සංගීත චාරිකාවක් 21 කොටස ලියවුනේ Clout නම් වූ කාන්තා සංගීත කණ්ඩායම පිළිබඳවයි. මේ කණ්ඩායම සබ්ස්ටිටියුට් නම් ගීතයෙන් ජනප්‍රියතාවට පැමිණ විශිෂ්ඨ මට්ටමේ ගීත රැසක් ගායනා කල මුළුමනින් කාන්තාවන්ගෙන් සමන්විත වූ රොක් සංගීත කණ්ඩායමක්.
මෙම පොස්ට්ටුව සඳහා ප්‍රතිචාර දක්වන තිස්ස දොඩන්ගොඩ මිත්‍රයා කොමෙන්ටුවක් තුලින් සංවාදයක් මතුකරනවා ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි ද කියන කාරනාව පිලිබඳව. සංවාදය ඉදිරියට ගෙනයන්න හොඳ මාතෘකාවක් බව දැනුනු නිසා මට හිතුනා මෙතක් කල සංවාදයේ කොමෙන්ටු මේ පොස්ට් එක තුලට ගෙනවිත් හොඳ සංවාදයක් ඉදිරියට ගෙනයන්න
තිස්ස, ඉන්දික සහ මා අතර මෙතෙක් සිදුවූ සංවාදය මෙලෙස දිගහැරෙනවා
තිස්ස දොඩන්ගොඩ Sunday, August 31, 2014 10:39:00 AM
සබ්ස්ටිටියුට් මම සෑහෙන්න ආසා එකක් මචං
ලංකාවේ "වින්ස්ලෝ සික්ස්" (වින්ස්ලෝ හැරුණම) මේ වගේ ගෲප් එකක් නේද මචෝ?
"මුතු වාගේ බබලනවා" , "රණ මොණරුන් රඟ දෙනු දුටුවා - නිල් දිය මත මහනෙල් දුටුවා" එයාලගෙ සුපිරි නිර්මාණ
ඊට පස්සෙ ලංකාවේ ලේඩි ගෲප්ස් බිහිවුණේ නැත්තේ ඇයි කියලද ජීවන හිතන්නේ - ඒ කල්ට් එක ගැහැණුන්ට නොසරිලනව කියල හිතුනද?
ත්‍රී සිස්ටර්ස් වුණත් සින්දු කීව විතරයි
තව එක ගෲප් එකක් තිබ්බ මට මතක නෑ - ඉස්සර ටී එන් එල් එකේ පර්ෆොර්ම් කලා - එයාලානම් හැබැයි හොඳ මියුසිෂන්ලා
උඹ අනිවා දන්නව ඇති
විස්තර ටිකක් කොමෙන්ට් විදිහට දැම්මනම් මරු මචෝ!
Jeevana Fernando Sunday, August 31, 2014 3:18:00 PM
මචං Winslow 6 කණ්ඩායමේ මමනං ගොඩක්ම ආස කරන්නේ වෛද්‍ය මනෙලා ජෝසෆ් ගායනා කරන Let Me See ගීතයට. https://www.youtube.com/watch?v=XJz0gRlzKBo නියම Disco ගීතයක්. ගීතය තුල ඩ්‍රම්ස් හැසිරවීම සහ සැක්සෆෝන් සොලෝ එක සුපිරි.
Winslow 6 කණ්ඩායම මොරටුවේ එකම පවුලක සාමාජිකයන්ගෙන් සමන්විත වීම නිසා ඔය තරම් හරි දුර යන්න ඇති. කෙසේ වෙතත් මේ කණ්ඩායමේ පැවැත්ම අවුරුදු හතරකට සීමාවෙනවා. දුව රෝෂි සහ රණ මොණරුන් ගී දෙක ශ්‍රී ලාකික ගීත දර්ශක තුලට පැමිණියා.
All girl Bands ලංකාවේ බිහි නොවීම සම්බන්ධ ප්‍රශ්නයට තියෙන්නේ සරල පිලිතුරෙක්
මචන් මගේ කොල්ලෝ තුන් දෙනාට බෑන්ඩ් එකක් හදල දෙනකොට මට පවුලෙන් ආපු ප්‍රෙෂර් එක දන්නවනම් ඔය ප්‍රශ්නය අහන්නේ නෑ. කොල්ලෝ තුන්දෙනාව කාල දානවා විනාශ කරනවා කියල තමයි කතාව එන්නේ.
