Sunday, May 21, 2017

බ්ලොග් වසන්තය හෙළි කරනා සිංහල බ්ලොග් අවකාශයේ අභියෝග ජය ගැනීම

සිංහල මාධ්‍ය බ්ලොග් ප්‍රවර්ධනයට සුවිසල් මෙහෙවරක් කරනා ප්‍රධානතම සම්මාන උළෙල දෙක වන්නේ නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල සහ බ්ලොග් වසන්තයයි. එම සම්මාන උළෙල දෙක වසරින් වසර දියුනුවට පත් වීම සතුටට කරුණකි. මෙවර බ්ලොග් වසන්තය චන්ද විමසීම සාර්ථක ලෙසින් 2017 මැයි මස 21 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. බ්ලොග් වසන්තය චන්ද ප්‍රතිපල නිරීක්ෂණය කරනා විට සිංහල බ්ලොග් අවකාශය පවතිනුයේ සෑහීමකට පත්විය හැකි මට්ටමක නොවන බව පෙනී යයි 

චන්ද විමසීම අවසන් වන විට බ්ලොග් ලිපි 263 ක ප්‍රමාණයක් බ්ලොග් වසන්තය වෙත යොමු කර තිබිණ. එය විශාල ගණනකි. නමුත් බ්ලොග් වසන්තයහි  චන්ද ලබාදීම කෙරෙහි වන උනන්දුව ගැන නම් සතුටු විය නොහැකිය. වැඩිම චන්ද ප්‍රමාණය 230 කි. එක අයකුට චන්ද පහක් හිමි තත්වය තුල චන්දය භාවිතා කරනා ලද මුළු ප්‍රමාණය 500ක් වත් වෙතිදැයි සැකයකි. එය මෙරට අන්තර්ජාල පාඨකයන් ප්‍රමාණය සමග සසඳන කල නොගිනිය හැකි තරම් සුළු ප්‍රමාණයකි. 

කෙතරම් බ්ලොග් ලිපි ලියවුනද ඒවා පාඨකයා කරා ලඟා වන්නේද යන ගැටලුව මේ චන්ද විමසීම සමග මතුවෙයි. අපගේ අදහස නම් එම ලිපි පාඨකයා වෙත ගෙනයාමට පවත්නා ක්‍රමවේදය අතිශය දුර්වල බවය.  එයට හොඳ උදාහරණ යක් වන්නේ ජනේලය බ්ලොග් අඩවියයි. වසර 2016 දී ආරම්භ කරනා  ලද එම අඩවිය ආරම්භ කරනා ලද වසරේදී පමණක් ඉතා හරවත් ලිපි 134 ක ප්‍රමාණයක් පළකර ඇත. මේ ලිපිය ලියවෙන අද  විට 2017 වසර තුල පළකරනා ලද ලිපි ප්‍රමාණය 113කි. බ්ලොග් වසන්තය පැවති අප්‍රියල් සහ මැයි මාස දෙක තුල පළකරනා ලද ලිපි ප්‍රමාණය 31කි. නමුත් මේ ලිපි බ්ලොග් වසන්තය චන්ද විමසීම වෙත ඉදිරිපත් කර නැත. සිය බ්ලොග් අඩවියට මෙතරම් ලිපි ප්‍රමාණයක් ලියුවද අඩවිය පවත්වාගන යන රෝශීන් ප්‍රනාන්දු සොයුරා අවම වශයෙන් මේ තරඟය ගැන නොදන්නේනම් වසර ගණනක් බ්ලොග් කරණයේ යෙදී සිටි අප විසින් කර ඇත්තේ කුමක්ද? එය ස්වයං වින්දනයක් පමණද? මන්ද යත් බ්ලොග් වසන්තය යනු නෙලුම් යායටත් වඩා බ්ලොග් කරුවන් අතර කතා බහට ලක්වූ උළෙලක් බැවිනි.


තවත් එවන් බ්ලොග් අඩවියක් ලෙසින් රසුදැල් නම් කල හැක. එයද ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර අධ්‍යාපනික වශයෙන් වැදගත් සහ හරවත් තොරතුරු බොහොමයක් ඉතාමත් ආකර්ශනීය බසකින් ඉදිරිපත් කර ඇත. එයද චන්දය විමසීම සඳහා ඉදිරිපත්වූ බව නිරීක්ෂණය නොවිණ.

