Sunday, July 27, 2014

සංගීත චාරිකාවක් 10 - සංගීත ලොව උකුස්සෝ The Eagles




1985 වසරේ අග භාගය වෙනකොට මතක් උනා අපොස සාපෙ ලියන්න තියන බව. පිස්සු නැටිල්ල නවත්වල පාඩම් කරන්න පටන් ගන්න හිතන කොට විභාගයට තියෙන්න මාස තුනයි. කාල සටහනක් හදාගෙන බලනකොට එක විෂයකට තියෙන්න දවස් දහයයි. ප්‍රශ්න පහකට සෙට් උනත් එක ප්‍රශ්නයකට ඉතුරු උනේ දවස් දෙකයි. ඔන්න හීන් දාඩිය දැම්ම. ජීවිත කාලයටම රැ දහයට පස්සේ ඇහැරලා හිටපු නැති මම පාඩම් කරන්න පටන් ගත්තු දවසේ හවස හතෙ ඉඳල පහුවදා උදේ හය වෙනකල් පාඩම් කරා. පස්සේ දවසෙම නිදියගත්තා. එදා ඉඳල අවාරයට තමයි ඉස්කෝලේ ගියේ. ගෙදර නැවතිලා දවල් 12 විතර වෙනකල් නිදියගෙන දවල් ඉඳල පහුවදා පාන්දර හතර වෙනකල් කරලා තමයි සාපෙ ගොඩ දාගත්තේ. මේ මුළු කාලයේම රාත්‍රියට අම්ම මගේ  කාමරයට වෙලා බොහෝ වෙලාවට ඇහැරගෙන හිටිය.  ප්‍රතිපල එනකොට ඩී හයයි සී දෙකක් එක්ක පාසලේ හොඳම ප්‍රතිපලය ලබාගන්න හැකිඋනා

සාපෙ කරලා ඉන්න දවස්වල Tequila Sunrise ගීතය ගුවන් විදුලි ඉංග්‍රීසි සේවයේ අහන්න ලැබිල රෙකොර්ඩ් කරගන්න ගියාම "The Eagles" Their Greatest Hits (19711975) ඇල්බමයම රෙකොර්ඩ් බාර් එකෙන් කොපි කරලා දුන්න.
 
1971 වසරේ ලොස් ඇන්ජලීස් හිදී ආරම්භ කරන The Eagles ඉතා කෙටි කාලයක් ඇතුලත ඇමරිකාවේ සාර්ථකම රොක් සංගීත කණ්ඩායම බවට පත් වන්නේ ග්රැමී සම්මාන හයක්ද ඇමෙරිකානු සංගීත සම්මාන පහක් ද හිමි කරගනිමින්.

සිය ප්‍රථම ඇල්බමයහි එළිදක්වන Take It Easy, Witchy Woman, සහ Peaceful Easy Feeling යන ගීත ත්‍රිත්වය ඇමෙරිකානු ගීත දර්ශකයේ මුල් ගීත 40 අතරට පැමිණෙනවා.

Take It Easy


Witchy Woman


Peaceful Easy Feeling 



ඊගල්ස් සංගීත කණ්ඩායම  ගිටාරය සහ ඩ්‍රම්ස් මුලික කරගත් රොක් සංගීත ආරක් තුල ස්වකීය නිර්මාණ බිහිකොට තිබෙනවා.

මොවුන්ගේ දෙවන ඇල්බමය වන 1973 එළිදැක්වූ , Desperado පළමුවැන්න තරම් සාර්ථක වන්නේ නැහැ. එහි ගීත කිසිවකට ඇමෙරිකානු ගීත දර්ශකයේ මුල් ගීත 40 අතරට පැමිණීමට නොහැකි උනත් එහි ඉතා ජනප්‍රිය  ගී දෙකක් වන Desperado සහ Tequila Sunrise අන්තර්ගත වනවා.

Desperado




Their Greatest Hits (1971–1975) ඇල්බමයේ  පිටපත් මිලියන 32ක් ද හොටෙල් කැලිෆෝනියා ඇල්බමයේ පිටපත් මිලියන 42ක් ද ඇතුළුව ගී තැටි මිලියන 150ක ප්‍රමාණයක් විකිණීම තුලින් ඊගල්ස් ලොව සාර්ථකම සංගීත කණ්ඩායම් අතරට එක් වනවා.

