යහපාලන රජය පත්වූ පසුව රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් ඇතිබව බහුතරයක් මහජනතාවගේ චෝදනාවකි. එහි සත්‍යයක් නැත්තේ නොවේ. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව බොහොමයක් රජයේ ආයතන වල එදිනෙදා ක්‍රියාකාරකම් වලද විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි.
මෙයට හේතුව රජයේ ව්‍යාපෘති බොහොමයක් ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුල සිරවීමය. දැනට බලපවත්නා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වසර 10කට ඉහත 2006 වසරේ සම්පාදනය කරනා ලද්දකි. එවකට පිහිටුවා තිබූ ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතනය (National Procurement Agency) මගින් සම්පාදනය කරනා ලද මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය (Procurement Guidelines) සහ ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය (Procurement Manual) ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතන බොහෝ දුෂ්කරතාවනට පත්වේ. එයට හේතුව වනුයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසි මෙරට අවශ්‍යතාව අධ්‍යනය නොකොට සාදා තිබීමය. එය මහා පරිමාන ව්‍යාපෘති සඳහා සකස් කරන ලද ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ අමුම අමු කොපියකි. දැනට අනුගමනය කරනා මෙම රෙගුලාසි ස්වභාවයෙන්ම අකාර්යක්ෂම රාජ්‍ය අංශයට කාලය කා දැමීම සඳහාම සකස් කරනා ලද්දක් බව පෙනේ.
පසුගිය රාජපක්ෂ සමයේ මෙම ප්‍රසම්පාදන රෙගුලාසියම යොදවාගෙන මිලදී ගැනීම් වේගවත්ව කරගෙන යාමට අපුරු ක්‍රමවේදයක් භාවිතා කෙරින. එනම් කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව ආයතන බලධාරීන්ගේ හෝ දේශපාලන බලධාරීන්ගේ හිතවතුනට කොන්තරාත් පැවරීමය. පසුව ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට අනුව පෙර දාතම යෙදු ලිපි ගොනු සකස් කෙරින. මෙම ක්‍රමවේදය ටෙන්ඩර වංචා වලට මගපාදන ලද බොහෝ සෙයින් දුෂිත ක්‍රමයක් වුවද මිලදී ගැනීමේ ක්‍රියාදාමය බෙහෙවින් වේගවත් විය.
කෙසේ නමුත් පවත්නා යහපාලන රජයට ස්වකීය ඉලක්ක වෙත ලඟා වීමට නම් ප්‍රසම්පාදන ක්‍රියාවලිය වේගවත් කලයුතුය. මේ සඳහා ප්‍රසම්පාදන රෙගුලාසි රජයේ ආයතනවල අවශ්‍යතාවට අනුව සංශෝධනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. යුරෝපය පමණක් නොව ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් රාශියක් ප්‍රසම්පාදනය සඳහා යොදාගනු ලබන අන්තර්ජාලය මත පදනම් වූ විද්‍යුත් ප්‍රසම්පාදනය (e-procurement ) මෙරටට හඳුන්වා දිය යුතුය. මෙරට සියලුම ආයතන ආවරණය වන විද්‍යුත් ප්‍රසම්පාදන අඩවියක් (e-Procurement Web Portal) ස්ථාපිත කිරීම සඳහා වැය වනුයේ රුපියල් මිලියන 300ක පමණ මුදලකි. ඉන්දියානු මෘදුකාංග සමාගම් රාශියක් මෙවන් ප්‍රසම්පාදන අඩවි නිර්මාණයේ යේදී සිටිනා අතර බොහෝ ඉන්දියානු ප්‍රාන්ත රජයන් විසින් ප්‍රසම්පාදනය සදහා ඒවා යොදා ගනිති.
රජයේ සංවර්ධන කටයුතු ප්‍රමාදයට මුලික හේතුවක් බවට පත්ව ඇති ප්‍රසම්පාදන ක්‍රියාවලිය නව තාක්ෂනය උපයෝගීකරගෙන විද්‍යුත් කරණය සඳහා බලධාරීන්ගේ අවධානය යොමුකිරීම රජයේ පැවැත්ම තවත් ස්ථාවර කිරීමට හේතු වනු ඇත.
ප.ලි. :- ලියුම්කරු විසින් දැනට වසරකට පමණ පෙර මේ සම්බන්ධව අන්තර්ජාලය පදනම් කරගත් අධ්‍යනයක්
සිදුකල අතර මෙරටට ගැලපෙන විසඳුමක් සඳහා පිරිවිතර (Terms of Reference) මුලික මට්ටමින්
සකස් කර ඇත. ලියුම් කරු ප්‍රසම්පාදනය සම්බන්ධව පවත්වාගෙන යන Procurement World Wide
බ්ලොග් අඩවියෙහි 2015 ඔක්තෝම්බර් මස පල කරනා ලද Terms of Reference for e-Prcourement Web Portal බ්ලොග් ලිපිය තුලින් එයට පිවිසිය හැක.
ජීවනායියෙ මේ ටික තෙරුම් ගන්න බලධාරීන් කවදා පහලවෙයිද
ReplyDeleteමොන ක්‍රමයෙන් හරි බලධාරීනට තේරුම් කර දෙන්න ඕන. විද්‍යුත් ප්‍රසම්පාදනය කරා යොමු නොවුනොත් මේ ප්‍රමාදය හැමදාම තියේවි.
Deleteමේක ටිකක් වඩා විස්තර කරල ලිව්වා නම් අගෙයි.
ReplyDeleteලිපිය දිග වැඩි වෙන නිසා සහ වෙනත් හේතුවක් නිසා වැඩි විස්තර ලිව්වේ නැහැ. මීළඟ ලිපියේ වැඩි විස්තර ලියනවා.
Deleteකොනක ඉදලා හැමදේම අලුතින්ම අධ්‍යයනය කර හදන්න වෙලා නේද...
ReplyDelete