බ්ලොග් ලේඛකයා අඩවියක් පවත්වාගෙන යන්නේ අන් අයට දැනුම ලබා දීමේ චේතනාවෙනි. ඔවුහු කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ඉන් බලාපොරොත්තු නොවෙති. ලැබෙනා එකම ප්‍රතිලාභය පේජ් විවුස් සහ කොමෙන්ට් තුලින් ලැබෙනා ආත්ම තෘප්තිය පමණි. එකම වූ ප්‍රතිලාභය නොලැබෙන්නේ නම් ඔවුහු බ්ලොග් කරණයෙන් ඈත්ව යනු ඇත. 

මේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අප සැම එක්ව බ්ලොග් ප්‍රවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කළ යුතු වෙයි. එය අපහසු කාරනාවක් නොවෙයි. මන්දයත් අපගේ රඟමඩල සයිබර් අවකාශය බැවිණි. 

බ්ලොග් පාඨකයන් අඩුවීම කෙරෙහි බලපාන තවත් ප්‍රධාන කරුනක් වනුයේ  සිංහල බ්ලොග්කරණය ඉතාමත් අවම මාතෘකා කිහිපයකට සීමා වීමය . බොහෝ ජනප්‍රිය විෂය පථයන් සිංහල බ්ලොග්කරණයට ආගන්තුකය. උදාහරණයක් ලෙස කිවහොත් කෑම බීම සම්බන්ධව ලියවෙන ෆේස් බුක් ගෘප් ගණනාවක් ඇත. ඒවාට විශාල ආකර්ෂණයක් ඇති අතර බොහෝ ලිපි ලියවෙයි. සුරතල් මසුන් ඇතිකිරීම වැනි නිසි දැනුමක් අවශ්‍ය විනෝදාංශ වෙනුවන් ලියවෙන විද්‍යාත්මක ලිපි ෆේස් බුක් හි ටික දිනකින් වැළලී යාම අපරාධයකි. එවන් ලිපි බ්ලොග් අඩවියක ගබඩා කර තබා ගැනීමේ වැදගත් කම ෆේස් බුක් ලේඛකයනට පහදා දිය යුතුය. විලාසිතා සහ ඇඳුම් පැළඳුම් ගැන බ්ලොග් ලියවන්නේ නම් ඒවාද බෙහෙවින් ජනප්‍රිය වනු ඇත. අප කලයුත්තේ ෆේස් බුක් හි සිටිනා ලේඛකයන් බ්ලොග් වෙත කැඳවාගෙන ඒමය. එසේ කළහොත් ඔවුන් සමග විශාල පාඨකයන් පිරිසක්ද බ්ලොග් වෙත පැමිණෙනු ඇත. 

ෆේස් බුක් ගෘප් හි සිතිනා පිරිස දෙස බලනා විට පෙනීයන කාරනාව වන්නේ සිංහල බසින් කියවන අන්තර්ජාල පාඨකයන් ලක්ෂ ගණනාවක් සිටින බවකි. නමුත් බ්ලොග් සඳහා ඉන් සියයෙන් එකක්වත් පාඨකයන් සිටින්නේද යන්න ප්‍රශ්නයකි. මේ නිසා ජාතික මට්ටමේ බ්ලොග් ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුමකට අනුව විධිමත්ව ආරම්භ කල යුතුය. ඒ සඳහා බ්ලොග් කරුවන්, සින්ඩි පවත්වාගෙන යන පිරිස්, කොමෙන්ට් කරුවන්, සම්මාන උළෙල සංවිධායකයන් සහ ෆේස්බුක් ක්‍රියා කාරීන්  එකතුවී වැඩසටහනක් ආරම්භ කළ හැක.