කොල්ලන්ට එහෙමනම් කෙල්ලන්ට මොන කතාද.
ඉන්දික උපශාන්ත Sunday, August 31, 2014 7:58:00 PM
අනුරාධපුරේදි කෙල්ලොන්ගෙ බෑන්ඩ් එකක් මෑත කාලෙ බිහි උනා. ඒත් දැන් ඒකත් නෑ මම හිතන්නෙ.
මේ ලඟදි යශෝධ රේඩියෝ ප්‍රෝග්‍රෑම් එහෙකට ඇවිත් කියනව හැම්දාම ඕගොල්ලො මගෙන් ප්‍රශ්ණ අහල අහල අන්තිමේටම තාම බඳින්නෙ නැත්තෙ ඇයි කියල අහලයි ඉවර කරන්නෙ, කොටිම්ම ලංකාවෙ මොන පශ්චාත් නූතනවාදී කියන මහ ලොකු අයත් තාම මගෙන් ඔය දේ අහනව කියල. තනියම ඉන්න කෙල්ලෙක් ප්‍රශ්ණයක් වෙන, "බෑන්ඩ් එහෙක" හිටියොත් නෙමෙයි රෑට සින්දු කියන්න ගියත් "කෙල්ලෙක් - බඩුවක්" වෙන සමාජෙක කොහෙද බං ගෑණු බෑන්ඩ් හැදෙන්නෙ?
Jeevana Fernando Monday, September 01, 2014 11:04:00 AM
ඔව් ඉන්දික, තමන්ට කරන්න බැරි දෙයක් අනුන් කරනකොට එකට පහර දෙන එක තමා ගොඩක් දෙනෙක් කරන්නේ. අපේ වගේ සංස්කෘතික සීමා වැඩි සමාජ වල බොහොම පහසුවෙන් අලුත් දෙයක් කරන එකාට පහර දෙන්න ලේසියි. අලුත් සංකල්පයට නෙවෙයි කරන පුද්ගලයාට පහර දීම තුල කඩාකප්පල් කිරීම් බොහෝ පහසුයි
තිස්ස දොඩන්ගොඩ Monday, September 01, 2014 11:16:00 AM
මෙතනදි ඉන්දික එක්ක එකඟ නෑ. ගොඩක් වෙලාවට සංගීත කන්ඩායම් බිහිවෙන්නේ ලොකු ආර්ථික ශක්තියක් ඇති පිරිස් එක්ක. මොකද උපකරණ වාද භාණ්ඩ කුළියට අරන් ගෲප්ස් හදාගන්න බෑ නේ. ඉන්ද්‍රානි පෙරේරා හැරුණම, මිනෝන්, ලාංකිකා, ඩොක්ට මනෙලා ඇතුලු වින්ස්ලෝ සික්ස් පිරිස, ඩැල්රීන් මේ ඔක්කොමල ආවෙ ඔය කියන සංස්කෘතික බැමි වැලඳගත්තු පරිසර වලින් නෙමේ. නමුත් එහෙම බාධක නැති, ආර්ථික ෂක්තියකුත් තිබිච්ච පිරිසක් අතිනුත් එහෙම ඒවා භිනොවුණේ ඇයි කියන එකට වෙනම හේතු තිබිය යුතුයි. ඔය කියපු අය ගොඩක් ගීත ගැයුවේ පිරිමි අයත් එක්ක තනි තනිව. එහෙම කලානම් ඇයි එකතු වෙලා ගෲප් එකක් නොසෑදුනේ?
අනෙක් පැත්තෙන් ලෝකයේම ගර්ල් ගෲප්ස් කොච්චර තිබේද පිරිමි වලට සාපේක්ෂව?
ගැහැනු ගොඩකගේ හඬ එක වැර ඇසෙන එක කර්ණ රසායන නැද්ද ඒ හැටි ;-)
පිරිමි කටහඬවල් මැද්දෙන් කාන්තා කටහඬක් ගලා එන එකද වඩා මිහිරි?
