ්ඨ සංගීත නිර්මාණ පිළිබඳව මෙම ලිපියේ පළමු කොටසින් කියවුනා. සංගීත ක්‍ෂේත්‍රයේ ඔහුගේ ජයග්‍රහණයන් පිළිබඳව ලිපියේ දෙවන කොටසින් ලියැවෙනවා

පළමු කොටස මෙතැනින්

1986 වසරේ දී ලොව වඩාත්ම වියදම්කාරී ක්‍රීඩා ඉසව්ව ලෙසින් හැදින්වෙන The America's Cup යොට් තරඟාවලිය සඳහා මියුසික් වීඩියෝවක් නිර්මාණය කරන ලෙස ඇල්ස්ටන් කෝක් හට ඕස්ට්‍රේලියාවෙන් කැඳවීමක් ලැබෙනවා. තරඟාවලියේදී ඕස්ට්‍රේලියානු කොකඹුරා (Kookaburra) යාත්‍රාව ඇමෙරිකානු Stars & Stripes යාත්‍රාව සමග තරංග වැදීමට තේරී පත් වීමෙන් ඔහුගේ මියුසික් වීඩියෝව CNN සහ MTV නාලිකා වල තරඟාවලිය පුරාම ප්‍රචාරය වීමෙන් ඇල්ස්ටන් මහත් ප්‍රසිද්ධියක් ලබනවා.


ගීපද රචකයකු ලෙස සම්භාවනාවට පාත්‍ර වෙමින් Melissa Tkautz නම් ගායිකාව සඳහා පදරචනය කල Read My Lips ගීතය සඳහා ARIA සම්මානය 1990 වසරේදී ඇල්ස්ටන් ලබාගැනීමට සමත්වනවා. 90 දශකයේදීම ඇල්ස්ටන් ගායනා කල Never Felt This Way Before ගීත සංගීත දර්ශක වල හත් වන ස්ථානය වෙත ගමන් කරනවා.
Read My Lips

Never Felt This Way Before


සංගීත ලෝකය ජයගන්නා ඇල්ස්ටන් අනතුරුව සිනමාවට එක්වනවා. මැතිව් පීරිස් පුජකයාගේ චරිතය ඇසුරින් ගොඩනැගුනු සත්‍ය කතාවක් වන According to Matthew නම් හොලිවුඩ් සිනමා පටයේ ජැකලින් ෆර්ඩිනැන්ඩිස් සමග ප්‍රධාන චරිතය වන මැතිව් පීරිස් ලෙසින් රගපෑමට ඇල්ස්ටන් දායක වනවා. 

තවද A Common Man නම් සිනමා නිර්මාණයටද ඔහු දායකත්වය දක්වනවා. ඇල්ස්ටන්ගේ පුත් ජේම්ස් කොක් ද ශ්‍රීමත් බෙන් කිංස්ලි සමග මෙහි පෙනී සිටිනවා

A Common Man සම්පුර්ණ සිනමා පටය මෙතැනින්

2014 වසරේදී American Academy Of Music නැතහොත් The Grammy Foundation හි කමිටු සාමාජිකයකු ලෙස පත්වන ඔහු ශ්‍රී ලංකාවට ගෙන දෙනුයේ ඉමහත් ආඩම්බරයක්.

අන්තර්ජාතික ප්‍රසංග කලාව තුල ඇල්ස්ටන් කෝක් ලබාගත් ජයග්‍රහණ ලැයිස්තුව ඉතා දීර්ඝයි. මෙම නිහතමානී කලාකරුවාට උපහාරයක් ලෙස එම ලැයිස්තුවෙන් සුළු කොටසක් පහතින් දක්වනවා

  • Gold තත්වයේ අලෙවියක් සහිත ගීයක් ගායනා කල එකම ශ්‍රී ලාංකිකයා බවට පත් වීම (Disco Lady 1977 RCA Records) 
  • Green Earth Foundation හි Climate Change තානාපතිවරයා බවට පත්වීම සහ එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය මගින් සම්භාවනාවට පත් කල ප්‍රථම ගී පද රචකයා බවට පත්වීම.
  • 1976 වසරේදී 'The Best of ABBA' නම් රුපවාහිනී වැඩසටහනේ පෙනීසිටි ප්‍රථම ජාත්‍යන්තර ගායකයා බවට පත් වීම
  • වසර 2010 දී Hard Rock Cafe හි 'Hall Of Fame' ලෙසින් ඇතුලත්වීම
  • අඟල් 12 වයිනයිල් තැටියක තමාගේම ගීයක් තැටිගතකළ දකුණු අර්ධගෝලයේ ප්‍රථම ගායකයා බවට පත්වීම වීම (Disco Lady 1977 RCA Records)
  • ඕස්ට්‍රේලියාවේ ADDA සංගීත සම්මාන උළෙලේ හොඳම එකල ගායනයට සම්මාන ලැබූ ප්‍රථම ආසියානුතිකයා වීම
  • Sunday Mirror සම්මාන උළෙලේ ' Best New Talent' සම්මාන ලාභී ප්‍රථම විදේශිකයා වීම
  • AC\DC, ජෝන් පෝල් යං සහ එයා සප්ලයි සමග ප්‍රසංග පැවැත්වූ ප්‍රථම ආසියානු සංගීත කණ්ඩායම බවට DARK TAN පත්වීම
  • 'The America's Cup' සඳහා ගීත රචනය සහ ගායනය කල ප්‍රථම ආසියානුතිකයා බවට පත්වීම.
  • ශ්‍රී ලංකා සංචරණය සඳහා ප්‍රථම සන්නාම තානාපති වරයා බවට පත්වීම
  • කේබල් රූපවාහිනී ශ්‍රී ලංකා වට හඳුන්වාදීම
  • හොලිවුඩ් සිනමාවට ප්‍රධාන චරිතයක් රඟපෑ ප්‍රථම ආසියානු ගායකයා බවට පත්වීම
  • Australian Record Industry Association වෙතින් FUNKMASTER ලෙසින් නම්වීම 

Alston in Retro (Part 1)

චාරිකාව තව දුරයි
24 වන කොටසින් හමුවමු

5 comments:

  1. A Common Man නම් මම ගිය ඉරිදා බැලුවා සමහර අතාත්වික තැන් තිබුනත් හොඳ ෆිල්ම් එකක්. එකේ මෙයා ඉඳපු තැන මතක නැහැ. සමහර විට පොඩි කොටසක වෙන්න ඇති. ලාංකිකයෙක් ගිය දුර ගැන සතුටුයි.

    ReplyDelete
  2. සංගීත ක්ෂේත්‍රයේ වැඩිම දුර ගිය ශ්‍රී ලාංකික කලා කරුවා ඇල්ස්ටන් වුවද ඔහු ඉතාමත් නිහතමානී ප්‍රසන්න පුද්ගලයෙකි.

    ReplyDelete
  3. මචෝ වාර්ථාමය ගතිය වැඩියි.. එහෙම කර ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. ඔව් මතාඅයියා හරිම බොරින් ගතියක් දැනෙනවා.
      ඕක උනේ සතියකින් ලිව්වේ නැති නිසා ලියන්න ඕන හන්ද ලියන්න ගිහින්.
      මීට පස්සේ නම් කීයටවත් මුඩ් එකට එන්නේ නැතිව ලියන්න හොඳ නෑ
      අපරාදේ කියවන කෙනාට අසාධාරණයක් වෙනවා.

      Delete