ජනේලය : https://janeelaya.blogspot.com
රසුදැල්  :https://rasudal.blogspot.com

44 comments:

  1. //ඒ සඳහා බ්ලොග් කරුවන්, සින්ඩි පවත්වාගෙන යන පිරිස්, කොමෙන්ට් කරුවන්, සම්මාන උළෙල සංවිධායකයන් සහ ෆේස්බුක් ක්‍රියා කාරීන් එකතුවී වැඩසටහනක් ආරම්භ කළ හැක//

    එකතු වෙන්ඩ එකතු වෙලා වැඩ කරන්ඩ උඔ තාම නිදාගනද ඉන්නේ නැගිටපං ඕක හීනයක්

    ReplyDelete
    Replies
    1. මචෝ මගේ අඩවියේ ගුගල් ඇනලිටික්ස් බැලුවම ලජ්ජා හිතෙනවා.
      එකතුවෙලා කරන්න බැරිනම් තනියම හරි කරන්න ඕන

      Delete
  2. රොෂින් බ්ලොග් ලියන්න කලින් ඉදලම මම අඳුනන කෙනෙක්... ගොඩක් වටිනා ලිපි ජනේලය බ්ලොග් අඩවියේ පල වෙනවා...  ඒත් මේ වගේ අධ්‍යාපනික බ්ලොග් අඩවි වල පාඨක සංඛ්‍යාව ගැන සෑහීමකට පත් වෙන්නනන් බෑ... හැම අධ්‍යාපනික බ්ලොග් අඩවියකම තත්වය මේකයි... ෆේස්බුක් එකේ මේ තත්වය තරමක් වෙනස්... පාඨක සංඛ්‍යාව මීට සාපේක්ෂව අධිකයි... හැබැයි ඒකෙත් සීමා තියෙනවා... ලිව්වොත් දෙයක් ආයෙ හොයාගන්න බෑ වගේ දේවල්... සම්මාන උළෙලවල් නිසා බ්ලොග් ප්‍රවර්ධනයට ලොකු දායකත්වයක් සැපයුනා කියලයි මම හිතන්නේ...

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනික බ්ලොග් පොස්ට් වලට පේජ් විවුස් නැත්තේ ඒවාට උනන්දු පිරිස අතරට ගෙනයන්න ක්‍රමවේදයක් නැති නිසා. ෆේස් බුක් වල තියෙන පසුවට හොයන්න බැරි අඩුපාඩුව ප්‍රයෝජනයට අරගෙන ෆේස් බුක් ලේඛකයන් කොහොම හරි බ්ලොග් වලට ගෙන්න ඕන.

      මාතලන් ෆේස් බුක් එක හොල්ලගෙන ඉන්න සහන් කසීරව උනන්දු කරා බ්ලොග් අඩවියක් හදන්න කියල. පස්සේ මාතලන්ම ඒ අඩවියට ප්‍රචාරය දුන්නා. සහන් පසුගිය නෙලුම් යායේ දී හමු උනාම කිව්වේ ඉස්සර තිබුන පැරණි ලිපි නැවත හොයා ගැනීමේ අපහසුව බ්ලොග් අඩවිය නිසා මග අරුණ කියල

      Delete
    2. මිතිල ඔයා රොශීන් ව විතරද දන්නේ? එතකොට රසුදැල් ලියන මැඩම් ව කලින් දන්නේ නැද්ද? :p සහන් කසීරට බ්ලොග් ලියන්න පොලබවලා දැන් මාතලං බුකිය හොල්ලගෙන ඉන්නවා.. :)

      Delete
    3. කල්‍යාණ මිත්‍ර... අයියෝ (වෝ) ඩෙනිස්ගෙ සිංදුවක් අහලා තියෙනවද අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතියෙ දියුණු පතා කියලා... :D හැබැයි දන්න දේවල් මතක් වෙද්දි මගෙ ඇගේ ලේ කෝප වෙන එක විතරයි වෙන්නෙ...

      Delete
  3. තවමත් වැඩිම පිරිසක් බ්ලොග් කියවන්නෙ ෆේස් බුක් හරහා තමයි, සින්ඩි වලින් සහ බ්ලොග් වලින් 10-15 ක් එනවා (මාතලන්, අටම්පහුර, රසිකලොජි,හැලපකඩේ,යාන්හැල්ල වගේ. මගේ පොස්ට් වැඩිපුරම කියවෙන්නේ මුහුනු පොතේ. ෆේස් බුක් ගෘප් වල බ්ලොග් පොස්ට් ගිහින් අලවලා සෙනග ගෙන්වන්න පුලුවන් අපේ බ්ලොග් කාරයො ගොඩ දෙනෙක් කරන වැඩක් ඕක. මගෙ පොස්ට් ඉස්කොලේ, උසස්පෙල , විශ්ව විද්යාල ගෘප් වල ඇලවෙනවා. හැම එකක්ම 500 පන්නනවා අඩුම ගානේ