මෙම සංගීත කණ්ඩායමේ විශ්ෂ්ඨතම ගීතය ලෙස Hotel California නම් කල හැක. 1977 වසරේ බිල්බෝඩ් සංගීත දර්ශකයේ ප්‍රථම ස්ථානය සතියක කාලයක් රඳවා ගැනීමට හොටෙල් කැලිෆෝනියා ගීතය සමත් වූ අතර 1977 වසර සඳහා හොඳම ගී තැටිය සම්මානය එම ඇල්බමය දිනාගත්තා. තවද මෙම ගීතයේ එකල ගිටාර් වාදනය (guitar solo) ලොව හොඳම එකල වාදන දසය අතරට බොහෝ දර්ශක විසින් නම් කර තිබෙනවා.
හොටෙල් කැලිෆෝනියා ගීතය මුලින් සංගීත නිර්මාණය කර පසුව ගී පද රචනය කරන ලද්දක්.  මුලදී  E minor ප්‍රධාන ස්වරසංඝාතයහි කල මෙම නිර්මාණය පසුව එහි ගායකයා වූ Don Henley ගේ ගායනයට සුදුසු ලෙස B minor ප්‍රධාන ස්වරසංඝාතයට වෙනස් කොට ඇත.




බොහෝ ආධුනික ගිටාර් වාදකයින්ගේ  සිහින ගීතය වන හොටෙල් කැලිෆෝනියා හි ධ්වනික සංස්කරණය (acoustic version) 1994 වසරේ එළිදක්වුවා. මෙම කණ්ඩායම 1980 වසරේ බිදී ගොස්  නැවත එකතුවීම් සිදුවූ 1994 ප්‍රසංගයේ හොඳම සමරුව ලෙස එම ධ්වනික සංස්කරණය  ගැනෙනවා



චාරිකාව තව දුරයි

එකොලොස් වන කොටසින් හමුවෙමු.


22 comments:

  1. හොටෙල් කැලිෆෝනියා කියන්නේ එක දිගට ම දවස් ගානක් වුණත් අහන්න ආස ගීතයක්.. ඉංග්‍රීසී ගීත වලින් කැමතිම ගීතය..............

    ලිපිය නම් නියමයි. ඇත්තට ම වටිනා ලිපි පෙළක්... ඔබ සංගීතය ගැන ප්‍රාඥයෙක් පාටයි පේන්නේ........ හරිම වැදගත් ලිපි පෙළක්.. දිගට ම ලියන්න. මේක වටිනා අධ්‍යාපනික බිලොගයක් වේවි...................

    මේ රචනාවන්ට අපේ ප්‍රණාමය.

    ReplyDelete
  2. double neck ගිටාර් එක හොඳටම භාවිතා කරන ගීතය තමයි හොටෙල් කැලිෆෝනියා රොක් වර්ෂන් එක. ( සංගීත භාන්ඩ් ගැනත් පස්සේ ලියන්න හිතන් ඉන්නවා)

    මම නම් සංගීතය ගැන ප්‍රාඥයෙක් නෙවෙයි හුදු රසිකයෙක් පමණයි. මා රස විඳි ගීත වල රසය බෙදාගැනීම මෙම ලිපි පෙළෙහි අරමුනයි.

    දිරිගැන්වීම ගැන ගොඩක් ස්තුතියි.


    ReplyDelete
  3. මං ආස දෙයක් ගැන කියවන්න හම්බුනා ගොඩ කාලෙකින්.දිගටම යමු මගෙත් ආසම ස්ට්යිල් එකක් නෙව රොක් කියන්නේ.මාත් මෙච්චර කල් ඕක ප්ලේ කරේ Amහරි Bmහරි තමා Em එකෙත් ගහල බලන්න ඕනි.Amඑකෙ ගහන කොට මරු හැබැයි කියන්න ටිකක් අමාරුයි.

    ReplyDelete
  4. යකූ මේකේ සංගීත කාරයෝ වැහි වැහැල නේ.

    උඹට දෙස්ටෝෂන් දාල රොක් ගහනකොට හතර වරිගෙන් අවුලක් නැද්ද

    අපේ ගෙදරනං එක පාරට ට්‍රිප් එක ඔෆ් වෙනවා. බුතයෝද කොහෙද

    ReplyDelete
    Replies
    1. පුලුවන් නම් මචෝ system of down ,night wish,shine down වගේ බෑන්ඩ් ගැනත් පෝස්ට් දාන්න.අපිත් ඔය සින්දු ඇහුවට ඉතිහාසය ගැන දන්නෙ නෑ නෙව..