Jeevana Fernando Monday, September 01, 2014 2:30:00 PM
මචන් දොඩන්
සංගීත කණ්ඩායම් ආර්ථික ශක්තියෙන් හෝ මුදල් බලයෙන් හදන්න පුළුවන් කියන් එකට මම එකඟ නෑ.
ඔතන තියෙන්නේ අපේ රටේ සංගීත අධ්‍යාපනය පිලිබඳ ප්‍රශ්නයක් නිසා ඇතිවූ මානව සම්පත් හිඟයක්. ආර්ථික ශක්තිය ඇති පවුල් වල ගැහැණු ළමුන් හදාරනුයේ බටහිර සම්භාව්‍ය සංගීතය. බොහෝදෙනෙක් තවමත් හදාරන්නේ Trinity College of Music එකේ පියානෝ වාදනය. ඕක හදාරලා විභාග සමත් වෙච්චි බහුතරයකට පාටි එකකට සින්දුවක් ගහ ගන්න බෑ. අනෙක අද තියන සංගීත ශෛලිනට බොහෝ දුරස්තර ශෛලියක් තුල තමයි විෂය නිර්දේශය පවතිනුයේ.
අනෙක සංගීත කණ්ඩායමකට අත්‍යාවශය ගිටාර් වාදනය නිපුන වීම සඳහා දැඩි කැපවීමක් සහ දැඩි වෙහෙසකර පුහුණුවක් අවශ්‍යයි. (මේ කියන්නේ කෝඩ් කිහිපයක් තුල රිදම් කිරීම නෙවෙයි.) එම දුෂ්කර පුහුණුවට ගැහැණු ළමුන් යොමුවනවා අඩුයි. අනෙක අවංකව උගන්නන ගුරුවරු ඉතාමත් සුළු පිරිසයි ඉන්නේ.
අපේ ගැහැණු ළමුනට ඩ්‍රම්ස් වාදනය බොහොම ආගන්තුකයි. ඩ්‍රම් නොටේෂන් කියවමින් කරනු ලබන විද්යානුකූල අධයාපනය ලබා ගත හැකි ගුරුවරු ඉන්නෙත් අතේ ඇගිලි ගණනටත් අඩුවෙන්.
මේ නිසා සංගීත කණ්ඩායමක් සාදා ගන්න අවම වශයෙන් අවශ්ය වන වාදිකාවන් පස් දෙනෙකු එකතුකර ගැනීම හරිම අභියෝගයක්.
මධ්‍යම පාන්තික පවුල් වල ගැහැණු දරුවන් බොහෝවිට ඉගනගන්නේ පෙරදිග සංගීතය. මේ තුල වයලීනය සහ සිතාරය තමයි බොහෝ දුරට හදාරනුයේ. ගිටාරය කරේ එල්ලගන පන්ති යන ගැහැණු ළමුන් දකින්නම නැහැ. ඉතින් කොහොමද කාන්තා සංගීත කණ්ඩායම් හදන්නේ.
තිස්ස දොඩන්ගොඩ Monday, September 01, 2014 7:04:00 PM
මේ විස්තර කිරීමට සාධාරණයි කියල මට හිතෙනව
බලමු ඉන්දික මොනව හිතනවද කියල
************************
සංවාදය ඉදිරියට ගෙනයන්න හැමෝටම ආරාධනා ....................
//සංගීත කණ්ඩායම් ආර්ථික ශක්තියෙන් හෝ මුදල් බලයෙන් හදන්න පුළුවන් කියන් එකට මම එකඟ නෑ//
ReplyDeleteආර්ථික ශක්තියක් නැතුව ඕක කරන්න බැ
විවාහය තුලින් ලැබුන ආර්ථ්ක ශක්තිය නැත්තම් නලින් පෙරේරා බැන්ඩ් කරයිද
ලංකාවේ වැඩියෙන්ම වැඩ කරන බැන්ඩ් දෙක එක වහලක් යටින් පිට වෙන්නේ ඇයි ,
( එයාල ගැන තව රහසක් තියනව දැන්ම කියන්න බැ )
ලෝකය පුරාම බොහෝ සංගීත කණ්ඩායම් ආර්ථික ශක්තිය සමග පිහිටුවා ගත් ඒවා නොවෙයි. නමුත හොඳ නිර්මාණ එළිදක්වනවිට රසිකයන් පොදි ගැහෙන විට ආර්ථික ස්ථාවරත්වය ඉබේම ඇති වෙනවා.