    ReplyDelete
    Replies
    1. මේ අඩවියටත් Traffic වැඩියම එන්නේ ෆේස් බුක් එකෙන් ඊළඟට මාතලන්ගේ සින්ඩිය සහ නෙළුම් යාය

      හරියට සයිට් එකක හැසිරීම ඒ කියන්නේ තමන්ට පාඨකයා එන මාර්ග, ගත කරන කාලය වැනි දේ දැනගන්න සරළම ක්‍රමය තමයි Blogger Stats භාවිතා කරන එක. වඩාත් ඇඩ්වාන්ස් දත්ත ඕන නම් Google Analytics භාවිතා කරන්න පුළුවන්. ඉදිරියේදී ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා මේවා භාවිතා කරන විදිය සම්බන්ධව

      Delete
  4. අඩු තරමින් අර බ්ලොග් දෙකේ ලින්කුවවත් දැම්මනං මේක කියවන අය හරි ඒක හොයාගන යනවා. බ්ලොග් ජනතාව අතරට ගෙනියන්න ඇත්තටම වැඩසටහනක් අවශ්‍යයි. නැතිනම් මේක ස්වයං වින්දනයක් විතරක්ම වෙනවා.

    ReplyDelete
    Replies
    1. දාල තියෙන්නේ. සයිට් එකේ කලර් තීම් එකේ ලින්ක් මතුවෙලා පෙනෙන්නේ නැහැ පහලින් ආයෙත් ලින්ක් එක දාන්නම්
      ජනේලය : https://janeelaya.blogspot.com
      රසුදැල් : https://rasudal.blogspot.com

      Delete
  5. /එකතු වෙන්ඩ එකතු වෙලා වැඩ කරන්ඩ උඔ තාම නිදාගනද ඉන්නේ නැගිටපං ඕක හීනයක්/2
    බ්ලොග් ගැන මහජනතාවට කියාදෙන්න වගේම එව්වා ප්‍රවර්ධනය කරන්නත් ඕනැ ලියන අයම තමයි. මිනිස්සුන්ට හිතට වදින දේ ලියවෙනවනම් ඒවා කියවන්න මිනිස්සු පාරවල් හොයාගෙන එනවා. හොඳම උදාහරණය සඳරුගෙ බ්ලොග් එක. කාලයක් යද්දි බ්ලොග් කියවන්නො වැඩිවෙයි. එතකොට ලියන්නො ඉතුරු වෙලා හිටියිද?

    මේ වසන්ත කාලය ඇතුළත වැඩිම ලිපි ගණනක් ලියූ දම්පාට දේදුන්න සහ රසිකලොජිය බ්ලොග් වසන්තයට සෑහෙන මෙහෙවරක් කළ බව සඳහන් කරන්න ඕනෑ. ඒ වෙනුවෙං මගේ අවංක ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. අවම වශයෙන් අපේ සයිට් වල අලුතෙන් පටන් ගන්නා බ්ලොග් අඩවි ගැන හැඳින්වීමක් දෙනවා නම් අලුත් අයට ලොකු තල්ලුවක් වෙයි

      Delete
  6. මේක ලියල තියෙන කෙනාට ගොඩක් වැරදිල. බ්ලොග් කියෙව්ව කියල චන්ද දාන්න ඕනමයි කියල නීතියක් තියෙනවද? කියෙව්ව කියල කියවන හැම දෙයටම කමෙන්ට් දාන්න ඕන කියල නීතියක් තියෙනවද? නැතිනම් මේ හදන්නෙ තග දාන්නද? සමහරක් බ්ලොග් ලියන්නො කමෙන්ට් බලාගෙනම ලියන්නෙ නැහැ? කියවන්න ඕන කෙනා සින්ඩියක් හොයාගෙන හරි සර්ච් කරල හරි කියවනව. මට ඉතිහාසය දිරවන්නෙ නැහැ කියල මම වාසිතය වාරණය කරල නැහැ. ජීවන්ගේ බ්ලොග් එක වාරණය කරලත් නැහැ. දෙකම කියවනව. ලංකාවේ හොඳම සින්ඩි තුන අටමගේ මාතලන් සහ අජීත් කුමාර ගේ සින්ඩි තුන..අනිත් සින්ඩි කරන්නෙ මුන් අමාරුවෙන් හොයල ගන්න බ්ලොග් අමු අමුවේම උන්ගේ සින්ඩි වල එල්ලගන්න එක. මගේ ලංකාවේ සහ විදේශ රටවල සිටින යාළුවන් ගොඩක් බ්ලොග් කියවනව. එත් කමෙන්ට් කරන්නෙ නැහැ. ඒක තමන්ගෙ අයිතිවාසිකමක්.