      Delete
    2. මට ඩෙස්ට්‍රොශන් දාල ගහන්න විඩියක් නෑ නෙව තාම තියෙන්නෙ S50 යක් Classical මං රොක් අහනකොට තමා අපේ ගෙදර කට්ටියට.පාඩම් කරන්න.නිදාගන්න වගේ ඒවා මතක් වෙන්නේ.මේ ලඟදි Dissection මහාකාලි අහ අහා ඉන්නකොට අපේ අම්මා කෑගහනවා ඔය කියන එවුවා කියන එකාටවත් තෙරෙන්නෙ නැතුව ඇති කියලා තෝ මොන මගුලකට ඔව්වා අහනවද කියලා.

      Delete
    3. පොඩ්ඩක් හිටපන් තවම මේ චාරිකාවේ මම ඉන්නේ 10 පන්තියේ
      දැන් මගේ ළමයිත් රෝක් සොලෝස් පුරුදු වෙනවා
      එතනට එනකල් ඉවසපන්

      Delete
    4. මචං හාඩ් රොක් , මෙට්ල් වැනි සංගීත ස්ටයිල් වල ගීත අපේ රටේ බිහිවෙන්න තව අවරුදු 2500ක් වත් යයි

      Delete
    5. කට්ටියක් පටන් ගත්තා වගේ මතකයි Stigmatta කියලා දැන් නම් උන් උන්නද මලාද කියලා නෑ.චාපට පින්සිද්ද වෙන්න සංකෘතිකත්වයෙන් බැහැර වෙච්ච හිතන්න දේවල් ඉතිරිකරපු සිංහල රොක් 2ක 3ක් තියනවා.

      Delete
    6. ඉන්ද්‍රචාපා සහ චිත්‍රාල් සෝමපාල විතරයි වෙනස් ආරක ගමන් කරන්නේ.

      නමුත් ඉන්ද්රචාපා ගොඩක් දුරට Aussie Osbone ගේ කොපියක් කියල තමයි මටනම් හිතෙන්නේ. පියවුනා ගීතය අහල බලන්න.

      අනික් අතට චිත්රා ල් සෝමපාල ගේ නදී ගාගා තරණයේ රොක් නෙවෙයි රෙගේ. මේක UB40 කණ්ඩායම Labour of Love නම් ඇල්බමයේ නිකුත් කල Many Rivers To Cross ගීතයේ අමුම අමු කොපියක්.

      ඒකයි මම කිව්වේ අව්රුදු 2500ක් යයි කියල

      Delete
    7. "Many Rivers To Cross" is by Jimmy Cliff in 1969 ("Reggae Nights" singer)
      second version is by UB 40 as far as I know mucho

      Delete
    8. ඔබ හරි. මෙහි මුල් ගායනය Jimmy Cliff. පසු කලෙක තමයි Labour of Love නම් ඇල්බමයෙන් UB 40 ගීතය එළිදක්වන්නේ

      Delete
    9. නමුත් උල්කාපාතයක්,ඉරුනු අත්තටු වගේ සින්දු ගත්තම ඔයකතාව පොඩ්ඩක් වෙනස් වෙනවා.අපේ අය රොක් කියලා දකින්නෙ ඩෙස්ට්‍රොන් විතරයි වගේ මට හිතෙන්නේ රොක් කලාවෙත් විවිධ රස තියනවා.ඩෙත් මෙටල්ස් වගේම අන්ප්ලග් ගහපු රොක් සින්දුත් තියනවා(NIght wish - Islander අහල බලන්න ).මට පේන්නෙ රොක් කියන්නේ සම්භාව්‍ය බටහිර සංගීතයේ තියන ධනවාදී හඬ සමාජවාදී විදිහට මිනිස්සුන්ට දෙන්න හදපු උත්සහයක්.අර නදී ගංගා කේස් එක මං දැනන් හිටියෙ නෑ ඔය කියනකල්.ඒ වගේ දේවල් අපිටත් දැනගන්න ලැබෙන්නේ මේවගේ කතිකා ඇතිවෙන නිසා.