Deleteහොඳම උදාහරණය මයිකල් ජැක්සන්. ඔහුගේ ස්වයං චරිටාපදානයේ මෙහෙමෙ කියවෙනවා. " සමහර දිනවල අම්ම සහ තාත්තා දබර කරගන්නවා අපට ඇසින. ඒ සති කිහිපයක ආහාර සඳහා තිබු මුදල් තාත්තා සංගීත භාණ්ඩයකට වැයකර තිබු හෙයිනි''
{{{{{{{ A L L R I G H T }}}}}}}
Deleteකොළඹ විශාකා , අනුලා , සිරිමාවෝ වගේ කාන්තා පාසල් වල හැම අවූරුද්ද්කම හොද සංගීත ප්‍රසංග තියනවා .සංගීතය සපයන්නෙත් අදාල පාසල්වලම ඉන්න දරුවෝ .පාසලෙන් පස්සේ කරන රැකියාව පිලිබඳ දැනටම මෙයාලා එහෙම නැත්නම් මෙයාලගේ දෙමාපියෝ අරන් ඉවරයි .සංගීතය කරන්නේ විනෝදාංශය විදිහට නැත්නම් විභාගයෙන් පාස් වෙන්න ලේසියි කියලා .සංගීතය කරන එකත් කැම්පස් ගියත් වයලින් එක වගේ දෙයක් තමයි ඉගෙන ගන්නේ .එතනින් එලියට එන්නේ ගුරුවරයෙක් විදිහට.එතනින් එහාට වැඩක් නැ ....
Deleteමට මතකයි 85/86 වගේ කාලෙක කාන්තා බෑන්ඩ් 1ක් තිබුනා "සැළලිහිනියෝ " කියලා .මෙයාලා රුපවාහිනියේත් ගායකයන්ට සංගීතය සැපයුවා .එතකොට යොවුන් පුරය වගේ ඒවටත් ගියා .ලස්සන සින්දු කීපයකුත් කලා .අනේ ඊට පස්සේ මලාද කොහෙද ....
කෙල්ලො දෙන්නෙක් ට වැඩි කලක් කෙහෙවලු පටල ගන්නෙ නැතිව බන්න බෑ නෙ. ඉතින් කොහොමෙයි ගෘෘප් එකක් රන් කරන්නෙ.
ReplyDeleteඒ තැන තිබෙනුයේ කණ්ඩායමේ විනය පිලිබඳ ප්‍රශ්නයක්. හරි නායකත්වයකට විසඳාගත හැකි දෙයක්.
Deleteප්‍රශ්නය - ලංකාවේ කාන්තා සංගීත කණ්ඩායම් බිහිනොවන්නේ ඇයි ?
ReplyDeleteපිළිතුර - එහෙම බිහි වුනානම් කට්ටිය සංගීත සංවිධානය කරන්නෙයි ,බලන්න එන්නෙයි සිංදු අහන්න නොවෙන නිසා
සංගීතය නොවෙයි අපේ සමාජයේ කාන්තාවන් මොන දේ කලත් කොටසක් ඉන්නවා කරකැවිල ඔතෙන්ට එන්න හදන
Deleteමම නම් හිතන්නේ එහෙම ට්‍රෙන්ඩ් එකක් ළෝකෙත් අඩු නිසා. නැතිව ටැලන්ට් නැති කම නෙමෙයි. ඔය කොළඹ ඉස්කෝලවල කෙල්ලෝ ජේම්ස් ලාස්ට් වගේ ෂෝ හිටන් කරන්නේ. ඉස්සර කෙල්ලෝ රඟපාන්න යැව්වේ නෑ. ඒත් දැන් ඔක්කෝම බලන්නේ රඟපාන්න. සින්දු කියන්න ගියෙත් නෑ. ඒත් අද ගායිකාවෝ වැහි වැහැලා. කවුරු හරි ආරම්භයක් දීම විතරයි අවශ්‍ය.