    දන්නෙ නැති දේවල් ගැන හොයල කතා කළානම් තමයි හොඳ.

    අනික බ්ලොග් එකෙන් ස්වයං වින්දනයක් ලබනවානම් ඒක වේදිකාවකට නැගල කරනවානම් ඩොක්ට රුවන් කන්සල්ටන්ට් කරන්න තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මචං ටික්කා,
      කොමෙන්ට් වැටුනොත් විතරයි සංවාදයක් ගොඩනැගෙන්නේ
      කියවන පිරිස වැඩි උනොත් විතරයි ලියන්න උනන්දුව වැඩි වෙන්නේ.
      බලපන් මචන් කොයි තරම් හොඳ බ්ලොග් තියෙනවද රෙස්පොන්ස් එකක් නැතිව ටික කාලෙකින් වැහිලා ගිය

      Delete
  7. සිංහල බ්ලොග් අවකාශය පවතිනුයේ සෑහීමකට පත්විය හැකි මට්ටමක නොවන බව පෙනී යයි

    උඹ වගේ දෙපැත්ත කන, කළා කොටවන එවුන් ඉන්නකම් ඔව්වා මිනිස්සු අතරට යන්නේ නෑ කොමන්ට් කියවපු ගමන් උඹලා කෙරුවාවල් නොතේ රෙන්නේ බාලාංශ්‍ය ඉගෙනගන්න එවුන්ට විතරයි

    ReplyDelete
  8. බ්ලොග් වල බහින කලාවද මන්ද

    ReplyDelete
    Replies
    1. බහින කලාව නෙවෙයි. ඉදිරියට යන වේගය මදියි. වේගයෙන් ඉදිරියට යන්න ක්‍රමවේදයක් සකසන්න කියලයි යෝජනා කරන්නේ.

      Delete
  9. දැනට ලංකාවේ අන්තර්ජාල පරිශිලකයින්ගේන් අපි හිතනවටවත් වඩා ඉතාම සුලු පිරිසක් තමා බ්ලොග් ගැන දන්නේ ,ලියන්නෙත් හුවමාරු වෙලා කියවන්නේත් එ් ටික දෙනාම තමා,තව ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවක් තියෙනව කියලයි මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ඒක හොඳින්ම තේරෙනවා කොමෙන්ට් වැටෙන විදියෙන්. බ්ලොග් වලට කොහොම හරි ෆේස් බුක් සමාජය ගේන්න ඕන

