Monday, September 15, 2014

"තඹර සර" සංගීත සන්ධ්‍යාව සාර්ථකයි.

කළුතර සිරිකුරුස විද්‍යාලය ප්‍රථම වරට සංවිධානය කළ "තඹර සර" සංගීත සන්ධ්‍යාව සැප්තැම්බර් මස පස්වන ඉරු දින විද්‍යාලීය ශාලාවේදී පැවැත්වින. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතාව වශයෙන් ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වුවාය.


කළුතර සිරිකුරුස විද්‍යාලයේ 6 වසරේ සිට 10 වසර දක්වා සිසුන්ගෙන් සැදුම් ලත් පෙරදිග වාදන වෘන්දය ගී සැඳෑව සඳහා සංගීතයෙන් දායකත්වය දැක්වීය. ප්‍රවීණ වයලීන වාදක නිශාන්ත ගුරුදෙනිය මහතාගේ මෙහෙයවීම යටතේ පුහුණුව ලද මෙම වාදන වෘන්දය ගුණාත්මක ප්‍රාසාංගික අත්දැකීමක් තිලින කළේය.

 ප්‍රවීන කලා කරුවන් වන සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ රෝහණ බෝගොඩ වේදිකාව සංගීතවත් කලහ. ඔවුන්ගේ ගායනයන්ගෙන් පසුව වාදනය සම්බන්ධව මේ ප්‍රවීණ කලා කරුවන් සියලු දෙනාගේම ප්‍රසංසාව වාදන වෘන්දයහි දරුවනට හිමිවිය. සියලු කලාකරුවන් තමනට කිසිදු අපහසුතාවකින් හෝ බාධාවකින් තොරව ගායනයේ යෙදෙන්නට හැකි මට්ටමට දරුවන් සැපයු සංගීතය ගුනාත්මක බවින් යුතු බව පැවසූහ.




කළුතර සිරිකුරුස විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමාගේ සංකල්පයකට අනුව මෙම ප්‍රසංගය වේදිකා ගත කෙරින. පාසැල් සිසුන්ගේ සංගීත දැනුම වර්ධනය කර ජාතික තලය දක්වා ඔවුන් ඔසවා තැබීම මෙම මෙහෙවරේ අරමුණ බව එතුමා පැවසීය.




සංගීත ප්‍රසංගයට අමතරව විද්‍යාලීය සිසුන්ගේ විසින් ලියා ප්‍රකාශයට පත්කල පොත් කිහිපයක් සුමිත්‍රා පීරිස් මහත්මියගේ සුරතට පිළිගන්වා එළිදැක්වීමද එදින සිදුවිය.

4 comments:

  1. දැං මේ උත්සවේ උඹේ රෝල් එක මොකද්ද? හෝලි ක්‍රොස් එක නේද අර කළුතර නගරෙ කෙලවර රවුන්ඩබෞට් එක ගාව තියෙන්නෙ? මනිලාලුත් ඕකෙ නේද?

    ReplyDelete
  2. මේ ඔකෙස්ට්‍රා එකේ මගේ ලොකු පුතයි පොඩිම එකයි ප්ලේ කරනවා ( ලොක්ක බේස් ගහනවා පොඩි එකා ඩ්‍රම්ස් ගහනවා)
    ඔව් මචන් කන්ද උඩ තියෙන ඉස්කෝලේ.
    මනිලාල් අපේ ඕල්ඩ් බෝයි කෙනෙක්

    ReplyDelete
    Replies
    1. කොච්චර හොදද.. සුභ පැතුම් තුන්දෙනාටම..

      Delete
    2. බොහොම ඉස්තුතියි දේශක.

      Delete