Tuesday, July 15, 2014

සංගීත චාරිකාවක් 03



මම පහේ ශිෂ්‍යත්වේ පාස් උනාම තාත්තා ගිටාර් එකක් අරන් දුන්න. ඒ කාලේ ලංකාවේ ගිටාර් නිෂ්පාදනය කරා. කලුතර ස්වර්ණමාලි ඉන්ඩ්ස්ට්‍රිස් එකෙන් තමයි ගිටාර් එක මිලට ගත්තේ. අද වෙනකොට එම කර්මාන්ත ශාලාව වැහිලා ගිහින්. ඔවුන්ගේ ප්‍රදර්ශනාගාරය තවමත් කළුතර නගරයේ ගාලුපාරේ තියනවා. වත්ත බද්දට දීල ඇස්සට දත නියවනවා වගේ දැන් ඔවුන් චීනයෙන් ආනයනය කරන ගිටාර් විකුනනවා. අයිතිකරුව මුණගැහුනානම් විවුර්ත  ආර්ථිකය ගැන හොඳම කොමෙන්ට් එක ගන්න පුළුවන්. අපි තවමත් ගිටාර් කම්බි ගන්නේ එතනින්. 

ගිටාර් එක ගහන්න ඉගන ගන්න මාව එක්කන් ගියේ හර්මන් මාස්ටර් ලගට. හර්මන් මාස්ටර් කියන්නේ නැසීගිය ගායක මර්වින් පෙරේරාගේ පියා. නැතිනම් අමල් පෙරේරාගේ සීය. සාන්තුවරයෙක් වගේ උනාට උගන්නන්න ගියාම හරිම සැරයි. මුලින්ම උගැන්නුවේ ගිටාර් එක ටියුන් කරන්න. මූලික කෝඩ් ටික දවස් දෙක තුනකින් ඉගැන්නුවා. එතුමා ලෙඩ ගානේ හිටපු හන්දා වැඩි කාලයක් ඉගනගන්න ලැබුනේ නැහැ. කොහොම උනත් සින්දුවක් යන්තම් කොටාගන්න හැකියාව ලැබුනා. 

ගෙදර හැමෝම සංගීතයට ආස නිසා ගොඩක් දවස් වල හවසට හැමෝම එකතු වෙලා ගීත ගායනා කළා. තාත්ත රසාංජලී කළා කවයේ සාමාජිකයෙක් උන නිසා ගොඩක්ම ආසකලේ නාට්‍ය ගීත වලට ප්‍රේමයෙන් මන රන්ජිතවේ, ගල් ලෙන බිඳලා වගේ ගී වැරදුනේ නැහැ. මේ සින්දු වලට ගිටාර් ගහන්න මටනම් පුළුවන් කමක් තිබුනේ නැහැ. පෙට්ටියට තට්ටු කරා විතරයි. තාත්ත තවත් ආස කරපු සින්දුවක් තමයි ජෝ බි පෙරේරා මහතාගේ යකඩ තලන්නා. එතුමත් රසාංජලියේ සාමාජිකයෙක් ඒ සින්දුව නම් මට යන්තම් ගොඩදාගන්න පුළුවන් කම තිබුනා.

ඉංග්‍රීසි ගුරුවරියක් වුනු අම්මා අපිට ලස්සන ඉංග්‍රීසි ගීත ගයන්න කියා දුන්නා. One Day at a time, Country Roads, මෙන්ම අප‍්‍රිකානු ගීතයක් වන Malaika වැනි ගීත නිතර ගායනා කළා. 

One Day at a time
 Country Roads

 Malaika

චාරිකාව තව දුරයි

හතර වෙනි කොටසින් හමුවෙමු.

6 comments:

  1. අඩේ ඔය කලුතර ගිටාර් කඩෙන් ගත්ත ගිටාර් එකක් අපේ මහ ගෙදරත් තිබුනා. ඒකෙ අප්සෙට් එක තමයි ඒකේ ෆ්‍රෙ බෝඩ් එක රවුම් මහත එකක් වීම. ඔය අනිත් ඒවායේ තියෙන ෆ්ලැට් අල්ලන්න ලේසි කම ඒකේ තිබ්බේ නෑ. දැන්නම් ඒක විනාශ වෙලා ඇති. මල්ලි ලඟ තමයි තිබුනේ.

    ගිටාර් වයර් පිරමිඩ් නේද බං හොඳ ජාතිය?

    උඹ මේ තාක් බ්ලොගේ දාපු සින්දු ඔක්කොම මගෙත් favorite නේ බොල. හැබැයි මලයිකා සින්දුවේ බොනී එම් වර්ෂන් එක තමයි මම දන්නේ.

    ReplyDelete
    Replies
    1. අඩේ උඹ වර්ඩ් වෙරි‍ෆිකේෂන් අයින් කරලා වගේ. ඒ කියන්නේ උඹ මම දාන කමෙන්ට් කියව කියවද ඉන්නේ? :D

      Delete
    2. ඒ කියන්නේ උබත් කලුටර එකෙක් ද? කළුතර කොහෙද
      පිරමිඩ් තමයි සාමාන්‍ය මිලකට ගන්න පුළුවන් හොඳ වර්ගය.
      තව හොඳ වර්ග තියනවා. ඒවා මිල වැඩි නිසා මම නං ගන්නේ නැහැ
      ඇත්තට බෝනිඑම් වර්ෂන් එක ටනයි ලස්සන

      Delete
    3. නෑ මචං. මම ගම්පහ දිස්ත්‍රික්කේ. මගේ තාත්තා ඉස්සර කළුතර කච්චේරියෙ වැඩ කලා. ඒ කාලේ ඒක ගත්තේ.

      Delete
  2. දෙවියනේ..... Malaika !!!!! මම ඔය සින්දුවට ඉස්සර හරිම පිස්සුවක් තිබ්බේ... මම හිතුවේ ඕක ජපන් මොකක් හරි වෙන්න ඇති කියල... හි.. හි.. මැට්ටිනේ මම! අනිත් එක ලිරික්ස් දන්නෙත් නැහැ...

    ReplyDelete
  3. තව ඉදිරියට පරණ සින්දු ගොඩක් මතක් කරන්නං

    ReplyDelete