      Delete
  10. //මේ නිසා ජාතික මට්ටමේ බ්ලොග් ප්‍රවර්ධන වැඩසටහනක් සැලසුමකට අනුව විධිමත්ව ආරම්භ කල යුතුය. ඒ සඳහා බ්ලොග් කරුවන්, සින්ඩි පවත්වාගෙන යන පිරිස්, කොමෙන්ට් කරුවන්, සම්මාන උළෙල සංවිධායකයන් සහ ෆේස්බුක් ක්‍රියා කාරීන් එකතුවී වැඩසටහනක් ආරම්භ කළ හැක.//
    අනේ මන්ද ජිවන කරුණු කාරණා දැනගෙනත් මෙහෙම කතා කරන එක. හිනා යනවා වෙලාවකට. නෙළුම් යාය පටන් අරන් ටික කාලයක් ගත වෙනකොට හොඳම හිතවතෙක් වගේ හිටිය එකෙක් ගරිල්ලා කාරයෙක් වගේ මම මෙතනට් පන්න කියල චෝදනා කලා. ඊට පස්සේ හොයාගත්ත වෙබ් අඩවිය යුඇන්පී එකක්, ඒකෙ අයිතිකාරයා පිලිබඳ ප්‍රශ්න අතර රජයේ අය ගෙන්වීම පිලිබඳ ප්‍රශ්නත් ආව . දැන් මහින්ද ආණ්ඩුවක් තිබ්බනම් එම ආණ්ඩුවේ අය ඔතනට ගෙන්වනවා කියන එක තේරෙන්නේ නැහැ. ඊළඟට ඕවගේ දෙයක් එංගලන්තේ කලත් කාගේ හරි අඳුරන අයගෙන් ඇඩ් ටිකක් හරි ඉල්ලා ගන්නවනේ. නමුත් ලංකාවේ ඒවා කරන්න බැහැ. එහෙමෙ කලොත් ඒක ගසා කෑමක්. ඊළඟට පෞද්ගලිකව , සහ පවුලට අම්මට තාත්තට පහර ගහනවා. ඒ අහින්සකයොත් පලි. සල්ලි වැඩ වලට අතගැහුවත් නැතත් චෝදනා එනවා. මම නම් කලකිරිලා ඉන්නේ හොඳ එකෙන්. නෙළුම් යාය දෙන්න එකෙක් ඉන්නවනම් මම පැත්තකට වෙන්න වුනත් කැමතියි. එච්චරයි. දුමිය සහ ඉන්දික දෙන්න කරන වැඩේ හොඳයි. මම එකට සහයෝගය දෙනවා. මම නම් මගේ බ්ලොගය ට්විටර් දානවා. බුකියට දානවා. අර සුරංග උඩ කිව්වා වගේ තමන් කර ගත්තම වැඩේ ඉවරයි. ඔය ප්‍රවර්ධන මොනවා කළත් ලංකාවේ කරන්න අමාරුයි කියල තමා මට නම් පේන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත්, ඔය පහර දෙන එක නවත්තන්න අපි කාටවත් බැහැ. ඒ වගේම මොන පහරදීම කරත් අපේ ගමන නවත්වන්න ඕනත් නැහැ. අපි හරිදේ කරනකල් පහර දුන්නට පාගන්න බැහැ. මගේ රාජකාරි ජීවිතේ මුහුණ දීල තියෙන ප්‍රශ්න බැලුවම ඕව සිම්පල්.
      ලබන පාර නෙලුම් යායදී සහ බ්ලොග් වසන්තයදී හොඳම බ්ලොග් ප්‍රවර්ධකයාට සම්මානයක් දෙන්න කියල මම යෝජනාවක් හැටියට ගේනවා,

      Delete
  11. එකතු වී කරන ප්‍රවර්ධනයට වඩා වෙන වෙනම කරන දේත් වැදගත්.

    වෙබ් කියන්නේ එකිනෙක බැඳුණු දේ නිසා, එකක දියුණුවෙන් තවත් එකකට බලපෑමක් තියෙනවා.

    ජීවන ඔබ ඔබේ බ්ලොගය හොඳින් පවත්වා ගෙන ගිහින්, ඒකට හැකි සෑඟ විටම උපරිම ප්‍රචාරය දෙන්න. මගේ බ්ලොග් එක ගැනත් දකුණු අත පැත්තේ පෙන්න තියෙන නිසා, මටත් ප්‍රචාරයක් ලැබෙයි.

    මං නං මිතුරෙකු මුණ ගැසි කොහෙමද මචං කියා ඇහුවාම කියන්නේත්, බ්ලොග් එක ලියාගෙන සතුටෙන් ඉන්ණවා කියායි. එසේ කියා බ්ලොග් එකේ නම සඳහන් කාඩ් එකක් දෙනවා!

    ReplyDelete
    Replies
    1. රසික ගේ කතාව හරි. ඇත්තම කිව්වොත් මමත් බ්ලොග් එක ලියාගෙන සතුටින් ඉන්නවා. අපට ඒකෙන් සතුටක් ලැබෙන නිසානේ ලියන්නේ. ඒ ටික ඇති තමා.

      Delete
    2. තනි තනිව කරනා ප්‍රවර්ධනය එක සීමාවකින් ඉවරයි. අපි හැමෝම එක කරලා තියෙන්නේ. දැන් බලන්න ඕන සාමුහික ප්‍රවර්ධනයක් කරන විදිය

      Delete
  12. මේවගේ දේවල් බලෙන් කල නොහැකි ඉබේම සිදුවිය යුතු දේවල් කියා මා හිතනවා. අද බ්ලොග් අවකාශෙත් ඊටත් වඩා ෆේස්බුක් එකෙත් ඉන්නේ තරුණ අය. ඒ අයට ක්ෂණික ප්‍රතිචාර ලැබෙන එක ඉතා වැදගත්. තව අවුරුදු 5 -10 කින් පමණ මේ ෆේස්බුක් පරම්පරාවත් බ්ලොග් සහ අනිකුත් දේවලට යොමුවෙයි. ඒ ඊට කලින් ඒගොල්ලන්ගෙ අවධානය ගන්න තවත් ඒ වගේ මාධ්‍ය ආවේ නැත්නම්