ReplyDeleteට්‍රෙන්ඩ් එක ලෝකේ අඩු බව පිළිගන්න පුළුවන්. නමුත් රටටම එක බෑන්ඩ් එකක්වත් නැත්තේ ඇයි. අඩුම ගානේ බෑන්ඩ් ගණනාවක් තියන හමුදාවටවත් කාන්තා බෑන්ඩ් එකක් නැත්තේ ඇයි.
Deleteටැලන්ට් නැතිකම කාන්තාවනට නොවෙයි පිරිමි කණ්ඩායම් වලටත බලපානවා. එකනේ ගෙම්බා තියරිය ගහන්නේ. අද මේ බෑන්ඩ් එකේ ගහපු එකා පහුවදා වෙන බෑන්ඩ් එකක් ගහනවා. කොහොම හරි කඩාගන.
නියම මාතෘකාව. උදේ වරුවෙ බිසී, හවස් වෙලා එන්නං මචෝ.
ReplyDeleteහරි හරි ඉක්මනට ඇවිත් බෝම්බයක් අත ඇරපන්
Deleteකොඩිතුවක්කුල වෙඩි තියනව් මිස බෝම්බ ගහන්නෙ නෑනෙ බං :D
Deleteමෙහෙමයි. නැටුම් කියන එක ගෑණුන්ට අයිති දෙයක්, කැප දෙයක් කියන එක අපේ සමාජෙ මුල් බැහැල තියෙන්නෙ. නැටුම් ඉස්කෝලවත් උගන්නනව. කණ්ඩායම් වල නටන ළමයිත් ඉස්කෝලෙ යනව ගැටලුවක් නැතුව. ඒත් සාමාන්‍ය සංගීත කන්ඩාය්මක් හදා ගන්න තියා ස්ටේජ් වල සින්දු කියන්න හෝ රඟපාන්න ගෑණු ළමයෙක් යනකොට තාම ගොඩක් ඉස්කෝලවල ගුරු අවසරය ඕන. නැත්තං කෙල්ල ඉවරයි. ඔය හින්ද නැටුමට තරං අනුබලයක් ගර්ලි බෑන්ඩ් වලට ළමා කාලෙ ඉඳම්ම ලැබෙන්නෙ නෑ. ඒ එක.
අනෙක, බෑන්ඩ් එකක් හදා ගන්න තරුණ ළමයින්ට පෙම්වතුන්ගෙන්, වැඩිහිටියන්ගෙන් සීම වැටෙන එක. කොටින්ම ගෑණු කෙනෙක් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හරි බස් ඩ්‍රයිවර් කෙනෙක් හරි වෙන් එකත් පත්තරේ දාන්න තරන් නිව්ස් වෙන රටේ ගෑණු ළමයි බෑන්ඩ් එකක් හදා ගත්තම බලන විදිය ගැන අමුතුවෙන් කියන්න ඕන් නෑනෙ. ඉතින් දෙමාපියො බහුතරයක් තමන්ගෙ දක්ෂතා ඇති දරුවන්ට ඒ ලේබල් වදිනවට කැමති නෑ.
කොටිම්ම සමාජෙ තීන වට්පිටාව බෑන්ඩ් එහෙකට කැමති ගෑණු ළමයි කිහිප දෙනෙකුට එකතුවෙලා ඒ දේ පටන් ගන්න අනුබල දෙන එකක් නෙමෙයි තාම තියෙන්නෙ.