      Delete
    10. කව්ද කියන්නේ දෙස්ටෝෂන් නැති තැන රොක් නැ කියල. රොක් ස්ටයිල් විස්සකට වඩා තියනවා. රෝක් ප්‍රධාන ධාරාව 1920 ගණන් වල ආරම්භ වෙලා රොක් ඇන්ඩ් රෝල් වලින් තමයි බොහෝදුරට ජනප්‍රිය තලයට පැමිණෙන්නේ. රොක් සංගීතය බොහෝදුරට දේශපාලනිකයි. අදිකාරීවාදී කලාවට මුල්ම පහර වදින්නේ රොක් සංගීතය හරහා. මේ රොක් රැල්ලට ප්‍රභලම ප්‍රහාරය වදින්නේ කතෝලික සභාවෙන්. නමුත් පසුකලක church rock යනුවෙන් හැදින්වෙන style එකකුත් බිහිවෙනව. රොක් සංගීතයේ ප්‍රභලම අංගය කටහඬයි.

      Delete
    11. මම කියපු කාරණාව වැරදිය කියන්න උඹ උදාහරණයට ගන්නේ උල්කාපාතයක් නම් Ozzy Osbourne ගේ Mama, I'm Coming Home
      අහල උල්කාපාතයත අහල රිප්ලයි කරපන්

      Mama, I'm Coming Home
      https://www.youtube.com/watch?v=dvNXF7aGP2s

      Ulkapathayak (Ashes of Memory Haunting) - Indrachapa
      https://www.youtube.com/watch?v=NgwFb67Jx10

      Delete
    12. අපිම ඉන්න ඕනි ඉතින් ඔහෙලගෙ ගිරියෙ ඇඟිල්ල ගහලා ඇතුලෙ තියන එව්වා එලියට ගන්න.ඇයි බං මෙච්චර එව්වා දැන දැනත් ලියන්නෙ නැත්තෙ.නිකං බෝතල් මූඩියෙන් අරක්කු පොවලා අපේ කුතුහලේ අවුස්සන්න එපා.පව් සිද්ද වෙනවා.

      Delete
    13. මට අහන්න තිබ්බෙ mama i coming home විතරයි උල්කාපාතයක් නම් නිතරම අහනවනෙ.මේකෙ රොක් ලක්ශන වලට වඩා කන්ට්‍රි ලක්ශණ වැඩියි.අනික උල්කාපාතෙ මෙලඩියෙ තියන පාලු මූසල ශෝකාඅන්තයක් mama i coming home 1කෙ තියෙන්නේ සුඛාන්තයක් වගේ ආතල් ෆීල් එකක්.මට කොර්ඩ්ස් නම් 2න් එකක වත් හොයා ගන්න බරි උනා හැබැයි 2කේම D එක තියනව වගේ නම් ඇහුනා හැබැයි දෙන ෆීල් 1 දෙවිධියක්.

      Delete
  5. මෙහෙම කතිකාවක් ගොඩනැගෙනවනම් ඉතා හොඳයි

    ReplyDelete
  6. මල්ලියා උඹ සංවාදය ඇදගෙන යන්න උදවු කරනවට ගොඩක් ස්තුතියි. මෙහෙම ඇගෙන් ගෙහින් අනික් උනුත් සෙට් කරගන්න බලමු. පහුගිය දවස් වල මටත් එපා වෙලා තිබුනේ. විකල්ප අදහසක් නැතුව. දැන් උඹ එක දෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔහොම් ‍යද්දි කට්ටිය සෙට් වෙයි.බලන්නකො........

      Delete
  7. ජීවන......මෙහෙම බ්ලොග් එකක් තියෙනවා කියලා දැනුයි දන්නේ. සංගීතය ගැන දැණුමක් නැතිවුනාට රොක් සංගීතයේ රසිකයෙක්. මුල ඉඳලාම කියවන්න ඕන. 1980 ගණන්වල ලංකාවේත් රොක් කොන්සර්ට්ස් කරා. අපි බැහැගෙන හිටියේ..ජෝන් ඩි සිල්වා එක, විහාරමහා දේවී ඉන්ඩොර් එක වගේ තැන්වල අවුරුද්දට දෙතුන් සැරයක් මොනවා හරි වුනා. Rattle Snakesකියලා ලංකාවේ බෑන්ඩ් එකක් තිබුනා ආනන්ද කියලා කෙනෙක් තමයි ලීඩ් කලේ.

    රොක් මියුසික් ගැන සිංහලෙන් ලියලා තියෙන එක ලොකු දෙයක් ජීවන. හොටෙල් කැලිෆෝනියා සිංහල වර්ශන් එකක් කලා ලෙළුම් රත්නායක 1990-2000 වගේ කාලේ. ඒක රේඩියෝ එකෙත් ගියා. මට හොයාගන්න බැහැ. දන්නවානම් ලින්ක් එකක් දාපන්.

    ReplyDelete