    ReplyDelete
    Replies
    1. අවුරුදු 5 -10 කින් පමණ මේ ෆේස්බුක් පරම්පරාවත් බ්ලොග් සහ අනිකුත් දේවලට යොමුවෙයි. //// ඒවෙනකොටවත් ඉයන් විචාරක ඉන්න තැනකට ගියොත් බ්ලොග් ලෝකේ නැගලා යයි හන මිටි අදහස් වලින් මිදිලා

      Delete
    2. බොහොම ස්තූතියි ඇනෝ ඔබේ සාරගර්භ පිළිතුරට. තර්කයක් ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය අතින් ඔබ ඉන්නේ ඉතා ඉහල තැනක. ඔබට සුභ පැතුම්.

      Delete
  13. ජීවා. බලෙන් දෙන්න බෑ කිසිම දෙයක්.. බ්ලොග් කරුවන් හැකි තරම් සමාජ ජාල හා වෙනත් මාධ්‍යයන් වලින් ඒවා අනිත් අයට කියවීමට ඉඩ සැලසීමයි කළ යුත්තේ. මම නම් බොහෝ විට කොතන කතාවක් ඇති උනත් ඊට අදාලව මා ලියා ඇති යමක් ඇත්නම් ඒකේ ලින්කුවක් දමා එනවා. කොහොම කතා තරත් බ්ලොග් සීමිත පිරිසක් අතයි ගැවසෙන්නේ.. ඒක දිගු කාලීනව හරියාවි.. එතෙක් බ්ලොග් එක ලියාකියා ගෙන හිටු.. හැක්

    ReplyDelete
    Replies
    1. දේශක ගෙන් පොඩි කොටසක් මිස් වෙලා. එතකන් බ්ලොග් එකක් ලියා කියාගෙන 'කට වහගෙන' හිටු. කියා වෙනස් විය යුතුයැයි සිතනවා.

      Delete
    2. බලෙන් බ්ලොග් කියවන්න සලස්වන්න කාටවත් බැහැ. කෙරෙන්න ඕන බ්ලොග් ගැන දන්නේ නැති පිරිසට බ්ලොග් හඳුන්වල දීල රස වට්ටන එක.

      Delete
  14. හරියට පුක මහලා බඩ යන්න බෙහෙත් දීපු එකෙක් වගේ.. මට කියන්න ඕනි ටික කියාගන්න බැරුව ඇඹරෙන්නේ.. :))))

    ReplyDelete
    Replies
    1. මම කියන්නම්. කල්‍යාණ මිත්‍ර බැනුම් අහගෙන ***ක ඉරාගෙන පහුගිය අවුරුදු දෙකක් කලේ මොකක්ද කියල ජිවනගෙන් අහන්නයි යන්නේ

      Delete
    2. ඔන්න ඔහේ කියල දාපන් බං

      Delete
  15. මං බ්ලොග් නොලියන නිසා හරියටම කියන්න බෑ. ඒත් හිතෙන දේ තමයි තමන් ලියන එක තමන්ම එන්ජෝයි කරන එක හුඟක් වැදගත් කියන එක. පාඨකයන් වැඩිවෙන එක සතුටට හා උනන්දුවට හේතුවක්. ඒත් ලිවීමෙන් තමන් සතුටු වෙන එක ඊටත් වඩා වැදගත්

    ReplyDelete
    Replies
    1. ප්‍රා. ජේ, මගේ දැක්ම නම් සහමුලින්ම වෙනස්.
      අපි ලියන එක අපිම කියවන්න නම් එක පබ්ලිෂ් කරන්න ඕන නැහැනේ.
      මම නම් කැමති මම ලියන දේ පුළුවන් තරම් පිරිස අතරට ගෙනයන්න.