එතකොට සින්දු කියන්නෙ? සින්දු කියන්නෙ තනියම. කෙල්ලෙක් සින්දු කියනව කිව්වම ඒක නිකං ඩේලි ප්‍රැක්ටිස් ඕන නැති, සාම්ප්‍රදායික ගෘහනිය සමග සහෝයෝගෙන් කරන්න පුලුවන් වෘත්තියක් වගේ පිටට පේන නිසා සමාජෙන් ලොකු අමුතු විරෝධයක් ඒකට නෑ. ඒත් දවස ගානෙ ප්‍රැක්ටිස් කරන්න යන්න වෙන, ෂෝ එකකට ගියාම ඉවර වෙනකල් ප්ලේ කරන්න වෙන, කන/බොන මිනිස්සු එක්ක ගැටෙන්න වෙන බෑන්ඩ් එහෙක ගෑණු දිහා එහෙම බැලෙන්නෙ නෑ. ඒ නිසා වැඩිහිටියො දැරියන්ට බෑන්ඩ් හදා ගන්න අනුබල දෙන්නෙ නෑ, උදැල්ලක් දැම්මොත් මිසක.
මිනෝන්ල, ඩැල්‍රින්ල වගේ සංස්කෘතික ප්‍රශ්ණ ගනන් නොගන්න අය මතුවෙන්නෙ හුදකලාව. ඒ අයගෙ පන්තියෙම හැකියාව සහ උනන්දුව ත්යෙන අය විරළයි, මොකද කුලකය කුඩා නිසා. ඉතින් එතනින් බෑන්ඩ්ස් එන්නෙත් නෑ.
මගේම නංගි උසස් අධ්‍යාපනෙං පස්සෙ ඔය සම්භාව්‍ය කියන චිත්‍රපට කීපයකම ස්ක්‍රිප්ට් ලියන්න සහ ස්ක්‍රිප්ට් ඩිරෙක් කරන්න ගිහින් අපිට විඳින්න වෙච්චි අපහසුතාවය මම හොඳටම දන්නව. අන්තිමේ අපේ අම්මට පන්සලේදි ගෑණු කෙනෙක්ට කියන්න උනා " මටවත් නැති අමාරුවක්නෙ අනේ ඔයාට අපේ දුව ගැන තීන්නෙ" කියල. කොටිම්ම පිරිමි කරන හැම දේම ගෑණු කරනව දකින්න පිරිමින්ට වඩා ගෑණු අකමැතියි. ඒ නිසා ලංකාවෙ කෙල්ලො බෑන්ඩ් එහෙකදි දකින එක විරල විදියටම තියෙවි ඉස්සරහටත්.
හමුදාවෙ පොළිසියෙ හැදෙන්නෙ නැත්තෙ ඇයි කියන එකටනං හේතුවක් හිතා ගන්න බෑ.
කාන්තා සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යාමේදි එන ප්‍රායෝගික ගැටලු වලට මූණ දෙන්න අමාරු එකයි ජීවන අයියෙ මට හිතෙන්නෙ..
ReplyDeleteඑහෙනම් කාන්තා නර්තන කණ්ඩායම් වැහි වැහැල තියෙන්න. ඒවාට ඔය කියන ප්‍රායෝගික ගැටලු නැතිද? ඒවත් ගීත ගායනා කරන ස්ටේජ් එකෙමනේ නටන්නේ
Deleteමේක වෙනම ගත්ත එක හොඳයි
ReplyDeleteඑකක් මේකට හරි හමන් හේතුවක් තියනවද කියල හොයාගන්න එකයි
අනෙක හේතු කියල පිරිමි අපි හිතන්නේ මොනවද කියල දැනගන්න එකයි :-)
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්!
උඹ ඒ කාලෙත් මේව්ට දක්ෂයි නේ!!
බයිලා වැඩක් නෑ දාපන් හොඳ අදහස් ටිකක්
Deleteහොද මාත්තුරුකාවක්.. අපි බලමු මොකද වෙන්නේ කියලා..
ReplyDeleteමාතෘකාව හොඳ උනාට සංවාදය නැවතිලා වගේ. කවුද බලමු එක වෙන්නේ.
Deleteඉන්දික,
ReplyDeleteඅපේ රටේ මොඩ්ලින් කරන ගෑනු ළමයි කොයි තරම් ඉන්නවද. හොඳ මට්ටමේ ෆැෂන් ශෝ එකක් කවර් කරන්න අඩුම වශයෙන් මොඩ්ල්ස් ල 12 ක් වත් ඕන. ඒ වගේ ටීම් කොයි තරම් තියනවද. මේ පිරිසෙන් ගොඩක් අය සංස්කෘතික බැමි වලින් වෙලපු සමාජ තල වලින් නෙවෙයි එන්නේ. නමුත් බෑන්ඩ් එකක් හදනවා නම් හොයා ගන්න ඕන අවම වශයෙන් 5 ත් 7 ත් අතර ගණනක්.