      Delete
    2. මං බ්ලොග් ලියලා නෑ.
      මං ලියලා තියන දේවල් ලිව්වේ මං ආස නිසා. පබ්ලිෂ් කලාට පස්සෙත් මං ඒවා ගැන කතා කරන්නේ ඒ ගැන ඉන්ටරෙස්ටඩ් මටත් ඉන්ටරෙස්ටිං අය සමග පමණයි.
      මං වෙනස් ඇති බොහෝ ලේඛකයන්ට වඩා.ඒත් ඔබ කියන දේ මට වැටහෙනවා

      Delete
    3. වෙනස වෙනස් කරමු

      Delete
    4. අනිවාර්‍යයෙන් ප්‍රා ජේ ගේ වෙනස වෙනස් කළ යුතුයි
      ප්‍රා ජේ බ්ලොග් ලියනවා නම් අපිට වෙනස් දේ ගොඩක් කියවන්න ලැබෙයි
      විශාල දැනුමක් තියාගෙන නොලියා ඉන්න එක අපරාදයක්

      Delete
    5. කොච්චර විසාලද මාදංතුමෝ.. හැක්

      Delete
  16. බොහෝ දෙනෙක් බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. පුවත්පත් වැනි මාධ්‍ය වලින් හරි ජනතාව අතරට සිංහල බ්ලොග් ගෙනියන්න ඔනේ. නෙලුම්යාය වැනි සම්මාන උළේලවල් ඉතා හොදයි එත් එකට ජනමාධ්‍යයෙන් ලැබුන ප‍්‍රචාරනය මදිකමක් දැනුනා. පුවත්පත් වල පලවුනේ නෑ.
    ඇත්තෙන්ම පාඨක ප‍්‍රතිචාර අඩු වෙනකොට ලියන්න හිතෙන්නේ නැති තරම්. විටෙක හිතන්නේ බ්ලොග් කියවන්නේ අපි වාගේම බ්ලොග් ලියන්නෝ පිරිසක් පමණක්ද කියා. අලුත් පාඨකයන් ඇතිකරගතයුතුයි මා හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් ලියන්න පටන් ගත්ත කාලේ පොස්ට් එකකට විව්ස් එන්නෙ 25 ට අඩු ගානක්. එතකොට මොනවට ලියනවද කියල හිතුනා. ලක්මාල්, මාතලන්, අජිත්, ඉවාන්, උපෙක්ශා, ඉන්දික වගෙ අය දුන්නු දිරිගැන්වීම නොවන්න ඒ කාලෙම ලිවිල්ල අත ඇරල.
      කොහොම උනත් කාලයක් යනකොට හරියනවා. නමුත් ගතවෙන කාලය අඩු කරන්න පුලුවන් නම් ගොඩක් අය බ්ලොග් ලියන්න ඒවි.

      Delete
  17. //තවත් එවන් බ්ලොග් අඩවියක් ලෙසින් රසුදැල් නම් කල හැක. එයද ආරම්භ කර ඇත්තේ 2016 වසරේ වන අතර අධ්‍යාපනික වශයෙන් වැදගත් සහ හරවත් තොරතුරු බොහොමයක් ඉතාමත් ආකර්ශනීය බසකින් ඉදිරිපත් කර ඇත. එයද චන්දය විමසීම සඳහා ඉදිරිපත්වූ බව නිරීක්ෂණය නොවිණ.
    //
    රසුදැල්ට නෙලුන්යාය කාලේ නං වසිතගේ බ්ලොගේ 'මුලාශ්‍ර' නෑ කියල ලෙඩ දාන්න නං හොඳ පුකේ අමාරුවක් තිබ්බ.

    ReplyDelete
  18. බොහොම තුතියි ජනේලය ගැන සදහන් කිරිම ගැන. ඇත්තටම මෙවැනි උලෙලක් ගැන දැනුමක් තිබුනේ නැ. නොදැනීම වරදක් හා අතපසු වීමක්. පොඩි කාලයේ ඉදන් සීනි ගොට්ට ඔතන් එන කොලේ කියවන්න තිබුනු පුරුද්ද බ්ලොග් ලියන තත්ත්වයටම ගෙනවා. හැම බ්ලොක් කරුවකුටම සුබපතනවා වගේම නව අදහස් පහල වේවා යැයි ඉත සිතින් පතනවා.

    සල්ලි වගේම දැනුමත් ගෙනියන වැයි....
    ඉන්න ටිකේ දන්න දැනුම මුෂ්ඨි නැතුව බෙදලාම යමු නේ...

    ReplyDelete