කැට් වෝක් එකයි, නිරුපනයයි ඉගනගෙන මොඩලින් කරනවට වඩා දැඩි කැපවීමක් සංගීතයට අවශ්‍යයි.
මම මේ කියන කතාවම බිඳ වැටෙනවා මේ උදාහරණයෙන්
බටහිර ගායනය ගත්තොත් රොක් වොයිස් එකක් හදා ගන්නවා කියන්නේ පට්ට ගේමක්. විනාඩි 20ක් වොයිස් ට්‍රේනිං කරාම කිලෝමීටර් 5ක් දිව්වා වගේ හති මුල් කාලේ පුදුම කැස්සක් එනවා. නමුත් මේ දුක විඳගෙන වොයිස් හදාගන්න ගෑනු ළමයි ඕන තරම් ඉන්නවා. ඒ කියන්න කැපවීම නැතිවීම නෙවෙයි.
ටැලන්ට් හිඟය දරුනුවටම තියෙන්නේ ගිටාර් සහ ඩ්‍රම්ස් වලට. සමහර විට ඉල්ලුමක් පැහැදිලිව නොපෙනෙන නිසා ඉගෙනගන්න යොමු නොවනවා වෙන්න පුළුවන්.
නගාල ටිකට පණිවිඩයක් යවල හරි ගෙන්නාගෙන අදහස් ටික අරගන්න ඕන.
ReplyDeleteමේ කාරණාවේදී සංස්කෘතික බැම්ම කියන්නේ මම හිතන විදියට නම් ප්‍රාථමික කාරණාවක්. අර කිව්වත් වගේ ඔය මොඩ්ලින් කරන, යාලුවෝ එක්ක සිගරට් අදින, නිදහසේ ක්ලබින් කරන කෙල්ලෝ දැන් ඉස්සරට වඩා ඉන්නවා අපිත් එක්කම වෙනසක් නැතුව. මම හිතන්නේ ඊට වඩා ටැලන්ට් එකත් , ඉන්ටරෙස්ට් එකත් කියන මේ දෙකම අපේ ජානවල හරිම හීනයි කියලා.
ReplyDeleteඋදාහරණයක් කිව්වොත්, ඔය සින්දු කියන රියලිටි ෂෝ එකක උනත් රොක් සින්දු කියන කෙල්ලෙක් හොයාගන්න හරිම අමාරුයි සහ එහෙම වොයිස් එකකට අපේ සාමාන්‍ය මිනිස්සුන්ගේ තියෙන කැමැත්ත අඩුයි. මේ කතා කරන්නේ බෑන්ඩ් එකක් ගැන නේ... ඒ කියන්නේ සින්දුවක් කියනවට වඩා එහාට ගියපු උප සංස්කෘතියක් එතන තියෙනවා කියල මම උපකල්පනය කරනවා.
මට කැම්පස් එකේදී හම්බවෙලා තියෙනවා ඩ්‍රම්ස් ගහන, ගිටාර් ගහන දක්ෂ කෙල්ලෝ. ඒත් උන් ගොඩක් වෙලාවට එක්කෝ ඉන්නේ තනියෙන් ( සිංගල් පර්ෆෝමන්ස්) නැත්තම් කොල්ලෝ ඉන්න ගෘප් එකක සාමාජිකයෙක්. එහෙම වෙන්නේ තනු නිර්මාණයෙන් සහ අලුත් බිට්ස් වලින් එක්ස්පෙරිමන්ට් කිරිල්ලෙන් කෙල්ලෝ (ලාංකික) එතරම් නිර්මාණශීලි බවක් පෙන්නන්නේ නැති හින්ද කියලයි මම හිතන්නේ. ඇත්ත කියන්න එපෑ කා ගැන උනත්.. හි.. හි..
මම මේ ළඟකදී TV programme එකකදී දැක්ක ලංකාවේ ගිටාර් වාදකයින්ගේ සංගමයෙන් කරන ගිටාර් ෂෝ එකක් ( ඒ වෙනුවෙන් කරපු වැඩසටහනක්) . ඒකෙ කෙල්ලෝ මනරම් විදියට ගිටාර් ගැහුවා. ඒ වගේමයි මම දැකල තියෙනවා ඩ්‍රම්ස් ගහන දක්ෂ කෙල්ලෝ. ඒත් කණ්ඩායම් සංගීතය කියන්නේ ටැලන්ට් එක විතරක් තිබ්බට මදි, ගොඩක් කැපවීම් අවශ්‍යයි. ඒ වගේ කැපවීමක් සින්දු කියන්න, රඟපාන්න කලාට බෑන්ඩ් එකක් වෙනුවෙන් කරන්න තරම් වපසරියක් ලාංකික ගෑනුන්ට ඇතිය කියල මම විස්වාස කරන්නේ නැත්තේ අවතක්සේරුවට නෙවෙයි. වලක්වන්න බැරි ටැලන්ට් එකක් විතරයි එහෙම ඉස්මතු වෙන්නේ. එහෙම ඉස්මතු උනත් එයාලට පැවැත්මක් තියෙන්න නම් අනික් සාධක පවතින්න එපෑ ? ඒ කියන්නේ ඒ සින්දු /මියුසික් එක්කෝ වෙනස් වෙන්න ඕනේ.. නැත්තම් ඉහල රසවින්දනයක් තියෙන්න ඕනේ. මේ දෙකටම ඕනේ දේවල් දෙන්න නිකම්ම නිකම් ටැලන්ට් එකකට කරන්න පුළුවන් දේ අල්පයි.
හිතල බලන්න ලංකාවේ කොමර්ෂල් මුවී එකක නටන නිලියක් සහ නළුවෙක් එක්ක ඉන්දියාවේ ඒ වගේම කොමර්ෂල් මුවි එකක දෙන්නෙක්? ඉන්දියාවේ උන්ගේ නැටුම අපි ආසාවෙන් බලන්නේ... මට නම් ඇඟේ ලේ නැහැ අපේ අය නටනවා බැලුවම. දන්නේ නැහැ... ජානවල නැති එක වෙන්න ඇති. එයාලා පොඩිකාලේ ඉඳන්ම ඩාන්සින් වලට එක්ස්පොස් වෙනවා. අපි ඉතින් ඉස්කෝලේ විෂයක් විදියට හදාරන්නේ, නැත්තම් ඒ වගේ දෙමවුපියෝ ඉන්න පවුලක ඉන්න ඕනේ... ඒ මොකක් උනත් අපේ යොමුව පවතින්නේ එකම ධාරාවක සංගීතයක් කරා. වාහන ගැන උනන්දු නොවෙන කෙල්ලෝ ප්‍රතිශතය කොතරම් වැඩිද? ( මම කිව්වේ වාහන ගැජමැටික් ගැන.. නැත්තම් ලස්සන කාර් වලට ආස කෙල්ලෝ ගැන නෙවෙයි) ඒ වගේමයි කෙල්ලොන්ගේ කණ්ඩායමක් විදියට මියුසික් කිරිල්ලත්...
දිගට ලිව්වට තේරුනාද මන්ද.. හි.. හි..
80 ගනන් වල ගම්පහ පැත්තෙන් ආව 'මෙන්ඩිස් ස්ටර්ස්' කියලා ෆැමිලි ගෲප් එකක්. ගැහැණු ලමයි 3ක් හරි හතරක් හරි හිටියා. අවුරුදු දෙකතුනක් සීන් එකේ ඉඳලා නැතිවෙලා ගියා.
ReplyDeleteගර්ල් බෑන්ඩ් කෙසේ වෙතත් හරි හමන් බෝයිස් බෑන්ඩ් එකක් වත් තියෙනවද? ටකරං වලට ගහන්නැහේ සද්දෙ දාන බෑන්ඩ් විතරනෙ ඇහෙන්නෙ!